Novel Haven

Novel Haven

Share

"අකුරු අතර සැඟවුණු හැඟීම්... ��
නවල්, කෙටි කතා සහ හිතට දැනෙන වදන්." �

11/07/2026

අපේ අභිනව්ගේ හා අහානා ගේ දරු පැටව් ටික ...... #නුඹදුන් රිදුම

10/07/2026

📖 #නුඹ දුන් රිදුම
(16 කොටස)

ඩොක්ටර් ඔපරේෂන් තියෙටර් එකෙන් එළියට ආවේ නළලත තැවරුණු දහඩිය පිසදමමින්, බොහොම තෙහෙට්ටු වුණු මුහුණකින්. අභිනව් සහ රිතුශි දෙන්නම එක පිම්මට ඩොක්ටර් ළඟට දිව්වා.

"ඩොක්ටර්... මගේ කෙල්ල...? මගේ පැටව්...?" අභිනව් වෙව්ලන හඬින් ඇහුවා.
ඩොක්ටර් දිගු සුසුමක් හෙලුවා.

"මිස්ටර් අභිනව්... ඔයාගේ දරු පැටව් පිරිමි දරුවන් දෙන්නෙක් සහ එක ගැහැණු දරුවෙක් දැනට සනීපෙන් ඉන්නවා. හැබැයි මාස හතෙන් උපන්න නිසා බබාලා ගොඩක් දුර්වලයි. අපි ඒ තුන්දෙනාව වහාම ICU එකේ Incubator වලට දැම්මා.
හැබැයි..." දොස්තර කතාව නතර කළා.

"හැබැයි... ඇයි ඩොක්ටර්? අහානාට මොකද?" රිතුශි බයෙන් කෑගැසුවා.

"අම්මාගේ තත්ත්වය ගොඩක් සිරියස් . සිසේරියන් එකෙන් පස්සේ එයාගේ Bleeding නතර කරන්න අපිට තවම බැරි වුණා. ඒ වගේම එයා සර්ජරි එකෙන් පස්සේ තවම සිහිය ආවේ නැහැ... කෝමා තත්ත්වයකට වැටීමේ අවදානමක් තියෙනවා. අපි උපරිම උත්සාහ කරනවා. ඔයාලා බුදුන් විශ්වාස කරන්න," දොස්තර බිම බලාගෙන ආයෙමත් තියෙටර් එක ඇතුළට ගියා.

"දෙවියනේ..." රිතුශි බිත්තියට හේත්තු වෙලා බිම ඉඳගත්තා.

අභිනව්ට තමන්ගේ කකුල් පණ නැති වෙනවා වගේ දැනුණා. එයා තියෙටර් එකේ දොරේ වීදුරුවෙන් ඇතුළ බලන්න හැදුවත් කිසිම දෙයක් පෙනුණේ නැහැ. එයා දොර ළඟ දණගහලා ඔලුව බිත්තියේ ගහගන්න ගත්තා.

"මං හින්දා... මං හින්දා ඒ අහිංසකී මැරෙන්න හදනවා... අනේ දෙවියනේ මගේ පණ අරන් හරි බේරලා දෙන්න... මට මගේ කෙල්ලව ඕනේ..." අභිනව් මහා හයියෙන් වැලපුණා.

දෙව් අභිනව්ව බදාගෙන නැගිට්ටෙව්වා.

"අභි... පිස්සු නැතුව හිටපන් මචං. උඹ මෙතන ඇඬුවා කියලා වැඩක් නැහැ. දැන් උඹ ශක්තිමත් වෙන්න ඕනේ. කෙල්ල වෙනුවෙන් නැතත්, අර ICU එකේ හුස්ම ගන්න උඹේ දරු පැටව් තුන්දෙනා වෙනුවෙන් උඹ ඉන්න ඕනේ."

දෙව්නකගේ වචනවලින් අභිනව් යාන්තමට පියවි සිහියට ආවා. එයා කඳුළු පිසදාගත්තා.

"ඔව්... මගේ පැටව්... මට මගේ පැටවුන්ව බලන්න ඕනේ මචං."
රිතුශි සහ අභිනව් රෝහල් සේවකයින්ගෙන් අවසර අරගෙන, ICU එකේ වීදුරු ජනේලයෙන් ඇතුළ බැලුවා. පුංචිම පුංචි, රෝස පාට දරු පැටව් තුන්දෙනෙක් නළ මාර්ගයෙන් හුස්ම ගනිමින් Incubator ඇතුළේ ඉන්නවා දැක්කාම අභිනව්ගේ හදවත උණුවෙලා ගියා. ඒ තමන්ගේම රූපය ගත්ත පුංචි මල් කැකුළු තුනක්.

