NPP Anuradhapura

NPP Anuradhapura

Share

Official NPP Page of Anuradhapura District

Photos from NPP Anuradhapura's post 08/05/2026

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඉදිකිරීම් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය ඒකලදී විවෘත කෙරේ ♻️🏗️

​'ක්ලීන් ශ්‍රී ලංකා' ජාතික වැඩසටහනට සමගාමීව ස්ථාපිත කළ ඉදිකිරීම් සහ ගොඩනැගිලි අපද්‍රව්‍ය (C&D) ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය අද (08) ඒකල කාර්මික ජනපදයේදී විවෘත කෙරිණි. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අයත් පරිශ්‍රයේ ස්ථාපිත මෙය, මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ තිරසාර පාරිසරික පරිවර්තනයක් සඳහා තැබූ සුවිශේෂී පියවරකි.
​ඒ අනුව,
* 'ක්ලීන් ශ්‍රී ලංකා' ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන (දැනටමත් මිලියන 150ක් නිදහස් කර ඇත).

* පැයකට මෙට්‍රික් ටොන් 200ක් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව.

* බස්නාහිර පළාතෙන් පමණක් දිනකට එකතු වන ටොන් 300ක් පමණ වූ සුන්බුන් හේතුවෙන් සිදුවන පාංශු හා ජල දූෂණය අවම කිරීම.

* අපද්‍රව්‍ය නව තාක්ෂණය ඔස්සේ වටිනා අමුද්‍රව්‍ය බවට පත් කර ස්වාභාවික සම්පත් සුරැකීම සහ ඉදිකිරීම් පිරිවැය අඩු කිරීම.

සිදුවේ..


අමාත්‍ය මහින්ද ජයසිංහ, අමාත්‍ය සුසිල් රණසිංහ, ​පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, නිවාස හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් යන සහෝදරවරුන් ද, රාජ්‍ය නිලධාරීන් ද සහභාගීත්වයෙන් මෙම විවෘත කිරීම සිදු විය. ඉදිරියේදී මෙම වැඩපිළිවෙළට විශ්වවිද්‍යාල ඉංජිනේරු පීඨ එක් කරගනිමින් පර්යේෂණ කටයුතු පුළුල් කිරීමට ද සැලසුම් කර තිබේ.

#පරිසරය

06/05/2026

පාර්ලි⁣මේන්තු මන්‍ත්‍රී, මහාචාර්ය සේන නානායක්කාර මහතා මැයි දින වේදිකාවේ සිට ජනතාව අමතමින්..
Sena Nanayakkara NPP Anuradhapura

06/05/2026

අනුරාධපුර නගරයේ පැවති මැයි දිනයේ දී පා.ම. භාග්‍ය ශ්‍රී හේරත් සහෝදරයා විසින් ජනතාව අමතා සිදු කළ සම්පූර්ණ කතාව..

Bhagya Sri Herath NPP Anuradhapura

Photos from NPP Anuradhapura's post 09/04/2026

සාම්ප්‍රදායික ලෙස වාර්ෂිකව මාස් කන්නයේ නෙළා ගත් අස්වැන්නෙහි නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීමේ ජාතික අලුත් සහල් මංගල්‍යය 2026 සඳහා අද (09) පෙරවරුවේ ජනාධිලති අනුර දිසානායක සහෝදරයා, අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසට පැමිණි මොහොත.

"අහරින් ස්වයංපෝෂිත දැයක් තනන්නට එක මිටට ගොවි බිමට " තේමාව යටතේ 59වන වරටත් ජාතික අලුත් සහල් මංගල්‍යය විචිත්‍රවත්ව සංවිධානය කර තිබිණි.

ලේ, කඳුළු දහදිය මතින් ගොඩනැගුණු මෙරට ගොවි ජනතාවගේ ජීවිත මීට වඩා උසස් මට්ටමකට ගෙන ඒම වෙනුවෙන් රජයට විශාල සැලැස්මක් තිබෙන බවත්, ඒ අනුව රටේ සුළු සහ මධ්‍ය පරිමාණ වැව් පද්ධතිය ප්‍රතිසංවිධානය කරමින් අවශ්‍ය ජල සම්පත ලබා දීම, යෙදෙවුම් සාධාරණ මිලට ලබා දීම, කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය කැඳවා ගෙන ඒම, අස්වනු නාස්තිය වළක්වා ගැනීම සඳහා ගබඩාකරණය, ඇසුරුම්කරණය සහ වෙළෙඳපොළ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම, අස්වැන්නට සාධරණ මිලක් ලබා දීම යන ප්‍රධාන ක්ෂේත්‍ර 07ක් පිළිබද අවධානය යොමු කරමින් වත්මන් රජයේ කෘෂි ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කර තිබෙන බව පෙන්වා දෙන ලදී.

