Call Website Contact the organization

UNPers UNPian is the spot for former our party members scattered globally.

20/09/2026
UNPers
08/09/2026

UNPers

17/08/2026

🐘💔 කන ගමන් සිටි අලියෙකුටත් වෙඩි… උඩවලවේ ජාතික උද්‍යානය ඇතුළෙම දඩයක්කරුවන්ට මේ තරම් නිදහසක්?
"""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""""
“කන සතෙකුට ගලකින්වත් ගහන්න එපා…”
අපේ පැරැන්නන් සතුන්ට පවා ගරු කරන්න ඉගැන්වූ රටක අද සිදුවන්නේ කුමක්ද?

අද උදෑසන උඩවලව ජාතික උද්‍යානයේ කොටා රෝඩ් ප්‍රදේශයේ සියඹලා ගසක් පාමුල ආහාර ගනිමින් සිටි වන අලියෙකු දඩයක්කරුවන්ගේ වෙඩි පහරකින් මියගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ. 🐘💔

අලියා කා සමඟවත් ගැටෙමින් සිටියේ නැහැ.

කිසිවෙකු පසුපස හඹා ගියේ නැහැ.

ඔහු කරමින් සිටියේ ඔහුට කළ හැකි සරලම දෙයයි…

බඩගින්න නිවා ගැනීම.

නමුත් ඔහුගේ ඒ නිදහස් මොහොත අවසන් වී තිබුණේ තුවක්කුවක උණ්ඩයකින්.

---

❓ මේ අලියා හිටියේ දඩයක්කරුවන්ගේ භූමියකද?

නැහැ.

මේ ඔහුගේ නිජබිම.

ජාතික උද්‍යානයක්.

වනජීවීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වෙන් කළ භූමියක්.

එසේ නම් ප්‍රශ්නය වන්නේ,

ජාතික උද්‍යානයක් තුළ, ආරක්ෂිත වන සතෙකුට දඩයක්කරුවන් වෙඩි තබන්නේ කොහොමද?

තොරතුරු අනුව මෙම ස්ථානය ආසන්නයේම වනජීවී කාර්යාල හා නිලධාරීන්ගේ පහසුකම් පවතින ප්‍රදේශයක් බව සඳහන් වේ.

එසේ තිබියදීත් වන අලියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට හැකි වීම **වනජීවී ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතු කරන සිදුවීමකි.**

---
☀️ මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් අමතක කරන්න බැහැ

උඩවලව ඇතුළු රටේ ප්‍රදේශ රැසකට මේ දිනවල දැඩි වියළි කාලගුණික තත්ත්වයක් බලපා තිබේ.

ජල මූලාශ්‍ර සිඳී යමින් තිබෙනවා.

ආහාර සොයා ගැනීම අසීරු වෙමින් තිබෙනවා.

සතුන්ට තම සාමාන්‍ය වාසස්ථාන තුළ ජීවත් වීම පවා අභියෝගයක් වෙමින් තිබෙනවා.

එවැනි අවස්ථාවක තමන්ගේ නිජබිමේ ආහාර සොයමින් සිටි අලියෙකුට වෙඩි තැබීම තවත් කනගාටුදායක සිදුවීමක්.

---

🐘 අලියාට කන්නවත් නිදහසක් නැති රටක්ද මේ?

අපි අලියා සංචාරක කර්මාන්තයට වටිනා සම්පතක් කියනවා.

අලියා අපේ සංස්කෘතියේ කොටසක් කියනවා.

අලියා ආරක්ෂා කළ යුතු බවට නීති හදනවා.

ජාතික උද්‍යාන හදනවා.

වනජීවී කාර්යාල පවත්වාගෙන යනවා.

