20/04/2026
2026 සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු රාජකාරි ආරම්භය ප්‍රාදේශිය සභා සභාපතිතුමන්ගේ හා ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින සිදුවිය.
ආණමඩුව ප්‍රාදේශිය සභා වොලිබෝල් කණ්ඩායම විසින් වයඹ පළාත් රාජ්‍ය සේවා වොලිබෝල් තරගාවලියෙන් දිනාගත් ශුරතාවය සදහා කුසලන පිරිනැමීම හා සහතික පත්‍ර ප්‍රධානයද අද දින සිදු කරන ලදි.
10/04/2026
වසර පුරා එකතු කරන ලද ප්‍රතිචක්‍රිකරණය කල හැකි නොදිරන ඝන අපද්‍රව්‍ය අලවියෙන් ලද ආදායමෙන් 75% ක මුදල ඝන අපද්‍රව්‍ය කළමනාකරණයට සම්බන්ධ වු සේවක මහත්ම මහත්මීන් වෙත බෙදා දීමේ වැඩසටහනක් 2026:04:10 දින ආණමඩුව ප්‍රාදේශීය සභා සභාපතිතුමා හා ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.
08/04/2026
වයඹ පළාත් සමූපකාර සංවර්ධන හා වෙළද, ඉඩම්,විදුලි බල හා බලශක්ති ක්‍රිඩා හා යෞවන කටයුතු , සංස්කෘතික හා කලා කටයුතු සහා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශයේ උපදේශකත්වයෙන් ක්‍රිඩා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පවත්වන ලද "නිළ ක්‍රිඩා වරුණ" වයඹ පළාත් රාජ්‍ය සේවා වොලිබෝල් තරගාවලියෙන් ශුරතාවය ආණමඩුව ප්‍රාදේශිය සභා වොලිබෝල් කණ්ඩායම විසින් දිනාගන්නා ලදි.
ආණමඩුව ප්‍රාදේශිය සභා වොලිබෝල් කණ්ඩායමට අපගේ උණුසුම් සුභපැතුම්!
09/03/2026
2026 මත්ද්‍රව්‍ය නිවාරණ සතියට (මාර්තු 1 - 7දක්වා) සමගාමීව ආනමඩුව නගරය දැනුවත් කීරිමේ වැඩසටහන.
2026.03.05 හා 06 දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලය,ආණමඩුව ප්‍රාදේශිය සභාව හා ආණමඩුව පොලිස් ස්ථානය යන ආයතනයන්හි නිළධාරින්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදි.
09/03/2026
පිරිසිදු හා ආකර්ෂණිය නගරයක් නිර්මාණය කිරිමේ අරමුණින් මහජනතාව සදහා දැනුවත් කිරීම් පුවරු 10 ක් 2026.03.06 දින ආණමඩුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය ආවරණය වන පරිදි ඉදිකරන ලදි. මේ සදහා අනුග්‍රහයකත්වය බ්‍රියෝ ඉන්ටර්නැෂනල් ආයතනය මගින් ලබා දුන් අතර පහත ස්ථානයන්හි ස්ථානගත කර ඇත.
ආණමඩුව මධ්‍ය විදශාලය අසළ,කන්නන්ගර විද්‍යාලය අසල,ආඩිගම මධ්‍ය විද්‍යාලය අසල,පල්ලම මධ්‍ය විද්‍යාලය අසළ,උස්සෑව රතනපාල මධ්‍ය විද්‍යාලය අසල,තල්ගස්වැව මධ්‍ය විද්‍යාලය අසල,ආණමඩුව නගරය බස් නැවතුම්පල අසළ,කොට්ටුකච්චිය මධ්‍ය විද්‍යාලය අසල,ආණමඩුව සුදම්පාය අසල,මහකුඹුක්කඩවල මධ්‍ය විද්‍යාලය අසල.
09/03/2026
"සෞභාග්‍යමත් පුරවරයක් - පිරිසිදු සතිපොළක්"
ආනමඩුව සතිපොළ ව්‍යාපාරික මහත්ම මහත්මීන් දැනුවත් කිරීමේ වැඩසටහන 2026/03/06 වන දින ආනමඩුව ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන මැදිහත්වීමෙන් සිදු කරන ලදි.
