======ඉංග්‍රිසි මාධ්‍ය දරුවන්ටත් මනෝමිතික පරික්ෂණ ======
නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනාධිපති විද්‍යාලයේ ඉංග්‍රිරිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන 09 වසර දරු දැරියන් සදහා වෘත්තීය ලැදියා මනෝමිතික පරික්ෂන සිදුකිරිමේ වැඩමුලුවක් 2026/06/01 දින විද්‍යාලයේදි පවත්වන් ලදී
අනාගත වැඩ ලෝකයට නිපුණ ශ්‍රමිකයන් බිහි කිරිමේ අරමුණ හා එක් එක් දරුවන්ගේ හැකියාවන් , ලැදියාවන් දක්ශතාවයන් හදුනා ගැනිම තුලින් උසස් අධ්‍යාපනයට සුදුසු විෂයන්සහ විෂය ධාරාවන් තෝරා ගැනිමට පහසුකම් සැපයිම මෙමෙ වැඩ්මුලුවේ ප්‍රධාන අරමුණ විය .
නියෝජ්‍ය විදුහල්පති නයොමි ජයවීර මහත්මියගේ ආරාධනයෙන් සහ විදුහල්පතිතුමාගෙ පූර්ණ අධික්ෂනය යටතේ ක්‍රියාත්මක කල වැඩ මුලුව සදහා සම්පත්දායකත්වය සපයනු ලැබුවේ අධ්‍යාපන උසස් අධ්‍යාපන වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිපුණතා නිළදාරි - @වෘත්තිය මාර්ගෝපදේශන , එච් . එම්. දිප්ති සිරිවර්ධන මහත්මිය විසිනි.
Divisional Secretariat Nuwaragam Palatha East
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Divisional Secretariat Nuwaragam Palatha East, Government Organization, Anuradhapura.
02/06/2026
ප්‍රජා විශෝධන ආඥාලාභීන් සඳහා ප්‍රජා සෞඛ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක්
=======================
අනුරාධපුර ප්‍රජා විශෝධන කාර්‍යාලයට අයත් ප්‍රජා විශෝධන ආඥාලාභීන් සඳහා වැඩසටහනක් 2026.05. 27 දින අනුරාධපුර ආයුර්වේද ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ නැගෙනහිර නුවරගම් පළාත ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරී කල්හාරී නදීෂා මහත්මිය විසිනි. ආයුර්වේද
මේ සඳහා සම්පත්දායකත්වය අනුරාධපුර ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව නිල්තොටංග මහතා විසින් සපයන ලැබූ අතර ම.නු.ප , රඹෑව , තිරප්පනය, විලච්චිය යන ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි ප්‍රජා විශෝධන සංවර්ධන නිලධාරීන්ද සහභාගී විය.
මෙම ප්‍රජා සෞඛ්‍ය වැඩසටහනින් බෝ නොවන රෝග පාලනය, බෝවන රෝග මර්ධනය, ප්‍රජා මානසික සෞඛ්‍ය යන මාතෘකා පිළිබඳව දැනුවත් කරීම සිදු කරන ලදී .
මෙම වැඩමුළුව සඳහා සහභාගී වූ ආඥාලාභීන් සක්‍රීයව, සතුටින් හා ස්වකැමැත්තෙන් මෙම වැඩසටහනට සහභාගී වීම කැපී පෙණුනි.
02/06/2026
ප්‍රජා විශෝධන ආඥාලාභීන් සඳහා ප්‍රජා සෞඛ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක්
=======================
අනුරාධපුර ප්‍රජා විශෝධන කාර්‍යාලයට අයත් ප්‍රජා විශෝධන ආඥාලාභීන් සඳහා වැඩසටහනක් 2026.05.27 වන දින නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය සංවර්ධන නිලධාරීගේ සංවිධානයෙන් ආයුර්වේද ශ්‍රවණාගාරයේදී පැවැත්විණී.මේ සඳහා සම්පත්දායකත්වය අනුරාධපුර ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සංජීව නිල්තොටංග මහතා විසින් සපයන ලැබූ අතර ම.නු.ප , රඹෑව , තිරප්පනය, විලච්චිය, සංවර්ධන නිලධාරීන්ද ( ප්‍රජා විශෝධන) සහභාගී විය.
