17/04/2025
AKurana Pradeshiya Sabha
“ ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම පළාත් පාලන ආයතනය බවට පත්වීම”
17/04/2025
11/10/2024
මහනුවර ඒ-9 ප්‍රධාන මාර්ගයේ අකුරණ, මාතලේ පාර, අංක: 178/3 (පැරණි මිලානෝ බේකර්ස් ඉදිරිපිට) අනවසරයෙන් ඉදිකර ඇති තෙමහල් ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම (එක් මහලක වර්ගඵලය - ව.මි.242)
20/06/2024
ඔබ සැමට ආරාධනා......
30/05/2024
2024 වෙසක් සතිය- දිප්පිටිය පෙරපාසල
========================
වෙසක් උත්සවයට සමගාමිව අකුරණ ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන දිප්පිටිය පෙර පාසලේ වෙසක් පහන් කුඩු ප්‍රදර්ශනයක් සහ සීල භාවනා වැඩසටහනක් 2024/05/21 සහ 2024/05/22 යන දෙදින තුල පවත්වන ලදී.
මෙම වැඩසටහන සදහා වැඩමවා වදාළ පුජ්‍ය ජයන්තිපුර විමලරතන හිමියන්ට නමස්කාර පුර්වක ස්තුතිය පුද කර සිටිමු.
තවද, මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා දායකත්වය දැක්වූ දිප්පිටිය පෙරපාසලේ දුවාදරුවන්ට සහ එම දරුවන්ගේ දෙමාපියන්ටද ස්තුතිය පුද කර සිටිමු.
2024 Vesak week- preschool Dippiya
========================
A Vesak lantern exhibition and seela meditation program at Dippitiya pre school governed by Akurana Pradeshiya Sabha in connection with the Vesak festival was organized on two days 2024/05/21 and 2024/05/22.
We are thanking Vimalarathna thero of Jayanthipura who has grown up for this program.
Also, we would like to thank the Dippitiya preschool children and the parents of those children who contributed to making this program a success.
29/05/2024
වෙසක් සතිය 2024- ගැබ්පෙළහර වැඩසටහන
==========================
2024 වෙසක් උත්සවයට සමගාමිව ගැබිණි මව්වරුන් සදහා ආධ්‍යාත්මික මෙන්ම ධනාත්මක චින්තනය ඉහල නැංවීමේ වැඩසටහනක් සහ දිවා ආහාර ලබා දීමේ වැඩසටහනක් 2024/05/28 දින අකුරණ ප්‍රාදේශීය සභාවේදී පවත්වන ලදී.
මේ සදහා වැඩමවා වදාළ රාජකීය පණ්ඩිත දර්ශනපති ශ්‍රී සද්ධානන්ද මහා පිරිවෙනෙහි උප පරිවේනාධිපති පුජ්‍ය වැහිගල සාරධ හිමියන්ට නමස්කාර පූර්වක ස්තුතිය පුදකර සිටින්නෙමු.
තවද, කටුගස්තොට මානසික වෛද්‍ය ඒකකයේ වෛද්‍ය මෙත්සිරි හේරත් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත්
අකුරණ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත්
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා නන්අයුරින් සහය දැක්වූ සියලු දෙනාටත් අපගේ හදපිරි ස්තුතිය පිරිනමන්නෙමු
තවද, මෙම වැඩසටහන සදහා සහභාගී වූ සියලුම ගැබිණි මව්වරුන්ට නිරෝගී දරු සම්පතක් දැයට දායාද කිරීම සදහා මෙම වැඩසටහන උපකාරයක් වේවා..
Vesak Week 2024
==========================
In connection with the 2024 Vesak festival, a spiritual and positive thinking boosting program and lunch distribution for pregnant mothers was held at Akurana Pradeshiya Sabha on 2024/05/28
We are giving thanks to Vahigala Saradha thero, Deputy Inspector of the Royal Panditha, Sri Saddhananda Maha Pirivena, who has grown up for this.
Also, to the staff including Dr. Methsiri Herath of Katugastota Psychiatric Unit
Akurana provincial health medical officer and staff
We extend our heartfelt thanks to all those who supported to make this program success.
Also, may this program help all the pregnant mothers who participated in this program to donate a healthy child to the nation..
29/05/2024
ලෝක කාන්තා දින සැමරුම -2024
====================
ලෝක කාන්තා දිනයට සමගාමිව අකුරණ ප්‍රාදේශීය සභාව විසින් සංවිධානය කරන ලද රැකියා විරහිත කාන්තාවන්ගේ ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම සදහා ස්වයං රැකියාවක් වශයෙන් බිම්මල් වගාව හදුන්වාදීම පිළිබද ප්‍රයෝගික පුහුණු වැඩමුළුව 2024/03/28 වන දින පවත්වන ලදී.
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා සහයෝගය ලබා දුන් අකුරණ ප්‍රාදේශීය ලේකම්තුමියටත් සම්පත් දායකත්වය ලබා දුන් ප්‍රභා හේරත් මහත්මියටත් මේ සදහා සහභාගී වූ ප්‍රදේශවාසී කාන්තා ඔබ සැමටත් අපගේ හදපිරි ස්තුතිය පුදකර සිටින්නෙමු.
World Women's Day Celebration -2024
===========================
Practical training workshop on introduction of mushroom cultivation as self-employed to promote the economy of unemployed women organized by Akurana Pradeshiya Sabha on 2024/03/28
We extend our heartfelt thanks to Akurana Divisional Secretary who helped to make this program a success, Mrs. Prabha Herath who contributed resources and all the local women who participated in this.
16/04/2024
සාමය සතුට සපිරි සෞභාග්‍යමත් සිංහල සහ හින්දු සුබ නව වසරක් වේවා!
Wish You A Peaceful, Happy And Prosperous Sinhala and Tamil New Year!
10/04/2024
2024 සිංහල හින්දු අලුත් අවූරුද්ද නිමිත්තෙන් දීගල සහ දිප්පිටිය පෙරපාසල් දරුවන් විසින් දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් ඉදිරිපත් කරන ලද බක්මහ පොළ සහ අලුත් අවරුදු චාරිත්‍ර ඇතුලත් බක්මහ උළෙල
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Website
Address
Alawatugoda
