Management Development & Training Unit NCP

Management Development & Training Unit NCP

Share

===TRAINING===
"Center of Learning for Universal Citizenship"

30/07/2025

රජරට විශ්වවිද්‍යාලයේ අද (2025.07.30) පවත්වන ලද 25 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී Master of Business Administration උපාධිය ලබා ගැනීමට සමත්වූ පළාත් කළමනාකරන සංවර්ධන හා පුහුණු ඒකකයේ අධ්‍යක්ෂ (පුහුණු) ජේ. රළියුදීන් මහතාගේ මෙම සාර්ථකත්වය, අධ්‍යාපනික විශිෂ්ට පියවරක් වන අතර, එය ඔබගේ කැපවීමේ හා උනන්දුවේ අනර්ඝ සාක්ෂියකි. ඉදිරි රාජකාරී දිවිය සදහා මෙය මහඟු පිටුවහලක් වනු ඇත. ඔබගේ මෙම සාර්ථකත්වයට නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පුහුණු) එම්. ශ්‍රීස්කන්දකුමාර් මහතා ඇතුළු පුහුණු කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභම පැතුම් එක් කරන්නෙමු !!!

Photos from Management Development & Training Unit NCP's post 23/07/2025

රාජ්‍ය සේවයේ වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක සේවාවක් සැපයීම සඳහා කණ්ඩායමක් ලෙස සාර්ථකව ආයතනයක් තුළ කටයුතු කිරීම ඉතා වැදගත් වේ.
එම අරමුණ වෙනුවෙන් රාජ්‍ය සේවය නිලධාරීන් බලගැන්වීම සඳහා උතුරු මැද පළාත් කළමනාකරණ සංවිධාන හා පුහුණු ඒකකය මගින් 2025.07.22 වන දින ප්‍රතිඵල පාදක කණ්ඩායම් ගොඩනැගීමේ පුහුණු වැඩසටහනක් පැවැත්විණි

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්. ආර්.පී.ජයසිංහ මහතාගේ මග පෙන්වීමෙන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පුහුණු )එම් ශ්‍රී ස්කන්ධ කුමාර් මහතාගේ අධීක්ෂණය යටතේ,ක්‍රමසම්පාදන අධ්‍යක්ෂක නොයෙල් කලංසූරිය මහතාගේ සම්පත් දායකත්වයෙන් හා කමනි කාංචනී දසනායක මියගේ සමායෝජනයෙන් පැවැත්විණි.
It is very important to work successfully as a team within an institution to provide more efficient and quality services in the public service. For that purpose, a results-based team building training program was held by the North Central Provincial Management Organization and Training Unit on 2025.07.22 to empower public service officers.

17/07/2025
Photos from Management Development & Training Unit NCP's post 16/07/2025