පැවැත්වූ මෙම ප්‍රජා සෞඛ්‍ය වැඩසටහන ප්‍රධාන අංශ කිහිපයක් ඔස්සේ ක්‍රියාත්මක විය.(බෝ නොවන රෝග පාලනය,බෝ වන රෝග මර්ධනය, ප්‍රජා මානසික සෞඛ්‍යය )ඒ සඳහා සහභාගී වූ ආඥාලාභීන් සක්‍රීයව හා සතුටින් කැමැත්තෙන් මෙම වැඩසටහනට සහභාගී විය.
30/05/2026
සැබෑවන සුභ සිහින ( 2)
==================
නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැය නංවන සපිරි ගමක් ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මානය වන 276 පහළ කීරික්කුලම ගම්මානයේ අඩු ආදායම්ලාභී ප්‍රතිලාභීන් දෙදෙනෙකු වෙනුවෙන් 2026.05.27 දින නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ කටයුතු සිදුකරන ලදි.
ජීවත් වීම සදහා සුදුසු නිවසක් අහිමි මෙම ප්‍රතිලාභීන්ගේ නිවාස සිහිනය , සිහිනයක් නොවී යතාර්ථයක් කරන්නට මඟ පාදන ලද්දේ නැගෙනහිර නුවර ගම්පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායිතා නිලධාරී ලක්නා ලක්මාලී හා ග්‍රාම සංවර්ධන නිලධාරී දීපා ප්‍රියන්ති යන මහත්මීන්ගේ සෘජු මැදිහත් වීමෙන් උතුරු මැද පළාත් වාරිමාර්ග, මාර්ග සංවර්ධන, ග්‍රාම සංවර්ධන, නිවාස හා කාන්තා කටයුතු අමාත්‍යාංශ විසිනි.
මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නුවර ගම් පළාත ප්‍රාදේශී සභාවේ සභාපතිතුමන් ඇතුළු දේශපාලන අධිකාරිය මෙන්ම නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මධුර විමලත්න මහතා, කාර්මික නිලධාරී කසුන් මහතා, කීරික්කුලම තුලානේ ග්‍රාම 276 නිලධාරිනී පියුමි මහත්මිය, තුලානේ ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී හා තුලාන භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී, ජාතික ඒකාබද්ධතා නිලධාරී ඇතුළු නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් මෙන්ම ප්‍රජා ශක්ති සංවර්ධන සභාවේ සභාපති හා නිලධාරීන්, ප්‍රජා නායකයින් හා ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
මේ එම්.ආර්.නිරෝෂා කුමාරි මහත්මිය වෙනුවෙන් ඉදිවන නිවසයි.
30/05/2026
සැබෑවන සුභ සිහින (01)
==================
නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දැය නංවන සපිරි ගමක් ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මානය වන 276 පහළ කීරික්කුලම ගම්මානයේ අඩු ආදායම්ලාභී ප්‍රතිලාභීන් දෙදෙනෙකු වෙනුවෙන් 2026.05.27 දින නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ කටයුතු සිදුකරන ලදි.
ජීවත් වීම සදහා සුදුසු නිවසක් අහිමි මෙම ප්‍රතිලාභීන්ගේ නිවාස සිහිනය , සිහිනයක් නොවී යතාර්ථයක් කරන්නට මඟ පාදන ලද්දේ නැගෙනහිර නුවර ගම්පලාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායිතා නිලධාරී ලක්නා ලක්මාලී හා ග්‍රාම සංවර්ධන නිලධාරී දීපා ප්‍රියන්ති යන මහත්මීන්ගේ සෘජු මැදිහත් වීමෙන් උතුරු මැද පළාත් වාරිමාර්ග, මාර්ග සංවර්ධන, ග්‍රාම සංවර්ධන, නිවාස හා කාන්තා කටයුතු අමාත්‍යාංශ විසිනි.
මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නුවර ගම් පළාත ප්‍රාදේශී සභාවේ සභාපතිතුමන් ඇතුළු දේශපාලන අධිකාරිය මෙන්ම නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ මධුර විමලත්න මහතා, කාර්මික නිලධාරී කසුන් මහතා, කීරික්කුලම තුලානේ ග්‍රාම 276 නිලධාරිනී පියුමි මහත්මිය, තුලානේ ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී හා තුලාන භාර සමෘද්ධි සංවර්ධන නිලධාරී, ජාතික ඒකාබද්ධතා නිලධාරී ඇතුළු නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් මෙන්ම ප්‍රජා ශක්ති සංවර්ධන සභාවේ සභාපති හා නිලධාරීන්, ප්‍රජා නායකයින් හා ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
මේ 276 කීරික්කුලම තුලානේ ඩබ්.පී. දුලාංජන දිසානායක මහතා වෙනුවෙන් ඉදිවෙන නිවස වෙනුවෙන් මුල් ගල තැබීමේ අවස්ථාවයි.
සහජීවනයේ වෙසක් සැමරුම•••☸️🕉✝️☪️
අන්තර් ආගමික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා අංශය විසින්, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ දී 2026.05.26 දින සිදු කරන ලදී.
28/05/2026
නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලය නව මුහුණුවරකින්
===============================
නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය සංස්කෘතික බල මණ්ඩලයේ මහ සභා රැස්වීම නවමු මුහුණුවරකින් 2026.05.26 දින නැගෙනහිර නුවරගම් පළාත ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම බල මණ්ඩල රැස්වීමෙි මුලසුන ගත්තේ නැගෙනහිර නුවරගම් පළාත සහකාර ප්‍රාදේශීය ලේකම් ශාමලී උදේශිකා සුභසිංහ මහත්මිය විසිනි.
දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරි ඒ.කේ. සිරිවර්ධන මහතාද මෙම අවස්ථාවට සහභාගි විය.
නැගෙනහිර නුවරගම් පළාත සංස්කෘතික නිලධාරි දිනෙෂ්කා දිල්රුක්ෂි මහත්මිය සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නව චක්‍රලේඛන හා කලාකරුවන් සඳහා වන තරග, අගහිඟ කලාකරු ආධාර, කලාකරු විශ්‍රාම වැටුප්, කලාකරු හැඳුනුම්පත් ගැන මෙන්ම සංස්කෘතික බල මණ්ඩලයේ සාමාජිකත්වය පිළිබඳවද පැහැදිලි කිරිම් සිදු කළාය.
මෙම අවස්ථාව සඳහා නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රවීණ කලාකරුවන් රැසක් පැමිණ සිටිය හ.
මීට අමතරව සංස්කෘතික බල මණ්ඩලය සඳහා නවක නිලධාරි මණ්ඩලයක්ද තේරී පත්විය.
කලාකරුවන් විසින් ඉදිරිපත් කරනලද
ගී හා නර්තන අංගයන්ගෙන් මෙම සැදෑව ආනන්දජනක විය.
28/05/2026
කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සඳහා ඵලදායිතා සංකල්පය භාවිතය
=================
කාර්යක්ෂම රාජ්‍ය සේවයක් සදහා ඵලදායිතා සංකල්ප පිලිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරී සදහා 2026.05.20 දින පැවැත්විණි.
මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ නැගෙහිර නුවරගම් පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඵලදායිතා සංවර්ධන නිලධාරී ලක්නා ලක්මාලි මහත්මිය විසිණි.
මෙම වැඩසටහන සඳහා දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ , නියෝජ්‍ය අධ්‍යක්ෂකවරුන් , මාණ්ඩලික නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියළුම නිලධාරීන් සහභාගි විය.
