Book talk
මිණි අතකින් මිණි සිතකින් මිණි රටක් හද?
13/09/2025
මේ පින්තුරයේ ඉන්නේ කවුරුන්දැයි ඔබ දන්නවාද? බොහෝ විට දන්නේ නැතුව ඇති.
පහතින් දැක්වෙන්නේ මෙතුමා විසින් සිංහලට පරිවර්තනය කරන ලද රුසියානු සාහිත්‍යය කෘති කිහිපයක්...
1) ගුරු ගීතය - චිංගීස් අයිත්මාතව්
2) වානේ පන්නරය ලැබුණු හැටි - නිකොලායි ඔස්ත්‍රොව්ස්කි
3) අඳ වාදකයා - විල්දිමීර් කරලෙන්කෝ
4) අම්මා සහ මිහිකත - චිංගීස් අයිත්මාතව්
5) අම්මා - මක්සිම් ගෝර්කි
6) සැබෑ මිනිසෙකුගේ කතාවක් - බරිස් පලවොයි
7) උණු හිම - යුරි බොන්දරෙව්
8) මිනිසාගේ සම්භවය - එම්. නේස්තුර්හ්
9) අපරාධය සහ දඬුවම - ෆ්යොදෝර් දොස්තෙයෙව්ස්කි
10) දයලෙක්තික භෞතිකවාදය - වී.ජී.අපනාසියෙව්
11) බල්ලා කැටුව යන කාන්තාව සහ තවත් කෙටි කතා - ඇන්ටන් චෙකොෆ්
12) සූදු අන්තුවා - ෆ්යොදෝර් දොස්තෙයෙව්ස්කි
13) හිම කබාය සහ අනෙකුත් රුසියානු කතා - නිකොලායි ගොගොල්
14) ) කපිතාන්ගේ දියනියෝ - ඇලෙක්සැන්ඩර් පුෂ්කින්
15) මිනිසුන් අතර - මක්සිම් ගෝර්කි
16) ජමිලා - චිංගීස් අයිත්මාතව්
17) ලස්සන වසීලිස්සා - සහ රුසියානු සුරංගනා කතා
18) රතු රුවල් - ඇලෙක්සාන්දර් ග්‍රීන්
19) හත්පෙති මල - වලෙන්තීන් කතායෙව්
20) දේදුන්නෙන් සෙවන ලබන වන පොව්වෝ - නිකොලායි ස්ලද්කෝව්
දැන් ඔබ දන්නවා මේ කවුදැයි කියා. රුසියානු කෘති 250 ක් පමණ සිංහලට පරිවර්තනය කර, රුසියානු සාහිත්‍යය අපට ළං කළ අසහාය පරිවර්තකයා... වෛද්‍ය දැදිගම වී රුද්‍රිගු මහතා.
- JB
වටිනා විස්තර ටික ලියලා තිබුනේ ජනක බොරලැස්ස
Copied 🙏
16/06/2025
උපතින්ම අන්ධ වී උපන්නෙන්, සියුමැලි අතැඟිලි, බ්‍රේල් අක්ෂර මත රූටා කියවීම උගත් දරුවා එනයින් ලෝකය දැකබලා සැනසුණි. යුද්ධය දෙඅත් බිලිගත්තෙන් ඇඟිලි-ඇස් අන්ධව කියවීම අහිමි විය!
නමුදු ඉන් නොහැකිළුනු දරුවා බ්‍රේල් පත් මත දෙතොල් තබමින් කියවා තුටු විය.
ඉතාලිය, 1948.
මේ ද දැක, නොකියවන නොම අන්ධ නුඹෙ දෙනෙත්, කඳුලකින් තෙත්ව ගොස් ලජුබරව රතු වී ද? අප්‍රමාදීව කියවන්න; දෑස් පාදා ගන්න!!
copied by page of
#ඓතිහාසික චායාරූප
03/11/2023
ඇත්තත් වගේ 🤔🙈🙈🙈🙈👀
හැම දේම ඕන සමාජයකට සාමාන්‍ය වුණපසු හැම දේමසාමාන්ය වෙනවා..
අපේ රටේ පොත් කියවන වගේම නොකියවන අයට මේ පොත් පොල සාමාන්‍ය වෙලා නෑ,..
