Digamadulu Handa දිගාමඩුලු හඩ සන්විධානය

Digamadulu Handa                     දිගාමඩුලු හඩ සන්විධානය

Share

දිගාමඩුල්ලට නව අලෝකයක්.....

26/06/2021

දේශපාලනය වගේ නීරස මාතෘකා ගැන ලියන්න කිසිම ආසාවක් නැති උනත් නොලිය ඉන්න බැරි මට්ටමකට පත් වෙමිනුයි යන්නේ. ඒ නිසාම දෙයක් ලියන්න හිතුවා.
දැන් අපි හැටනව ලක්ශය තමා මේවට වගකියන්න ඕනා වගේ කතා කියනවනේ. අපි ආණ්ඩුවට ජන්දෙ දීපු සමහරුන්ගෙන් අහනවනේ දැන් සැපද කියලා.. මමනං කියන්නෙ ඒක හරිම පහත් වැඩක් කියලා. මොකද ඕනම මිනිහෙක් තමුන්ගෙ ජන්දෙ කාටහරි දෙන්නෙ මොකක්ම හරි බලාපොරොත්තුවක් හිතේ තියන්. ඉස්සෙල්ලා අපි ඒක තේරුම් ගන්න ඕනේ.
පහුගිය ජනාධිපතිවරණයේදි මම ජා.ජ.බ. කැන්වසින් ගියා. අපි ගෙයක් ගෙයක් ගානේ හැතැම්ම ගණන් ඇවිද්දා. ඒ මොකක්වත් ජොබ් කට්ටක් හොයාගන්නවත් අරක්කු කාලකටවත් නැත්තන් වෙන මොකක් හරි රුදාවකටවත් නෙවේ. මට මම ඉපදුනු මහපොළොව ගැන සිහිනයක් තියනවා. බලාපොරොත්තුවක් තියනවා. අන්න ඒ නිසා.

ඒ ගිය ගෙවල්වලින් බහුතරයක් මිනිස්සු අපෙන් ඇහුවෙ "ඔයාලගෙ අධ්‍යාපන ප්‍රතිපත්ති මොනවද ?" , "ඔයාලගෙ කෘෂිකර්මය සම්බන්ධ වැඩපිළිවෙළ මොකක්ද ?", "ඔයාලා විදේශ කටයුතුවලදි අනුගමනය කරන්නෙ මොනවගේ ප්‍රතිපත්තියක් ද ?" වගේ දේවල් නෙවේ.
බාගෙට බාගයක්ම මිනිස්සු අපෙන් ඇහුවෙ "ඔයාලා මොනාද අපිට දෙන්නෙ ?" කියන ප්‍රශ්නෙ. එහෙම නැත්තන් එයාලගෙ පාර කොන්ක්‍රීට් කරලා දෙන්න කියලා, එහෙම නැත්තන් අවුරුද්දකට සැරයක් පොඩි වැස්සටත් ගෙවල් යටවෙනවා ඒකට විසඳුමක් දෙන්න කියලා, එහෙම නැත්තන් ගෙදර කාටහරි පිළිකාවක්, වකුගඩු අමාරුවක් ඒකට විසඳුමක් දෙන්න කියලා.

අපේ රටේ මිනිස්සුන්ට තියෙන්නෙ හරිම පුංචි ප්‍රශ්න ටිකක්. හැබැයි දුක කියන්නෙ ඒ මිනිස්සු තමුන්ගෙ මුළු ජීවිතකාලෙම දිය කරන්නෙ අන්න ඒ පුංචි පුංචි ප්‍රශ්නවලට උත්තර හොයන්න කියලා. රටේ බහුතරේකටම ඒ ජීවිත කාලෙත් මදී ඒවට විසඳුම් හොයන්න.

