Kathaluwa Central College

Kathaluwa Central College

Share

Kathaluwa Central College (Sinhala: කතළුව ජාතික පාසල) Kathaluwa Central College is one of the pioneer schools established in 1956 as a Central Collage.

Ever since, it has become a bright star in Sri Lankan education system.

Photos from Kathaluwa Central College's post 07/12/2025

රුදුරු ජල පහරට හසූ වූ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් කතලුව ජාතික පාසල හා ආදි ශිෂ්‍ය සංගමය විසින් ඔවුන්ට සවියක් වන්නට වියළි ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍යඑක් රැස් කර හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට භාර දෙන ලදී.
ඒ සඳහා සහයෝගය දැක්වූ අවට ප්‍රදේශවාසී සියලුම දෙනාටත් විදේශ ජාතිකයින්ටත් හබරාදුව ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු කාර්‍ය මණ්ඩලයටත් ආදි සිසුන්ටත් නන් අයුරින් සහය දැක්වූ සැමටත් මේ පිං අනුමෝදන් වේවා.....🙏

Photos from Kathaluwa Central College's post 02/12/2025

❤️දකුණෙ අපි බේරුනා...💦
ඔව්....හැබැයි අපි බේරුණා නෙමි බේරුවා....
ස්වභාවදහම දැනගෙන ඉදියා දකුණෙ උන්ගේ ලේ , අනුන්ගෙ දුකේදි කකියනවා කියලා.....😭
ඔව් දැන් අපේ ලේ කකියනවා....🩸
එන්න අසරණ අයට සරණක් වෙන්න, කතළුව ජාතික පාසල හා එහි ආදිශිෂ්‍ය සංගමය සමග අත්වැල් බැදගන්න.🏄
අද දිනයේ මෙන්ම හෙට දිනයේද කතලුව මංසන්ධියේ දී ආධාර ලබා ගන්නා අතර පැමිණීමට නොහැකි අයෙකුට අපගේ ප්‍රචාරක රථය ඔබ අසලට පැමිණෙනු ඇත.පිං කැමති ඔබට එම රථයට ඔබගේ ද්‍රව්‍යමය ආධාර ලබා දිය හැක....
ඔබ සැමට පිං සිදු වේවා....🙏
(ජයාරූප බොහෝ ඇත.)

Photos from Kathaluwa Central College's post 09/10/2025

කතළුව ජාතික පාසලේ වප් පෝය නිමිති කරගනිමින් 07 වන දින සිදු කරන්නට යෙදුණු ධර්ම දේශනය හා මානසික සංවර්ධන වැඩසටහන. ⁣
# මෙහෙයවීම :- ගාල්ල ගලවඩුගොඩ බෝසෙවනාරාමාධිපති, ගුවන්විදුලි හා රූපවාහිනී විචිත්‍ර ධර්ම කථික කර්මවාගාචාර්ය වේරපිටියේ පද්මසීල හිමි.
මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සහාය දුනු සියලුදෙනාටම නිර්වානාවබෝදය සඳහාම මේ පිං හේතුවේවා... 🙏

Photos from Kathaluwa Central College's post 02/10/2025

"ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්න"
2025 ලෝක ළමා දිනය වෙනුවෙන් කතලුව මැදි විදුහලේ ආදරණීය දුවා දරුවන්ට එහි ආදි සිසු සංගමයේ ආරාධනයෙන් "සුභාවී සංසදය" මගින් පිරිනැමුනු ආදරණීය තිලිණයට, විද්‍යාලීයය විදුහල්පතිතුමිය,අධ්‍යයන හා අනධ්‍යයන මණ්ඩලයේ තුති මල් පුදන්නෙමු.....

02/09/2025

වර්ෂ 1979 සිට 1989 දක්වා කතළුව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිව සිටිමින් අමරණීය සේවයක් සිදු කළ පාසල් ගීතයේ නිර්මාතෘ එම්.එම්.ඩබ්.වීරරත්න මහතා අභාවප්‍රාප්ත වූයෙන් ඒ් පිළිබඳ අවසන් කටයුතු සැප්තැම්බර් 03 වන බදාදා දින පස්වරු 5 ට කොග්ගල ආදාහනාගාරයේදී සිදුකෙරේ. දේහය කතළුගොඩ රත්න ශ්‍රී නිවසේ තැම්පත් කර ඇත. එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කර සිටිමු...

17/08/2025

පසුගියදා පැවැති ගාල්ල කලාප ක්‍රීඩා තරඟාවලියේ වයස අවුරුදු 14 න් පහල බාලිකා අංශයේ කඩුලු මතින් දිවීමේ ඉසව්ව ජයග්‍රහණය කරමින් අගෝස්තු මස පැවැත්වෙන පලාත් මලල ක්‍රීඩා තරඟාවලිය සඳහා පාසල නියෝජනය කරමින් තරඟ වදින චමත්කා සස්මි සහන්යා දියණියට විද්‍යාලයේ සුබපැතුම්!!

02/08/2025

49 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වනු ලබන සමස්ත ලංකා ලෙදර් ක්‍රිකට් තරගාවලියේ දකුණු පළාත් ලෙදර් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට තේරීපත් වූ කුලසදී සනුජි දියණියට විද්‍යාලීය උණුසුම් සුබ පැතුම්.🎉️

01/08/2025

🏅උණුසුම් සුබපැතුම් 🏅

16/07/2025

2027 උසස් පෙළ සඳහා මාර්ගගතව අයදුම්කිරීමට පහත සබැඳිය ඔස්සේ යන්න. ඔබ තැපෑලෙන් හෝ ගෙනවිත් භාරදෙන අයදුම්පතෙහි දුරකථන අංකය හා whatsapp අංකය සදහන් කරන්න.
https://forms.gle/EvcxVH1U8phYDx1C8

Photos from Kathaluwa Central College's post 07/07/2025

2025.07.04 දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේ පැවති මහා ක්‍රිකට් තරගය ආරම්භයේ සිට අවසාන දක්වා සිදුකරන ලද සියලුම කටයුතු සාර්ථකව නිම කිරීම සදහා සහයෝගය දැක්වූ සියලු දෙනාටම විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ස්තුතිය පුදකරන්නෙමු.

Photos from Kathaluwa Central College's post 04/07/2025

Brotherhood Encounter 2025" ක්‍රිකට් තරගය සදහා ක්‍රිඩකයන්ට අවශ්‍ය නිල ඇදුම් සදහා පාසල් ආදිශිෂ්‍ය Hotel Dream Sea View අධිපති ජානක වීරක්කොඩි මහතා පූර්ණ අනුග්‍රාහකත්වය ලබාදුන් අතර එම ඇදුම් විදුහල්පතිතුමිය,ක්‍රිකට් භාර ආචාර්ය හා කණ්ඩායම් නායකයා වෙත සංකේතාත්මකව ලබා දෙන ලදී.

Want your business to be the top-listed Government Service in Ahangama?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address


Vidyala Mawatha, Kathaluwa
Ahangama
080650

Opening Hours

Monday 07:30 - 13:30
Tuesday 07:30 - 13:30
Wednesday 07:30 - 13:30
Thursday 07:30 - 13:30
Friday 07:30 - 13:30