Ape Lamai - අපේ ළමයි - Our Kids

Ape Lamai - අපේ ළමයි - Our Kids

Share

OurKids - අපේ ළමයි
An organization for special-needs children

Photos from Leo Club of Thalangama - Malabe's post 04/01/2026
30/11/2025

වැඩක් නොකරන කාලකන්ණි වැඩ කරන නිළධාරින්ට වද දීල ගන්න ආතල් වලට හෙනම ගහපන්..

30/11/2025

මුලු මහත් ලංකාවට ම බලපාන ලෙස මතු වූ ස්වභාවික ආපදා තත්වය මත අපේ ළමයි නේවාසික දරුවන් ආරක්ෂිතව සිටින බව ඉතාමත් සතුටින් දැනුම් දෙන්නෙමු.

සිදු වී ඇති තත්වය යටතේ අපගේ හිතවත් දායක කණ්ඩායම්ද ආපදා තත්වයන් හේතුවෙන් අපහසුතාවන්ට ලක්ව ඇත, එබැවින් මේ වන විට නේවාසික දරුවන් සදහා වියළි ආහාර ද්‍රව්‍යයන් මෙන්ම අත්‍යාවශ්‍ය ඖෂධ ආදිය ලබා දිය හැකි අයෙක් වේ නම් 0776273534 යන අංකයෙන් කළමණාකරු සම්බන්ධ කරගන්න.

05/10/2025
05/10/2025

2025 ලෝක ගුරු දිනය අරමුණු කරගෙන 2025.10.03 දින සිදු කළ විශේෂ වැඩසටහන

Photos from Ape Lamai - අපේ ළමයි - Our Kids's post 03/10/2025

ආදරණීය කළමණාකාරතුමන් ප්‍රමුඛ ගුරු මඩුල්ලට ඇගයුම් පිණිස
ලෝක ගුරු දින සැමරුම - 2025 -

දෙමාපිය සංවිධානය වෙතින් පතන්නේ ඔබ සැම නිදුක් නිරෝගී සුව සපිරි ශක්තිමත්ව සදා රැදේවා යන ප්‍රාර්ථනයයි 🙏🏻❤️

Photos from Ape Lamai - අපේ ළමයි - Our Kids's post 01/10/2025

බප/මිනු/ අපේ ළමයි විශේෂ පාසලේ ලෝක ළමා දින සැමරුම.

බප/මිනු/ හල්පේ ඒකනායක කණිෂ්ට විද්‍යාලීය 7 සහ 8 ශ්‍රේණි සිසුන් ප්‍රමුඛ ගුරු මණ්ඩලයේ සහ ගිරිඋල්ල හමංගල්ල නැණස පෙර පාසලේ ගුරු සිසු කණ්ඩායම සමඟ ලෝක ළමා දින සැමරුමට සම්බන්ධ විය. අප සමඟ එක් වූ ඔබ සැමට හෘදයාංගම ස්තුතිය 🙏🏻❤️

Photos from Ape Lamai - අපේ ළමයි - Our Kids's post 30/09/2025

අපේ ළමයි සංවිධානයේ ආරම්භයේ පටන් මේතාක් කල් අප හා රැදෙමින් අප සංවිධානයේ භාණ්ඩාගාරිකධූරය හෙබවූ, විමලා මහත්මිය ( මංගලා දියණියගේ මව) හදිසි අනතුරක් හේතුවෙන් අවසන් ගමන් යන්නට යෙදුණි, එතුමියට අමා මහ නිවනින් සැනසීම ලැබේවා!!!

අපේ ළමයි සංවිධානයේ සාතිශය සංවේගය ප්‍රකාශ කර සිටිමු.

26/05/2025

අම්මා ලැජ්ජයි දරුවන්ට පේන්න
තාත්තා ව සිප ගන්න
තාත්තා කවමදාවත්
දරුවො ඉස්සරහා අකමැතියි
අම්මව තුරුළු කර ගන්න...

හැබැයි ඔය දෙන්න
දරුවො ඉස්සරහා රංඩු කරන්න
චුට්ටක් ලැජ්ජවත්
අකමැති වත් නෑ.....

පවුල ඇතුලෙ
සමඟියයි දරුවොන්ට පේන්න ඕන ..

වචනෙන් නෙමෙයි
ක්‍රියාවෙනුයි ඒක දකින්න ඕන ..

එතකොට දරුවො පවුලට ආදරය කරනවා
දරුවො පවුල කියන දේ ගැන
වැටහුමක් ලැබෙනවා...

නිදි යහන පමණක් නෙමෙයි
කුස්සියේ වැඩ ඉදන්
දෙමව්පියන් සමඟියෙන් කරන කොට
දරුවො ත් ඒ දේවල් වලට
ඉබේම පුරුදු වෙනවා...

දරුවො දැනුම ලබන්න
පාසලෙන් උනාට
හොඳ නරක කියා දීම
ඒවාට හුරු කිරීම
ගෙදරිනුයි කල යුත්තෙ....

පවුලක වටිනාකම කියා දෙන්න
පවුල රැක ගතයුතු ආකාරය
දරුවන්ට දැකීමට ඉඩ හරින්න...

හොඳම දරුවන්
ඔබේ දරුවන් ය...

ඔවුන්ව නිර්මාණය කිරීම
ඔබ සතුය.......

Want your business to be the top-listed Government Service in Ambepussa?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Botale
Ambepussa

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00
Saturday 09:00 - 14:00
Sunday 09:00 - 14:00