" අනේ මගේ පැටව් ටික..." අභිනව් වීදුරුවට අත තියලා ඇඬුවා.

"තාත්තිට සමාවෙන්න රත්තරනේ... ඔයාලගේ අම්මාව මේ තත්ත්වයට පත් කළේ මේ පව්කාර් තාත්ති..."

පැය කිහිපයක් ගෙවිලා ගියා. පාන්දර පහට විතර හෙදියක් කලබලෙන් ඔපරේෂන් තියෙටර් එකෙන් එළියට ආවා.

"කෝ අර අහානාගේ හස්බන්ඩ්?" ඇය ඇහුවා.

අභිනව් වහාම ඉදිරියට ආවා. "මං... මං ඉන්නවා නර්ස්!"

"එන්න ඉක්මනට ඇතුළට... පේෂන්ට්ගේ හාර්ට් රේට් (Heart rate) එක ගොඩක් ඩ්‍රොප් වෙනවා. එයා ජීවිතය අතහරින්න හදන්නේ. හැබැයි එයා සිහියෙන් නැතුව 'මගේ පැටව්... මගේ දරුවෝ...' කියලා මුමුණනවා. සමහර විට දරුවන්ගේ ශබ්දය ඇහුණොත් එයාගේ හිතට ශක්තියක් ඒවි. ඔයා ඇතුළට ඇවිත් එයාට කතා කරන්න," හෙද නිලධාරිනිය කිව්වා.

රිතුශි අභිනව් දෙස බැලුවා. මේ වෙලාවේ අහානාගේ ජීවිතය බේරගන්න තියෙන එකම ක්‍රමය ඒක නිසා, රිතුශි මුකුත් නොකියා ඔලුව වැනුවා.

අභිනව් විශේෂ ඇඳුම ඇඳගෙන, වෙව්ලන කකුල් තබමින් ඔපරේෂන් තියෙටර් එක ඇතුළට ගියා.
විවිධ මැෂින් සවි කරලා, සුදුමැලි වෙලා, මරණයත් එක්ක සටන් කරන අහානාව දැක්කාම අභිනව්ගේ පපුව පැලෙන්න වගේ ආවා. එයා හිමින් ඇයගේ ඇඳ ළඟට කිට්ටු වුණා. ඇයගේ සීතල වුණු අයිස් වගේ දෑත තමන්ගේ දෑතට ගත්තා.

"අහානා..." අභිනව්ගේ හඬ බිඳිලා ගියා. ඇයගේ දෑස් තදින් පියවිලා තිබුණා. මැෂින් එකේ 'බීප්... බීප්...' හඬ වේගය අඩු වෙමින් තිබුණේ ඇයගේ අවසානය ළඟ බව පවසමින්.

"අහානා... අනේ මාව දාලා යන්න එපා රත්තරං... මං දන්නවා මං ඔයාට මහා ලොකු දුකක් දුන්නා කියලා. මට දඬුවම් කරන්න... හැබැයි මෙහෙම යන්න එපා. ඔයාගේ බඩේ හිටපු පුංචි පැටව් තුන්දෙනා දැන් එළියට ඇවිත් ඔයා එනකල් අඬනවා අහානා... ඔයා නැතුව ? අනේ ඔයාගේ දරුවෝ වෙනුවෙන් ඇස් ඇරලා බලන්න මැණික..." අභිනව් ඇයගේ අත තමන්ගේ මූණේ තියාගෙන කඳුළු හලමින් වැලපුණා.

"ඔයාට මතකද... ඔයා කිව්වා ඔයා අනාථ නිවාසෙක හැදුණේ, මව්පියන්ගේ ආදරේ නැතුව කියලා. ඔයාට ඕන වුණේ ඔයාගේ දරුවන්ට ලෝකේ තියෙන හොඳම ආදරේ දෙන්න නේද? අනේ... ඒ පැටවුන්වත් අනාථයෝ කරන්නද හදන්නේ අහානා...? නැගිටින්න මගේ රත්තරං..." අභිනව් වේදනාවෙන් කෑගැසුවා.

අභිනව්ගේ ඇස්වලින් ගලාගෙන ආපු උණුසුම් කඳුළු බිංදු කිහිපයක් අහානාගේ අත උඩට වැටුණා.
ඒත් එක්කම මහා පුදුමාකාර දෙයක් වුණා!