ඊයේ හවස තේ බොන ගමන් අපේ අම්මයි, මායි පොඩ්ඩක් කතා කර කර හිටියා.
අපේ අම්මා නිතරම හිතන දේවල් ටිකක් තමා රත්තරන් බඩුවල පොලී ගෙවන්නෙ කොහොමද ? ලෝන්වල පොලී ගෙවන්නෙ කොහොමද ? බයික්වල, ත්‍රීවිල්වල ෆිනෑන්ස් ගෙවන්නෙ කොහොමද ? වතුර බිල් ලයිට් බිල් අර බිල් මේ බිල් ගෙවන්නෙ කොහොමද ? හෙට අපිට කන්න දෙන්නේ මොනවද ? හදිස්සියක් උනොත් වියදම් කරන්නෙ මොනවද ? වගේ දේවල්.
ඉතින් අපේ අම්මා නිතරම ඉන්නෙ අසතුටින්. හැමවෙලේම ඔලුවෙ ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න. මුළු දවසම හිතන්නෙ කල්පනා කරන්නෙ ප්‍රශ්න ගැන. ඒවා ගැන හිතලා හිතලම අපේ අම්මලා දුර්වල වෙනවා, ලෙඩ වෙනවා, දිරාපත් වෙනවා, වයසට කලින් වයසට යනවා, අන්තිමේ ඇඳට වැටෙනවා, ඔහේ මැරිලා යනවා.
මගෙ අම්මා විතරක් නෙවේ මේ රටේ බහුතරකගෙම අම්මලා ඉන්නෙ ඔය තත්ත්වෙ. තාත්තලත් එසේමයි. උඹළට හිතෙන්නැද්ද ඇයි මෙහෙම වෙන්නෙ කියලා. මෙහෙම කාලකණ්ණි ජීවිතයක් ලබන එක මේ රටේ මිනිස්සුන්ට අනිවාර්ය ද ?
මම අම්මට කිව්වා. "අම්මේ අපේ රටේ මිනිස්සු හැමෝම ඔයා හිතන දේවල් හිතන නිසාම වෙන්නැතිනේ මේ රටේ මිනිස්සු අර සතුටෙන් ඉන්න රටවල් දර්ශකේ පහළින් ඉන්නේ." කියලා.
එතකොට අම්මා කිව්වා "ඩුබායිවලනං ඔහොම නෑ. ඒ මිනිස්සු කන්න පැය කාලකට කලිනුයි කන දේ හිතන්නේ. එවෙලේ ගත්තා. එවෙලේ කෑවා."

ඒකට අපේ රටේ මිනිස්සු. හෙට කන එක ගැන අද හිතනවා. අනිද්දට කන එක ගැන හෙට හිතනවා. ලබන මාසෙ කන එක ගැන මේ මාසෙ හිතනවා. ඇයි බං එහෙම ? මොන ජීවිතද මේ රටේ උන් ගෙවන්නේ කියලා උඹලට හිතෙන්නැද්ද ? මොන කාලකණ්ණි ජීවිතද මේ රාජ්‍යයෙන් අපිට උරුම කරවලා තියෙන්නෙ ?

එතකොට මේ වගේ වසංගතයක් ආවහම වෙන රටවලට හිතන්න තියෙන්නෙ ඒ වසංගතේ ගැන විතරයි.
ඒත් අපිට ? අපිට තියෙන්නේ එක ප්‍රශ්නෙද ? ඇත්තටම අපි කවද්ද මේවාවලින් නිදහස් වෙන්නේ ? කොටින්ම කවද්ද අපි ජීවත් වෙන්නේ ? මේ රට අතැරලා යන්න කියලා කිව්වට හැමඑකාටම මේ රට අතැරලා යන්න පුළුවන්ද ? මේ රටේ ඉන්නෙ මිනිස්සු නෙවෙයිද ?