නමුත් අවසානයේ…

තමන්ගේ නිජබිමේ නිදහසේ කමින් සිටි අලියෙකුටත් වෙඩි වැදෙනවා නම්, අපි කතා කරන සංරක්ෂණය කොතැනද? 💔

---

⚖️ මේ මරණය ගැන සාධාරණ පරීක්ෂණයක් අවශ්‍යයි

මෙය සැබවින්ම දඩයක්කරුවන්ගේ වෙඩි පහරකින් සිදුවූ මරණයක් නම්, සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් හා විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතුය.

අලියාගේ මරණයට හේතුව නිශ්චිතව තහවුරු කිරීම, වෙඩි තැබීමට භාවිත කළ ආයුධය පිළිබඳ පරීක්ෂණ සිදු කිරීම සහ වගකිවයුත්තන් හඳුනා ගැනීම අත්‍යවශ්‍යය.

ජාතික උද්‍යානයක් ඇතුළත සිදුවූ වනජීවී ඝාතනයක් “තවත් එක් අලි මරණයක්” ලෙස අවසන් නොවිය යුතුය.

---

💔 අද සියඹලා ගස යට නිහඬව වැටී සිටින්නේ අලියෙක් විතරක් නෙවෙයි…

ඒ වැටී තිබෙන්නේ අපේ වනජීවී ආරක්ෂාවේ තවත් ප්‍රශ්නාර්ථයක්.

බඩගින්න නිවා ගැනීමට ආහාර සොයමින් සිටි සතෙකුගේ අවසන් මොහොත.

කන්න ගිය අලියෙකුට වෙඩි තැබූ රටක, අපි තව කොපමණ කාලයක් “වනජීවී සංරක්ෂණය” ගැන කතා කරමුද? 😔

🙏 උඩවලව ජාතික උද්‍යානයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකර, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමු.

🐘 කන්න ගිය අලියෙකුට වෙඩි තියන්න එපා.
වනය ඔහුගේ නිවසයි.
අපි ඔහුගේ නිවසට ගිය අමුත්තෝ පමණයි. 🌿💚

save elephants in sri lanka

04/08/2026

(එල්නිනෝ ගැන කතා කරනකොට අසිරිමත් ලංකාව ගැන පරන SJB Voice පිටුවේ අපි ලියපු සටහන්.)

🌾 රජරට මහ පොළොවේ විද්‍යාව සහ අසිරිමත් ජීවන රටාව

ලෝකයේ තියෙන අතිශයම දියුණු, ඒ වගේම අතිශයම සංවේදී විද්‍යාවක් සහ ජීවන රටාවක් උරුම කරගත්තු, මහා පොළොවේ මිනිස්සු රැලක් ඒ තමයි මගේ රටේ රජරට මිනිස්සු! ආදරෙයි හුගාක් රජරට ගොවි මව් පිය වරුන්ට.💚💛

අද ලෝකේ ඉන්න ලොකු ලොකු විද්‍යාඥයෝ සැටලයිට් දාලා, සුපිරි පරිගණක දාලා "මෝසම් වැසි" (Monsoon Rains) ගැන, "සංවහන වැසි" (Convectional Rains) ගැන අනාවැකි කියද්දී, අපේ රජරට පාරම්පරික ගොවියා ඒ හැම දේම තමන්ගේ අත්දැකීමෙන් සනාථ කරලා ඉවරයි.

බලන්න ඒ ජීවන රටාවේ තියෙන සුන්දරත්වය සහ විද්‍යාත්මක පදනම හරි අපූරුයි....

අපේ මුතුන් මිත්තෝ නිරිතදිග මෝසම, ඊසානදිග මෝසම එනකම් බලාගෙන හිටියේ නෑ. ඔවුන් බැලුවේ අහසේ පියාඹන පක්ෂීන්ගේ රටා දිහා. කිරි කොකා පියාඹන දිශාවෙන්, කිරලා බිත්තර දාන උසින්, වැහි කූඹි හැසිරෙන විදියෙන් ඔවුන් හරියටම කිව්වා මෝසම් වැස්ස කඩා හැලෙන දවස. අන්න ඒ විද්‍යාවෙන් තමයි ඔවුන් කාලය කළමනාකරණය කළේ.

