01/06/2026
ශ්‍රී සම්බුද්ධත්ව තෙමගුල වෙනුවෙන්,
අනුරාධපුර මහා නගර සභාව සහ Uber Eats එක්ව කුම්බිච්චන්කුලම වැව පරිශ්‍රයේ සංවිධානය කරන ලද,
"රාජධානී පුරවරයේ වෙසක් මංගල්‍යය" දෙවන දින. මෙම අවස්ථාවට
ගරු නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුනිල් රණසිංහ මැතිතුමා , ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේනනානායක්කාර මැතිතුමා ,ආණ්ඩුකාර සම්බන්ධීකරන ලේකම් ආනන්ද රත්නායක මැතිතුමන් ,
අනුරාධපුර මහා නගර සභාවේ ගරු නගරාධිපති එන් කරුණාරත්න මැතිතුමන් ඇතුළු නාගරික මංත්‍රී මංඩලයද, අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තුමිය , ග්‍රාම සංවර්ධන අධ්‍යක්ෂ තුමා , uber eats ව්‍යාපෘති නිලධාරී තුමන් , වාණිජ මංඩලයේ සභාපති තුමන් , එක්සත් වෙළඳ සංගමයේ සභාපති තුමන් , ඩෙක්මා ආයතනයේ සභාපති තුමන් ද ,
නාගරික කොමසාරිස් තුමන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද,
Uber Eats ආයතනයේ මෙහෙයුම් අද්‍යක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක්ද, පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරු භවතුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම කලා ආයතන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් සහභාගී විය.
තවද වෙසක් පහන්කූඩු තරගය සඳහා ඉදිරිපත් වූවන් හට සැනසිලි ත්‍යාග ලබා දීමද. ජයග්‍රාහී ස්ථාන වෙනුවෙන් වටිනා මුදල් ත්‍යාග ලබාදීම ද සිදු කිරිනි..
සංස්කෘතික වැඩසටහන්, බෞද්ධ ගීත ප්‍රසංග, බෞද්ධ නාට්‍ය, සම්ප්‍රදායික නර්තන, දන්සැල් සහ ආලෝක සැරසිලි සමගින් විච්ත්‍රවත් වු මෙම රාජධානී පුරවරයේ වෙසක් මංගල්ලයේ සමාප්තියද මේ සමඟම සනිටුහන් විය..
මෙම කර්තව්‍ය සාර්ථතක කරගැනීම වෙනුවෙන් සහය දැක්වු uber ආයතනය ඇතුළු සියළුම දෙනා හට තුති පුදකර සිටිමු.
30/05/2026
ශ්‍රී සම්බුද්ධත්ව තෙමගුල වෙනුවෙන්,
අනුරාධපුර මහා නගර සභාව සහ Uber Eats එක්ව කුම්බිච්චන්කුලම වැව පරිශ්‍රයේ සංවිධානය කරන ලද,
"රාජධානී පුරවරයේ වෙසක් මංගල්‍යය" ආරම්භක අවස්ථාව..
මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර මැතිතුමන්, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පලිහේන මැතිතුමන්,
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රී හේරත් මැතිතුමන්,
ගරු අමාත්‍ය වසන්ත සමරසිංහ මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් ප්‍රියන්ත මැතිතුමන්, ආණ්ඩුකාර සම්බන්ධීකරන ලේකම් ආනන්ද රත්නායක මැතිතුමන්,
අනුරාධපුර මහා නගර සභාවේ ගරු නගරාධිපති එන් කරුණාරත්න මැතිතුමන් , නියෝජ්‍ය නගරාධිපති සීතා හේරත් මැතිතුමිය ඇතුළු ගරු නාගරික මංත්‍රී මංඩලයද,
නාගරික කොමසාරිස් තුමන් ඇතුළු නිලධාරීන් පිරිසක්ද,
අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ
ප්‍රදාන ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක්ද,
Uber Eats ආයතනයේ මෙහෙයුම් අද්‍යක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක්ද, පාසල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, ගුරු භවතුන් හා ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙන්ම කලා ආයතන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් සහභාගී විය.
30/05/2026
තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උදාර වූ තෙමඟුල සිහිපත් කෙරෙන මේ පින්බර වෙසක් සමයේ, සමස්ත ලෝකවාසී මෙන්ම ඓතිහාසික අනුරාධපුර මහා නගර සභා බලප්‍රදේශයේ සියලු සැදැහැවත් ජනතාවට ආමිස හා ප්‍රතිපත්ති පූජාවෙන් සපිරි, සාමය හා සැනසීම උදාවන පින්බර වෙසක් පොහොය දිනක් ප්‍රාර්ථනා කරමු!
29/05/2026
✨ අද තමයි දවස ✨
අනුරාධපුර වෙසක් කලාපය 2026 අද පස්වරු 7.00 සිට අනුරාධපුර කුම්බිච්චන්කුළම වැව අවට පරිශ්‍රයේදී පැවැත්වේ.
🔸 ඒ සදහා ඔබ සැමට ආරාධනා !!!
වැඩිදුර විස්තර සඳහා :
☎️ 076 040 2800 ( ශ්‍යාමලී )
☎️ 070 209 2094 ( රුවිනි )
ප්‍රධාන අනුග්‍රහය : Uber Eats.
මෙහෙයවීම : අනුරාධපුර මහ නගර සභාව.
