29/04/2026
එක්ස් රේ, සී.ටි, එම්.ආර්.අයි ස්කෑන් අතර වෙනස සහ සුදානම් වීම.
එක්ස් රේ (X-ray):
කිරණ කදම්බයක් ශරීරය හරහා යවයි. ද්වීමාන රූපයක් ලැබේ. ඝණ කොටස් (අස්ථී) සුදු පාටටද, සුමට කොටස් කළු පාටටද පෙනේ.
විශේෂ සුදානමක් අවශ්‍ය නැත, සැහැල්ලු ඇඳුමක් ප්‍රමාණවත්, මාල,මුදු, ඔරලෝසු, බෙල්ට් ගලවනු ලැබේ. වීනාඩි කීපයකින් රීපෝට් ලබාගත හැක. අස්ථි බිදීයාම්, පෙනහලුවල වෙනස්කම් හඳුනාගැනීමට භාව්තා වේ. මිල අඩුම ක්‍රමය වේ.
සී.ට් ස්කෑන් (C.T Scan - Computered Tomography)
x-ray w වලට වඩා අධික කිරන කදම්බයක් ශරීරය තුළින් යවයි. ශරීරයේ හරස්කඩ කීපයක ත්‍රීමාන රූප ලබා ගනී. සංකීර්ණ අස්ථි බිදීයාම්, අභ්‍යන්තර ඉන්ද්රයවල වෙනස්කම් (පිළිකා, ගෙඩි, රුධිර කැට්) හදුනා ගැනීමටත් ඒවායේ පැතිරීම ගැන අදහසක් ගැනීමටත්, සුමට පටක ( soft tissue ) ඉරීයාම්, හානි දැන ගැනීමටත් උපකාරී වේ.
විශේෂ සුදානමක් අවශ්‍ය වේ. ඇදුම්, මාල,මුදු ඉවත්කර රෝහලෙන් ලබාදෙන ගවුමක් ඇදගත යුතුවේ. සමහර අවස්ථා අනුව නිරාහාරව සිටිය යුතුයි. අවශ්‍යතාවය අනුවශිරාවකට ඩයි වර්ගයක් ඇතුළුකර c.t පරීක්ෂණ සිදුකිරීමට සුදුවේ.
ගර්භණි මව්වරුන්ට (පළමු මාස 3දී), වකුගඩු දැඩි ලෙස අඩපණ වූ රෝගීන්ට ඉතා අහිතකරයි. ඇදුම හෝ අසාත්මිකතා තිබෙන අයට ඩයි ලබා නොදේ.
විනාඩි 15-30 අතර කාලයක් ගතවේ. කුහරයක් වැනි යන්ත්‍රයක් තුළට රෝගියා ඇතුළු කරයි. C.t Film එක එම අවස්ථාවේදීම ගත හැකි උවත් එය විකීරනවේදි වෛද්‍යවරුන් බලා වාර්ථාවක් දීමට දින කීපයක් ගත වේ. (Reporting සදහා). MRI වලට වඩා මිලෙන් අඩුවේ.
එම්.ආර්.අයි ස්කෑන් (M.R.I - Magnetic Resonance Image ):
මෙහිදී අධික චුම්බක ක්ෂේත්රයක් මගින් ඇතිකරන රේඩියෝ තරංග ආධාරයෙන් සංකීර්ණ ත්‍රීමාන රූපයක් ලබා ගනී. මෙමගින් ශරීර අභ්‍යන්තර ඉන්ද්රියයන් වල සියලූම වෙනස්කම් පාහේ හදුනාගත හැක (xray හා ct වලට වඩා)
විශේෂ සුදානමක් අවශ්‍ය වේ. C.T scan මෙන්ම. ඊට අමතරව ශරීරය තුළ කියයම් යකඩ අඩංඋ කොටස්, උපකරණ (face makers, plates, bullet) අඩංගු නොවිය යුතුය. අධික චුම්බක ක්ෂේත්රයේ බලපෑම නිසා ඒවා එකවර ගැලවී මැසිම වෙත ඇදී යයි. රෝගියාට හානී වේ. මැසිම ක්‍රියාවිරහිත විය හැක. එම නිසා අස්ථි භග්න වලට යකඩ පේලේට් දැමු අය, හර්ද රෝග සදහා ස්ටෙන්ට්, ෆේස් මේකර් දැමු අය, බෝම්බ හෝ මූනිස්සම් කොටස් ශරීරය තුල ඇති අය MRI පරීක්ෂණ සදහා නොගනී.