මාලිමාවට ජන්දෙ දුන්නු මගෙ අම්මගෙ ඔලුවෙ තියන ප්‍රශ්න කන්දරාවමයි, පොහොට්ටුවට ජන්දෙ දුන්නු මගෙ යාළුවන්ගෙ අම්මලගෙ ඔලුවලත් තියෙන්නේ. මේ රාජ්‍යයේ අසමත්කම්වලින් හෙම්බත් වෙලා ඉන්නේ මේ රටේ මිනිස්සු මිසක් එක ජාතියකටවත්, එක ආගමකටවත්, එක පක්ශෙකටවත් අයිති උන් නෙවේ. මේ ප්‍රශ්නවල ජාතියක් ජම්මයක් පක්ශයක් නෑ. ඕක මං හොඳටම ඉගෙන ගත්තෙ මහරගම පිළිකා රෝහලේදි. අපේ සිංහල තාත්‍තා වගේම ඉස්සරහා ඇඳේ උන්නු මොහොමඩ්ගෙ තාත්තත් පණ අදිනවා මං මගෙ ඇස් දෙකෙන්ම දැක්කා. මගෙ සිංහල තාත්තට දුන්නු ලේමයි, ඒ මුස්ලිම් තාත්තට දුන්නෙත්. මට වගේම මොහොමඩ්ටත් නිදාගන්න ඇදවල් තිබ්බෙ නෑ. මොහොමඩුයි මායි දෙන්නම නිදාගත්තෙ මහරගම ඉස්පිරිතාලෙ ටයිල් පොළොවෙ. මම දැක්කා මොහොමඩ්ගෙ අම්මත් අපේ අම්මා වගේම ඒ තාත්තා ළඟ අඬනවා. හැමදාම කෑම අරන් එනවා. ඇවිත් ආදරෙන් කවනවා.
ඒ විතරක් නෙවේ කෝවිල් යන සංදේශ් කියලා පුංචි කොල්ලෙකුත් අපිත් එක්ක තාත්තා ළඟ නිදි මැරුවා.
සිංහල දෙමල මුස්ලිම්, පොහොට්ටු අලි මාලිමා, කොළඹ යාපනේ නුවර ගාල්ලේ, මේ අපි ඔක්කොම කන්නෙ එකම පරිප්පුවක් බං.

අනිත් එක බලපන් උඹලා අපි ට්‍රිප් එකක් යන්න, පාටියක් දාන්න කොච්චර ප්ලෑන් ගහනවද කියලා. සමහරවිට අවුරුද්දටම එක දවසක් තමා විනෝද වෙන්නේ. නත්තලට හරි, අවුරුද්දට හරි මොකකට හරි. මේ රටේ මිනිස්සුන්ට විනෝද වෙනවා සතුටු වෙනවා කියන්නේ ඒ තරමට විශේෂ අවස්ථාවක්. මොකද ඒ තරම් කලාතුරකින් තමා ඒක එන්නේ. අපි අවුරුද්දක්ම කබුරලා කබුරලා තමා පොඩි ට්‍රිප් එකක් යාගන්නේ. කොටින්ම අපිට වඩා වෙන රටවල මිනිස්සු මේ රටේ ඇවිදලා තියනවා. ඇයි එහෙම වෙන්නෙ කියලා උඹලා නිකමට හිතලා නැද්ද ?
අනිත් එක බලපන් මේ රටේ මොන අංශෙ ද දියුණු කියලා. අඩුගානේ ඉස්සර අපිට පොඩි හරි සතුටක් ගෙනල්ලා දීපු ක්‍රිකට්වත් අද අපිට ඉතුරු වෙලා තියනවද ?
ආර්ථිකය විනාසයි, කෘෂිකර්මය විනාසයි, කර්මාන්ත විනාසයි, ක්‍රීඩාව විනාසයි, නීතියක් නෑ. ධර්මයක් නෑ, යුක්තියක් නෑ, කලාව කියලා එකක් නෑ, මාධ්‍ය නාළිකා නෑ, සංස්කෘතික මිනිස්සු නෑ, පරිසරයක් නෑ, ගහ කොළ ටික නෑ, පිරිසිදු වතුර ටිකක් නෑ, පිරිසිදු කෑම නෑ.
ඒ මදිවට ගෙයක් ගෙයක් ගානේ පිළිකා ලෙඩ්ඩුයි, වකුගඩු ලෙඩ්ඩුයි. මිනිස්සු හතර වටේටම ණය වෙලා.
මොකද්ද බං මේ රටට වෙලා තියෙන්නේ ?
මේක තනිකරම හැම අතින්ම අසමත්ම අසමත් රාජ්‍යයක් වෙලා. වෙලා නෙවේ අසමත් රාජ්‍යයක් කරලා.

