G/Agaliya Maha Vidyalaya

  • Home
  • G/Agaliya Maha Vidyalaya
Website

G/Agaliya Maha Vidyalaya Agaliya Maha Vidyalaya | Established 1930 | Government School of Sri Lanka

🌸 පුංචි සිහිනවලට විශාල ජයග්‍රහණයක් ලැබේවා!🌼 හෙට දින ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන ගා/අගලිය මහා විද්‍යාලයේ දරුවන් ඇතුළු සිය...
08/08/2026

🌸 පුංචි සිහිනවලට විශාල ජයග්‍රහණයක් ලැබේවා!

🌼 හෙට දින ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන
ගා/අගලිය මහා විද්‍යාලයේ දරුවන් ඇතුළු
සියලු දූ දරුවන්ට ශක්තිය, ධෛර්යය නොඅඩුව ලැබෙන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා!

2026/08/09



02/08/2026

පුංචි දරුවන්ගේ සිනහවෙන් හැඩවුණු අපේ ඇසළ පෙරහැර

ගා/අගලිය මහා විද්‍යාලය

#පුංචිඅපේඇසළපෙරහැර

අගලිය මහා විද්‍යාලයේ පුංචි දරුවන්ගේ නර්තනයෙන්, වර්ණයෙන්, සතුටෙන් පිරුණු පුංචි ඇසළ පෙරහැර… ❤️
01/08/2026

අගලිය මහා විද්‍යාලයේ පුංචි දරුවන්ගේ නර්තනයෙන්, වර්ණයෙන්, සතුටෙන් පිරුණු පුංචි ඇසළ පෙරහැර… ❤️




🌼පින්බර ඇසළ පොහෝ දිනය අදයි...🌼ලෝ වැසි බොදු ජනයාට ඇසළ පොහොය වැදගත් වන කරුණු කිහිපයකි. 🟡සිදුහත් කුමරා මහමායා දේවියගේ කුස ප...
28/07/2026

🌼පින්බර ඇසළ පොහෝ දිනය අදයි...

🌼ලෝ වැසි බොදු ජනයාට ඇසළ පොහොය වැදගත් වන කරුණු කිහිපයකි.

🟡සිදුහත් කුමරා මහමායා දේවියගේ කුස පිළිසිද ගැනීම.
🟡අභිනිශ්ක්‍රමණය
🟡ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීම.
🟡බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම වස් විසීම සිදුවීම.
🟡බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොවට වැඩමකොට මාතෘ දිව්‍ය රාජයා ප්‍රමුඛ දෙවියන් උදෙසා අභිධර්මය දේශනා කිරීම.
🟡ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වීමේ කටයුතු ආරම්භ කිරීම.
🟡මහනුවර දළදා පෙරහැර ඇතුළු අපේ රටේ බොහෝ ප්‍රධාන පෙරහැර පැවැත්වීම.


ොහොය_දිනය
ොහොය_සුභපැතුම්
#ධර්මයේ_ආලෝකය
#අගලිය_මහා_විද්‍යාලය

🌼 🙏 ශිෂ්‍යත්ව සිහිනයට ආශිර්වාදයේ ශක්තිය අගලිය මහා විදුහලේ 5 ශ්‍රේණියේ අපේ  දූ දරුවන් වෙනුවෙන් අගලිය ශ්‍රී ක්ෂේත්‍රාරාම ප...
28/07/2026

🌼 🙏 ශිෂ්‍යත්ව සිහිනයට ආශිර්වාදයේ ශක්තිය

අගලිය මහා විදුහලේ 5 ශ්‍රේණියේ අපේ දූ දරුවන් වෙනුවෙන් අගලිය ශ්‍රී ක්ෂේත්‍රාරාම පුරාණ විහාරස්ථාන භූමියේදී සෙත් පිරිත් හා ආශිර්වාද පූජාවක් පැවැත්විණි.