CT scan සේම කුහරයක් වැනි යන්තයක් තුල නිදාගෙන විනාඩි 30 සිට පැය 1.5 වැනි කාලයක් සිටිය යුතුය. අධික ශබ්දයක් ජනිතවෙන බැවින් ඔබට කන් වැසෙන සේ ආවරණයක් ලබා දේ. අපේ ඇදුම් සියල්ල ඉවත්කර රෝහලෙන් ලබාදෙන ගවුමක් ඇදගත යුතුය. රීපෝට් ලබා ගැනීමට දින කීපයක් හෝ සති කීපයක් (රෝගීන් වැඩි නිසා) ගතවේ. මිලෙන් වැඩිය.
*මෙය හුදෙක් ඉහත පරික්ෂණ පිළිබඳ කෙරෙන සරල හදුන්වාදීමක් වන අතර, මෙම දැනුවත් කිරීම සාමාන්‍ය ජනතාව උදේසා බව කරූනාවෙන් සලකන්න. *
10/04/2026
සෙල්ෆී උම්මාදයෙන් විශාදයට. "Shelfi" or "$ell free"?
නූතන යුගයේ අන්තර්ජාලය හා සමාජ ජාලා අප එදිනෙදා ජීවිතයේදි වැඩ පහසු කරගැනීමට හා ආදරණීයන් දෑස් මානයේ රදාවා ගැනීමට මහඟු සේවයක් කරමින් සිටි. නමුත් අධික ලෙස සමාජ ජාලා වලට ඇබ්බැහි වීම නිසා අප නොදැනුවත්වම මානසික රෝගීන් වේ. එය සිදුවන්නේ;
1.සෙල්ෆී සහ වෙනත් ඔබගේ පෞද්ගලික ජීවිතය ඇතුළත් ජායාරූප සහ වීඩියෝ පට සමාජ ජාලවලට මුදාහැර එයට ලැබෙන like, comment (social currency ) ගණනය කිරීමට හා ඒවා යහළුවන් සමග සංසදනය කිරීමට පෙළඹේ. ඔබට ලැබෙන ප්‍රතිචාර අඩුවෙනවිට ඔබට නොදැනුවත්වම ඔබගැන සෘණාත්මක ආකල්පයක් ගොඩ නැගේ.ඔබගේ ස්වං අභිමානය අඩුවීම නිසා එය කාංසාව, විශාදය දක්වා යා හැක.
2.සමාජ ජාලාවල ඔබට ලැබෙන ප්‍රතිචාර (like,comments ) බලනතුරු ඉවසිල්ලක් නැතිවේ. ඒවා දකිනවිට ඔබේ ස්නායු පද්ධතිය තුළින් happy homone (ඩෝපමින්) ශ්‍රාවය වේ. එම ඩෝපමින් වලට ඔබේ හිතේ කෑදරකමක් ඇතිවේ. හරියට දුම් වැටියක්, මත් වීදුරුවත් හෝ කැසීනෝ දිනුමක් ලද කෙනෙක් මෙන් ඔබේ සිත ඔබ ඒ තුළම තබා ගනී.ඔබ දවසේ වැඩි කොටසක් මේ සදහ ගතකරයි. එය කාලය කා දැමීමකී. ඇබ්බැහියකී.
3. අධික කාලයක් සමාජ ජාලාවල ගත කිරීම නිසාත් ඒ තුළින් හමුවන පෙම්වතියන්,පෙම්වතුන් නිසාත් අධ්‍යාපන,රාජකාරි,පවුල් ජීවිතය අවුල්වේ. අඹු සැමි ආරවුල් ඇතිවේ.
4.තාත්වික ලෝකයේ තමා වටා සිටින ආදරණීයන්ගෙන් වෙන්ව තනිව පුටුවක හෝ කාමරයකට වී ලොව ඈත කෙළවරේ සිටින ඩිජිටල් යහළුවන් (vertual friends) සමග ජීවිතය share කර ගනී. එමගින් ඔබට ඔබේ ආදරණීයන් මගහැරේ, අනවශ්‍ය ලෙස ඔබගේ පෞද්ගලිකත්ව නොදන්න අය අතට පත්වේ.ඒ හරහා ඔබව බුලී කිරීමට, ලිංගික හිංසනයට ලක්විය හැක.