🪓 හේන් කපලා මහනුවරට ,කතරගමට යන පවුලේ චාරිකාව (Family Trip) හරි ලස්සනයි.
ජරට මහ කන්නයේ කුඹුරු සහ හේන් සේරම අස්වද්දන්නේ මේ ඊසානදිග මෝසම් වැස්සෙන්.

"සහෝදරවරුනි, අපේ මිනිස්සු අකුරු නොදත්තට, අහස පොළොව ගැන උපාධි නොගත්තට, බටහිර විද්‍යාවෙන් 'ඊසානදිග මෝසම' (North-East Monsoon) කියලා හඳුන්වන මහා වැසි කලාව හරියටම දැනගෙන හිටියා.

අගෝස්තු මාසේ ඇසළ පෙරහැර බලන්න නුවරට පයින් යන්නේ රජරට මහ පොළොව වියළි කච්චාන් සුළඟින් වේලිලා තියෙන කොටයි. කපපු කැලෑව වේලිලා, ඔක්තෝබර් - නොවැම්බර් වෙද්දී ඊසානදිග මෝසම් වැස්ස මුළු රජරටම සිපගන්න කොට, අපේ ගොවියා ලෑස්තියි මහ කන්නයේ වපුරන්න!

සැටලයිට් නැති ඒ කාලේ, සොබාදහමේ මේ ඊසානදිග මෝසම් රිද්මය තත්පරයට අඳුනගත්ත එකම විද්‍යාඥයා අපේ පාරම්පරික රජරට ගොවියා විතරයි!"

මහ කන්නයේ අස්වැන්න නෙලාගෙන, වී ටික අටු කොටුවල පුරවලා, රජරට ගොවියාට ලැබෙන පුංචි විවේකය ඔවුන් ගත කළේ කොහොමද?

අද කාලේ වගේ වාහන තිබුණේ නෑ. ඔවුන් කළේ හේන් වගාවට ඕන කරන කැලෑව කපලා, ඒ කොටන් ටික වේලෙන්න ඉඩ හැරියා. ඒක නිකම්ම නිකම් වේලීමක් නෙවෙයි, පාංශු ජීව විද්‍යාවට අනුව ඒකෙන් පස පෝෂණය වෙනවා.

අන්න ඒ දින කිහිපයේ, තමන්ගේ ආදරණීය බිරිඳ, දූ දරුවෝ, අම්මා තාත්තා එක්ක රජරට මිනිස්සු මහනුවර බලා පයින්ම පිටත් වුණා. .. ඒක තමයි අපේ ඉතිහාසයේ තිබුණු සුන්දරම, ආදරණීයම "ෆැමිලි ට්‍රිප්" (Family Trip) එක! දින ගණනාවක් පයින් යද්දී, එකට බත් මුල ලිහාගෙන කද්දී, දරුවන්ට පරිසරය කියා දෙද්දී ඒ පවුල් ඇතුළේ ගොඩනැගුණු ආදරය අද කාර් එකේ ඒසී දාලා යන අයට දැනෙන්නේ නෑ.

🌧️ දිය කැපීම, ගිනි තැබීම සහ බක්මහ අකුණු
මහනුවර ඇසළ පෙරහැර බලලා, දළදා සමිඳුන් වැඳලා, අවසාන දවසේ දිය කපන චාරිත්‍රය ඉවර වෙනකොටම රජරට ගොවියා ආපහු තමන්ගේ ගමට එනවා. ඔවුන් එන්නේ හිස් අතින් නෙවෙයි, සොබාදහමේ ආශිර්වාදය අරගෙන.