අහානාගේ අතේ ඇඟිලි යාන්තමට සෙලවුණා. මැෂින් එකේ ශබ්දය ආයෙමත් වේගවත් වුණා. අහානා තමන්ගේ දෑස් හිමින්, බොහොම අමාරුවෙන් ඇරියා!

ඇය ඉදිරියේ කඳුළු පිරුණු දෑසින් දණගහගෙන ඉන්න අභිනව්ව දැක්කාම, ඇයගේ වියළුණු තොල් අතරින් සිහින් හඬක් පිටවුණා.
"අභි... අභි..නව්... සර්...?"
මතුවට....

16 වැනි කොටස නිමයි

#කර්තෘඅයිතියසුරකිමු
Novel Haven

අම්මෝ... අහානාට සිහිය ආවා! හැබැයි අභිනව්ව දැක්කාම ඇය මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? කේන්ති ගනීවිද, නැත්නම් දරුවෝ වෙනුවෙන් අභිනව්ට සමාව දෙයිද?

⚠️️⚠️️© 2026 NETHMINI EKANAYAKA

සියලුම කර්තෘ අයිතිවාසිකම් සුරක්ෂිතයි.🚫🚫

මෙම කෘතියේ සම්පූර්ණ අන්තර්ගතය හා එහි සියලුම කොටස් කර්තෘගේ බුද්ධිමය දේපළ වේ. කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව මෙම කෘතියේ කිසිදු කොටසක් පිටපත් කිරීම, සංස්කරණය කිරීම, ප්‍රකාශයට පත් කිරීම, බෙදාහැරීම හෝ වෙනත් ආකාරයකින් භාවිත කිරීම තහනම්ය.

Writer: NETHMINI EKANAYAKA✍️

10/07/2026

📖 #නුඹදුන් රිදුම
(15 කොටස )

​මහ වැස්සයි, කළු මීදුමයි මැද්දෙන් අභිනව් තමන්ගේ උපරිම වේගයෙන් වාහනය නුවරඑළිය මහා රෝහල දෙසට ධාවනය කළා. පසුපස අසුනෙන් ඇහෙන අහානාගේ වේදනාකාරී කෙඳිරිල්ල හැම තත්පරයකදීම අභිනව්ගේ පපුව පලාගෙන යනවා වගේ දැනුණා. එයා වරදකාරී හැඟීමෙන් වගේම මහා ලොකු බයකින් ගැහෙන්න ගත්තා.

​"අනේ රිතු... මට බෑ බං... කැක්කුම වැඩියි... මගේ පැටවුන්ට මොකුත් වෙන්න දෙන්න එපා..." අහානා රිතුශිගේ අත තදින් බදාගෙන ඇඬුවා.

​"තව ටිකයි අහානා... අපි හොස්පිට්ල් එක ළඟටම ඇවිත් ඉන්නේ. බයවෙන්න එපා මැණික," රිතුශි ඇයව අස්වසන්න උත්සාහ කළත්, රිතුශිගේ ඇස්වලිනුත් කඳුළු කඩා හැලුණා.

​විනාඩි කිහිපයකින් අභිනව් වාහනය රෝහලේ හදිසි අනතුරු අංශය (Emergency Unit) ඉදිරිපිට නතර කළා. වාහනය නතර කරපු සැනින් අභිනව් වේගයෙන් බැහැලා ඇතුළට දුවලා ගිහින් ට්‍රොලියක් (Trolley) සහ හෙදියන් කිහිපදෙනෙක්ව කැඳවාගෙන ආවා.
​අහානාව වාහනයෙන් එළියට ගන්න හදද්දී, රිතුශි වහාම අභිනව්ව පැත්තකට කළා.

"තමුසේ අහකට වෙන්න! අහානා තමුසෙව දැක්කොත් මේ වෙලාවේ ඒක දරුවන්ට හොඳ නැහැ," රිතුශි රහසින් තදින් මුමුණුවා.