5.ඔබ ස්වාභාවික සංසිද්ධින් (මල්,කුරුල්ලන්,අහස) රස විදිනවා වෙනුවට, social currency (like,comment) අපේක්ශාවෙන් ඒවායේ ජායාරූප හෝ වීඩියෝ දර්ශන රූපගත කරයි. එවිට ඔබගේ පියවි ඇසට,කනට ඒවායේ සැබෑ රසය මගහැරෙනවා පමණක් නොව relax වීමට මල්වත්තකට යන ඔබ ආදරනීයන්ගෙන් පවා වෙන්වී ඉතා කාර්යබහුල වේ. ඔබට ඔබව පමණක් නොව ඔබේ බිරිඳට,සැමියාට,දරුවාට,අම්මට ඔබව මගහැරේ.
6.ඔබ ඔබේ පවුලේ සමාජිකයන්, ඔබ ලබන ජයග්‍රහණ, විනෝද සවාරී ආදී සියලු දේ සමාජ ජාල හරහා share කරනවිට එය ඔබගේ හිතවතුන්ට සේම හතුරන්ටද ලගාවේ. ඔවුන් ඔබගේ ලස්සන ජීවිතයට සෙත් පතන්නෙ නැත. ඔවුන් තුල අධික ඊර්සියාවක් ඇතිවන අතර එය අහක සිටින නයි,පොලොන්ගු ස #ම ඇතුළට දාගන්නවා වැනිය. උදාහරණයක් ලෙස මග නැවති ඇති නඩුවක් appeal කර නැවත කරළියට ඒමට ඉඩ ඇත.
මොහොතක් සිතන්න, ඔබත් අධික ලෙස සමාජ ජාලවලට ඇබ්බැහි වුවෙක්ද? මේ දේවල් ඔබත් කරනවාද?
# ඔවුන් නිතර නිතර profile photo වෙනස් කරයි. # දිනකට සෙල්ෆී 3 ට වඩා share කරයි.
# ලිංගික ආකර්ශනය ඇතිවන අයුරින් (රහස් අවයව පෙනෙනලෙස හෝ නෙරා සිටින සේ) profile photo දමයි.
# තෝරාගැනීමකින් තොරව සියල්ල share කරයි.
# ඔවුන්ගේ ජීවිතයම share කරයි.
# දිනකට 10-12 වතාවක් සමාජ ජාලවල log වී අරමුණක් නැතිව සැරිසරයි.
# පැය ගනන් ගතකර තාර්කික comment දමයි.
08/04/2026
අපි අතර සිටින මානසික රෝගීන් හදුනාගන්න ක්‍රමය
ලෝක සෞඛ්‍ය සංවිධානය ට අනුව මානසික සෞඛ්‍ය යනු;
සරළවම කිවහොත් යම් පුද්ගලයෙක් තමා සතු හැකීයාවන් තේරුම් ගනිමින්, එදිනෙදා මුහුණ දෙන මානසික පීඩනයන් දරාගනිමින්, සමාජයට හා තමාට වැඩදායක අයුරින් කාර්යශම ලෙස කාර්ය කිරිමට ඇති මානසික සුවතාවයයි.
නමුත් අප අතර සිටින සමහර පුද්ගලයන් සාමාන්‍ය ලෙස ජීවත් වුවත් ඔවුන්හට මානසික රෝගී තත්වයක් තිබෙන්නට පුලුවන්. එය හඳුනා ගන්නේ මෙසේය.
1.ඔවුන්හට එදිනෙදා ඇතිවන මානසික පීඩනයන්ට මුහුණ දීමට නොහැක. දරාගැනීම වෙනුවට එයින් පලායාම කාංසාව, විශාදය තත්වයට පත්ව සියදිවි නසා ගැනීමට උවද පෙළබිය හැක.