තාක්ෂණික සහාය : Dansala.lk
#අනුරාධපුර_වෙසක්_කලාපය2026 #අනුරාධපුරය #වෙසක්2026 #වෙසක්කූඩු
28/05/2026
✨ ප්‍රාර්ථනා කූඩුවක් පහන් කර ඔබේ ප්‍රාර්ථනාවන් ආලෝකමත් කරන්න ✨
අනුරාධපුර වෙසක් කලාපය 2026 තුළ පළමු වරට සංවිධානය කරන ලද විශේෂ “ප්‍රාර්ථනා කූඩු” වැඩසටහනක් සංවිධානය කර ඇත.
🔸 ප්‍රාර්ථනා කූඩුවක් වෙන්කර ගැනීම සදහා ඉක්මනින් අප හා සම්බන්ධ වන්න.
🔸 ඔබේ ආදරණීය ප්‍රාර්ථනා ආලෝකයෙන් පුරවන්න එකතු වෙන්න.
📅 දිනය : 2026 මැයි 29 වන දින.
⏰ වේලාව : ප.ව 9.00 සිට ප්‍රාර්ථනා කූඩු වැඩසටහන ආරම්භ වේ.
📍 ස්ථානය : අනුරාධපුර කුම්බිච්චන්කුළම වැව් පරිශ්‍රය.
ප්‍රාර්ථන කූඩුවක් වෙන් කර ගැනීම විස්තර සඳහා :
☎️ 076 040 2800 ( ශ්‍යාමලී )
☎️ 070 209 2094 ( රුවිනි )
ප්‍රධාන අනුග්‍රහය : Uber Eats.
මෙහෙයවීම : අනුරාධපුර මහ නගර සභාව.
තාක්ෂණික සහාය : Dansala.lk
#අනුරාධපුර_වෙසක්_කලාපය2026 #අනුරාධපුරය #වෙසක්2026 #වෙසක්කූඩු
28/05/2026
ඔබ සැමට ගෞරවයෙන් කෙරෙන ආරාධනයයි..
27/05/2026
වෙළදසැල් සඳහා බිම් කොටස් වෙන්දේසිය දැනුම් දීම.
අනුරාධපුර මහා නගර සභාව විසින් සංවිධානය කරනු ලබන,
"පුරවර උදානය 2026"
නාගරික ආදායම් උත්පාදන වැඩසටහනට සමගාමීව සිදු කරනු ලබන වෙළදසැල් බිම් කොටස් වෙන්දේසිය,
2026 ජුනි මස 1 සහ 2 යන දෙදින තුල
පෙ.ව 10:30 ට,
මහජන පුස්ථකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ..
ඒ සඳහා සහභාගීවීමට කරනු ලබන ආරාධනයයි...
26/05/2026
✨ ඩිජිටල් ස්ක්‍රීන් වෙළඳ දැන්වීම් (Digital Screen Advertisements) ✨
📌 2026 ජාතික වෙසක් උත්සවයට සමගාමීව අනුරාධපුර මහ නගර සභාව විසින් සිදු කරනු ලබන වෙසක් උත්සවය 2026.05.29 සහ 30 යන දිනයන්හිදී කුම්බිච්චන්කුළම වැව පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් මහත් ආගමික හා සංස්කෘතික උත්සවමය පරිසරයකින් යුතුව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති බව කාරුණිකව දැනුම් දෙමි.
📌 මෙම උත්සවයට සමගාමීව මහජන අවධානය ඉහල මට්ටමක පවතින බැවින්, උත්සව ප්‍රවර්ධන හා දැන්වත් කිරීම සඳහා නවීන ඩිජිටල් ස්ක්‍රීන් (Digital Screen) මඟින් පහත මිල ගණන් යටතේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීමේ අවස්ථාව සලසා ඇත.
• තත්පර 15 – 20,000.00 (රුපියල් විසි දහසයි) – එක් වෙළඳ දැන්වීමක් මෙම වැඩසටහන පවත්වන කාලය තුළ පැයකට හතර වාරයක් (අවම වශයෙන්) ප්‍රචාරණය වේ.
• තත්පර 30 – 30,000.00 (රුපියල් තිස් දහසයි) – එක් වෙළඳ දැන්වීමක් මෙම වැඩසටහන පවත්වන කාලය තුළ පැයකට හතර වාරයක් (අවම වශයෙන්) ප්‍රචාරණය වේ.
📌 ඒ අනුව, ඔබ ආයතනයේ/ව්‍යාපාරයේ වෙළඳ දැන්වීම් මෙම ඩිජිටල් ස්ක්‍රීන් මඟින් ප්‍රචාරය කර ගැනීමට කැමැත්තක් දක්වන්නේ නම්, ඒ පිළිබඳව ඔබගේ එකඟතාවය සහ අවශ්‍ය තොරතුරු කඩිනමින් අප වෙත දැනුම් දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
මෙම අවස්ථාව ඔබගේ වෙළඳ සංවර්ධනයේ, වෙළඳ ආකර්ෂණයේ ප්‍රවර්ධන කටයුතු සඳහා මහත් උපකාරී වන බව විශ්වාස කරමි.
වැඩි දුර විස්තර සදහා :
☎️ 025 222 2275
☎️ 076 040 2800 ( ශ්‍යාමලී )
☎️ 070 209 2094 ( රුවිනි )
ප්‍රධාන අනුග්‍රහය : Uber Eats.
මෙහෙයවීම : අනුරාධපුර මහ නගර සභාව.
තාක්ෂණික සහය : Dansala.lk
#අනුරාධපුර_වෙසක්_කලාපය2026 #අනුරාධපුරය #වෙසක්2026 #වෙසක්කූඩු