ගමනක නිමාව

ගමනක නිමාව

Share

ප්‍රඥාව ලැබීමට මෙම පිටුව ඔබට හේතුවක් වෙත්වා !!!

16/01/2024

කාම රාග, රූප රාග හා අරූප රාග විස්තර කිරීම. | Kaama raga, rupa raaga arupa raaga visthara kirima.






#ගමනක නිමාව

15/01/2024

සෝපාදිශේෂ නිර්වාණ ධාතුව හා අනුපදිශේෂ නිර්වාණ ධාතුව යනු?

වුත්තං හේතං භගවතා, වුත්තමරහතා’ති මේ සුතං:
භාග්‍යවතුන් වහන්සේ තමයි මේ කාරණය වදාළේ. අරහත් මුනිඳාණන්මයි මෙය වදාළේ. මේ විදිහටයි මට අසන්නට ලැබුනේ.

ද්වේ’මා භික්ඛවේ නිබ්බානධාතුයෝ. කතමේ ද්වේ? සඋපාදිසේසා ච නිබ්බානධාතු අනුපාදිසේසා ච නිබ්බානධාතු.
“පින්වත් මහණෙනි, මේ නිර්වාණ ධාතු දෙකක් තියෙනවා. මොනවද ඒ දෙක? සෝපාදිශේෂ නිර්වාණ ධාතුවත්, අනුපාදිශේෂ නිර්වාණ ධාතුවත්.

කතමා ච භික්ඛවේ සඋපාදිසේසා නිබ්බානධාතු? ඉධ භික්ඛවේ භික්ඛු අරහං හෝති ඛීණාසවෝ වුසිතවා කතකරණීයෝ ඕහිතභාරෝ අනුප්පත්තසදත්ථෝ පරික්ඛීණභවසංයෝජනෝ සම්මදඤ්ඤා විමුත්තෝ. තස්ස තිට්ඨන්තේව පඤ්චින්ද්‍රියානි යේසං අවිඝාතත්තා මනාපාමනාපං පච්චනුභෝති සුඛදුක්ඛං පටිසංවේදේති. තස්ස යෝ රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ, අයං වුච්චති භික්ඛවේ සඋපාදිසේසා නිබ්බානධාතු.
පින්වත් මහණෙනි, මේ සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුවක් ඉන්නවා. ඔහු රහතන් වහන්සේ නමක්. ආශ්‍රවයන් ක්ෂය කරපු කෙනෙක්. නිවන් මඟ සම්පූර්ණ කරගත්තු කෙනෙක්. උතුම් වූ අරහත්වය පිණිස කළ යුතු සියල්ලම කරපු කෙනෙක්. කෙලෙස් බර වීසි කරපු කෙනෙක්. මාර්ගඵල පිළිවෙලින් අරහත්වයට පත් වූ කෙනෙක්. සියලු භව බන්ධන ක්ෂය කරපු කෙනෙක්. අවබෝධයෙන්ම දුකින් නිදහස් වූ කෙනෙක්. ඒ රහත් භික්ෂුවටත් මේ ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන් පහම තියෙනවා. ඒවා තවම නැතිවෙලා නැති නිසා මනාප අමනාප වූ සැප දුක් ලැබෙනවා. නමුත් ඒ රහත් භික්ෂුවගේ රාගය ප්‍රහීණයි. ද්වේෂය ප්‍රහීණයි. මෝහය ප්‍රහීණයි. මේක තමයි පින්වත් මහණෙනි, සෝපාදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ.

කතමා ච භික්ඛවේ අනුපාදිසේසා නිබ්බානධාතු? ඉධ භික්ඛවේ භික්ඛු අරහං හෝති ඛීණාසවෝ වුසිතවා කතකරණීයෝ ඕහිතභාරෝ අනුප්පත්තසදත්ථෝ පරික්ඛීණභවසංයෝජනෝ සම්මදඤ්ඤා විමුත්තෝ. තස්ස ඉධේව භික්ඛවේ සබ්බවේදයිතානි අනභිනන්දිතානි සීති භවිස්සන්ති. අයං වුච්චති භික්ඛවේ අනුපාදිසේසා නිබ්බානධාතු.
පින්වත් මහණෙනි, මේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියන්නේ මොකක්ද? පින්වත් මහණෙනි, මෙහි භික්ෂුවක් ඉන්නවා. ඔහු රහතන් වහන්සේ නමක්. ආශ්‍රවයන් ක්ෂය කරපු කෙනෙක්. නිවන් මඟ සම්පූර්ණ කරගත්තු කෙනෙක්. උතුම් වූ අරහත්වය පිණිස කළ යුතු සියල්ලම කරපු කෙනෙක්. කෙලෙස් බර වීසි කරපු කෙනෙක්. මාර්ගඵල පිළිවෙලින් අරහත්වයට පත් වූ කෙනෙක්. සියලු භව බන්ධන ක්ෂය කරපු කෙනෙක්. අවබෝධයෙන්ම දුකින් නිදහස් වූ කෙනෙක්. පින්වත් මහණෙනි, ඒ රහතන් වහන්සේගේ ඒ විඳින සියලු විඳීම් කිසි ලෙසකිනුත් තණ්හාවෙන් නොපිළිගන්නා නිසා මේ ජීවිතයේදීම (පිරිනිවන් පෑමෙන්) සිසිල් වෙලා යනවා. පින්වත් මහණෙනි, මෙන්න මේකට තමයි කියන්නේ අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියලා.”

ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං ඉති වුච්චති:
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය මේ අයුරිනුත් පවසන්න පුළුවනි.

