09/04/2026
NEW DATE - 10th MAY 🗓️
♥️ප්‍රේමයේ නොකියවු පරිච්ඡේදය ‘නීරා’ ♥️
ලුක්කා තිරගතකරණය
🗓️ : මැයි 10 වන ඉරිදා
⏰ : උදෑසන 10.30 ට
📍 : Lucca Moderno සිනමා ශාලාවේදී
VIA VITTORIO EMANUELE
NO.17 55100 LUCCA
ℹ️𝓕𝓸𝓻 𝓜𝓸𝓻𝓮 𝓲𝓷𝓯𝓸𝓻𝓶𝓪𝓽𝓲𝓸𝓷
▫️𝓐𝓼𝓱𝓪𝓷 3278642770
▫️𝓚𝓪𝓼𝓾𝓷 3332036626
▫️𝓡𝓸𝓼𝓱𝓮𝓵 3891593614
▫️𝓢𝓪𝓷𝓳𝓮𝓮𝔀𝓪 366 2377552
▫️𝓝𝓲𝓶𝓮𝓼𝓱 366 9425611
⭕️pre Sale € 𝟏𝟎
⭕️At Gate € 𝟏𝟐
⭕️kids €05 Eta ( 05 - 12)
31/03/2026
🦷 ඉතාලියේ ඉන්න ඔබට "නොමිලේ" දත් පරීක්ෂා කරගන්න පුළුවන් බව ඔබ දන්නවාද? 🇮🇹🩺
ඉතාලියේ පෞද්ගලික දන්ත වෛද්‍යවරයෙකු (Dentista) හමුවීමට විශාල මුදලක් වැය වුවත්, රජයේ සෞඛ්‍ය සේවාව (Servizio Sanitario Nazionale - SSN) හරහා ඔබට ඉතා අඩු මුදලකට හෝ නොමිලේ ප්‍රතිකාර ලබාගත හැකියි.
ඔබ කළ යුතු දේ:
Medico di Base: මුලින්ම ඔබේ පවුලේ වෛද්‍යවරයා හමුවී දන්ත පරීක්ෂාවකට අදාළ "Ricetta" එකක් ලබාගන්න.
Prenotazione: ඉන්පසු CUP (Centro Unico di Prenotazione) හරහා රජයේ රෝහලකට දිනයක් වෙන් කරගන්න.
Ticket: ඔබ ගෙවිය යුත්තේ රජය නියම කර ඇති අවම ගාස්තුව (Ticket) පමණි. ඇතැම් ආදායම් මට්ටම් යටතේ (Exemption/Esenzione) මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ වේ.
ඔබ මීට පෙර රජයේ රෝහලකින් දත් පරීක්ෂා කරගෙන තිබේද? ඔබේ අත්දැකීම පහළින් Comment කරන්න. 👇
25/03/2026
ඉතාලියට හිටිය එකම ලාංකික කරබිනියෙරි නිළදාරියා෴
ශෙහාන් ප්‍රනාන්දු කියන්නෙ 27 හැවරදි ඉතාලියෙ ලාංකිකයන් අතරින් බිහිවුනු පළමු කරබිනියෙරි (Carbinieri) නිළදාරියා. ඔහුගේ මිලානෝ නගරයෙ නිළ නිවසෙන් මෘත දේහය හමු වන විට ඔහුට නිකුත් කල නිළ අවියත් ඔහු අසලම තිබිලා සොයා ගැනෙනවා. මරණය තාම අබිරහසක්. අවිවාහක මොහුගේ මරණය ගැන තාම පරික්ෂණ පැවැත්වෙන බැවින් කිසිවක් කියන්න බැහැ.
අවසාන කටයුතු 27 වන දින පැවැත්වෙන බවයි සඳහන් වෙන්නෙ. මෙච්චර ජයග්‍රහණයක් ලඟා කරගත්ත කෙනෙක් අපි අතරින් වියෝ වීම ඇත්තටම කණගාටුවට කරුණක්.
ඔබට සුබ ගමන්.
ඉතාලිබුවා.
25/03/26 ඉතාලිය.
23/03/2026
🔴 ඉතාලියේ ජනමත විචාරණය 2026 – නීති සංශෝධනය ප්‍රතික්ෂේපයි!
ඉතාලිය මේ මොහොතේ තමන්ගේ වැදගත්ම ජාතික ඡන්දයක් අවසන් කරලා තියෙනවා. දැන් ප්‍රතිඵලයත් පැහැදිලි. යෝජිත නීති සංශෝධනය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා.
2026 මාර්තු 22 සහ 23 දින පැවති මෙම ජනමත විචාරණය, රටේ නීති පද්ධතියේ විශාල වෙනසක් අනුමත කරනවද නැද්ද කියලා තීරණය කරන්නයි. “Nordio reform” කියලා හඳුන්වන මේ යෝජනාවෙන් නීති පද්ධතිය තුළ මූලික සංශෝධන කිහිපයක් ගෙන එන්න සැලසුම් කරලා තිබුණා.