2.ඔවුන්, තමන් සතු හැකියාවන්,සීමාවන් හා බුද්ධිමය සීමාවන් අවබෝධ කර නොගනී. බොහෝවිට තමා පිළිබඳව සෘණාමකව සිතයි. උදාහරණයක් ලෙස තමාට දැනුම,දක්ෂතාව හා හැකීයාව තිබුණත් ලැජ්ජාවෙන් පසුපසට වී සිටි. සෑම විටම,මට බැහැ යන ආකල්පයෙන් සිටී.
3.ඔවුන්හට තමාගේ වර්ධනය හා දියුණුව වෙනුවෙන් අර්ථාන්විත සහ කාර්යශම කාර්යන්හී යෙදීමේ හැකියාව අඩුවේ. උදාහරණයක් ලෙස සියලුම වැඩ බදාගනි. අවසන් නොකරයි. විවිධ වූ ආයෝජන, වෙළඳාම් හෝ අධ්‍යාපනික වැඩ පටන්ගෙන අතරමග නවත්වති. බොහෝවිට මොවුන් යථාර්ථවාදී නොවේ. මවාගත් "සින්තටික් සිහිනවල" ජීවත් වේ.
4.ඔවුන් තමා දෙසටම යොමු වී තමාගේ කාර්ය පමණක් ඉටුකරගනි. ඔවුන්ගෙන් සමාජයට ඉටුවියයුතු යුතුකම් පැහැර හරී. උදාහරණයක් ලෙස මොවුන් බොහෝවිට "මම කාටවත් ණය නෑ, ඒ නිසා මම මගේ පාඩුවෙ ඉන්නවා" ලෙස කියයි.තමන්ගේ ආයතනයේ හෝ ගමේ තිබුණ මලගෙවල්,මගුල් ගෙවල්, ශ්‍රමදාන, දාන මාන පිංකම් මගහරී.
5.ඔවුන් නිවසේදී හා සමාජයේදී ඉතා හොද සෞඛ්‍යසම්පන්න, උණුසුම් හා තෘප්තිමත් සම්බන්ධතා ඇතිකරගැනීමට අපොහොසත් වේ. ඇල්මැරුනු සබැදියාවන් සමග ජීවත් වේ. උදාහරණයක් ලෙස කෙනෙකුගේ මුහුණ බලා සිනාසී ආචාර නොකරයි.
6. මොවුන්හට දුක,තරහා,සතුට වැනි චිත්තවේගන් පාලනය කරගත නොහැක. ඉතා ඉක්මනින් හා පහසුවෙන් මොවුන් රංඩුසරුවල් වලට පැටලේ. මොවුන්ගේ තරාතිරම පවා මොවුන්ට නොවැටහේ.
ඉහත කරුණුගැන සිතා බලන්න, ඔබ ගමේ හෝ අයතනයේ මෙවන් අය සිට්නම් සානුකම්පිතව හා උපේක්ෂාවෙන් ඒ දෙස බලන්න. ඔවුන්ට මානසික ප්‍රතිකාර අවශ්‍ය බව සිතන්න. (ඔවුන්ට ඒ බව නොපවසන්න). ඔබට ඉහත ලක්ශණ ඇත්නම් ප්‍රතිකාර ලබා ගන්න.
29/03/2026
"එයාගේ පුදුම "ඊගෝ" එකක් තියෙන්නේ" කියලා ආයේ කවදාවත් කියන්න එපා. මොකද, ඊගෝ කියන්නේ හොද දෙයක්.
සිග්මන් ප්‍රොයිඩ් මහතාගේ මනෝ විශ්ලේෂණයට අනුව අපේ සිත කොටස් තුනයි. Id (ඉඩ්), ego (ඊගෝ), super ego (සුපර් ඊගෝ).