“දුවේ ඉමා චක්ඛුමතා පකාසිතා,
නිබ්බානධාතූ අනිස්සිතේන තාදිනා,
ඒකා හි ධාතු ඉධ දිට්ඨධම්මිකා,
සඋපාදිසේසා භවනෙත්තිසංඛයා,
අනුපාදිසේසා පන සම්පරායිකා,
යම්හි නිරුජ්ඣන්ති භවානි සබ්බසෝ
“සදහම් ඇස් ඇති, කෙලෙස් සමඟ කිසි එකතුවක් නැති, අකම්පිත සිත් ඇති ඒ බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණ ධාතු දෙකක් වදාළා. එක නිර්වාණ ධාතුවක් මේ ජීවත් වෙලා ඉන්න කාලයේමයි. ඒක සෝපාදිශේෂයි. භවයේ උපදින්න සිද්ධ වෙන දේවල් ක්ෂය වෙලා. අනික් නිර්වාණ ධාතුව අනුපාදිශේෂයි. ඒකෙන් තමයි නැවතත් කිසි භවයක් හට නොගන්නේ. ඒක සිද්ධ වෙන්නේ පිරිනිවන් පෑවට පස්සෙයි.

යේ ඒතදඤ්ඤාය පදං අසංඛතං,
විමුත්තචිත්තා භවනෙත්තිසංඛයා,
තේ ධම්මසාරාධිගමා ඛයේ රතා,
පහංසු තේ සබ්බභවානි තාදිනෝ”ති
යම් කෙනෙක් කෙලෙස්වලින් සකස් නොවූ මේ නිවන අවබෝධ කරගෙන භව බන්ධන සිඳලා දාලා, සියලු කෙලෙස්වලිනුත් නිදහස් වුනු සිතින් නම් ඉන්නේ, ඒ රහතන් වහන්සේලා ධර්මයේ සාරයට පැමිණිලා කෙලෙසුන් ක්ෂය වූ ඒ අමා නිවනෙහි සිත් අලවාගෙන ඉන්නේ. අකම්පිත සිත් ඇති ඒ රහත් මුනිවරු සියලු භවයන් ප්‍රහාණය කළා.”

අයම්පි අත්ථෝ වුත්තෝ භගවතා ඉති මේ සුතන්ති.
මේ අර්ථය වදාරණ ලද්දේ භාග්‍යවතුන් වහන්සේ විසින්මයි. මේ විදිහට මා හට අසන්නට ලැබුනා.
සාදු! සාදු!! සාදු!!!

ඛුද්දක නිකාය
නිර්වාණ ධාතුව ගැන වදාළ දෙසුම.