මෙම පුණ්‍ය අවස්ථාව සඳහා විදුහල්පතිනිය ,ප්‍රාථමික අංශයේ ගුරුභවතුන්, ප්‍රාථමික පන්තිවල දරුවන් සහ දෙමාපියන්ගේද සහභාගිත්වය එක්විය. 🙏

ගුරුතුමියගේ කැපවීමේ ප්‍රතිඵලයට ආශිර්වාදයේ සවිය ලැබේවා! එළඹෙන අගෝස්තු 9 වන දින පැවැත්වෙන ශිෂ්‍යත්වයේ උසස් ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය නුවණ, ශක්තිය හා වාසනාව ලැබේවායි අගලිය මහා විදුහලේ විදුහල්පතිනිය ඇතුළු ආචාර්ය මණ්ඩලය ආශිර්වාද කරමු. 🌸🙏

2026.07.28





🎓 2027 වසර සඳහා 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම..ඔබේ දරුවා 21 වැනි සියවසට ගැළපෙන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීම ගැන ඔ...
27/07/2026

🎓 2027 වසර සඳහා 1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම..

ඔබේ දරුවා 21 වැනි සියවසට ගැළපෙන ගුණාත්මක අධ්‍යාපනයක් ලබා ගැනීම ගැන ඔබ සිහින දකිනවාද?

ගා/අගලිය මහා විද්‍යාල⁣ය වෙතින් ඔබේ දරුවාගේ අනාගතය දීප්තිමත් කිරීමට කදිම අවස්ථාවක්. 21 වන සියවසට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේද ඔස්සේ අපි ඔබේ දරුවාගේ කුසලතා ඔප්නංවන්නෙමු.

අපි ඔබේ දරුවාගේ හැකියාවන් උපරිමයෙන් වර්ධනය කිරීමට සූදානම්.

අපගේ විශේෂත්වයන්:
🖥️සුහුරු පන්තිකාමර ඉගෙනුම
💡 ක්‍රියාකාරකම් පාදක ඉගෙනුම
🤝 පෞරුෂ සංවර්ධනය

✅ ක්‍රීඩා පාදක ඉගෙනීම
✅ක්‍රියාකාරකම් මත පදනම් වූ ඉගෙනීම
✅ අත්දැකීම් මත ඉගෙනීම
✅ තාක්ෂණය සමග ඉගෙනීම
✅චිත්‍ර,ගීත,නැටුම් සහ කතන්දර යොදා ගනිමින් ඉගැනීම

අපි ඔබේ දරුවාගේ අනාගතය සාර්ථක කර ගැනීමට කැප වී සිටින්නෙමු.

​📞වැඩි විස්තර සඳහා අමතන්න:
077 933 8354




✨ ඉගෙනීම පොතකට පමණක් සීමා නොවේ... අත්දැකීමෙන් එය තවත් අගනා වේ. ✨වැලිවිටිය දිවිතුර කොට්ඨාසයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව කඩයිම ...
23/07/2026

✨ ඉගෙනීම පොතකට පමණක් සීමා නොවේ... අත්දැකීමෙන් එය තවත් අගනා වේ. ✨

වැලිවිටිය දිවිතුර කොට්ඨාසයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව කඩයිම ජය ගැනීමේ අරමුණින් 2026 ජූලි 21 සහ 22 යන දෙදින
ගා/ඇත්කඳුර සීවලී විද්‍යාලයේ පැවති පරිසර කඳවුර සාර්ථකව නිමාවට පත් විය.

එහි ගා/අගලිය මහා විද්‍යාලය විසින් නිර්මාණය කළ "මිනිසා හා තොරතුරු" තේමාවට අදාළ ප්‍රදර්ශන කුටිය දරු දැරියන්ට දැනුම, අත්දැකීම් සහ නව අදහස් ලබාදෙන අයුරින් ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීමට අපට හැකි විය.

📸 💻📱⌨️🖥️🖨️📞☎️📮📜📰📢

මෙම කාර්යය සාර්ථක කර ගැනීමට නොමද සහයෝගය ලබාදුන් අප පාසලේ විදුහල්පතිනියට, ආචාර්ය මණ්ඩලයට,දරුවන්ට සහ දෙමාපියන්ට හෘදයාංගම ස්තූතිය පුද කරමු.