Photos from NPP Anuradhapura's post 02/04/2026

වත්මන් දේශපාලන තත්වය සහ ප්‍රදේශයේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳවත්, අදහස්-යෝජනා විමසීම සඳහාත් කූම්බිච්චන්කුළම කොට්ඨාස සභාව සාර්ථකව එක්රැස්වීය. මෙම විශේෂ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස අමාත්‍ය, වෛද්‍ය සුසිල් රණසිංහ සහෝදරයා සහභාගී විය.

මෙහිදී රැස්ව සිටි ප්‍රදේශවාසීන් වර්තමාන දේශපාලන පරිසරය සහ රජයේ ඉදිරි සැලසුම් පිළිබඳව දැනුවත් කිරීමට කටයුතු කළේය. "පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්" යන තේමාව පෙරදැරිව, ජනතාවගේ ආර්ථික හා සමාජීය ජීවන තත්වය නගා සිටුවීම වෙනුවෙන් ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී පැහැදිලි කළේය.

විශේෂයෙන්ම අනුරාධපු⁣ර නගරයේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙම සභාවේදී සාකච්ඡා කෙරුණු අතර එහිදී
​ප්‍රදේශයේ යටිතල පහසුකම් සහ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම.
​ව්‍යාපාරික හා සංචාරක කටයුතුවලදී මුහුණ දෙන ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීම.

​ප්‍රදේශවාසීන්ගේ අදහස් හා යෝජනා ඍජුවම ලබා ගනිමින් ඉදිරි ප්‍රාදේශීය සංවර්ධන සැලසුම් සකස් කිරීමට පාචක කරගනිමින්,
​ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන එදිනෙදා දුෂ්කරතා පිළිබඳව අවධානයෙන් එම ගැටලු විසඳීම සඳහා අදාළ බලධාරීන් සමඟ එක්ව කඩිනම් පියවර ගන්නා බවට ද සාකච්ඡාවිය.
​මෙම අවස්ථාව සඳහා නාගරාධිපති,කරුණාරත්න සහෝදරයා, මංජුල කාංගර සහෝදරයා, ⁣මන්ත්‍රීනි,උද්‍යා මුණසිංහ සහෝදරිය ඇතුලු නියෝජිතයින්ද සහභාගී විය. ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, ජනතාවගේ උද්යෝගිමත් සහභාගීත්වයෙන් යුතුව කොට්ඨාස සභාවේ කටයුතු සාර්ථකව නිමාවට පත්විය.

NPP Anuradhapura Dr. Susil Ranasinghe N. Karunaratna

Photos from NPP Anuradhapura's post 20/03/2026

අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා, ප්‍රජා ඵලදායීතා ආදර්ශ ගම්මාන සංවර්ධනය කිරීමේ කටයුතු සමාරම්භක අවස්ථා කිහිපයක්..

​"Clean Sri Lanka" ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, "දෑය නංවන සපිරි ගමක්" යන තේමාව යටතේ ක්‍රියාවට නැංවේ. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයට අනුබද්ධ ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය මගින් මෙහෙයවනු ලබන මෙම විශේෂ සංවර්ධන ව්‍යාපෘතිය 2025 සිට 2027 වසර දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

​ප්‍රධාන අරමුණු

​ග්‍රාමීය මට්ටමින් ඵලදායීතාව ඉහළ නැංවීම.
​පරිසර හිතකාමී සහ පිරිසිදු ගම්මානයක් නිර්මාණය කිරීම.
​ප්‍රජා දායකත්වය ඇතිව ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම.
​ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත්, ජාතික මට්ටමේ ඵලදායීතා ඉලක්ක සපුරා ගැනීමටත් අපේක්ෂා කෙරේ.

NPP Anuradhapura Thilina Tharuka Samarakoon Dr. Susil Ranasinghe Sena Nanayakkara Bhagya Sri Herath P D N K Palihena Wasantha Samarasinghe Susantha Kumara N. Karunaratna JVP Anuradhapura NPP Srilanka Anura Kumara Dissanayake

Photos from NPP Anuradhapura's post 14/03/2026

දිස්ත්‍රික් සංවර්ධනය ඉලක්කගතව, අනුරාධපුර දිස්‍ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එහි සම සභාපතිවරුන් වන වෙළද වාණිජ්‍ය ආහාර සුරක්ෂිතා සහ සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ සහෝදරයා සහ උතුරුමැද ආන්ඩුකාරවර වසන්ත ජිනදාස මහත්මා, පා.ම. තිළිණ සමරකෝන්, සේන නානායක්කාර, නිමල් පලිහේන, සුසන්ත නවරත්න සහෝදරවරුන් ද, දිස්‍ත්‍රික් ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරී සහභාගිත්වයෙන් උතුරුමැද පළාත්සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වීය.

Photos from NPP Anuradhapura's post 14/03/2026

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිරි සංවර්ධන සැළසුම් වෙනුවෙන් "දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව" රැස්වූ අවස්ථාව..

​අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2025 වසරේ ක්‍රියාත්මක වූ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2026 වර්ෂය සඳහා වන නව සංවර්ධන සැලසුම් අනුමත කිරීමේ අරමුණින් පැවැති "දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු" රැස්වීම 2026.03.12 දින උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
​අමාත්‍ය වසන්ත සමරසිංහ සහෝදරයා සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව සඳහා අමාත්‍ය සුසිල් රණසිංහ සහෝදරයා, දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුසන්ත නවරත්න, මහාචාර්ය සේන නානායක්කාර, නිමල් පලිහේන, තිළිණ සමරකෝන් යන සහොදරවරුන් ද, රාජ්‍ය නිලධාරීන්, පළාත් පාලන ආයතන නියෝජනය කරමින් නගරාධිපතිවරුන් සහ සභාපතිවරුන් මෙන්ම සම්බන්ධීකරණ ලේකම්වරුන් ද එක්ව සිටියහ.
​ප්‍රධාන වශයෙන්,
✅ 2025 වසරේ අවසන් කළ සහ ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය විමසා බැලීම.
✅ 2026 වසර සඳහා හඳුනාගත් නව සංවර්ධන යෝජනා සැලසුම් අනුමත කිරීම.
✅ දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන පොදු ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

​අනුරාධපුර දිස්ත්‍රික්කයේ සෑම පුරවැසියෙකුටම එහි ප්‍රතිලාභ හිමිවන අයුරින් විධිමත් යාන්ත්‍රණයක් ඔස්සේ මෙම සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයාම මූලික අරමුණ වේ.

​ NPP Anuradhapura NPP Srilanka Wasantha Samarasinghe Dr. Susil Ranasinghe Susantha Kumara Sena Nanayakkara Thilina Tharuka Samarakoon P D N K Palihena Kanishka Mudith Prasanna

09/03/2026

ලක්ෂ 29ක ජනතාවක් ක්ෂුද්‍ර මූල්‍ය පීඩාවෙන් පෙළෙයි. 170කට වැඩි පිරිසක් සියදිවි නසාගෙන.. මේ ඛේදයෙන් ජනතාව බේරාගන්නයි මේ පනත ගේන්නේ.
- පා.ම. තිළිණ සමරකෝන් සහෝදරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළ කතාව

Thilina Tharuka Samarakoon NPP Anuradhapura NPP Srilanka Sena Nanayakkara

08/03/2026

මාස 16 ක් යන විට Verite Research ආයතනයෙන් දූෂණය පිටුදකින රටවල් අතරට රටවල් 14 ක් අභිබවා ඉදිරියට ඇවිත් ,
විපක්ෂ කියනවා.." හොරකම ගේන්නලු හදිසි නීතිය ගෙන්නේ ''

#මාලිමාවෙන්පුරවමු

Photos from NPP Anuradhapura's post 06/03/2026

දඹානේ ආදිවාසී ජනතාවගේ නිවාස සිහිනය සැබෑ කිරීමට "ඌරුවරිගේ තිසාහාමි ගම" ඉදිකර ජනතා අයිතියට..
පර්චස් 20ක ඉඩමක අයිතිය ද සමඟින්, ප්‍රතිලාභීන් 25 දෙනෙකු සඳහා නිවාස අධිකාරිය මගින් ලබා දුන් රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ නිවාස ආධාරයද, ප්‍රතිලාභීන්ගේ ශ්‍රමය හා ද්‍රව්‍ය ආධාරද එකතුව ලක්ෂ 18කට ආසන්න මුදලක් වැය කර තිබේ.
පොදු පහසුකම් යටතේ පානීය ජල අවශ්‍යතාවය උදෙසා ජල සම්පාදන මණ්ඩලය මගින් රු.මිලියන10ක් වැය කර ජල පහසුකම් ලබා දුන් අතර විදුලිය සඳහා ඌව පළාත් සභාව මඟින් 2000,000කට අධික මුදලක් වැය කර ඇත. මාර්ගයේ ඉදිකිරීම් හා ජලනල එලීම් ආදී කටයුතු සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සහා මූල්‍ය දායකත්වය මහියංගණය ප්‍රාදේශීය සභාව සහ නිවාස අධිකාරිය මඟින් ලබා දී ඇත.
2025 අගෝස්තු මස 07 දින වැඩ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය මාස හතක් වැනි කෙටි කාලයක් තුළ සියලු වැඩ නිමකර ජනතා අයිතියට පත් කිරීමට හැකිවීය.
මෙම උත්සව අවස්ථාව සඳහා නිවාස ඉදිකිරීම් හා ජල සම්පාද අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහෝදරයා,
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න සහෝදරයා, නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් සහෝදරයා, ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ ජේ. එම්. කපිල ජයසේකර මැතිතුමා, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිතුමන්, බදුල්ල දිස්ත්‍රික් කළමනාකාරතුමන්, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් බලගල්ල සහෝදරයා ඇතුළුව ප්‍රදේශයේ මන්ත්‍රීවරුන් සහ ගම්වාසීන් සහභාගී විය.

Dr. Susil Ranasinghe NPP Anuradhapura JVP Anuradhapura

Want your business to be the top-listed Government Service in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Anuradhapura