සැම සිත සුව පිණිස උපුටා ගැනීම: https://tripitaka.online/sutta/12292/14

#ගමනක නිමාව

31/12/2023

~~මහා චත්තාරීසක සූත්‍රය ~~

මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන්ට කථාකළ සේක. ඒ භික්ෂූහු ‘ස්වාමීනි’යි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, තොපට නිදොස්වූ ප්‍රත්‍යය සහිතවූ පිරිවර සහිතවූ සම්මාසමාධිය (මාර්ගසමාධිය) දේශනා කරන්නෙමි. එය අසව්, මැනවින් මෙනෙහි කරව්, දේශනා කරන්නෙමි”යි වදාළසේක. “එසේය ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, නිදොස්වූ ප්‍රත්‍යය සහිතවූ පිරිවර සහිතවූ සම්මාසමාධිය කුමක්ද? එනම්, සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය යන මොහු වෙති.
“මහණෙනි, මේ අංග සතෙන් පිරිවරනලද චිත්තයාගේ යම් එකඟ බවක් වේද, මහණෙනි, මෙය ප්‍රත්‍යය සහිතවූ පිරිවර සහිතවූ සම්මාසමාධියයි කියනු ලැබේ.
“මහණෙනි, ඒ අංග සත අතරෙන් සම්‍යක්දෘෂ්ටිය පෙරටුව යන්නේ වෙයි. මහණෙනි, සම්‍යක්දෘෂ්ටිය පෙරටුව යන්නේ කෙසේද? ‘මිථ්‍යාදෘෂ්ටිය මිථ්‍යාදෘෂ්ටිය යයි දැනගනීද, සම්‍යක්දෘෂ්ටිය සම්‍යක්දෘෂ්ටියයයි දැනගනීද, ඒ ඔහුගේ සම්‍යක් දෘෂ්ටිය වෙයි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය නම් කවරීද? ‘දුන් දැයෙහි විපාක නැත මහාදානයෙහි විපාක නැත. පූජා පැවැත්වීමෙහි විපාක නැත. කුශලා කුශලයන්ගේ විපාක නැත. මෙලෝ නැත. පරලෝ නැත. මවුට කරන යහපත්වූ හෝ අයහපත්වූ හෝ කටයුතුවල විපාක නැත. පියාට කරන යහපත්වූ හෝ අයහපත්වූ හෝ කටයුතුවල විපාක නැත. චුතව උපදින සත්වයෝ නැත. මෙලොවද පරලොවද තෙමේම විශේෂ ඥානයෙන් දැන ප්‍රකාශ කරත්ද, මනාව පිළිපන් යහපත් තැනට පැමිණියාවූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ (සර්වඥ බුදුවරු) නැත.’ මහණෙනි, මේ වනාහි මිථ්‍යාදෘෂ්ටියයි.
“මහණෙනි, සම්‍යක්දෘෂ්ටිය කුමක්ද? මහණෙනි, මම සම්‍යක්දෘෂ්ටියද දෙපරිදිකොට කියමි. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාකදෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක්දෘෂ්ටියක් ඇත. මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ, ලොකෝත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් දෘෂ්ටියක් ඇත. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශලයන්ට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇති සම්‍යක් දෘෂ්ටිතොමෝ කවරීද? ‘දුන් දැයෙහි විපාක ඇත. මහාදානයෙහි විපාක ඇත. පුදපඬුරු යැවීමෙහි විපාක ඇත. කුශලා කුශලයන්ගේ විපාක ඇත. මෙලෝ ඇත. පරලෝ ඇත. මවුට කරන යහපත්වූ හෝ අයහපත්වූ කටයුතුවල විපාක ඇත. පියාට කරන යහපත්වූ හෝ අයහපත්වූ ක්‍රියාවල විපාක ඇත. චුතව උපදින සත්වයෝ ඇත. යම් කෙනෙක් මෙලොවද පරලොවද තෙමේම විශේෂ ඥානයෙන් දැන ප්‍රකාශ කරද්ද, එබඳු මනාව පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ (සර්වඥ බුදුවරු) ඇත.’ මහණෙනි, මේ ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් දෘෂ්ටියයි.
“මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලෝකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් දෘෂ්ටිය කවරීද? මහණෙනි, ආර්‍ය්‍යවූ චිත්තයෙන් ආශ්‍රවරහිත චිත්තයෙන් ආර්‍ය්‍යමාර්ගයෙන් යුක්තවූවහුගේ ආර්‍ය්‍ය මාර්ගය වඩන්නහුගේ යම් ප්‍රඥාවක් වන්නීද, ප්‍රඥෙන්ද්‍රියයක් වේද, ප්‍රඥාබලයක් වේද, ධම්මවිචය සම්බොජ්ඣංගයක් වේද, සම්‍යක් දෘෂ්ටියක් වේද, මාර්ගාංගයක් වේද, මහණෙනි, මේ නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලෝකොත්තරවූ මාර්ගාංගයක්වූ සම්‍යක් දෘෂ්ටියයි.
“යමෙක් මිථ්‍යාදෘෂ්ටිය පහකිරීමටත් සම්‍යක්දෘෂ්ටිය වැඩීමටත් වෑයම් කෙරේද, එය ඔහුගේ සම්‍යක් ව්‍යායාමයවේ. හෙතෙම සිහියෙන් යුක්තවූයේ මිථ්‍යාදෘෂ්ටිය දුරුකරයි. සිහියෙන් යුක්තවූයේ සම්‍යක් දෘෂ්ටියට පැමිණ වාසය කෙරෙයිද, එය ඔහුගේ සම්‍යක් ස්මෘතිය (යහපත් සිහිය) වේ. මෙසේ මේ ධර්මයෝ තිදෙන සම්‍යක්දෘෂ්ටිය අනුව ගමන්කරත්, අනුව පවතිත්.
“එනම්:- සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් ව්‍යායාමය, හා සම්‍යක් ස්මෘතියයි.
137
මහණෙනි, එහි සම්‍යක් දෘෂ්ටිය පෙරටුව යන්නේ වේ. කවර සම්‍යක් දෘෂ්ටියක් පෙරටුව යන්නේවේද? මිථ්‍යා සංකල්පනය මිථ්‍යාසංකල්පනයයි දැනගනීද, සම්‍යක් සංකල්පනය සම්‍යක් සංකල්පනයයි දැනගනීද, එය ඔහුගේ සම්‍යක් දෘෂ්ටියවේ.