සරළවම කියනවානම් අපේ හිත මුහුදේ පාවෙන අයිස් කුට්ටියක් වගේ. ජල මට්ටමෙන් යට තියෙන අපිට නොපෙනෙන විශාලම කොටස තමා id (ඉඩ්) කියන්නේ. ඒ කොටසින් අපිටත් නොදැනීම අපිව මෙහෙයවනවා, බඩගින්න, පිපාසය, ලිංගිකත්ව යන ප්‍රබල මූලික අවශ්‍යතා ඉදිරියේදි අපිට නොදෑනීම තරාතිරම, සංස්කෘතිය, සාරධර්ම නොතකා අපේ අවශ්‍යතාවය පිරිමසා ගන්න හදනවා. උදාහරණයක් ලෙස ටිකක් වෙරි උනාම අපේ හිත මෙතනට යනවා. ඒ වෙලාවට වෙනදා නටන්නේ නැති අය නටනවා, චංඩියෙක් වෙනවා, phone එක අරන් එක් එක් අයට call කරනවා. තමාගේ හිත ඇතුලේ තිබුණු නරක ආශාවන් මුදුන් පමුණුවා ගන්න බලනවා. කොටින්ම කිව්වොත් ඉඩ් කියන්නේ අපේ හිතේ ඉන්න යකා.
Ego (ඊගෝ) ගැන පසුව කියන්නම්.
එතකොට කවුද මේ super ego(සුපර් ඊගෝ) අපේ හිත ඉහළ මට්ටමක තියාගෙන ඉන්න කෙනා තමා සුපර් ඊගෝ කියන්නේ. එයා හැම වෙලාවේම අපේ නම, රැකියාව, සමාජ තත්වය, සංස්කෘතික අගයන්, ආගම වැනි සියලු කරුනු ඇසුරෙන් තීරණ ගන්න කෙනා. උදාහරණයක් ලෙස ඔයාට චංඩියෙක් ඇවිත් බැනවදිනවා, ගැරහුම් කරනවා. එවිට ඔයාගේ හිත ඇතුලේ ඉන්න යකා හෙවත් "ඉඩ්" කියනවා "බැනපං ඕකට", "ගහපන්" කියලා. ඒ එක්කම අනිත් පැත්තෙන් "සුපර් ඊගෝ" කියනවා, "ඌරෝ එක්ක මඩ ගහගන්න ගියොත් උබත් ඌරෙක් වෙනවා" " උබ ඉහල නිළදාරියෙක්" "හිනාවෙලා යන්න" එතකොට උබ ගැන හැමෝම හොද කියයි"...වෙනත් විදිහකින් කියනවානම් super ego කියන්නේ අපේ හිතේ ඉන්න දෙවියන්.
ඕන්න ඔය වෙලාවට තමා ego (ඊගෝ) එන්නේ. ද එයා තමා මේ "ඉඩ්" කියන යකා සහ සුපර් ඊගෝ කියන දෙවියන් අතර කඹ ඇදිල්ල විසඳන්නේ. ඊගෝ හැම වෙලාවේම රියැලිටි එකේ ඉන්නේ. එයා කියනවා ඉඩ් පැත්තට හැරිලා "යකෝ" උබ මේ චංඩියා එක්ක ගහගන්න ගියොත් අම්බානකට කන්න වෙනවා,මොකද උගේ "ඉඩ්" උබට වඩා දරුණුයි, ඌව දමනය කරගන්න ඉගෙනගෙන නෑ, නෝන්ඩි නොවි පාඩුවේ පලයන්" කියලා. ඊට පස්සේ මේ "ඊගෝ" සුපර් ඊගෝ පැත්තට හැරිලා කියනවා "ඒ මනුස්සයාට නැතිවෙන්න දෙයක් නෑ, ඌ හිරේ ගිහින් ආව කෙනක්, ඒ වගේද ඔබ තුමා වටිනා නිළදධාරියෙක්, ඒ නිසා හිනාවෙලා යන්න කියලා. අන්තිමේදී ඔබ හිනාවෙලා එතනින් පිටත් වෙන්නේ නෑ. ඔබ කියනවා "හරි බලාගමු" කියලා. හැබැයි ඔබ පදමට වෙරිවෙලා හිටියා නම් ඔබටත් ඔබේ "ඉඩ්" පාලනය කරන්න බැරිවෙනවා. ගැටුමකට පැටලෙනවා.
ඒ නිසා ego (ඊගෝ) කියන්නේ අපේ හිතේ ඉන්න හොදම කෙනා. ඒ වචනය වැරදියට භාවිතා කරන්න එපා. ඔයා පවිච්චි කරන්න ඕනා grandiose delusion (ග්රන්ඩිඕස් ඩිලූශන්) කියන මස්නසික තට්ග්වය. ඒක ගැන ඊළග දවසේ බලමු.