මේරටේ හැමෝම කුළගෝත්ර වශයෙන් වගේම, මේ පොත් වෙලඳාම හෝ කියවීම, එක තරා තිරම් හොයන අයත් ඉන්නවා,..
මේ පොත් පොළට යන්න ඕනේ, පොත් කියවන අයමනෙමෙයි,
ඒ විකුණන අයට ආදායමක්, එන්න, ඒක පවත්වගෙන යන්න මුදලක් එකතු වෙන්න,
ගොඩක් මිනිස්සු පේන්න ඉඳලා ඒ ව්‍යාපාරය තව තව දියුනු වෙන්න,
පොඩි ළමයිට මේව පෙන්වලා පොත් ගැන ධනාත්මක සිතිවිල්ලක් හිතේ පැල කරන්න.
ඒඑක්කම තව කතුවරු මේව දැකල තමංගෙ නිර්මාන වැඩි කරනවා,
පොත් නොකියවන කෙනෙක්ට වුණත් ඒ පැත්තට යොමුවෙන්න හදනවා..
ඒ වගේ positive දේ ගැන විතරක් හිතන්න,..
""'''පොත් ප්‍රදර්ශන භූමියට ඇතුල්වීමට මිනිසෙක් වීම ප්‍රමාණවත්,"""""'''''
කියවන මිනිස්සු පුස්තකාලය කට හරි යනවා...
කුහක ප්‍රකාෂයන් සහ පොත් නොකියවන පිරිස් book fair යන්න ඕන නෑ කියන මතයක් ගොඩක් පොත් කියවපු ඇතැම් දුර්වල මණසැති අය හිතනවා...
එහෙම කරන්න එපා..
Book fair එකේ පොත් කියවපු නැති කවුරුත් එන්න එපා කියල තියෙනවද...? තිබුණද කොහෙවත්..?
කොච්චර පොත් කියෙව්වත් ජාතියට කෙල වෙලා තියෙන්නේ , පොත් හොඳටම කියෙව්වත් කුහක කම් නැති නොවෙන නිසා...
අනික පොත් ලියපු ලේඛකයෝ වගකියන්නෙ එතුමන්ලා පොත්වල ලියපු දේට මිසක්, .
පාඨකයෝ තේරුම් ගත්දේට නොවෙයි..
හැකි හැම දෙනාම කවුරු හරි book fair යනවනම්, ඒක අගය කොට සලකන්න..
ඔහුව දිරිමත් කරන්න,
පොත් කියවන කෙනා බ්‍රහ්ම කුලයටත්
නොකියවන කෙනා රොඩී කුලයටත් යොදා අවලාද නැගීමෙන් වලකින්න,
ඩොක්ටර් මාලුවල තියෙන ගුණ විද්‍යාත්මකව පැහැදි කරල දුන්නට,
සෞඛ්‍ය අංශෙන් මාලු අල්ලන්න මුහුදු යන්නෙ නෑ...
මුහුදු යන්නේ ධීවරයෝ, දහදුක් විඳිනවා වාරකං වලට මුහුණ දෙනවා, ලාභ පාඩු විදිනවා,..
ඔවුන්ට මේ වසරේ සාර්ථක පොත් පොලක් කිරීමට උදව් වෙන්න පිං සිද්ධ වෙයි...🙏
විශ්ව සාහිත්‍යයේ ඉතා අනර්ඝ කෘතීන්හි විශිෂ්ට සිංහල පරිවර්තන තවමත් පැරණි මිලටම ලබා ගත හැකි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ හොදම තැන සුභාවී අළවි කුටිය .
ඔබත් එහිපිවිස විශ්ව සාහිත්‍යයේ ලාංකිය ඥාතීත්වය හොදින් දැක ගන්න.