​අභිනව් අසරණව පස්සට වුණා. හෙදියන් සහ රිතුශි එකතු වෙලා අහානාව ට්‍රොලියට තබාගෙන වාට්ටුව දෙසට අරන් යද්දී, අභිනව් ඈතින් හිටගෙන ඒ දිහා බලාගෙන හිටියා. වේදනාවෙන් ඇඹරෙමින් යන අහානාගේ දෑස් එකපාරටම ඈතින් හිටගෙන ඉන්න අභිනව් දෙසට යොමු වුණා. මීදුම සහ වැස්ස මැද, රැවුල වවාගෙන, ඇඬුම් බර දෑසින් තමන් දෙස බලා සිටින ඒ රූපය අහානාට හුරුපුරුදුයි වගේ දැනුණත්, තදබල කැක්කුම නිසා ඇයට ඒ ගැන වැඩිය හිතන්න සිහියක් තිබුණේ නැහැ. ඇය දෑස් පියාගත්තා.
​අහානාව ඇතුළට ගත්තාට පස්සේ දොස්තරලා වහාම ක්‍රියාත්මක වුණා.

​පැය දෙකක් විතර ගත වුණා. අභිනව් රෝහලේ කොරිඩෝවේ බිත්තියට හේත්තු වෙලා, දෑත් එකතු කරලා ජීවිතේ පළමු වතාවට දෙවියන්ට වැඳලා යාච්ඤා කළා.

"අනේ දෙවියනේ... මගේ ජීවිතේම ගත්තත් කමක් නැහැ... මගේ අහානාවයි, මගේ පැටව් තුන්දෙනාවයි බේරලා දෙන්න..."

​ඒ වෙලාවේ ඩොක්ටර් වාට්ටුවෙන් එළියට ආවා. රිතුශි වගේම අභිනව් එකපාරටම දොස්තර ළඟට දිව්වා.

​"ඩොක්ටර්... මගේ යාළුවට කොහොමද?" රිතුශි ඇහුවා.

​ඩොක්ටර් මුහුණ බර කරගත්තා.

"පේෂන්ට්ගේ තත්ත්වය ටිකක් සීරියස්. එයාට එකපාර බබාලා තුන්දෙනෙක් ලැබෙන්න ඉන්න නිසා වගේම, එයා ඉන්නේ මහා ලොකු මානසික පීඩනයක නිසා Blood Pressure ගොඩක් වැඩි වෙලා. අපිට තවදුරටත් බබාලව කුස ඇතුළේ තියන්න බැහැ. දැන්ම සිසේරියන් සැත්කමක් කරන්න වෙනවා."

​"අනේ ඩොක්ටර්... එතකොට බබාලට මාස හතයිනේ..." රිතුශි බය වෙලා ඇහුවා.

​"ඔව්, ඒකයි තියෙන රිස්ක් එක. බබාලා නොමේරූ දරුවෝ විදිහටයි උපදින්නේ. ඒ නිසා ඔවුන්ව Incubator වල තියන්න වෙයි. හැමදේටම වඩා දැන් අම්මාගේ ජීවිතයත් අවදානමක තියෙන්නේ. අපි ඔපරේෂන් එක පටන් ගන්නවා. මේ ෆෝම් එකට අත්සන් කරන්න ඕනේ මිස්ටර් අභිනව් ඉක්මනට,"

ඩොක්ටර් ලියවිල්ල දිගු කළා.
​අභිනව් වෙව්ලන දෑතින් අත්සන් කරන්න හදද්දී, අභිනව් ඩොක්ටර්
ගේ අත්දෙකෙන්ම අල්ලා ගත්තා.

"ඩොක්ටර්..... අනේ මගේ සල්ලි ඔක්කොම ගන්න. කොළඹින් හොද ම දොස්තරලා ගෙන්නන්න ඕන නම් කියන්න. මං හැමදේම කරන්නම්. අනේ මගේ කෙල්ලවයි දරුවෝ තුන්දෙනාවයි බේරලා දෙන්න!"

අභිනව් හැඬමින් කීවා ය.

​දොස්තර අභිනව් දෙස බලා,

"සල්ලිවලින් හැමදේම කරන්න බැහැ මිස්ටර්.. මේ වෙලාවේ වෛද්‍යවරු විදිහට අපි අපේ උපරිමය කරනවා. ඉතිරි ටික දෙවියන්ට බාරයි," කියලා ඔපරේෂන් තියෙටර් එක ඇතුළට ගියා.
​තියෙටර් එකේ රතු ලාම්පුව දැල්වුණා.

​අභිනව් තියෙටර් එකේ දොර ළඟම බිම වාඩි වුණා. එයාගේ මුළු ලෝකයම නතර වෙලා වගේ දැනුණා. තමන් කරපු එකම එක වැරැද්දක් නිසා අද අහිංසක කෙල්ලෙක් ජීවිතයත් මරණයත් අතර සටන් කරනවා.