13/03/2026
හිසකෙස් ගැලවීයාම අඩුකර ගැනීමටනම් මේ දේවල් නොකර ඉන්න?
1. හිසකෙස් කියන්නේ ජීවී ප්‍රෝටීනයක්, ඒවා උණුවතුර නාලා, hair dryer එකෙන් රත්කරලා තම්බන්න එපා.බිත්තර කියන්නේ ප්‍රෝටීනයක්, තැබ්බුවිට සිදුවන දේට සමානදෙයක් හිස්කෙස් අධික තාපයට නිරාවරණය වීමෙන් සිවුවේ.
2.එය සියුම් ලෙස හිසට සවී වී ඇත. තදින් පීරීම, පෝනී ටේල් දමා හිසකෙස් තදින් ඇද බැදීම, නෑමෙන් පසු තදින් හා වේගවත්ව පිස දැමීම මගින් හිසකෙස් උගුල්ලා දමන්න එපා. අවශ්‍යනම් පමණක් හිස පීරන්න, සෙමෙන් තෙත මාත්තුකර ජලය ඉවත් කරන්න.හැකි හැමවිටම හිසකෙස් කළබ නොබැද, නිදහසේ තබන්න.
3.හිස් කබලට හිරු එළිය, ඔක්සිජන් වාතය නොඅඩුව ලැබිය යුතුයි, එක දිගට හිස් වසුම් පැළඳ සිටීම, විවිධ ආලේපන, ජෙලී, ක්‍රීම් වර්ග හිස ආලේප කිරීම මගින් ඒවා දහදිය සමග එක්වී ඉතා අහිතකර රසායන සංයෝග ඇතිවේ. හිස් කබලේ ආසාධන ඇතිවේ. එය හිස්කෙස් ගැලවීම ඉක්මන් කරයි.
4. හිස කෙස් වර්ධනයට ප්‍රෝටීන අවශ්‍ය බැවින් මස්,මාලු, බිත්තර, පරිප්පු, සෝයා, මෑ,බෝංච් වැඩිපුර ආහාරයට එකතු කරගන්න. රුධිරයේ ඔක්සිජන් ප්‍රවාහනයට යකඩ අවශ්‍ය බැවින් යකඩ අඩංගු ආහාර වන පීකුතු, නිවිති, හෝ වද්‍ය නිර්දේශය මත යකඩ පෙති ලබාගන්න, හොඳින් ඔක්සිජන් රුධිරගතවීමටනම් ගැඹුරින් හුස්ම ගන්නා භාවනාවක් කරන්න.
5. සමහර රටවල ඇති ජලයේ සින්ක් වැනි රසායනික මගින් හිසකෙස් යාම වැඩි කරන බැවින්, නළ ජලය විශාල භාජනයක පැය කීපයක් නිසොල්මන්ව තබා එම රසායනික අඩියේ තැන්පත් වීමට හැර ජලය ස්නස්නය කරන්න. අඩියේ වතුර නෑමෙන් වළකින්න. අවසාන වශයෙන් බීමට ගන්නා බෝතල් වතුරෙන් හිස සෝදාහරින්න.
6.මානසික ආතතිය හිස කෙස් යාම වැඩිකරන බැවින් හිස කෙස් යාම පිළිබඳව කණගාටු නොවන්න. විටමින් E හෝ වෙනත් ඖෂධීය තෙල් භාවිතා කර හිස්කබල සම්භාහනය කර, අවශ්‍ය දේවල් කිරීම මගින් හොද ප්‍රතිඵල ලබාගතහැකි බව විශ්වාස කරන්න.
12/03/2026
ලංකාවේ නර්ස්ලා ඇත්තටම වැඩ කරන්නේ නැද්ද? කාඩ් ගහනවාද? පිටරට නර්ස්ලාට තරම් වැඩ බැරිද?
මේ දවස්වල සමාජ මාධ්‍යවල දැඩිව කතා කරන මාතෘකාවක් වෙලා.
නර්ස්, හෙද නිලධාරියා කියන්නේ කවුද?
ඔහු හෝ ඇය පිළගත් විශ්ව විද්‍යාලයක හෝ හෙද විද්‍යාලයක ලොව පිළිගත් අවු. 3 හෝ 4 පාඨමාලාවක් හදාරා ඩිප්ලෝමාවක් හෝ උපාධියක් ලබාගත් වුර්තිකයෙක්.