22/03/2022
*********අවුෂ්විට්ස් වයලීනය. *********
ජීවිතයට අගයක් නැති තැනක ජීවිතය උදෙසා වැයෙන වයලීන ස්වර සංග්‍රාමයක පද ***
දෙවන ලෝක යුද්ධය,නාසි යුධ අපරාධ ,මිනිස්කමට නිගා දුන් අතිශය කෘෘර මෙන්ම බිහිසුණු, යුධ අපරාධ වලින් හෙබි නාසි යුධ ව්‍යාපාරය තරම් ලෝකය කම්පනය කළ ,තවමත් යුද්ධය හා වාර්ගික සංහාර ගැන කියැවෙන විට ඇග කීරිගස්වන අපරාධ වලින් හෙබි හිට්ලර්ගේ උමතු, සුපිරිසිදු ආර්ය ජාතියක් සදහා වූ නොමිනිස් ව්‍යාපෘතියේ අසරණ බිලි පිළිබඳ ව ලියැවුණු ඉතිහාස කතන්දර අදටත් ලෝකය බියෙන් හා වේදනාවෙන් මුසපත් කරමින් පවතියි.
එමෙන්ම දෙවන ලෝක යුද්ධය නිම වී දශක හත අටක් ඉකුත්ව ඇතිය ද ඒ හා මෙන්ම හිට්ලර්ගේ නාසි ව්‍යාපාරය, පිළිබඳ කොතෙක් ලියැවුණු ද කොතෙක් කතා කළ ද නිමාවක් දනින්නට නොහැකි තරම් ව එය විසල් මාතෘකාවක්ම වී තිබේ.
නාසි ව්‍යාපාරය හා ඒ හා බැදුණු බිහිසුණු ක්‍රියාවලියන් පිළිබඳව බොහෝ සාහිත්‍ය කෘති ,සමාජ දේශපාලන කෘති මෙන්ම විවිධ පර්යේෂණ කෘති කෙතෙක් ලියවුණ ද ඒවා පිළිබඳව ජනතා අවධානය නොනැසී රදා පවතින්නේ එවන් ජුගුප්සාජනක බිහිසුණු ක්‍රියාවන් ලෝකය අමතක නොකරන හා එවන් දේ අනුමත නොකරන බව සනාත කෙරුමට ,ලෝකයම අදිසි එකගතාවයකින් බැදී ඇති නිසා බවයි සමාජ විචාරාත්මත්ක අදහස.
මෙයට එම යුද්ධයේ අමානුෂික ක්‍රියා වදකදවුරු, යුධ උපක්‍රම මෙන්ම විවිධ සමාජ දේශපාලන,සංස්කෘතික ක්‍රියා පිළිබඳව අඛන් ඩව කතා කිරීම බලපා ඇති බවයි සමාජ විද්‍යාත්මක මතය. මේ අතරින් නාසීන් විසින් වධකාගාර ඇසුරේ කළ අති අමානුෂික වධ බන්ධන පිළිබඳව බහුල වශයෙන් කතා කරනු ලැබ ඇති බවත් ඒ හා බැදි සාහිත්‍ය හා සමාජ කාරණා හැදෑරීමේදී පෙනී යයි.
මෙහිදී එම යුද්ධය , නාසි ව්‍යාපාරය හා එහි බිහිසුණු අපරාධ පිළිබඳව කතා කිරීමේදී අනිවාර්යයෙන් සිහියට නැගෙන මෙන්ම වැඩිපුරම කතාබහාට ළක්ව ඇති වධකාගාරය වන්නේ පෝලන්තයේ පිහිටුවා තිබූ කුප්‍රකට අවුෂ්විට්ස් වධකාගාරය යි.එය හා බැදුණු සාහිත්‍යය අදටත් ලෝක ජනතාව ප්‍රබල කම්පනයකට ළක් කරමින් බිහිසුණු ඉතිහාසයක ශේෂ වූ මතකයන් ආවර්ජනය කරමින් පවතියි.
අවුෂ්විට්ස් වයලීනය, එයත් එලෙස ලෝකය කම්පනයට ළක්කළ , නරුම නාසි ව්යාාපාරයේ කලු පැල්ලම් පෙන්වන සුවිශේෂී කෘතියක්.
අවුෂ්විට්ස් මහා වධකාගාරය ට අනුබද්ධ තිබූ තුංගංගා නම් කදවුරේ සිටි දනියෙල් නම් වයලින් තනන්නා හා බ්රොනිස්ලව් නම් සංගීතඥයා හරහා එවක එම ඝාතක කදවුරේ ඔවුහු විදි අනේක දුක්ඛ දෝමනස්යන් හා ඒ අතර වරින් වර දිදුළන මිනිසත්කමේ ආලෝක පුංජයන් ගැන කදිමට කියැවෙන මේ සංවේදී, හෘද විදාරණ කෘතිය, යුද්ධය හෝ ඒ හා බැදෙන කුමන ආකාරයේ හෝ ව්‍යාපෘතීන් හි බිහිසුණු බව ලොවට මතක් කර දෙන අතර එය මෙවන් වූ කුමන බල අරගලක වුව පවතින විනාශකාරී මිත්‍යාව ලොවට පසක් කරවයි.