උතුරු මැද පළාත් සභාවට නව ලේකම්වරුන් තිදෙනෙකු පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා අතින් පත් පත්වීම් ලිපි ලබා ගත්තේය.
මෙතෙක් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පුහුණු ධූරය දැරූ නන්දන ගලබොඩ මහතා පළාත් සමූපකාර, ආහාර වෙළද, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම් ලේකම්වරයා ලෙසත් එම්. ශ්‍රී ස්කන්ධකුමාර මහතා නව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් පුහුණු ලෙසත්, පළාත් සභා ලේකම් කාර්යාලයේ නව ලේකම්වරිය ලෙස සුභාජනී මදියලගන මහත්මියත්, මෙලෙස ගරු ආණ්ඩුකාරතුමා අතින් පත්වීම් ලබා ගත්තේය.
පළාත් සමූපකාර හා ආහාර අමාත්‍යංශයේ නව ලේකම්වරයා වශයෙන් පත් වූ නන්දන ගලගොඩ මහතා උතුරු මැද පළාත් සභාවට ඒමට පෙර නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් කටයුතු කර ඇත. ඒ මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකි. කොත්මලේ වීරසේකර මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය සමත්ව කැළණි විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා 2000 වර්ෂයේ දී ශ්‍රී ලංක පරිපාලන සේවයට එක්ව ඇත.
නව ප්‍රධාන ලේකම් පුහුණු වශයෙන් පත් වූ එම්. ශ්‍රි ස්කන්දකුමාර් මහතා යාපනයේ ජූනියන් විද්‍යාලයෙන් අධ්‍යාපනයෙන් ලබා යාපනය විශ්ව විද්‍යාලයෙන් කෘෂිවිද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියක් ලබා ඇත. 2003 වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ ඒ මහතා මන්නාරම දිස්ත්‍රික්කයේ හා නාටන් ප්‍රාදේශිය සභාවට පැමිණීමට පෙර මන්නාරම අතිරේක දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය. ඔහු ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකි.
පළාත් සභාවේ නව ලේකම් ධූරයට පත් වූ සුබාජිණි මදියලගන මහත්මිය යාපනයේ ජූනියන් විද්‍යාලයේ අධ්‍යාපනය ලබා යාපනය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රීයවේදී උපාධිය ලබා 2004 වර්ෂය ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්ව ඇත. ඔඩ්ඩුසුඩාන් උප දිසාපති ලෙස මුල්ම පත්වීම් ලැබ මුලතිව් උප දිසාපති ලෙසත්, යාපන දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල සේවය කොට උතුරු මැද පළාත් සභාවට ඒමට පෙර කෝපයි ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කර ඇත. ඇය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියෙකි.
මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් රංජන් ජයසිංහ, ප්‍රධාන අමාත්‍යංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ.ජයලත්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි සේනාරත්න, ආණ්ඩුකාර ලේකම්.එන්. එච්.රෝයි නිශාන්ත, ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් ආනන්ද රත්නායක යන මහත්වරුන් සහභාගී විය.

15/07/2025

=සියත පුවත්=
කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් සඳහා කෘතිම බුද්ධිය භාවිතය පිළිබඳ පුහුණු වැඩසටහන
විශේෂ ස්තූතිය
පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා
සියත මාධ්‍යවේදී වසන්ත කළුආරච්චි මහතා

Photos from Management Development & Training Unit NCP's post 05/07/2025

පොළොන්නරුව මහා නගර සභාවේ නාගරික කොමසාරිස් චන්දිමා නිරෝෂණි මහත්මියගේ සම්පත් දායකත්වයෙන් ද්විතික මට්ටමේ නිලධාරින් සඳහා කාර්යාල ක්‍රම හා ලිපිගොනුකරණය පිළිබඳ පුහුණු වැඩසටහන පසුගිය දා පළාත් කළමනාකරන සංවර්ධන හා පුහුණු ඒකකයේදි පැවැත්විණි

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතාගේ මඟපෙන්වීමේන්, පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නන්දන ගලබොඩ මහතාගේ අධික්ෂණයෙන් හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජේ රලියුදීන් මහතාගේ මෙහෙයවීමෙන් හා උපේක්ෂා මෙයගේ සමායෝජනයෙන් මෙම වැඩසටහන පැවැත්විණි

Photos from Management Development & Training Unit NCP's post 04/07/2025

උතුරු මැද පළාත් අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු රැසක රාජ්‍ය නිළධාරීන් උදෙසා ' කෘතිම බුද්ධිය සමග රාජ්‍ය නිළධාරින් සමාජ මාධ්‍ය භාවිතය ' යන තේමාව සමග ප්‍රායෝගික වැඩමුලුවක් මෘදුකාංග ඉංජිනේරු රවිදු දිල්ෂාන් ඉලංගකෝන් මහතාගේ සම්පත් දායකත්වයෙන් පසුගිය දා පළාත් කළමනාකරන සංවර්ධන හා පුහුණු ඒකකයේදි පැවැත්විණි