ලංකාවේ හෙද නිලධාරීන්ගෙන් 95% වැඩ් ප්‍රමාණයක් හෙද විද්‍යාලය හරහාද ඉතිරිය විශ්ව විද්‍යාල හරහාද සේවාවට පැමිණේ.
මා ලංකාවේ හෙද විද්‍යාලයකින් ඩිප්ලෝමාව ලබා, ඉන් අන්තුරුව උපාදධිය හා පශ්චාත් උපාධිය ලබා අවුරුදු 18 ක සේවා කාලයකින් පසුව දැනට ඩුබායි හී සේවය කරමි.
එබැවින් මා ලංකාවේ හෙදකම ගැන කතා කිරීමට සුදුස්සෙකු බව සිතමී.
යම් ආයතනයක ඵලදායී සේවයක් ලබා ගැනීමටනම් එහි සේවකයන්ට සැලකිය යුතුයි. රෝගියා රෝහලට එන්න කලින් සේවකයා පැමිණේ. ලංකාවේ රෝහල්වල හෙද නිලධාරීන්ගෙන් 90% වඩා ප්‍රමාණයක් ජීවත්වෙන්නේ ඉතා අවම පහසුකම් යටතේය. 95% කාන්තාවන් සිටින සේවාවකට ඇදුම් මාරු කරගැනීමටවත් කාමරයක් නැත. වාට්ටුවේ කොනක බොඩ්වලින් වටකෙරූ කාමරයක වතුර බාල්දියක් තියාගෙන ඇඟ හොදලා පැය 24ම සේවය කරන තැන් ඕනා තරම්.
ඒත් ඔවුන් ලබාදෙන සේවය අමිල එකක්,
මංද ඔවුන් කෙසේ කතා කරත්, හැසිරුනත් රෝගීන් සිය ගණනකට නිවැරැදිව, නිවැරැදි වේලාවට, නිවැරැදි මාර්ගයෙන්, නිවැරැදි මාත්‍රාවෙන් ලබා දේ. එය ඔවුන් තම හර්දශාක්ෂිය සමග කරන සේවයක් මිස නීතියට බයෙන් කරන දෙයක් නොවේ.
හෙදකම කියන්නේ බෙහෙත් පෙත්තක්, ඉන්ජෙක්ෂන් එකක් ලබා දීම, තුවාලයකට සැරහුමක් දාන එක නොවේ. වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණුවේද ඒ සමගාමිව හෙද සේවාව දියුණු වේ. හෙද නිලධාරියා දැනුමෙන්, දක්ශතාවයෙන් හා ආකල්පයෙන් දියුණු වේ. අද ලොව් අති නවීන ශල්‍යකර්ම උපකරණ බිහිවී ඇත,endoscopy, laparascopy, robotics surgeries equipment. මේ සැම උපකරණයක්ම සුදානම් කිරීම, විශබීජ නාසනය, දෝස නිරාකරණය කරන්නේ ශල්‍යාගාරයේ සිටින හෙද නිළධාරියාය,
රුධිර කාන්දුකරන dialysis machine පිළිබඳ විශාල දැනුමක් ඇත්තේ හෙද නිළධාරින්ටය. තවත් උදාහරණ ඕනාතරම් දිය හැක.
ප්රශණය පවතින්නේ මෙතනය.
සියලුම ලාංකිය හෙද නිලධාරීන් මා කියු ලෙස දැනුම, දක්ශතා හා ආකල්ප වලින් පිරිපුන්ව සේවය ලබා දෙනවාද?
නොදෙන්නේනම් එයට හේතු කවරේද?
1. ලාංකිය හෙදිය සාම්ප්‍රදායික ලංකිය කාන්තාව නියෝජනය කරයි (අම්මා, අක්කා,නැන්දම්මා).
- ගෙදර හැසීරීමේ යම් ප්‍රතිශතයක් ආයතනයට ගෙන එයි.