මෙහිදී,
# පොලීතින් භාවිතය
# බුලත් කෙළ ගැසීම
# අවිධිමත් ලෙස කැලිකසල බැහැර කිරීම
යන කරුණු පිළිබඳ ව පොළ භූමියට පැමිණෙන පාරිභෝගික ජනතාව සහ වෙළඳ ප්‍රජාව දැනුවත් කිරීම සිදු කරන ලදි.
එමෙන්ම මෙහිදී පාරිභෝගික ජනතාවට සහ වෙළඳ ප්‍රජාවට පවතින අනෙකුත් ගැටලු පිළිබඳවද සාකච්ඡා කිරීමද සිදු විය.
09/03/2026
ආණමඩුව නගරයේ ප්‍රධාන මාර්ග පද්ධතිය පිරිසිදු කිරිම 2026.03.05 දින ආණමඩුව ප්‍රාදේශිය සභාව මගින් සිදු කරන ලදි.
05/03/2026
ආණමඩුව ප්‍රාදේශිය සභාවේ පරිසර කමිටුව මගින් ගන්නා ලද තීරණයකට අනුව ආණමඩුව සතිපොළ භුමියේ කුණුකසල නිවැරදිව බැහැර කිරිම හා පිරිසිදුව තබාගැනීම සම්බන්දයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන,
2026.03.06 දින,
ආණමඩුව සතිපොළ අවට පරිසරය මුලික කොටගෙන පැවැත්වීමට සැලසුම් කර ඇත.
මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිළදාරි සහභාගිත්වයෙන් පවත්වන මෙම දැනුවත් කිරීමේ වැඩසටහන වෙනුවෙන් වෙළද ප්‍රජාව වන ඔබගේ සහයෝගයද අපේක්ෂා කර සිටිමු.
ඔබත් ඔබේ වටපිටාවේ ඇති,
• ප්ලාස්ටික්,පොලිතීන් යනාදිය නිවැරදිව බැහැර කිරිම
• ඔබේ අවට පරිසරයේ බුලත් විට කෙළ නොගැසීම
• නිවැරදි වැසිකිලි භාවිතය
• සතිපොළ අවට කාණු අවහිර වන සේ අපද්‍රව්‍ය බැහැර නොකිරිම
යන කාරණා සම්බන්දයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස අවධාරනය කර සිටිමු.
25/02/2026
78 වන අභිමානවත් නිදහස් දින සැමරුමට සමගාමීව පවත්වනු ලබන *ගොඩනගමු ශ්‍රි ලංකා* තේමාව යටතේ මණ්ඩලාන රජයේ කණිටු විදුහල යථා තත්වයට පත් කිරිමේ සාමුහික ශ්‍රමදානය 2026.02.04 දින පාසල් භුමියේදි පවත්වන ලදි.
මේ සදහා ආණමඩුව ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමා, ලේකම්තුමා ඇතුළු නිළධාරි මණ්ඩලය හා කාර්ය මණ්ඩලය,පල්ලම ප්‍රාදේශිය ලේකම් කාර්යාලය නිළධාරින්,පල්ලම පොලිසිය නිළධාරින් හා පාසල් ගුරුභවතුන් හා දෙමාපියන්ද සහභාගි වීය.
03/02/2026
78 වන අභිමානවත් නිදහස් දින සැමරුමට සමගාමීව පවත්වනු ලබන *ගොඩනගමු ශ්‍රි ලංකා* තේමාව යටතේ මණ්ඩලාන රජයේ කණිටු විදුහල යථා තත්වයට පත් කිරිමේ සාමුහික ශ්‍රමදානය 2026.02.04 දින පාසල් භුමියේදි පැවැත්වේ.
ඔබ සැමට ආරාධනා...
13/01/2026
ආණමඩුව ප්‍රාදේශිය සභාවේ අභිනව සභාපතිගුමා ඇතුළු මන්ත්‍රි මණ්ඩලය ආගමික වතාවත්වලින් අනතුරුව මංගල සභා සැසිවාරය සදහා සහභාගි වන ලදි.
- 2026.01.12 -