​"අභි..." දෙව්නකත් ඒ වෙලාවේම කොළඹ ඉඳන් රෝහලට දුවගෙන ආවා. එයා බිම වැටිලා ඉන්න අභිනව්ව බදාගත්තා.

​"මචං දෙව්නක... ඒකිට මොනවා හරි වුණොත් මං මෙතනම මැරෙනවා බං... මට ජීවත් වෙලා වැඩක් නැහැ..." අභිනව් දෙව්නකගේ පපුවේ ඔලුව තියාගෙන මහා හයියෙන් වැලපෙන්න ගත්තා.

​පැය කිහිපයක මහා බිහිසුණු නිශ්ශබ්දතාවයකින් පස්සේ, එකපාරටම ඔපරේෂන් තියෙටර් එක ඇතුළෙන් ඉතාමත් සිහින්, පුංචි දරු පැටවුන්ගේ ඇඬුම් හඬවල් තුනක් එක පිට පිට ඇහෙන්න ගත්තා!

​අභිනව් එකපාරටම බිමෙන් නැගිට්ටා. එයාගේ හදවත මහා පුදුමාකාර විදිහකට ගැහෙන්න ගත්තා. ඒ තමන්ගේම ලේ... තමන්ගේම දරු පැටව් තුන්දෙනා මේ ලෝකෙට ආපු හඬ!
​නමුත්, තියෙටර් එකේ දොර ඇරුණු ගමන් දොස්තර මහත්තයා එළියට ආවේ මහා කලබලකාරී මුහුණකින්...
මතුවට....
​15 වැනි කොටස නිමයි.

#කර්තෘඅයිතියසුරකිමු
Novel Haven
⚠️️⚠️️© 2026 NETHMINI EKANAYAKA

සියලුම කර්තෘ අයිතිවාසිකම් සුරක්ෂිතයි.🚫🚫

මෙම කෘතියේ සම්පූර්ණ අන්තර්ගතය හා එහි සියලුම කොටස් කර්තෘගේ බුද්ධිමය දේපළ වේ. කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව මෙම කෘතියේ කිසිදු කොටසක් පිටපත් කිරීම, සංස්කරණය කිරීම, ප්‍රකාශයට පත් කිරීම, බෙදාහැරීම හෝ වෙනත් ආකාරයකින් භාවිත කිරීම තහනම්ය.

Writer: NETHMINI EKANAYAKA✍️

10/07/2026

ඔන්න ළමයි වැඩි දෙනෙකුගේ ඉල්ලීම මත
#නුඹදුන් රිදුම නවල් එක අද සිට සැම දිනකම රැ 08 ට දෙනවා 🥰 පැටව්නේ....
Novel Haven

06/07/2026

📖 #නුඹමවේද මාගේ නපුරා
පස්වැනි පරිච්ඡේදය (Chapter 05)

​ශ්‍රියන්ත මහත්මයාගේ හඳුන්වා දීමෙන් පස්සේ මුළු මීටින් රූම් එකම මොහොතකට නිශ්ශබ්ද වුණා. අර්යන් ඉදිරියට ඇවිත් සේවකයින් දෙස බැලුවේ කිසිම හැඟීමක් නැති, සීතල බැල්මකින්. ඔහුගේ ඒ තියුණු නිල් දෑස් මුළු ශාලාව පුරාම සැරිසරද්දී හැමෝටම දැනුණේ ලොකු ආධිපත්‍යයක්.

​"Good morning everyone," අර්යන් තමන්ගේ ගම්භීර, රළු කටහඬින් කතාව පටන් ගත්තා.

"මම ආර්යන් නිවේද් වික්‍රමසිංහ. අද ඉඳන් වැන්ගාර්ඩ් එකේ සම්පූර්ණ පාලනය මගේ අතට ගන්නවා."
​ඔහු මේසයට දෑත් තබා මඳක් ඉදිරියට නැවුණා.

"මට එක දෙයක් පැහැදිලිවම කියන්න ඕනේ. මගේ තාත්තා ඔයාලට සලකපු විදිහ නෙවෙයි මම සලකන්නේ. මට ඕනේ රිසල්ට්ස් (Results) විතරයි. වැඩ කරන වෙලාවට වැඩ තියෙන්න ඕනේ. කිසිම ප්‍රමදයක්, කඩකිරීමක් මම ඉවසන්නේ නැහැ. වැරැද්දක් වුණොත්, ඒක කරපු කෙනා කවුරු වුණත් එතැනින්ම අයින් කරනවා.
ඒ නිසා මගේ නීතිවලට වැඩ කරන්න පුළුවන් අය විතරක් මෙතන ඉන්න."
​අර්යන්ගේ ඒ දැඩි වචනවලට මීටින් රූම් එකේ හිටපු පරණ සේවකයෝ පවා බයෙන් එකිනෙකා දෙස බලාගත්තා.