“මහණෙනි, මිථ්‍යා සංකල්පනය කුමක්ද? කාම සංකල්පය, ව්‍යාපාද සංකල්පය, විහිංසා සංකල්පය යන මෙය මහණෙනි, මිථ්‍යා සංකල්පය නම් වේ.
“මහණෙනි, සම්‍යක් සංකල්පය නම් කුමක්ද? මහණෙනි, මම සම්‍යක් සංකල්පයද දෙපරිදිකොට කියමි. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාක දෙන්නාවූ සම්‍යක් සංකල්පයක් ඇත. මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ, ලෝකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් සංකල්පයක් ඇත.
“මහණෙනි, ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් සංකල්පය කුමක්ද? නෛෂ්ක්‍රම්‍ය සංකල්පය, අව්‍යාපාද සංකල්පය, අවිහිංසා සංකල්පය යන මෙය මහණෙනි, ආශ්‍රව සහිතවූ කුසලයන්ට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් සංකල්පයයි.
“මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලෝකෝත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් සංකල්පය කවරේද? මහණෙනි, නිදොස් සිත් ඇත්තහුගේ, ආශ්‍රව රහිත සිත් ඇත්තහුගේ, ආර්‍ය්‍ය මාර්ගයෙන් යුක්තවූවහුගේ, ආර්‍ය්‍ය මාර්ගය වඩන්නහුගේ යම් කල්පනාවක් වේද, විතර්කයක් වේද, සංකල්පයක් වේද, (එකඟව අරමුණට නැගීම) අර්පනාවක් වේද, (විශේෂයෙන් අරමුණට නැගීම) ව්‍යර්පණාවක් වේද, චිත්තයාගේ අරමුණට නැංවීමක් වේද, වාක් සංස්කාරයක් වේද මහණෙනි, මෙය නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලෝකෝත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් සංකල්පයයි.
“හෙතෙම මිථ්‍යා සංකල්පය පහකිරීමටද, සම්‍යක් සංකල්පයට පැමිණීමටද වෑයම් කෙරේද, ඔහුගේ මේ සම්‍යක් ව්‍යායාමයවේ. හෙතෙම සිහියෙන් යුක්තවූයේ මිථ්‍යා සංකල්පය දුරුකෙරෙයි. සිහියෙන් යුක්තවූයේ සම්‍යක් සංකල්පයට පැමිණ වෙසෙයි. ඔහුගේ මේ සම්‍යක් සතිය වන්නීය. මෙසේ ඔහුගේ මේ ත්‍රිවිධ ධර්මයෝ (ලොකොත්තර) සම්‍යක් සංකල්පයට පිරිවර වෙත්. අනුව පවතිත්. එනම්, සම්මාදිට්ඨිය, සම්මාවායාමය, සම්මාසතිය යන තුනයි.
138
“මහණෙනි, ඔවුන් අතුරෙන් සම්‍යක් දෘෂ්ටිය පෙරටුව යන්නේ වේ. මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය කෙසේ පෙරටුව යන්නේවේද? මිථ්‍යාවචනය මිථ්‍යාවචනයයි දැනගනීද, සම්‍යක් වචනය සම්‍යක් වචනයයි දැනගනීද, ඔහුගේ ඕතොමෝ සම්‍යක් දෘෂ්ටිය වන්නීය.
“මහණෙනි, මිථ්‍යා වචනය නම් කවරේද? මුසාවාදය (බොරු කීම) පිසුණු වචනයය (කේලාම් කීම) පරුෂ වචනයය (රළුවචන කීම) සම්ඵප්‍රලාපයය (හිස්වචන කීම) යන මේ මහණෙනි, මිථ්‍යාවචනයයි. මහණෙනි, සම්‍යක් වචනය කවරේද? මහණෙනි, මම සම්‍යක් වචනයද දෙපරිදිකොට කියමි.
“මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශලපක්ෂයට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් වචනයක්ද ඇත. මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලෝකෝත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් වචනයක්ද ඇත. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශල පක්ෂයට ඇතුළත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් වචනය කුමක්ද? මුසාවාදයෙන් (බොරු කීමෙන්) වෙන්වීමය, පිසුණු (කේලාම්) වචනයෙන් වෙන්වීමය, පරුෂවචනයෙන් වෙන් වීමය, සම්පඵප්‍රළාප (හිස්වචන) යෙන් වෙන්වීම යන මෙය මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශල පක්ෂයෙහි ඇතුළත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් වචනයයි.
“මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලොකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් වචනය කුමක්ද? මහණෙනි, නිදොස්වූ සිත් ඇත්තහුගේ, ආශ්‍රව රහිත සිත් ඇත්තහුගේ, ආර්‍ය්‍ය මාර්ගයෙන් යුක්තවූවහුගේ ආර්‍ය්‍යමාර්ගය වඩන්නහුගේ චතුර්විධ වාග් දුශ්චරිතයන්ගෙන් වෙන්වීමක් වේද, වැඩියක් වෙන්වීමක් වේද, ප්‍රතිපක්ෂලෙසම වෙන්වීමක් වේද, සම්පූර්ණයෙන් ඈත්වීමක් වේද, මහණෙනි, මෙය නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලොකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් වචනයයි. හෙතෙම මිථ්‍යාවචනය ප්‍රහාණය කිරීමට හා සම්‍යක් වචනය ඇතිකර ගැනීමට වෑයම් කෙරේ. එය ඔහුගේ සම්‍යක් ව්‍යායාමය වේ. හෙතෙම සිහියෙන් යුක්තව මිථ්‍යාවචනය දුරුකෙරේ. සිහියෙන් යුක්තව සම්‍යක් වචනයට පැමිණ වාසය කෙරේ. එය ඔහුගේ සම්‍යක් සිහියවෙයි. මෙසේ මොහුගේ මේ ධර්මයෝ තිදෙන සම්‍යක් වචනයට පිරිවර වෙත්. අනුව පවතිත්. එනම්: සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතියද යන තුණයි.