- වැරද්දක් දුටු තැන බැන වැදීම හා නිවැරැදි කිරීම
-අනාගතය වෙනුවෙන් ඖෂධ, උපකරණ පරිස්සමට තබා ගැනීම (හංගා)
-කීප දෙනෙකු එකතු වූ විට සාමිචියේ යෙදීම
- පුරුෂ ආධිපත්‍යය හමුවේ පසුබැම (වෛද්‍යවරුන් ට කීකරුව වැඩ කිරීම) හා එය අභියෝගයට ආ විට දරුණු ලෙස වාග් ප්‍රහාර එල්ල කිරීම.
2. මානසික ආතතිය හා කාංසාව
ලෝකය පිළිගත් රෝගීන්, හෙද අනුපාතය මෙන් 10 ගුණයක වැඩ කිරීම නිසා මානසික ආතතිය හා පවුල,දරුවන් ගැන බැලීමට වෙලාවක් නොලැබීම නිසා ඇතිවන කාංසා තත්වය
- කාර්යශම සේවාවක් ලබාදීමට නොහැකීවීම
-එම මානසික තත්වය මත සිනහව අතුරුදහන් වීම
- දැඩි හදිස්සියෙන් වැඩ අවසන් කර යාමට උත්සුක වීම
3.නොසතුටු භාවය හා අනාගතය පිළිබද ඇති බිය
-සේවක හිඟය නිසා අතිකාල, රාත්‍රී සේවා කිරීමට සිදු වීම.
-සේවයට සරිලන වැටුපක් නොලැබීම නිසා ආර්ථික ගැටලු.
- සේවාව, ආයතනය, රෝගීන්ගෙන් නිසි ඇගයුමක් නොලැබීම නිසා ඔහේ වැඩ කිරීම.
- දැණුම වර්ධනය කරගැනීමට වැඩසටහන්, අධ්‍යාපනික වැඩමුළු හිඟවීම හා නිවාඩු නොලැබීම.
-අධ්‍යාපනය මතම ගොඩනැගුණු උසස්වීම් පරිපාටියක් වෙනුවට ජේශ්ඨත්ව මත සුදුසුකම් නොමැති අය ඉහළ පුටුවලට යාම නිසා ජේශ්ඨත්වයට ගරු කිරීම් අඩුවීම හා ජේශ්ඨයන් විසින් (සමහර) කණිශ්ඨයන්ව මැඩවීම.
- සත්කාර සේවාවට අවශ්‍ය බෙහෙත්, උපකරණ අඩුපාඩුව නිසා කළමනාකරු ලෙස හෙදිය විඩාවට පත්වීම.
-වෛද්‍යවරයා,ඖෂධවේදීන්, භෞතචිකිත්සක ඇතුලු අනෙක් අංශ, කණිශ්ඨ සේවකයන්, ආරක්ෂක අංශ cordinate කරන කෙනා ලෙස සියල්ලගේම රුච් අරුච්කම්වලට මැදිවීම.
*තව ගොඩාක් ලියන්න පුලුවන්. ඉතිං මම අත්විදිනවා පිටරටවල හෙද නිළධාරින්ට තියෙන වැටුප, පහසුකම්. එහෙම ලක්කාවෙත් තිබුනානම්. කෙසේ වෙතත් අපේ හෙද නිලධාරීන් එක්ක මෙහේ ඉන්න අයට හැරෙන්නවත් බෑ. එයාලා හැරෙද්දී අපි කරලා ඉවරයි! ලෝකේ ඕනා තැනක ඉහළින්ම පිළගන්නවා ලංකාවේ හෙදිය. ඒ සේවය ඉබේ පහල වුනේ නෑ, පහසුකම් දුන්න එක විතරයි උනේ*
අපි අපේ හෙද සේවය ගොඩ නගමු. හෙද නිලධාරීන් වගේම සමාජයටත් කොටසක් තියෙනවා.
26/02/2026
අපේ ගම්වල තාමත් ඉන්නවා ක්‍රිකට් දේවත්වයෙන් අදහන යක්කු වගේ කොල්ලෝ....උන්ට උගන්වන්න ඕනා ඔය පෑඩ් සෙට් එක දාගෙන දුවන එක විතරයි. උන් ක්‍රිකට ගැහැව්වේ සල්ලී වලට නෙවෙයි. උන් බෝලස්ලා,බැට්ස්මන්ලා, කීපර්ලා කියල නෑ.හැම එකම් එක වගේ කරන කොල්ලෝ..