මේධාවී හිටියේ බිම බලාගෙන, තමන්ගේ සාරි පොට ඇඟිලිවලින් තද කරගෙනයි. 'අම්මෝ... මූ නම් මනුස්සයෙක් නෙවෙයි, යකෙක්! මම ඉවරෙටම ඉවරයි,' ඇය හිතින් අඬන්න ගත්තා.

​"That’s all. මීටින් එක ඉවරයි. හැමෝම තමන්ගේ වැඩවලට යන්න," අර්යන් කෙටියෙන් පවසා යන්න හැරුණා.

​මීටින් එක ඉවර වුණාට පස්සේ ශ්‍රියන්ත මහත්මයා, අර්යන් සහ තිසල තුන්දෙනාම ප්‍රධාන විධායක නිලධාරී කැබින් එකට පියනැගුවා. අර්යන් තමන්ගේ ලොකු කැරකෙන පුටුවේ වාඩි වෙලා කෝට් එක ගලවලා පැත්තකින් තිබ්බා.

​"පුතා... මම ඔයාට මගේ ප්‍රයිවට් සෙකට්‍රිරි හඳුන්වා දෙන්නම් ඉන්න," ශ්‍රියන්ත මහත්මයා සිනාසෙමින් මේසය මත තිබූ බෙල් එක නාද කළා.

​තත්පර කිහිපයකින් කැබින් එකේ දොර හෙමින් ඇරුණා. බිම බලාගෙන, ගැහි ගැහී ඇතුළට ආවේ මේධාවී. ඇය ශ්‍රියන්ත මහත්මයා ළඟින් හිටගත්තේ අර්යන් දෙස බලන්නෙවත් නැතුවයි.

​"පුතා... මේ මේධාවී අහස්නා. දුව අලුතෙන්මයි වැඩට ආවේ. ඒ වුණාට හරිම දක්ෂයි, බුද්ධිමත් ළමයෙක්. ඉතින් අද ඉඳන් ඔයාගේ Private Secretary විදිහට වැඩ කරන්නේ මෙයා තමයි," ශ්‍රියන්ත මහත්මයා ආදරයෙන් මේධාවීගේ උරහිසට තට්ටුවක් දැම්මා.

​මේසය අයිනට වී හිටගෙන සිටි තිසලගේ ඇස් දෙක උඩ ගියා! ඔහු තමන්ගේ කට උඩ අත තබාගත්තේ පුදුමයෙන්. 'දෙයියනේ... මේ අර උදේ කොරිඩෝවේදී අර්යන් එක්ක රණ්ඩු වෙච්ච, කටකාර කෙල්ලනේ! මූ අද මූගේ නහරකාරකම මතු කරලා මේ කෙල්ලව අමුවෙන්ම කයිද දන්නේ නැහැ,' තිසල හිතින් හිතුවා.

​අර්යන් පුටුවට බර වෙලා, දෑත් එකතු කරගනිමින් මේධාවී දෙස බැලුවේ ඉතාම කපටි, නපුරු බැල්මකින්.

​"ආ... මෙයාද මගේ අලුත් සෙකට්‍රිරි ?" අර්යන්ගේ කටහඬේ තිබුණේ සමච්චලයක්.

"තාත්තා කිව්වට ඉතින්... මෙයා ඇත්තටම දක්ෂද, නැත්නම් කට විතරද දන්නේ නැ තියෙන්නේ කියලා මට බලන්න වෙනවා."
​මේධාවීට කේන්ති ආවත්, ශ්‍රියන්ත මහත්මයා ඉන්න නිසා ඇය අමාරුවෙන් ඉවසගෙන හිටියා.

"මම මගේ උපරිමයෙන් වැඩ කරන්නම් සර්," ඇය හෙමින් කිව්වා.

​"හොඳයි එහෙනම්... මම දැන් යන්න ලෑස්ති වෙන්නම්. ඔයාලා දෙන්නා වැඩ ටික බලාගන්නකෝ," ශ්‍රියන්ත මහත්මයා දෙන්නාටම සමුදීලා කැබින් එකෙන් පිට වුණා.