139
“මහණෙනි, ඔවුන් අතුරෙන් සම්‍යක් දෘෂ්ටිය පෙරටු කොට යන්නේ වේ. මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය කෙසේ පෙරටු කොට යන්නේ වේද? මිථ්‍යා කර්මාන්තය මිථ්‍යාකර්මාන්තයයි දැනගනීද, සම්‍යක් කර්මාන්තය සම්‍යක් කර්මාන්තයයි දැනගනීද, එය ඔහුගේ සම්‍යක් දෘෂ්ටියවේ.
“මහණෙනි, මිථ්‍යා කර්මාන්තය නම් කුමක්ද? ප්‍රාණ ඝාතය (සතුන් මැරීම) අදත්තාදානය (නොදුන් දෙය සොර සිතින් ගැනීම) කාම මිථ්‍යාචාරය (කාමයෙහි වරදවා හැසිරීම) යන මෙය මහණෙනි, මිථ්‍යා කර්මාන්තයයි.
“මහණෙනි, සම්‍යක් කර්මාන්තය කවරේද? මහණෙනි, මම සම්‍යක් කර්මාන්තයද දෙපරිදිකොට කියමි මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශල පක්ෂයට ඇතුළත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් කර්මාන්තයක්ද ඇත. නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලොකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් කර්මාන්තයක්ද ඇත.
“මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශලපක්ෂයට අයත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් කර්මාන්තය කුමක්ද? මහණෙනි, ප්‍රාණඝාතයෙන් වෙන්වීමක් ඇද්ද, අදත්තාදානයෙන් වෙන්වීමක් ඇද්ද, කාම මිථ්‍යාචාරයෙන් වෙන්වීමක් ඇද්ද, මහණෙනි, මෙය ආශ්‍රව සහිතවූ කුශල පක්ෂයට ඇතුළත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් කර්මාන්තයයි.
“මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලොකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් කර්මාන්තය කුමක්ද? මහණෙනි, නිදොස් සිත් ඇත්තහුගේ, ආශ්‍රව රහිත සිත් ඇත්තහුගේ, ආර්‍ය්‍ය මාර්ගයෙන් යුක්තවූවහුගේ, ආර්‍ය්‍යමාර්ගය වඩන්නහුගේ, ත්‍රිවිධ කාය දුශ්චරිතයන්ගෙන් වෙන්වීමක් වේද, වැඩියක් වෙන් වීමක් වේද, ප්‍රතිපක්ෂලෙසම වෙන්වීමක් වේද, සම්පූර්ණයෙන් ඈත්වේද, මහණෙනි, මෙය නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලොකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් කර්මාන්තයයි. හෙතෙම මිථ්‍යා කර්මාන්තයාගේ ප්‍රහාණය පිණිසද, සම්‍යක් කර්මාන්තයට පැමිණීමටද උත්සාහ කෙරේ. එය ඔහුගේ සම්‍යක් ව්‍යායාමය වේ. හෙතෙම සිහියෙන් යුක්තවූයේ මිථ්‍යා කර්මාන්තය දුරු කෙරෙයි. සිහියෙන් යුක්තවූයේ සම්‍යක් කර්මාන්තයට පැමිණ වාසය කෙරෙයි. එය ඔහුගේ සම්‍යක් සතියවේ. මෙසේ මොහුගේ මේ ධර්මයෝ තිදෙන සම්‍යක් කර්මාන්තයට පිරිවර වෙත්. අනුව පවතිත්. එනම්: සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය යන තුනයි.
140
“මහණෙනි, ඔවුන් අතුරෙන් සම්‍යක් දෘෂ්ටිය පෙරටු කොට යන්නේවේ. මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය කෙසේ පෙරටු කොට යන්නේ වේද? මිථ්‍යා ආජීවය, මිථ්‍යා ආජීවයයි දැන ගනීද, සම්‍යක් ආජීවය සම්‍යක් ආජීවයයි දැනගනීද, එය ඔහුගේ සම්‍යක් දෘෂ්ටියවේ. මහණෙනි, මිථ්‍යා ආජීවය කුමක්ද? ලාභ සත්කාරාදිය සඳහා ලෝකයා මවිත කරවීම (ලාභාදිය කැමැත්තෙන්) ගරු නම්බු දී කථා කිරීමට (ලාභ සත්කාර කැමැත්තෙන්) ඒවා දෙන ලෙස ඍජුව නොකියා අඟවා කීමය. (ලාභාදිය කැමැත්තෙන්) අනුන් ගුණ මැකීමය. (වඩා ලාභ ලබනු රිසියෙන් මෙතැනින් ලද දෙය එතනටද එතනින්ලද දෙය මෙතැනටද දීම් වශයෙන්) ලාභයෙන් ලාභය හැරගැනීමය යන මෙය මහණෙනි, මිථ්‍යා ආජීවයයි.
“මහණෙනි සම්‍යක් ආජීවය කුමක්ද? මහණෙනි, මම සම්‍යක් ආජීවයද දෙපරිදි කොට කියමි. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශල පක්ෂයෙහි ඇතුළත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් ආජීවයක්ද ඇත. මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලොකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් ආජීවයක්ද ඇත. මහණෙනි, ආශ්‍රව සහිතවූ කුශල පක්ෂයෙහි ඇතුළත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් ආජීවය කවරේද? මහණෙනි, මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙමේ මිථ්‍යා ආජීවය (ජීවත්වීම සඳහා කරණ අධාර්මික කටයුතු) හැර සම්‍යක් ආජීවයෙන් දිවිපවත්වාද, මහණෙනි, මෙය ආශ්‍රව සහිතවූ කුශල පක්ෂයෙහි ඇතුළත්වූ විපාක දෙන ස්වභාවය ඇත්තාවූ සම්‍යක් ආජීවයයි.
“මහණෙනි, නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලොකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් ආජීවය කවරේද?