🌟 දක්ෂතාවයට වටිනාකමක් එක් කළ ඇගයීමක්...💐පැන්සිස් කුඩාවේ ශිෂ්‍යත්ව පදනම විසින් ගා/අගලිය මහා විදුහලේ සාමාන්‍ය පෙළ විශිෂ්ටය...
23/07/2026

🌟 දක්ෂතාවයට වටිනාකමක් එක් කළ ඇගයීමක්...💐

පැන්සිස් කුඩාවේ ශිෂ්‍යත්ව පදනම විසින් ගා/අගලිය මහා විදුහලේ සාමාන්‍ය පෙළ විශිෂ්ටයන් ඇගයු මෙම අවස්ථාව, ඔවුන්ගේ කැපවීමට ලැබුණු සුන්දර ඇගයීමකි. 👏🏻❤️

අගලිය විදුහලේ අපේ දූ දරුවන්ට සුබ අනාගතයක්! ❤️

📅 2026.07.20






💻✍️ පෑනත්… තාක්ෂණයත්… එක්වූ නව යුගයේ විභාග අත්දැකීමසිව්වන වරටත් පරිගණක තාක්ෂණය උපයෝගී කර ගනිමින් දෙවන වාර විභාගයට මුහුණ ...
15/07/2026

💻✍️ පෑනත්… තාක්ෂණයත්… එක්වූ නව යුගයේ විභාග අත්දැකීම

සිව්වන වරටත් පරිගණක තාක්ෂණය උපයෝගී කර ගනිමින් දෙවන වාර විභාගයට මුහුණ දෙන අපේ දරු දැරියන්. 🌐📚


🎶 **ස්වර රාවයෙන් අගලිය විදු මව්ගේ අභිමානය බැබළවූ අපේ දියණියන්...** 🎶**සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලිය – 2026**ඇල්පිටිය අ...
14/07/2026

🎶 **ස්වර රාවයෙන් අගලිය විදු මව්ගේ අභිමානය බැබළවූ අපේ දියණියන්...** 🎶

**සමස්ත ලංකා පාසල් සංගීත තරඟාවලිය – 2026**
ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ ****දෙවන ස්ථානය** **🥈 හිමිකර ගනිමින් ගා/අගලිය මහා විද්‍යාලයට තවත් අභිමානවත් ජයග්‍රහණයක් එක් කළ,

🌸 **D. M. G. පාරින්දි රමීෂා**
🌸 **K. සදසි ගිහන්සා පාරින්දි**

යන ආදරණීය දියණියන් දෙපළට විද්‍යාලීය මාතාවගේත්, විදුහල්පතිතුමිය ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයේත් හෘදයාංගම සුබපැතුම් හා උණුසුම් ආශිර්වාද පිරිනමන්නෙමු. ❤️👏🏻💐

මෙම විශිෂ්ට ජයග්‍රහණය පිටුපස සිටිමින්, දරුවන්ගේ සහජ සංගීත කුසලතා නිසි අයුරින් ඔප්නංවා, නොපසුබට කැපවීමෙන්, මනා මඟපෙන්වීමෙන් සහ අඛණ්ඩ පුහුණුවෙන් ඔවුන් ජයග්‍රහණය කරා රැගෙන ගිය **සංගීත ආචාර්ය සී. කේ. පේරුසිංහ මහතා** වෙත, විදුහල්පතිතුමිය ඇතුළු **සමස්ත ආචාර්ය මණ්ඩලයේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු. 💐**

අගලිය විදු මව්ගේ අභිමානය තව තවත් බබළවමින්, ඉදිරියටත් මෙවැනි විශිෂ්ට ජයග්‍රහණ රැසක් අත්කර ගැනීමට අපගේ ආදරණීය දරුවන්ට ශක්තිය, ධෛර්යය හා ආශිර්වාදය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 💙🎼💐



Address

Agaliya

80212

Alerts

Be the first to know and let us send you an email when G/Agaliya Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your organization to be the top-listed government service?

Share