Vocational Training Center, Ampara

Vocational Training Center, Ampara

Share

Place to Educate and Training to buildup Career Guidance

Photos from Vocational Training Center, Ampara's post 14/12/2025

2025/12/12
අම්පාර වෘත්තීය පුහුණු අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ලෙස මහනුවර සිට අම්පාරට පැමිණ තම වෘත්තියෙන් ඔබ්බට ගොස් තමන්ගේ පෞද්ගලික ජීවිතය පවා නොතකා වැඩ ආවරණ සහකාර අධ්‍යක්ෂක ලෙස වසර 11 න් අවුරුදු හතරක්ම පුහුණු නිලධාරී වැටුපක් ලබා අප ආයතනය වෙනුවෙන් කල ඔබ කල සේවය අපරිමානයි 🙏ඔබ තුමන්ගේ උපන් දිනය යෙදෙන මේ සුභ දිනයේම ඔබ තුමන්ගේ ස්ථාන මාරුව සිදු වූ දිනයද වීමද අප හට මහත් කනගාටුවකි.කව්රු කොහොම මොන කතා කිව්වත් සිංහල කාර්ය මණ්ඩලය සහ දරුවන් වෙනුවෙන් ඔබ සිදු කල මෙහෙය අපරිමානය.
මෙම Facebook ගිණුම ආරම්භ කලේ ඔබ තුමන්ගේ ආගමනයෙන් මෙන්ම මෙම Face book ගිණුම අවසන් කරන්නේද ඔබතුමන්ගේ සමුගැනීමත් සමගය.නින්දවූර් දිස්ත්‍රික් මධ්‍යස්ථානයෙහි Facebook ගිණුමක් පවතින බැවින් අම්පාර සිංහල මාධ්‍ය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය නින්දවූර් මධ්‍යස්ථානය හා ඒකාබද්ධ කර අම්පාරට නියෝජ්‍ය අධ්‍යක්ෂ නලීම් මහතා පත් කර ඇති හෙයින් දැන් එකම Facebook ගිණුමක් ප්‍රමාණවත් යැයි සිතමි.එහෙයින් වැඩ ආවරණ සහකාර අධ්‍යක්ෂ තුමන්ගේ යෝජනාවක් අනුව ඇති කරන ලද මෙම ගිණුම එතුමන්ගේ නික්මීම සමග අවසන් කරමි.
මෙතෙක් කාලයක් අප හා තබා ගත් විශ්වාසය ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට අප බැදී සිටිමු.
ස්තූතියි 🙏
Admin

12/12/2025

අම්පාර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ තුමන්ට සුභම සුභ උපන් දිනයක් වේවා!!!

Photos from Vocational Training Center, Ampara's post 26/11/2025

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ගරු සභාපති තුමන්ගේ මග පෙන්වීම යටතේ අම්පාර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ තුමන්ගේ මෙහෙයවීම යටතේ 2025.11.24 දින අම්පාර සිංහල මාධ්‍ය මධ්‍යස්ථාන ජාලයම ආවරණය වන පරිදි කාර්ය මණ්ඩලයේ සියලුම දෙනා සහභාගි වී අපේ දුවා දරුවන්ද සමග දැඩි කැපවීමකින් යුතුව අධික වර්ෂාව මධ්‍යයේ සිදුකල මෙම ප්‍රවර්ධන වැඩසටහන ඉතාසාර්ථක අන්දමින් නිමා විය...සහභාගී වූ සියළුම දෙනාට ස්තූතියි 🙏

ආවරණය කරන ලද පාසල් -
1. උහන මහා විද්‍යාලය
2. D.S.සේනානායක ජාතික පාසල
3. බණ්ඩාරනායක බාලිකා ජාතාක පාසල
4. සද්ධාතිස්ස ජාතික පාසල
5. දමන මහා විද්‍යාලය
6. උහන මහා විද්‍යාලය
7.මහඔය සේරන්කඩ මධ්‍ය මහා විද්‍යාලය

Photos from Vocational Training Center, Ampara's post 05/07/2025

අම්පාර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ Clean Srilanka ශ්‍රම මෙහෙයුම සනිටුහන් කරමින්...

12/12/2024

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ අම්පාර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ කමල් චන්දන බණ්ඩාර මහතාට සුභම සුභ උපන් දිනයක් වේවා!!! සෙංකඩගල පුරවරයේ සිට දිගාමඩුල්ලට පැමිණ අම්පාර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ දුවා දරුවන් වෙනුවෙන් සිදු කරන මෙහෙය,කැප කිරීම් ප්‍රශංසනීයයි.දීර්ඝායු වේවා!!!

Photos from Vocational Training Center, Ampara's post 12/12/2024

අම්පාර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ පාඨමාලා සදහා බදවා ගැනීම් දැන් සිදු කෙරේ.

26/08/2024

අම්පාර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ජානක කුමාරසිංහ මහතාගේ දියණිය වෙනුවෙන් පැවැත්වෙන ආශිර්වාද බෝධි පූජාව අම්පාර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ සිසු දරු දැරියන්ගේ හා කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2024/08/26 (අද දින ) අම්පාර මහාවාපී විහාරයේදී පැවැත්වේ.එම දියණියට ඔබගේ ආශිර්වාදය ලබා දීමට අද උදෑසන 8.30 වන විට අම්පාර මහාවාපී මහා විහාරයට පැමිණෙන්න🙏🙏🙏

Photos from Vocational Training Center, Ampara's post 17/08/2024

තරුණ දිනය නිමිත්තෙන් මහජන බැංකුව හා අම්පාර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හා එක්ව ලබා දුන් සිසිල් පැන් දන්සල....

16/08/2024

වසර 15ක් පුරා වෘත්තීය පුහුණු අධිකාරියේ සම්මන්තුර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ Auto Mobile උපදේශක වරයෙක් ලෙස සේවය කල හදිසියේ අප අතරින් වියෝ වූ සහෝදර ෆෙරෝස්...ඔබට නිවන්සුව ලැබේවා!!!

Photos from Vocational Training Center, Ampara's post 05/07/2024

ඉක්මනින් ලියාපදිංචි වෙන්න..අම්පාර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය වෙත හැකි ඉක්මනින්ම එන්න...

Photos from Vocational Training Center, Ampara's post 19/06/2024

පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ ඇරයුමින් සිසුන් බදවා ගැනීම සදහා පාඨමාලා පිලිබද දැනුවත් කිරීමේ ⁣වැඩ සටහන අද දින කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේදී පැවැත් විය.මේ සදහා VTA ආයතනයට අමතරව NAITA, Youth, හාඩි ආතනය, Rathna Construction ආයතනය, සර්වෝදය ආයතනය සහභාගී වන ලදි.මෙම වැඩ සටහන සාර්ථකවපැවැත් වූ පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී ආරි මහතාට වි⁣ශේෂ ස්තූතිය🙏🙏🙏

Photos from Vocational Training Center, Ampara's post 17/06/2024

පරිසරය සතියෙ තවත් දවසක් 🥰

Want your business to be the top-listed Government Service in Ampara?

Click here to claim your Sponsored Listing.

Location

Address


Uhana Road
Ampara
32000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00