“මහණෙනි, නිදොස් සිත් ඇත්තහුගේ, ආශ්‍රව රහිත සිත් ඇත්තහුගේ, ආර්‍ය්‍ය මාර්ගයෙන් යුක්තවූවහුගේ, ආර්‍ය්‍ය මාර්ගය වඩන්නහුගේ මිථ්‍යා ආජීවයෙන් වෙන්වීමක් වේද, වැඩියක්ම වෙන්වීමක් වේද, ප්‍රතිපක්ෂලෙස වෙන්වීමක් වේද, සම්පූර්ණයෙන් ඈත්වේද, මහණෙනි, මෙය නිදොස්වූ ආශ්‍රව රහිතවූ ලොකොත්තර මාර්ගාංගයක්වූ සම්‍යක් ආජීවයයි.
“හෙතෙම මිථ්‍යා ආජීවය පහකිරීමටද සම්‍යක් ආජීවයට පැමිණ විසීමටද, උත්සාහ කෙරෙයි. එය ඔහුගේ සම්‍යක් ව්‍යායාමය වේ. හෙතෙම සිහියෙන් යුක්තවූයේ මිථ්‍යා ආජීවය දුරුකරයි. සිහියෙන් යුක්තවූයේ සම්‍යක් ආජීවයට පැමිණ වෙසේ. එය ඔහුගේ සම්‍යක් සතිය වෙයි. මෙසේ ඔහුගේ මේ ධර්මයෝ තිදෙන සම්‍යක් ආජීවය පිරිවරා ගනිත්. අනුව පවතිත්. එනම්: සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය යන තුණයි.
141
“මහණෙනි, ඔවුන් අතුරෙන් සම්‍යක් දෘෂ්ටිය පෙරටු කොට යන්නේ වේ. මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය කෙසේ පෙරටුකොට යන්නේද?
“මහණෙනි, සම්‍යක්දෘෂ්ටිය ඇත්තහුට සම්‍යක්සංකල්පය ඇත්තේ වෙයි. සම්‍යක් සංකල්පය ඇත්තහුට සම්‍යක් වචනය ඇත්තේ වෙයි. සම්‍යක් වචනය ඇත්තහුට සම්‍යක් කර්මාන්තය ඇත්තේ වෙයි. සම්‍යක් කර්මාන්තය ඇත්තහුට සම්‍යක් ආජීවය ඇත්තේ වෙයි. සම්‍යක් ආජීවය ඇත්තහුට සම්‍යක් ව්‍යායාමය ඇත්තේ වෙයි. සම්‍යක් ව්‍යායාමය ඇත්තහුට සම්‍යක් සිහිය ඇත්තේ වෙයි. සම්‍යක් සිහිය ඇත්තහුට සම්‍යක් සමාධිය ඇත්තේ වෙයි. සම්‍යක් සමාධිය ඇත්තහුට සම්‍යක් ඤාණය ඇත්තේ වෙයි. සම්‍යක් ඤාණය ඇත්තහුට සම්‍යක් විමුක්තිය ඇත්තේ වෙයි.
“මහණෙනි, මෙසේ අංග අටකින් යුක්තවූ ශෛක්‍ය ප්‍රතිපදාවත් අංගදශයකින් සමන්විතවූ රහත් පුද්ගලයාත්වේ.
142
“මහණෙනි, ඔවුන් අතුරෙන් සම්‍යක්දෘෂ්ටිය පෙරටුකොට යන්නේ වේ. “මහණෙනි, සම්‍යක් දෘෂ්ටිය පෙරටුකොට යන්නේ කෙසේද?
‘මහණෙනි, සම්‍යක් දෘෂ්ටි ඇත්තහුගේ මිථ්‍යාදෘෂ්ටිය දිරාගියේ වෙයි. මිථ්‍යාදෘෂ්ටිය හේතුකොට ගෙන යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ හටගනිද්ද, ඔහුගේ ඒ අකුශලයෝද දිරාගියාහුවෙත්. සම්‍යක් දෘෂ්ටිය හේතුකොට ගෙන බොහෝ කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, සම්‍යක් සංකල්පනා ඇත්තහුගේ මිථ්‍යා සංකල්පය දිරාගියේ වෙයි. මිථ්‍යා සංකල්පය හේතුකොට ගෙණ යම් නොයෙක් අකුශල ධර්මයෝ හටගනිද්ද, ඔහුගේ ඒ අකුශල ධර්මයෝද දිරාගියාහු වෙත්. සම්‍යක් කල්පනාව හේතුකොටගෙන බොහෝ කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, සම්‍යක් වචන ඇත්තහුගේ මිථ්‍යා වචන දිරාගියේ වෙයි. මිථ්‍යා වචන හේතුකොටගෙන යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ හටගනිද්ද, ඔහුගේ ඒ අකුශල ධර්මයෝ
ද දිරාගියාහු වෙත්. සම්‍යක් වචනය හේතුකොට ගෙන බොහෝ කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, සම්‍යක් කර්මාන්ත ඇත්තහුගේ මිථ්‍යා කර්මාන්තය දිරාගියේ වෙයි. මිථ්‍යා කර්මාන්තය හේතුකොටගෙන යම් බොහෝවූ ලාමක අකුශල ධර්මයෝ හටගනිත් නම්, ඔහුගේ ඒ අකුශල ධර්මයෝද දිරාගියාහු වෙත්. සම්‍යක් කර්මාන්තය හේතුකොට ගෙන බොහෝ කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, සම්‍යක් ආජීවය ඇත්තහුගේ මිථ්‍යා ආජීවය දිරාගියේ වෙයි. මිථ්‍යා ආජීවය හේතුකොට ගෙන යම් බොහෝවූ ලාමක අකුශල ධර්මයෝ හටගනිත් නම් ඔහුගේ ඒ අකුශල ධර්මයෝද දිරාගියාහු වෙත්. සම්‍යක් ආජිවය හේතුකොට ගෙන බොහෝ කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, සම්‍යක් ව්‍යායාම ඇත්තහුගේ මිථ්‍යා ව්‍යායාමය දිරාගියේ වෙයි. මිථ්‍යා ව්‍යායාමය හේතුකොට ගෙන යම් බොහෝවූ ලාමක අකුශල ධර්මයෝ හටගනිත් නම් ඔහුගේ ඒ අකුශල ධර්මයෝද නැතිවෙත්. සම්‍යක් ව්‍යායාමය හේතුකොටගෙන බොහෝ කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, සම්‍යක් සතිය ඇත්තහුගේ මිථ්‍යා ආජීවය දිරාගියේ වෙයි. මිථ්‍යා සතිය හේතුකොටගෙන යම් බොහෝවූ ලාමක අකුශල ධර්මයෝ හටගනිත් නම්, ඔහුගේ ඒ අකුශල ධර්මයෝද දිරාගියාහු වෙත්. සම්‍යක් සතිය හේතුකොට ගෙන බොහෝ කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, සම්‍යක් සමාධිය ඇත්තහුගේ මිථ්‍යා සමාධිය දිරාගියේ වෙයි. මිථ්‍යා සමාධිය හේතුකොට ගෙන යම් බොහෝවූ ලාමක අකුශල ධර්මයෝ හටගනිත් නම්, ඔහුගේ ඒ අකුශල ධර්මයෝද දිරාගියාහු වෙත්. සම්‍යක් සමාධිය හේතුකොට ගෙන බොහෝ කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, සම්‍යක් ඥාන ඇත්තහුගේ මිථ්‍යා ඥානය දිරුයේවෙයි. මිථ්‍යාඥානය හේතුකොට ගෙන යම් බොහෝවූ ලාමක අකුශල ධර්මයෝ හටගනිත් නම්, ඔහුගේ ඒ අකුශල ධර්මයෝද දිරුවාහු වෙත්. සම්‍යක් ඥානය හේතුකොට ගෙන බොහෝ කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, සම්‍යක් විමුක්තියෙන් යුත් සිත් ඇත්තහුගේ මිථ්‍යා විමුක්තිය දිරුයේ වෙයි. මිථ්‍යා විමුක්තිය හේතුකොට