මෙහිදී තම කාර්යයන් පහසු කරගනිමින් කාර්යක්ෂම සේවාවක් සැපයීම සදහා ඵලදායීතා සංකල්ප යොදා ගන්නා ආකාරය සාකච්ඡා කෙරිණි.
27/05/2026
සහජීවනයේ වෙසක් සැමරුම
=========================
අන්තර් ආගමික සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා අංශය, ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානය හා අනුරාධපුර ශාන්ත ජෝශප් දෙව්මැදුර හා එක්ව සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහන 2026.05.26 දින ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ දී පවත්වන ලදී.
මෙහිදී ප්‍රථමයෙන්ම වැඩසටහනෙහි අරමුණ සහ වැදගත්කම පිළිබදව අනුශාසනාව අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති,නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශීය බල මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදුකළ අතර එහිදී විවිධ ආගම්, සංස්කෘතික පසුබිම් නියෝජනය කරමින් පැමිණි සියලු දෙනා හට සාමය, සමගිය හා සහජීවනයේ වටිනාකම පිළිබඳව දේශනා කරන ලදී.
ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරවාසී අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය බටගොල්ලේ පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ,
අනුරාධපුර ශාන්ත ජෝසප් දෙව් මැදුරේ දිලීප් එරන්ද පියතුමන්,
ශ්‍රී කදිරේෂන් කෝවිලේ සිවා සී ඥාණචන්ද්‍රන් බාලචන්ද්‍රන් කුරුක්කල් තුමන් ,අනුරාධපුර මොහිදීන් ජුම්මා පල්ලියේ අබ්දුල් ගයූම් මවුලවීතුමන්ද මේ අවස්ථාව සඳහා සම්බන්ධ වූ අතර
පියතුමන්, කුරුක්කල්තුමන් හා මව්ලවිතුමන්ද මෙහිදී අන්තර් ආගමික සහයෝගිතාවය පිළිබද දරුවන් වෙත අදහස් දැක්වූහ.
වැඩසටහන සඳහා අනුරාධපුර ප්‍රධාන පාසල් 05 ක දරුවන් 40 ක් සහභාගි විය.
අ/වලිසිංහ හරිශ්චන්ද්‍ර මහා විද්‍යාලයේ බෞද්ධ දරු දැරියන්10 කු අ/සහිරා මහා විද්‍යාලයේ ඉස්ලාම් දරු දැරියන් 10 කු,
අ/විවේකානන්ද මහා විද්‍යාලයේ හින්දු දරු දැරියන් 10 කු
අ/ස්වර්ණපාලි බා.මහා විද්‍යාලයේ කතෝලික දැරියන් 05 කු හා
අ/ශාන්ත ජෝශප් මහා විද්‍යාලයේ කතෝලික දරුවන් 05 කු මෙන්ම
එම පාසල් නියෝජනය කරමින් ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීන් මේ සඳහා සම්බන්ධ විය.
නැගෙනහිර නුවරගම් පළාත, ප්‍රාදේශීය මහ ලේකම් කාර්‍යාලයේ සමථ වැඩසටහන් නිලධාරි ඩිනූෂා චතුරංගනී විතානගේ මහත්මිය ද මේ අවස්ථාවට සම්බන්ධ වු අතර
මෙම වැඩසටහන සංවිධානය කරමින් මෙහෙයවන ලද්දේ නැගෙනහිර නුවරගම් පළාත ජාතික ඒකාබද්ධතා සංවර්ධන නිලධාරි තක්ෂිලා තෙන්නකෝන් මහත්මිය විසිනි.
Click here to claim your Sponsored Listing.
Location
Category
Contact the business
Telephone
Website
Address
Anuradhapura
50000
Opening Hours
| Monday | 08:30 - 16:15 |
| Tuesday | 08:30 - 16:15 |
| Wednesday | 08:30 - 16:15 |
| Thursday | 08:30 - 16:15 |
| Friday | 08:30 - 16:15 |