ගමට ආපු ගමන්, අර වේලිලා තිබුණු හේනට ගිනි තබනවා. ගිනි තියලා අළු වුණු ඒ පොළොවට, දිය කපලා ඉවර වුණාම එන පළමු මෝසම් වැහි බිඳුව වැටෙද්දී දැනෙන ඒ පස් සුවඳ... , ඒක විඳින්න පින් කරන්න ඕනේ! අළුත් එක්ක මුහු වුණු ඒ වැස්සෙන් පොළොව ස්වාභාවිකවම සාරවත් වෙනවා.

අන්න ඒ හේන් වගාවේ අස්වැන්න මාර්තු 15 වෙනකොට නෙලාගෙන අවසන් කරන්න අපේ මිනිස්සු දැනගෙන හිටියා. ඇයි දන්නවාද? මාර්තු 15න් පස්සේ එන්නේ මාරාන්තික "බක්මහ අකුණු" එක්ක එන සංවහන වැසි. ඒ අකුණුවලින්, ඒ මහා වැස්සෙන් තමන්ගේ රන්වන් අස්වැන්න බේරගන්න තරම් අපේ මිනිස්සු විද්‍යාත්මකව සන්නද්ධ වෙලා හිටියා.

නමුත් සහෝදරවරුනි, අද අපිට වැරදුණේ කොතනද?

"අද දේශපාලනය අපිට උගන්නලා තියෙන්නේ පොහොර මල්ලටයි, බීජ ටිකටයි ආණ්ඩුවලට අතපාන හිඟන්නෝ වෙන්න. අපේ අතේ තිබුණු ඒ මහා දේශගුණික විද්‍යාව අපි සල්ලිවලට පාවා දුන්නා. අද අපිට වැස්ස වහින වෙලාව දන්නේ නෑ, කුඹුරට බහින්න ඕන නැකත දන්නේ නෑ. අපි සොබාදහමෙන් ඈත් වුණා, ඒකයි අද රජරට ගොවියා ණය වෙලා, වකුගඩු ලෙඩ හැදිලා පාරට වැටිලා තියෙන්නේ!"

අකුරු නොදත් ඒ රජරට මිනිසා එදා සොබාදහම පාලනය කළා. අද අකුරු දත්, උපාධි ගත්තු මිනිස්සු සොබාදහම විනාශ කරනවා.

අපි ආයෙත් නැගිටින්න ඕනේ .අපිට ඕනේ නිකම්ම නිකම් සහන දෙන දේශපාලනයක් නෙවෙයි. අපේ මුතුන් මිත්තන්ගේ ඒ පාරම්පරික ඥානය, ඒ දේශගුණික විද්‍යාව, ඒ අසිරිමත් ජීවන රටාව සහ පවුලේ ඒ උතුම් බැඳීම ආයෙත් මේ රජරට පොළොව උඩ ප්‍රතිස්ථාපනය කරන දේශපාලනයක්!

වැවයි, දාගැබයි, කිරලාගේ අනාවැකියයි, බක්මහ අකුණයි අඳුනන රජරට ලේ තියෙන කිසිම කෙනෙකුට මේ පොළොවේ පැරදෙන්න බෑ. අපි නැගිටිමු! අපේ පැරණි විද්‍යාවෙන් මේ මහා පොළොව ආයෙත් අස්වද්දමු!
පරිසර හිතකාමී කෘෂිකාර්මික රජරට මිනිසා ඇති හැකි මිනිසෙකු කල හැකි එකම අනාගත නායකයා සජිත් ප්‍රේමදාස.
මතක තියාගන්න SP .
Sjb Voice

බොහෝම ස්තූතියි! ජයවේවා!

16/02/2026
05/02/2026

අනාගතය උදෙසා අපි නිදහස් හා බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

“Smart UNP-2026” ආරම්භ කිරීමේ වැඩසටහනේදී හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. මෙහිදී, සිරිකොත පක්ෂ මූලස්ථානයට Starlink සේවාව ස්ථාපනය කිරීමද නිල වශයෙන් සිදු කෙරුණි.

මෙම වැඩසටහන සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉකුත් 04 වැනිදා පැවැත්වුණි.