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතාගේ මඟපෙන්වීමේන්, පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නන්දන ගලබොඩ මහතාගේ අධික්ෂණයෙන් හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජේ රලියුදීන් මහතාගේ මෙහෙයවීමෙන් හා හේරත් මයාගේ සමායෝජනයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

18/06/2025

2025.06.18 ලංකාදීප පුවත්පත

13/06/2025

#සියත පුවත්
@

Photos from Management Development & Training Unit NCP's post 04/06/2025

===2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්බන්ධ පුහුණු වැඩසටහන===
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සම්පත්දායකත්වයෙන් 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත සම්බන්ධ පුහුණු වැඩසටහන පසුගිය දින කොරකහවැව පළාත් කළමනාකරන සංවර්ධන හා පුහුණු ඒකකයේදි පැවැත්විණි
පුරවැසියා වෙත තොරතුරු ප්‍රවේශවිමේ අයිතිවාසිකම බලාත්මක කිරීම මඟින් පොදු අධිකිරීවල විනිවිදභාවය හා වගවීමේ සංස්කෘතියක් ඇති කිරීම සඳහා උතුරු මැද පළාත් සභාවට අයත් සෑම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතනයන්හි තොරතුරු නිලධාරින් හා විෂය නිලධාරීන් 110 ආසන්න පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී විය

ප්‍රියන්ත ශ්‍රී වික්‍රමසිංහ - නියෝජ්‍ය කොමසාරිස් - (RMV) S.H.U.N. ධම්මික - සංවර්ධන නිලධාරි - තොරතුරු අයිතිය පිළිබද උපදේශක( ජන මාධ්‍ය අමාත්‍යාංශය) යන මහත්වරුන්ගේ සම්පත් දායකත්වයෙන්
උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතාගේ මඟපෙන්වීමේන්, පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නන්දන ගලබොඩ මහතාගේ අධික්ෂණයෙන් හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජේ රලියුදීන් මහතාගේ මෙහෙයවීමෙන් හා හේරත් මයාගේ සමායෝජනයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

Photos from Management Development & Training Unit NCP's post 02/06/2025

= වැටුප් සකස් කිරීමේ මෘදුකාංගය (Payroll) පිළිබඳ පුහුණු වැඩසටහන 2025.06. 02,03,04,05,06 දිනයන්හී උතුරු මැද පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකයේදී පැවැත්වේ.==

උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතාගේ මඟපෙන්වීමේන්, පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නන්දන ගලබොඩ මහතාගේ අධික්ෂණයෙන් හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජේ රලියුදීන් මහතාගේ මෙහෙයවීමෙන් හා උපේක්ෂා මෙයගේ සමායෝජනයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

සම්පත් දායනත්වය- ප්‍රතිරාජ මයා- ප්‍රධාන අභ්‍යන්තර විගණක, ඒකනායක මයා- ගණකාධිකාරී, ජනක වළාකුළු ආරච්චි මයා- තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන නිලධාරි

==මාධ්‍ය ඒකකය==
පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනය

Photos from Management Development & Training Unit NCP's post 30/05/2025

===ආයතන සංග්‍රහය හා මුදල් රෙගුලාසි #පුහුණු වැඩසටහන 2025.05.26,27 උතුරු මැද පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකයේදී පැවැත්විණි.==
උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ මහතාගේ මඟපෙන්වීමේන්, පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනයේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නන්දන ගලබොඩ මහතාගේ අධික්ෂණයෙන් හා පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ ජේ රලියුධීන් මහතාගේ මෙහෙයවීමෙන් ඩබ්. උපේක්ෂා මෙයගේ සමායෝජනයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

# #සම්පත්දායකත්වය- චන්දිමා නිරෝෂණී මිය,නාගරික කොමසාරිස්, පොළොන්නරුව මහ නගර සභාව
==මාධ්‍ය ඒකකය==
පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ආයතනය

Want your business to be the top-listed Government Service in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Management Development & Training Unit , Puttalam Road
Anuradhapura
50000