✨ ඔබේ භූමිකාව හොඳින් රඟපාන්න, එය භුක්ති විඳින්න; එය විනෝදජනකයි. නමුත් එය සැහැල්ලුවෙන් ගන්න. ඒ ගැන කරදර වීම නම් පොඩ්ඩක් වත් වටින්නේ නැහැ. ✨
✨ එය ක්‍රීඩාවක්
⚡ යම් අවස්ථාවක දී ඔබට ඉටු කිරීමට ඇති භූමිකාව කුමක් වුවත්, එය ඔබේ උපරිම හැකියාවෙන් ඉටු කරන්න, එය සම්පූර්ණයෙන්ම ඉටු කරන්න. නමුත් එය අවසන් වූ පසු, ඔබ සාර්ථක වූ හෝ අසාර්ථක වූවාද යන්න අදාළ කර නොගන්න. ආපසු හැරී නොබලන්න; ඉදිරියට යන්න.
⚡ ඔබට ඉටු කළ යුතු වෙනත් භූමිකාවන් තිබේ. එනිසා අසාර්ථකත්වය සහ සාර්ථකත්වය වැදගත් නොවේ. වැදගත් වන්නේ සියල්ල ක්‍රීඩාවක් බවට අවදිමත් වීමයි. ඔබේ මුළු ජීවිතයම මෙම අවදිමත්භාවයෙන් පිරී ගිය විට, ඔබ නිදහස් වේ, කිසිවක් ඔබව බැඳ තබන්නේ නැත, ඔබ තවදුරටත් කිසිවකට බැඳී නැත. එවිට ඔබ තවදුරටත් කිසිවකින් සිරගත නොවේ.
⚡ ඔබ වෙස් මුහුණු භාවිතා කරයි, නමුත් ඒවා ඔබේ සැබෑ මුල් මුහුණ නොවන බව ඔබ දනී. දැන් ඔබ එය කුමක් දැයි දන්නා නිසා ඔබට වෙස් මුහුණ ඉවත් කළ හැකිය. එය ඉවත් කළ හැකිය. දැන් ඔබට ඔබේ මුල් මුහුණ ද දැනගත හැකිය.
⚡ ජීවිතය ක්‍රීඩාවක් බව දන්නා තැනැත්තා මුල් මුහුණ දැන ගනී. කෙනෙකුගේ මුල් මුහුණ දැන ගැනීම යනු දැන ගැනීමට වටින සියල්ල දැන ගැනීමයි.
උපුටාගැනීමකි.
PIN KETH ARANA ""
...සබ්බ දානාන් ධම්ම දානන් ජිනාති...
17/07/2023
ඇත්තටම නේරංජනා නදී තීරයේදී පාත්‍රය උඩුගම් බලා ගියේ නැහැ,
පාත්‍රය ගහගෙන ගියේ ගඟ පහළට. එය දුටු ගෞතම සිද්ධාර්ථ බෝධිසත්ත්වයන් ට මෙහෙම සිතුවිල්ලක් පහළ වුණා.
"ගඟට වැටෙන හැම දෙයක්ම යන්නේ ගඟ පහළට, පාත්‍රය උඩුගම් බලා ගියොත් පාත්‍රයට කුමක් වෙයිද?"
"විනාශ වෙනවා."
ඒ වගේ මහා බෝධිසත්වයන් කල්පනා කළා චින්තනයත් උඩුගම් බලා ගියොත්???
"සිතන ප්‍රභවය විනාශ වෙනවා."
එතන තමයි සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් ගේ චින්තන විප්ලවය සිදුවුණ තැන. පටිසෝතගාමී චින්තනය, මධ්‍යම ප්‍රතිපදාව විමුක්ති මාර්ගය බව සක්සුදක්සේ මහා බෝධි සත්ත්වයන්ට ම අවබෝධ වුණ තැන.
“පටිසෝතගාමිං නිපුණං – ගම්භීරං දුද්දසං අණුං
රාගරත්තා න දක්ඛින්ති – තමොක්ඛන්ධේන ආවුතා’ති.
‘මේ ධර්මය උඩුගම් බලා යන්නකි. සියුම්ය. ගැඹුරුය. දැකීමට දුෂ්කරය. ඉතා සියුම්ය. රාගයෙන් ඇලුන සත්වයෝ, අවිද්‍යා අඳුරෙන් සිත් වැසුණු සත්වයෝ මෙය නොදකිති’යි.
උපුටා ගැනීමකි.
17/07/2021
https://youtube.com/c/VenThiththagalleAnandasiriThero
Ven Thiththagalle Anandasiri Thero - YouTube "බුදුවරයන් ලොව පහළවීමෙන් ලෝකයට ලැබෙන විශිෂ්ඨ ධර්මය අභිධර්ම පිටකයය. බුදු සමයේ ශරීරයද සාරය ද එයමය."අභිධර්මයේ මූළික ....
10/12/2020
"සබ්බ දානන් ධම්ම දානන් ජිනාති"
සෑම දෙනාටම තෙරුවන් සරණයි...
Theruwan saranai sama denatama...
Click here to claim your Sponsored Listing.
Location
Contact the business
Telephone
Website
Address
Melbourne, VIC
3148