​ශ්‍රියන්ත මහත්මයා පිට වුණු සැනින් කැබින් එක ඇතුළේ තිබුණු වාතාවරණය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. අර්යන් පුටුවෙන් නැගිටලා, හෙමින් සැරේ මේධාවී ඉන්න පැත්තට ඇවිදගෙන ආවා. ඔහුගේ ඒ උස, පිරිපුන් සිරුර තමන්ට ලං වෙද්දී මේධාවී පස්සට වෙන්න හැදුවත් ඇය පිටුපසින් තිබුණේ බිත්තියක්.

​"ඉතින්... මිස් මේධාවී?" අර්යන් ඇගේ මුහුණට මඳක් නැඹුරු වුණා.

"උදේ කොරිඩෝවේදී මට මාර ටෝක්නේ එකක්නේ දුන්නේ? 'කවුරු වුණත් මට පාන්ද මනුස්සයෝ' කියලා ඇහුවේ? දැන් කියන්න බලන්න... මම කවුද කියලා තේරෙනවාද?"
​තිසල වහාම මැදට පැනලා හිනාවෙන්න හැදුවා.

"එහ්... මචං අර්යන්, කෙල්ල අලුත්නේ බන්. අතහැරලා දාපන්."

​"උඹ මැදට පනින්නේ නැතුව හිටපන් තිසල!" අර්යන් තිසලට සැර කළා. තිසල වහාම කට වහගෙන පස්සට වුණා.

​මේධාවී තමන්ගේ ලොකු ඇස් දෙක උස්සා අර්යන්ගේ නිල් දෑස් දෙස කෙළින්ම බැලුවා. ඇගේ හිත ඇතුළෙන් බයක් දැනුණත්, ඇගේ උපතින්ම ආපු කටකාරකම ආයෙත් ඉස්සරහට ආවා. ඇය තමන්ගේ මුහුණ උස් කරලා කිව්වා,

"මම උදේ දන්නේ නැහැනේ ඔයා තමයි අලුත් බොස් කියලා. අනික වැරැද්ද ඔයාගෙත් තිබුණා. හැප්පුණාම සොරි කියන්නෙත් නැතුව මටනේ කෑගැහුවේ."

​"කට වහපනවා!" අර්යන් මේසයට තදින් පහරක් ගැසුවා. ඒ සද්දෙට මේධාවී බය වෙලා ඇස් දෙක පියාගත්තා.

​"මගේ ඉස්සරහා තමුන්ගේ ඔය කටකාරකම් දාන්න එන්න එපා.මොකද මට ඒ වගේ කෙල්ලෝ පෙන්න බැ තමුන් මේ වැන්ගාර්ඩ් එකේ ඉන්න ඕනේ නම් මම කියන දේ විතරක් කරන්න ඕනේ. පැහැදිලිද?" අර්යන් ඇගේ මුහුණටම එබී සීතල අයුරින් කිව්වා.

​"පැහැ... පැහැදිලි සර්..." මේධාවී බිම බලාගෙන ගොත ගැසුවාය.

ඇගේ ඇස් දෙකට පුංචි කඳුළු බින්දුවක් උනන්න ලෑස්ති වුණා.

​"හොඳයි... එහෙනම් දැන්ම වැඩ පටන් ගන්නවා. මට පැය භාගයක් ඇතුළත මේ අවුරුද්දේ Profit Reports ඔක්කොම ටේබල් එක උඩට ඕනේ.වැරදක් තියෙන්නත් බැ අනිත් එක.. එක විනාඩියක් හරි පරක්කු වුණොත්... තමුන්ගේ පළවෙනි දවසම අවසාන දවස වෙයි!" අර්යන් හැරිලා ආයෙත් තමන්ගේ පුටුවේ වාඩි වුණා.

​"පැය භාගයකින්? අනේ සර් ඒක..." මේධාවී කියන්න හැදුවා විතරයි,

​"Go!" අර්යන් තදින් පැවසුවා.
​මේධාවී රවාගෙන, ගස්සාගෙන කැබින් එකෙන් එළියට දිව්වාය.
​ඇය එළියට ගිය සැනින් තිසල හයියෙන් හිනා වෙන්න ගත්තා.

"අම්මෝ මචං... උඹ නම් මාර යකෙක්නේ බන්! අර අහිංසක කෙල්ලව බය කරපු විදිහ. හැබැයි මට නම් හිතෙන්නේ ඒ කෙල්ල උඹට ලෙහෙසියෙන් යටත් වෙන ජාතියේ එකියක් නෙවෙයි වගේ . බලපන්කෝ උඹේ මූණටම උත්තර දෙන ලස්සන."