අවුෂ්විට්ස් හි තුංගංගා වධකදවුරේ අඥාපතියා වෙතින් ලැබෙන අනපේක්ෂිත නියෝගයක්,ඒ නියෝගය නිසා එහි සිටින වයලින් තනන්නකු හා සංගීතඥයකු මුහුණ දෙන අභියෝගයන් වටා ගෙතෙමින් කෘරතර නාසි ව්‍යාපාරයේ පැවති බිහිසුණු බව ඉතා ප්රබලව පාඨක මන මත ප්‍රකම්පනය කරවන මෙම කදිම කෙටි නවකතාව ,එහි කෙටි බව ඉක්මවා ප්රබලව නැගී සිටින්නේ ඉතා කදිමට එ් තුළ ප්‍රබල කතාවක් ගොඩනගමින් ව්‍යක්ත සාහිත කෘතියක් බවට පත් වෙමින්ය. කුඩා සිද්ධියක් වුව අවස්ථාව අනුව එය කෙතරම් නම් ස්ව ජීවිත වලට බලපෑම් කරනවාද යන්න කදිමට විමසන මෙම කෘතිය එම ආකාරයේ ලියැවුණු තවත් කෘති අතර ඉහළින් පවතිනුඇත.
ජාතිකාභිමානය ලෙස වරදවා වටහාගත් ජාතිවාදය නිසා ලොව අදටත් පීඩා විදින වේලාවක මෙම කෘතිය පරිවර්තනය කර පාඨක ප්‍රජාව වෙත ගෙන එන්නේ එම වරද අදටත් බොහෝ රටවල බෙහෝම සරුවටම සිදුවන නිසා බව පවසමින් ,ප්‍රවීන ලේඛිකා සචී පනාවල මහාත්මිය පවසන ඒ කරුණට සාක්ෂි සපයන මේ අනගි කෘතිිය ලාංකීය පාඨකයන් හදවතින්ම කියවනු ඇති.
සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ප්‍රකට ගත් කතුවරියක් වන මරියා ඇන්ජෙල්ස් අන්ග්ලාදා (Maria Anjels Anglada)මහාත්මිය විසින් රචිත සුප්‍රකට The Violin of Auschwitz කෘතියේ ප්‍රවීන පරිවර්තිකා සචී පනාවලයන් ගේ සිංහල කියවීමයි මේ.
"අන් ජාතීන්ට වඩා සිය ජාතිය උසස් හා උතුම් යැයි මෝහයෙන් මුළා වීම නිසා,ලක්ෂ ගණන් මිනිසුන්,කාන්තාවන් හා දරුවන් ඝාතනය කළ පරපීඩාකාමී නාසිවාදීන්ගේ කුරිරුකම් හා සැහැසිකම් වල අංශු මාත්‍රයක් නියෝජනය කරන නිසා " ,මෙම කෘතිය ,පරිවර්තනය කර ලාංකීය පාඨකයන් වෙත ලබාදෙන කියන පරිවර්තිකාවගේ මහාගු අදහසට ස්තූතිවන්ත වෙමින් මෙය කියවමු.
ආකර්ෂණීය ආඛ්‍යාන රටාවකින් ලියැවී ඇති කුතුහලයෙන් පිරි සරළ මුත් ගැඔුරු හැගීම් දනවන මානුෂික කියවීමක පහස විද හැකි කෘතියක්.
"අහෝ..! විසිරුවා ඇත අප ගදඔුන් ගේ වෘන්දයන් ,
අප ගායකයන් ගේ මුව ලා ඇත යගලු,
මිහිරි හදැ'ති වයලීනය බිම වැතිර ඇත."...!!!!
ලලිත් රවීන්ද්‍ර බෝපිටිය
2022/03/07
Click here to claim your Sponsored Listing.