ගෙන යම් නොයෙක් ලාමක අකුශල ධර්මයෝ හටගනිත් නම්, ඔහුගේ ඒ අකුශල ධර්මයෝද දිරුවාහු වෙත්. සම්‍යක් විමුක්තිය හේතුකොට ගෙන නොයෙක් කුශල ධර්මයෝ වැඩීමට සම්පූර්ණ බවට පැමිණෙත්.
“මහණෙනි, මෙසේ වනාහි ලෝකයෙහි කිසිදු ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් බඹෙකු විසින් හෝ අන්කිසිවෙකු විසින් හෝ, නොපැවැත්විය හැකි කුශල පක්ෂයෙහි ධර්ම විස්සෙක්ද, අකුශල පක්ෂයෙහි ධර්ම විස්සෙක් දැයි (සතළිස් දහම් ක්‍රම ඇතුළත්) මහා චත්තාරීසක ධම්මපරියායය පවත්වන ලදී.
143
“මහණෙනි, යම් කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ මහා චත්තාරීසක ධම්මපරියායය ගැරහිය යුත්තක ආක්‍රොශ කළ යුත්තකැයි හඟින්නේ නම්, මෙලෙව්හිදීම ඔහුගේ කරුණු දශයකින් කරුණු සහිතවූ ඒ වාදානුවාදයෝ ගැරහිය යුතු බවට පැමිණෙත්. ඉදින් පින්වත් තෙමේ සම්‍යක් දෘෂ්ටියට ගරහයි නම් යම් ඒ මිථ්‍යා දෘෂ්ටි ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු පින්වත්හුගේ පිදිය යුත්තෝය. ඔවුහු පින්වත්හුගේ ප්‍රශංසා කටයුත්තෝය.
“ඉදින් පින්වත් තෙමේ සම්‍යක් සංකල්පයට ගරහයි නම්, යම් මිථ්‍යා සංකල්පනා ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු පින්වත්හුගේ පිදිය යුත්තෝය. ඔව්හු පින්වත්හුගේ ප්‍රශංසාකට යුත්තෝය.
“ඉදින් පින්වත් තෙමේ සම්‍යක් වචනයට ගරහයි නම්, යම් ඒ මිථ්‍යා වචන ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු පින්වතාගේ පිදිය යුත්තෝ වෙති. ඔවුහු පින්වත්හුගේ ප්‍රශංසා කට යුත්තෝ වෙති.
“ඉදින් පින්වත් තෙමේ සම්‍යක් කර්මාන්තයට ගරහයි නම්, යම් මිථ්‍යා කර්මාන්ත ඇති ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු භවතාගේ පිදිය යුත්තෝ වෙත්. ඔවුහු භවතාගේ ප්‍රශංසා කටයුත්තෝ වෙත්.
“ඉදින් පින්වත් තෙමේ සම්‍යක් ආජීවයට ගරහයි නම්, මිථ්‍යා ආජීව ඇති යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහූ පින්වත්හුගේ පිදිය යුත්තෝ වෙත්. ඔවුහු භවතාගේ ප්‍රශංසා කටයුත්තෝ වෙති.
“ඉදින් පින්වත් තෙමේ සම්‍යක් ව්‍යායාමයට ගරහයි නම්, මිථ්‍යා ව්‍යායාමය ඇති යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු පින්වතාගේ පිදිය යුත්තෝ වෙත්. ඔව්හු පින්වතාගේ ප්‍රශංසා කටයුත්තෝ වෙත්.
“ඉදින් පින්වත් තෙමේ සම්‍යක් සතියට ගරහයි නම්, මිථ්‍යා සතිය ඇති යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු පින්වත්හුගේ පිදිය යුත්තෝ වෙත්. ඔවුහු පින්වතාගේ ප්‍රශංසා කටයුත්තෝ වෙත්.
“ඉදින් පින්වත් තෙමේ සම්‍යක් සමධියට ගරහයි නම්, මිථ්‍යා සමාධිය ඇති යම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු පින්වතාගේ පිදිය යුත්තෝ වෙත්. ඔවුහු පින්වතාගේ ප්‍රශංසා කටයුත්තෝ වෙත්.
“ඉදින් පින්වත් තෙමේ සම්‍යක් ඥානයට ගරහයි නම්, මිථ්‍යා ඥානය ඇති යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු පින්වතාගේ පිදිය යුත්තෝ වෙත්. ඔවුහු පින්වතාගේ ප්‍රශංසා කටයුත්තෝ වෙත්.
“ඉදින් පින්වත් තෙමේ සම්‍යක් විමුක්තියට ගරහයි නම්, මිථ්‍යා විමුක්තිය ඇති යම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ වෙත් නම්, ඔවුහු පින්වතාගේ පිදිය යුත්තෝ වෙත්. ඔව්හු පින්වතාගේ ප්‍රශංසා කටයුත්තෝ වෙත්.
“මහණෙනි, යම්කිසි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ මහා චත්තාරීසක ධම්මාපරියායය ගැරහිය යුත්තක, ආක්‍රොෂ කළ යුත්තෙකැයි හඟින්නේ නම්, මෙලෙව්හිදීම ඔහුගේ ඒ වාදානුවාදයෝ දස කරුණකින් කරුණු සහිතව ගැරහිය යුතු තැනට පැමිණෙත්.
“මහණෙනි, සත්වයන්ගේ සුද්ධියට හේතුවක් නැත යන අහේතු දෘෂ්ටිය ඇත්තාවූද, පවු කළත් පාපයක් නැත යන අකිරිය දෘෂ්ටිය ඇත්තාවූද, දීමෙහි විපාක නැත යනාදි නාස්තික දෘෂ්ටිය ඇත්තාවූද, යම් ඒ උක්කලා දනව් වැසි වස්සය, භඤ්ඤය, යන දෙදෙනද, මහා චත්තාරීසක ධම්ම පරියායය නොගැරහිය යුත්තක් කොට ආක්‍රොශ නොකළ යුත්තක් කොට සැළකුවාහුය. ඊට හේතු කවරේද? තමහට පැමිණෙන නින්දාව ඝට්ටනය උපවාදය යන මේවාට බියෙනි. භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක. සතුටුවූ ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගතහ.