සසර වසන තුරු නිවන් දකින තුරු මේ රන් දෙරණෙනං මගෙ හතුරෙක්වත් ඉපදෙන්නෙ එපා කියලයි මමනං ප්‍රාර්ථනා කරන්නෙ. හතුරෙක් නෙවේ අඩුගානෙ සතෙක් සර්පයෙක්ටවත් මේ දූපත සුදුසු තැනක් නොවීගෙනයි යන්නෙ.
අපි හැමදාම එකම තැනක පැටලි පැටලි විඳෝනවා.
මොකක් හරි බලාපොරොත්තුවක් හිතේ තියන් මේ රටේ අහිංසක, අසරණ මිනිස්සු දීපු ජන්දවලින් පත්වෙලා, ඒ මිනිස්සුම හාල් ඇටේ ඉඳන් ගෙවපු බදුවලින් ජීවත්වෙලා ඒ මදිවට ඒවාවලින් හොරාකාලා, වංචා කරලා, කොමිස් ගහලා, විනෝද වෙන මේ නරුම, අසික්කිත, අධම පාලකයොයි, උන්ට ඒවට මාර්ගෙ එලිපෙහෙලි කරලා දෙන අමන පැවිද්දොයි, ජඩ නාළිකායි මේ සේරමල්ලා මේවට වගකියන්න ඕනේ.

මිනිස්සු අසරණයි. උන්ට තියෙන්නෙ අවම ජීවත්වීමේ ප්‍රශ්න ටිකක්. පාලකයො හැමදාම නඩත්තු වෙන්නෙ ඒ ප්‍රශ්නවලට කෙටිකාලින උත්තර දීලා. ඉතින් මිනිස්සු පාවිච්චි වෙනවා. උන් උන්ගෙ ජීවිත කාලෙම දිය කරලා දාන්නෙ ඔය පුංචි පුංචි ප්‍රශ්න ටිකකට උත්තර හොයන්න. අර අසික්කිතයෝ රංචුව අපි ළඟ තමා උත්තරේ තියෙන්නේ කිය කියා උන්ව අන්ඳනවා. හැමදාම අන්ඳනවා.

04/08/2020

හෙට උදෑසනම ඡන්ද පොලට ගොස් පොහොට්ටුව ලකුණ ඉදිරියෙන් එක් කතිරයක්ගසා මනාප අන්ක 3x 4x 5 x🌷මත ලකුණු කොට ඓතිහාසික ගෞරවාන්විත ජයග්‍රහණයේ කොටස් කරුවකු වන්න ...

https://www.facebook.com/149480499091005/posts/604259583613092/

30/07/2020
Photos from Digamadulu Handa                     දිගාමඩුලු හඩ සන්විධානය's post 24/07/2020

With Hon. Prime Minister .
The winning team 2020 parliamentary election

21/07/2020

ජය නියතයි... අපේ වීරේ.. දිගාමඩුල්ලෙන් පාර්ලිමෙන්තුවට
4x🌷

21/07/2020

කුහකයන් සාප කරද්දී
මාස අටක් තුළ ගෝඨා රටට කළ දේවලින් බිඳක්
============================
මෙහි දක්වා ඇත්තේ ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය, ජාතික උරුමය, ජාතික රාජ්‍යය හා රටේ ස්වාධීනත්වය සුරකින විනයගරුක දේශයක් වෙනුවෙන් පසුගිය අට මසක පාලන කාලය තුළ ගෝඨාභය මහතා ගත් උපාය මාර්ගික වැදගත්කමක් සහිත තීන්දු තීරණ හා ක්‍රියාමාර්ගවලින් ඉතා සුළු ප්‍රමාණයක් පමණි. කුහකයන්ගේ අනාථයන්ගේ බොරුවලට, සංදර්ශනවලට නොරැවටී, පසුගිය කාලයේ ඇටවූ කොඩිවින එකින් එක කපමින් මේ ගමන පෙරට ගෙනයාමේ ඉදිරි වගකීම ඔබ සතුය.