නවතම ප්‍රතිඵල අනුව, බහුතර ජනතාව “නැත” ලෙස ඡන්දය දීලා තියෙනවා. “නැත” ඡන්දය 53%–54% අතරට යද්දි, “ඔව්” ඡන්දය 46%–47% අතරයි. ඒ කියන්නේ මේ සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ.
මෙම ජනමත විචාරණය ගැන
මෙම යෝජනාවේ අරමුණ වුණේ ඉතාලියේ නීති පද්ධතිය නැවත සංවිධානය කිරීමයි.
ප්‍රධාන වෙනස්කම් වුණේ:
විනිසුරුවන් සහ විධිවිධාන නිලධාරීන් වෙන වෙනම වෘත්තීය මාර්ගවලට වෙන් කිරීම
අධිකරණ පාලන ආයතනය (CSM) සංශෝධනය කිරීම
නව විනය අධිකරණයක් ස්ථාපනය කිරීම
මෙයට සහය දක්වපු පාර්ශ්ව කියලා තියෙන්නේ, මේ වෙනස්කම් නීති පද්ධතිය වඩාත් කාර්යක්ෂම, පැහැදිලි සහ සාධාරණ කරයි කියලා.
නමුත් විරුද්ධ පාර්ශ්ව පෙන්වා දුන්නේ, මේකෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් ඇති වෙලා, දේශපාලන බලපෑම් වැඩි වෙන්න පුළුවන් කියලා.
ප්‍රතිඵලයෙන් අදහස් වෙන්නේ මොකක්ද
මෙම සංශෝධනය ප්‍රතික්ෂේප වීමත් සමඟ, ඉතාලියේ වත්මන් නීති පද්ධතිය වෙනස් නොවී පවතිනවා.
විනිසුරුවන් සහ විධිවිධාන නිලධාරීන් තවදුරටත් එකම පද්ධතියක් තුළ ක්‍රියාත්මක වෙනවා.
මෙය කියන්නේ රට තුළ මතභේදයක් තිබුණත්, බහුතර ජනතාව විශාල වෙනසකට යාමට සූදානම් නොවී, පවතින පද්ධතිය රැකගන්න තීරණය කරලා තියෙනවා කියලා.
දේශපාලන බලපෑම
මෙම ප්‍රතිඵලය ඉතා වැදගත් දේශපාලන මොහොතක් ලෙස සැලකෙනවා.
මෙය වත්මන් ප්‍රධාන අමාත්‍ය ජෝර්ජියා මෙලෝනිගේ රජයට පසුබෑමක් ලෙස දක්නට ලැබෙනවා, ඇය මෙම සංශෝධනයට සහය දුන්න නිසා.
එකම වෙලාවට, විපක්ෂයට ශක්තියක් ලැබෙනවා, “නැත” ලෙස ඡන්දය දීමට ඔවුන් ජනතාවට ආරාධනා කළා.
ඒ නිසා, මේ ජනමත විචාරණය නීතිමය ප්‍රශ්නයක් විතරක් නොවෙයි, දේශපාලන විශ්වාසය මැනීමේ අවස්ථාවක් වෙලා තියෙනවා.
අවසාන අදහස
මෙම ඡන්දයෙන් පැහැදිලි වෙන්නේ, ඉතාලි ජනතාව නීති පද්ධතියේ මූලික වෙනස්කම් ගැන ඉතා සෙමින්, සැලකිලිමත් ලෙස සිතනවා කියලා.
සංශෝධන ගැන කතා කිරීම නවතන්නේ නැහැ. නමුත් ජනතාව කියන පණිවිඩය පැහැදිලියි:
වෙනස්කම් කරන්න ඕනේ නම්, ඒවා හොඳට සිතා බලලා, විශ්වාසය ඇතිව කරලා තිබිය යුතුයි.
ස්තුතියි ❤️
Vishwalokaya
#ඉතාලිය #ජනමතවිචාරණය #දේශපාලනය #නීතිසංශෝධන
23/03/2026
Lucca වල වාසය කළ මිතුම් පෙරේරා (වයස 23) අවාසනාවන්ත රිය අනතුරකින් අප අතරින් සදහටම වෙන්ව ගිය බව අසා අපි ඉතා ගැඹුරු ශෝකයට පත්වෙමු.
09/03/2026
රැකියා සිහිනය සැබෑ කරගන්න
06/03/2026
📢 **Sri Lankan Embassy – Rome විසින් 06 March 2026 දින නිකුත් කළ නිල දැනුම්දීම අනුව,**
ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර **Driving Licence Conversion Agreement**
📅 **2026 අප්‍රේල් 10 වන දින සිට ක්‍රියාත්මක වේ.**