හිටපු ජනාධිපතිවරයා වේදිකාවට පැමිණි පසු ආරක්ෂකයින් විසින් ඔහුට හිඳ ගැනීමට ආසනයක් ලබා දුන්නේය.“මේ දවස්වල ඉතින් බංකුවල ඉඳගන්න එක තමයි කරන්නේ.“යැයි හිටපු ජනාධිපතිවරයා සිනාසෙමින් පවසා සිය කතාව ආරම්භ කළේය.

අපේ නායක ඩී.එස්. සේනානායක මැතිතුමා නිදහස් ලංකාවක් බිහිකරලා 78 වැනි සංවත්සරය සමරන අවස්ථාවයි මේ. මොකද එතුමාගෙන් ගත්ත ප්‍රයෝජනය එදා සිට අද දක්වා වසර 78 ක් මේ රට හදන්න ගිය නායකයින් සියළු දෙනාම අපි අගය කරනවා. එතුමා ආරම්භ කලේ මධ්‍ය මහා විද්‍යාල 50 යි. අද තියෙනවා 1,400 කට වඩා.එදා විශ්වවිද්‍යාල එකයි. අද රජයේ විශ්වවිද්‍යාල 19 යි, රජයේ නොවන විශ්වවිද්‍යාල 27 යි. අද රෝහල් 550 කට වඩා තිබෙනවා. අපි සහල්වලින් ස්වයංපෝෂිතයි. අපි අලුත් යුගයක ඉන්නේ.

අනාගතය උදෙසා අපි නිදහස් හා බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කලයුතුයි. එ්කෙන් තමයි මේ රට දියුණු වුනේ. ඒ සඳහා හැම බලවේගයකටම එකතු වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.

මේ රටේ ආර්ථිකය 2022 කඩා වැටුණා. මම බාරගත්තා. රටේ ස්ථාවරභාවය ඇතිකලා. දැන් තියෙන්නේ ජෙන්සියටර් තිබෙන සමාජයයි. ඩිජිටල් සමාජයක්. අපි දුන්න ජංගම දුරකථනයෙන්, පරිඝණකයෙන් මේ හැම එකෙන්ම ඩිජිටල් යුගයකට ගිහින් තිබෙනවා. ජෙනිසියර් කියන්නේ ඩිජිටල් යුගයට ඉපදුණු පරම්පරාව. මේ පරම්පරාව සමඟ තමයි ඉදිරියට යන්න තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය ඒකටයි ලෑස්ති වෙන්නේ. අද අපි ඉන්නේ ජේ. ආර් ගේ කාලයේ නොවෙයි. අපි ඉන්නේ ට්‍රම්ප් ගේ ලෝකයේ කැමැති උනත්, නැති උනත්, අපි ඒ යුගයට යායුතුයි. ඒකට සුදුසු සමාජයක් ඇතිකල යුතුයි. අද අපි යන්නේ මවන ලද ලෝකයට. මවන ලද තාක්ෂණයටයි. ඒ දැනුම ලබා ගන්න ඕනේ. නැත්නම් අපිට ඉදිරියට ගන්න බෑ. ඒකටයි අපි ඩිජිටල් පක්ෂයක් ආරම්භ කලේ. පොලිටික්ස්වල නිව් වයිබ් එකට සෙට් වෙමු. ස්මාර්ට් යූ.එන්.පී. එකට එකතු වෙමු.“ යැයි හිටපු ජනාධිපතිවරයා කීවේය.

24/01/2026

The Samagi Jana Balawegaya (SJB) and the United National Party (UNP) held another round of discussions today, which the Opposition Leader said he hopes will lead to a successful political outcome.

Opposition Leader Sajith Premadasa said the talks were “successful” and expressed optimism that they would conclude with a victory, signalling continued efforts to strengthen opposition unity.

Address

Dubai
567

Alerts

Be the first to know and let us send you an email when UNPers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to UNPers:

Shortcuts

Share