> ජනාධිපති කාර්ය මණ්ඩල හා පරිවාර රථ ආදිය සීමා කිරීම.

> ජනපති නිල නිවස වශයෙන් තමන් පදිංචි නිවසම තෝරා ගැනීම.

> පාර්ලිමේන්තු සැසිවාර වෙනුවෙන් සිදුවන මුදල් නාස්තිය අවම කරමින් හමුදා උත්තමාචාර ආදිය අවලංගු කිරීම.

> අනවශ්‍ය උත්සව, සංග්‍රහ, ප්‍රචාරක කටයුතු අවම කරමින් රාජ්‍ය වියදම් විශාල ලෙස සීමාකිරීම.

> රාජ්‍ය ආයතන ගණනාවක කටයුතු ජනපති පෞද්ගලිකවම නිරීක්ෂණය කරමින් කාර්යක්ෂම සේවයක් ලබාදීම සඳහා පියවර ගැනීම.

> සුරක්ෂිත රටක්, විනයගරුක, නීතිගරුක සමාජයක් ගොඩනැගීමට ජනාධිපති කාර්යසාධන බලකායක් පිහිටුවීම.

> අඩාල වී තිබූ පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන ක්‍රියාවලිය වේගවත් කිරීම.

> යහපාලන සමයේ සිටි පයිප්ප බාස් වෙනුවට කමල් ගුණරත්න මහතා ආරක්ෂක ලේකම් ධුරයට පත්කිරීම.

> යහපාලන සමයේ ජාත්‍යන්තර අධිකරණවලට ගෙන යාමට මාන බලමින් සිටි ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ලෙස පත්කිරීම.

> රටට අහිතකර ජිනීවා මානව හිමිකම් සමුළුවේ 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට කටයුතු කිරීම.

> මරණ දඬුවම නියම වී සිටි සුනිල් රත්නායක රණවිරුවා නිදහස් කිරීම.

> රටට එරෙහිව නිදැල්ලේ ක්‍රියාත්මක වූ රාජ්‍ය නොවන සංවිධාන දහස් ගණනක් රාජ්‍ය නියාමනයට යටත් කිරීම.

> එම්සීසී ගිවිසුම පිළිබඳ අධ්‍යයනය සඳහා කමිටුවක් පත් කොට ඊට අදාළ වැදගත් තොරතුරු අනාවරණය කරගැනීම.

> දුරකථන ගාස්තු මත අය කර තිබූ බද්ද 25% කින් පහත දැමීම.

> 15% වැට් බද්ද 8% දක්වා පහත හෙළීම.

> දේශීය නිෂ්පාදන ශක්තිමත් කිරීම වෙනුවෙන් ආනයනික භාණ්ඩ ගණනාවක් සඳහා බදු පැනවීම.

> මාර්තු පළමුවැනිදා සිට වතු කම්කරුවකුගේ අවම දෛනික වැටුප රුපියල් 1000ක් කිරීම.

> දේශීය ඉන්ජිනේරුවන්ගේ මූලිකත්වයෙන් අධිවේගී මාර්ග කඩිනමින් ඉදිකිරීමට උපදෙස් ලබාදීම.

> ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට පාසල් තුන බැගින් සංවර්ධනය කරමින් ජාතික පාසල් ප්‍රමාණය දහස දක්වා ඉහළ දැමීමට සැලසුම් කිරීම.

> නිවසක් නොමැති දිළිඳු පවුල් තෝරාගෙන නිවාස 14000ක් ඉදිකරදීමේ වැඩසටහන ආරම්භ කිරීම.

> දිළිඳු පවුල්වල සුදුසුකම් නොලත් තරුණ තරුණියන්ට රජයේ රැකියා ලක්ෂයක් බිහිකිරීමේ වැඩපිළිවෙළ ජනවාරි 15 සිට ක්‍රියාවට නැංවීම.

> රාජ්‍ය අංශය ශක්තිමත් කරමින් උපාධිධාරීන් 54000කට රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ ඇරඹීම.

