02/04/2026
විදුලි වාහන ආරෝපණය (EV Charging) දහවල් කාලයේදී සිදු කරමු. සූර්ය බලශක්තියෙන් රටම බලගන්වමු.☀️🔌
மின்சார வாகன மின்னேற்றத்தை (EV Charging) பகல் நேரங்களில் மேற்கொள்வோம். சூரிய சக்தியால் முழு நாட்டையும் வலுப்படுத்துவோம். ☀️🔌
05/12/2025
ගං වතුරෙන් ආපදාවට ලක් වුනු ප්‍රදේශ වල ඉසීමට ඇති ලිං සම්බණ්ධ තොරතුරු පහත සදහන් දුරකතන අංක ඔස්සේ අලව්ව ප්‍රාදේශීය සභාව වෙත දැනුම් දෙන මෙන් කාරුණිකව දන්වමි.
එමෙන්ම ආපදාවට ලක්වුනු ප්‍රදේශ වල ගමන් කිරීමට නොහැකි අබලන් වූ මාර්ග, බෝක්කු, පාලම් ඇත්නම් පහත සදහන් දුරකතන අංක ඔස්සේ අමතා දැනුම් දෙන මෙන් කාරුණිකව දන්වා සිටිමී.
අලව්ව ප්‍රාදේශීය සභාව - 0372278175
සභාපති - (071) 824 0181
උප සභාපති - (070) 193 1320
ලේකම් - (71) 805 2084
වැඩ අධිකාරී. - (71) 830 0002
තාක්ෂණ නිළධාරී. - (71) 111 1853
විෂය නිළධාරී. ඉන්දු- (076) 118 6718
මහේෂා- (70) 428 7854
ඉරේෂා - (76) 369 6712
එරංගා - (077) 0198189
19/09/2025
“පුනරුදයේ පුරවර” 2025
සාහිත්‍ය අධ්‍යාපන හා පුස්තකාල ප්‍රවර්ධන දිනය තේමා කරගනිමින් අලව්ව මහජන පුස්තකාලය මගින් රතනාලංකාර මහ විද්‍යාලයේ 10 ශ්‍රේණියේ දූ දරුවන් වෙනුවෙන් පවත්වන ලද ගද්‍ය රචනා,චිත්‍ර,නිසදැස් හා පද්‍ය නිර්මාණ තරඟාවලිය 2025/09/19 වන අද දිනයේදී සාර්ථකව අවසන් කරන ලදී…
19/09/2025
"පුනරුදයේ පුරවරය පලාත් පාලන සතිය -2025"
සාහිත්‍යය අධ්‍යාපන හා පුස්තකාල ප්‍රවර්ධන දිනයට සමගාමිව බෝයවලාන මහජන පුස්තකාලය හා පාඨක සමාජය හා එක්ව සංවිධානය කල සරුංගල් සැණකෙළිය..
18/09/2025
පුනරුදයේ පුරවරය පලාත් පාලන සතිය -2025
සාහිත්‍යය අධ්‍යාපන හා පුස්තකාල ප්‍රවර්ධන දිනය 2025/09/19 දිනට සමගාමිව අලව්ව ප්‍රාදේශීය සභාවේ මහරච්චිමුල්ල මහජන පුස්තකාලයේ පාඨක සමාජය හා එක්ව කන්දේගෙදර මහා විද්‍යාලයේ 05 ශ්‍රේණියේ දරුවන් සදහා පෝස්ටර් නිර්මාණ තරගයක්ද, 10 වන ශ්‍රේණියේ දරුවන් සදහා මත්ද්‍රව්‍ය උවදුර හා වත්මන් සමාජය යන මැයෙන් රචනා තරගාවලියක්ද අද දින සිදුකරන ලදි.
18/09/2025
පුනරුදයේ පුරවර 2025
ආදායම් ප්‍රවර්ධන දිනය සාර්ථකව අවසන් කරන ලදී..