​අර්යන් තමන්ගේ පෑනත් අතැතිව දොර දෙස බලා සිටියා. ඔහුගේ හිත ඇතුළෙන් අමුතුම හැඟීමක් ඇති වුණා. ඒ කෙල්ලගේ දඟකාර, අකීකරු දෑස් ඔහුගේ හිතට තදින්ම වැදිලා තිබුණා.

"බලමු... ඒ කට කොච්චර දවස් තියෙයිද කියලා," අර්යන් තමන්ටම කියාගනිමින් නපුරු සිනහවක් දැම්මේය.

මතුවට......🤪

අවසානයී....🥰

#කර්තෘඅයිතියසුරකිමු
Novel Haven

⚠️️⚠️️© 2026 NETHMINI EKANAYAKA

සියලුම කර්තෘ අයිතිවාසිකම් සුරක්ෂිතයි.🚫🚫

මෙම කෘතියේ සම්පූර්ණ අන්තර්ගතය හා එහි සියලුම කොටස් කර්තෘගේ බුද්ධිමය දේපළ වේ. කර්තෘගේ ලිඛිත අවසරයකින් තොරව මෙම කෘතියේ කිසිදු කොටසක් පිටපත් කිරීම, සංස්කරණය කිරීම, ප්‍රකාශයට පත් කිරීම, බෙදාහැරීම හෝ වෙනත් ආකාරයකින් භාවිත කිරීම තහනම්ය.

Writer: NETHMINI EKANAYAKA✍️

06/07/2026

#නුඹමවේද මාගේ නපුරා 05 කොටසින්....බිදක්....✍️ අද රාත්‍රී 08

"පුතා... මම ඔයාට මගේ ප්‍රයිවට් සෙකට්‍රිරි හඳුන්වා දෙන්නම් ඉන්න," ශ්‍රියන්ත මහත්මයා සිනාසෙමින් මේසය මත තිබූ බෙල් එක නාද කළා.

​තත්පර කිහිපයකින් කැබින් එකේ දොර හෙමින් ඇරුණා. බිම බලාගෙන, ගැහි ගැහී ඇතුළට ආවේ මේධාවී. ඇය ශ්‍රියන්ත මහත්මයා ළඟින් හිටගත්තේ අර්යන් දෙස බලන්නෙවත් නැතුවයි.

​"පුතා... මේ මේධාවී අහස්නා. දුව අලුතෙන්මයි වැඩට ආවේ. ඒ වුණාට හරිම දක්ෂයි, බුද්ධිමත් ළමයෙක්. ඉතින් අද ඉඳන් ඔයාගේ Private Secretary විදිහට වැඩ කරන්නේ මෙයා තමයි," ශ්‍රියන්ත මහත්මයා ආදරයෙන් මේධාවීගේ උරහිසට තට්ටුවක් දැම්මා.

​මේසය අයිනට වී හිටගෙන සිටි තිසලගේ ඇස් දෙක උඩ ගියා! ඔහු තමන්ගේ කට උඩ අත තබාගත්තේ පුදුමයෙන්. 'දෙයියනේ... මේ අර උදේ කොරිඩෝවේදී අර්යන් එක්ක රණ්ඩු වෙච්ච, කටකාර කෙල්ලනේ! මූ අද මූගේ නහරකාරකම මතු කරලා මේ කෙල්ලව අමුවෙන්ම කයිද දන්නේ නැහැ,' තිසල හිතින් හිතුවා.

​අර්යන් පුටුවට බර වෙලා, දෑත් එකතු කරගනිමින් මේධාවී දෙස බැලුවේ ඉතාම කපටි, නපුරු බැල්මකින්.

​"ආ... මෙයාද මගේ අලුත් සෙකට්‍රිරි ?" අර්යන්ගේ කටහඬේ තිබුණේ සමච්චලයක්. ......🥰

අද රාත්‍රී 08 බලාපොරොත්තු වන්න.......⚠️️🚫

#කර්තෘඅයිතියසුරකිමු
Novel Haven

05/07/2026

05 Chapter හෙට රාත්‍රි 08 ට බලාපොරොත්තු වන්න...❤️

Novel Haven

#කර්තෘඅයිතියසුරකිමු

Want your business to be the top-listed Government Service in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Kekirawa
Anuradhapura