> උපාධිධාරීන්ට රැකියා සඳහා ඉල්ලුම් කළ හැකි වයස් සීමාව අවුරුදු 45 දක්වා ඉහළ දැමීම.

> රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ වැටුප් සංශෝධනය කරමින් ටෙලිකොම් සභාපතිගේ වැටුප ලක්ෂ විස්සේ සිට ලක්ෂ දෙකහමාර දක්වා අඩු කිරීම.

> මාසිකව රුපියල් මිලියන 21ක විශාල කුලියක් ගෙවූ කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවිජන මන්දිරයට ගෙනයාම.

> වාලච්චේන කඩදාසි කම්හල, පරන්තන් රසායනික කර්මාන්ත ශාලාව, කන්තලේ සීනි කර්මාන්තශාලාව, ඔඞ්ඩුසුඩාන් පිඟන් කම්හල ඇතුළු වැසී ගිය කර්මාන්ත රාශියක් යළි ආරම්භ කිරීමට පියවර ගැනීම.

> සරුංගල්, පහන් කූඩු, හඳුන්කුරු, කොසු, ඉදල්, ආදී නිෂ්පාදන රැසක් පිටරටින් ආනයනය කිරීම නතර කිරීම.

> දේශීය ගොවියා ශක්තිමත් කිරීම වෙනුවෙන් කරඳමුංගු, කරාබුනැටි, කහ, කුරුඳු, සාදික්කා, වසාවාසි, සියඹලා, උඳු, ගම්මිරිස්, බඩඉරිගු ආදී බෝග රාශියක් ආනයනය සීමා කිරීම.

> වැසී ගිය කුඩා වී මෝල් හිමියන් බලගැන්වීමට කටයුතු කරමින් සහල් මාෆියාව පාලනය කිරීම.

> එතනෝල් ආනයනය අත්හිටුවමින් එතනෝල් දේශීය වශයෙන් නිපදවා ගැනීමට පියවර ගැනීම.

> රෙදිපිළි නිෂ්පාදකයන්ට අතහිත දෙමින් අත් යන්ත්‍ර රෙදිපිළි හා බතික් නිෂ්පාදන ආනයනය නතර කිරීම.

> සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විසින් ලබාගෙන ඇති ණය නැවත අය කරගැනීමේදී ඇපයට තබා ඇති දේපල වෙන්දේසිය අත්හිටුවීම.

> පොහොර සහනාධාර ලෙස රසායනික පෝර වර්ග සමග පරිසර හිතකාමී කාබනික පොහොර වර්ගද බෙදාහැරීමේ වැඩපිළිවෙළක් ඇරඹීම.

> පළාත් නවයේ ආරක්ෂාව සම්බන්ධ විශේෂ වගකීම් හමුදාවට පවරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීම.

> පාතාලය, මත්ද්‍රව්‍ය වැටලීම් වේගවත් කරමින් ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට බලය ලබාදීම.

> පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට සිදුකරන මෙහෙයුම් නතරකිරීමට පියවර ගැනීම.

> දරුණු අපරාධකරුවන් රැඳවීම සඳහා වෙනම බන්ධනාගාරයක් ඉදිකිරීමට පියවර ගැනීම.

> උතුරු නැගෙනහිර පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීම වෙනුවෙන් ආරක්ෂක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් පිහිටුවීම.

> කාලයක් තිස්සේ අන්තවාදී තර්ජනයට ලක්ව තිබූ මුහුදු මහා විහාරයේ ආරක්ෂාවට හමුදාව යෙදවීම.

> පුරාවිද්‍යා ස්ථාන 593කින් සමන්විත උහන රජගල ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඇරඹීම.

> සෑම මසකම තුන්වන සිකුරාදාව ජනපතිතුමන් මහා සංඝරත්නය හමුවී උපදෙස් ලබාගැනීම සඳහා වෙන් කිරීම.

> ඉතා විධිමත් වැඩපිළිවෙළක් තුළින් කොරෝනා වසංගතය ඉතා සාර්ථක ලෙස මැඩ පැවැත්වීමට සමත්වීම.

Want your business to be the top-listed Government Service in Ampara?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Ampara