අනුපද වග්ගය
Copied from : pitaka.lk

30/12/2023

පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු, චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි.

Photos from ගමනක නිමාව's post 23/11/2023

අටවිසි බුදු පිරිත

තණ්හංකරෝ මහාවීරෝ - මේධංකරෝ මහායසෝ
සරණංකරෝ ලෝකහිතෝ - දීපංකරෝ ජුතින්ධරෝ
කොණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝ - මංගලෝ පුරිසාසභෝ
සුමනෝ සුමනෝ ධීරෝ - රේවතෝ රතිවද්ධනෝ
සෝභිතෝ ගුණසම්පන්නෝ - අනෝමදස්සී ජනුත්තමෝ
පදුමෝ ලෝක පජ්ජෝතෝ - නාරදෝ වර සාරථී
පදුමුත්තරෝ සත්තසාරෝ - සුමේධෝ අග්ගපුග්ගලෝ
සුජාතෝ සබ්බලෝකග්ගෝ - පියදස්සී නරාසභෝ
අත්ථදස්සී කාරුණිකෝ - ධම්මදස්සී තමෝනුදෝ
සිද්ධත්ථෝ අසමෝ ලෝකේ - තිස්සෝ වරදසංවරෝ
ඵුස්සෝ වරද සම්බුද්ධෝ - විපස්සීච අනූපමෝ
සිඛී සබ්බහිති සත්තා - වෙස්සභූ සුඛදායකෝ
කකුසන්ධෝ සත්ථවාහෝ - කෝණාගමනෝ රණඤ්ජහෝ
කස්සපෝ සිරිසම්පන්නෝ - ගෝතමෝ සක්‍යපුංගවෝ
තේසං සච්චේන සීලේන - ඛන්තිමෙත්ත බලේන ච
තේපි(ත්වං) අනුරක්ඛන්තු - ආරෝග්‍යේන සුඛේන ච

අටවිසි බුදුවරයන් වහන්සේලා ගේ බලයෙන් ආරක්ෂාව ඇති කරන මෙය ආනුභව සම්පන්න පිරිතකි. නිතර භාවිතයට හොඳය. අවසාන ගාථාවේ “තේපි ත්වං” යනු “තේපි’හං” කියා යොදා ගෙන කිය යුතුය.
ගමනක නිමාව

උපුටා ගැනීම : https://pitaka.lk/books/punyopadeshaya/39-15.html

පින්තූර : Leonardo Ai

01/11/2023

පහන් පූජාවේ අනුසස්

“දීපදෝ හොති චක්ඛුදො” යනුවෙන් පහන් දෙන, පුදන තැනැත්තේ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේ ද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනදී පමණෙකි. එබැවින් ආලෝකය දීම ඇස් දීමක් වැනි වේ. ආලෝකය පිදීම ඇස් පිදීමක් වැනි පින්කමෙකි. සෑම පිනකින් ම දෙව්මිනිස් සැප ලැබිය හැකිය. ඒ ඒ පින්කම්වලින් විශේෂයෙන් ලැබෙන අනුසස් ද ඇත්තේය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමෙකි. උපනුපන් තැන හොඳ ඇස් ලැබීමටත්, ශරීර කාන්තිය ලැබීමටත්, මෙය හේතු වේ. දිවැස් ලැබීමට ද මෙය විශේෂ පින්කමෙකි.

අප බුදුසස්නෙහි දිවැස් ඇතියවුන්ගෙන් අගතැන් පත් වූවෝ අනුරුද්ධ තෙරුන් වහන්සේ ය. උන්වහන්සේ පදුමුත්තර බුදුරදුන් හමුවේදී ධනවත් මනුෂ්‍යයෙක්ව සිට බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයාට සතියක් මහ දන් දී අවසාන දිනයේ පිරිවර සහිත තථාගතයන් වහන්සේට වටිනා වස්ත්‍ර ද පුදා දිවැස් ඇතියවුන්ගෙන් අග්‍රස්ථානය පැතූහ. පදුමුත්තර බුදුරදුන් පිරිනිවීමෙන් ඒ ධනවතා මහා සංඝයා වහන්සේ වෙත එළඹ “දිවැස් ලැබීමට කළ යුත්තේ කිමදැ” යි ඇසීය. “උපාසකය, එය සඳහා ප්‍රදීපදානය දෙන්නට වටනේය” යි සංඝයා වහන්සේ වදාළහ. ඔහු යහපතැ යි ගිවිස පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ධාතු පිහිටවා කළ සත් යොදුන් ස්වර්ණ චෛත්‍යය වෙත දහස බැගින් පහන් දැල්විය හැකි පහන් ගස් දහසක් කරවීය. ඒවා ළඟට කුඩා වූද ඒවා ළඟට තවත් කුඩා වූද දහස් ගණන් පහන් ගස් කරවීය. එසේ කොට මහා පහන් පූජාවක් කළේය. ඉන් කල්ප ලක්ෂයකට පසු නැවත ද හෙතෙමේ කාශ්‍යප බුද්ධ කාලයේ බරණැස් නුවර පොහොසත් පවුලක ඉපද බොහෝ රන් තැටි සාදවා ගිතෙල් පුරවා මැද සකුරු කැටය බැගින් ද තබා ඒ තැටි එකින් එකට ගැටෙන පරිදි කාශ්‍යප බුදුන්ගේ එක් යොදුන් ස්වර්ණ චෛත්‍යය වටා තබා විශාල රන්තැටියක් කරවා එහි පහන් වැටි දහසක් තබා දල්වා හිස මත තබා චෛත්‍යය වටා සර්ව රාත්‍රියේ ම ඇවිදිමින් මහා පහන් පූජාවක් කළේය.

උපුටා ගැනීම :- https://pitaka.lk/books/punyopadeshaya/23.html

Photos from ගමනක නිමාව's post 31/10/2023

ආර්‍ය උපවාද වලින් මිදීමට මගක් 🙏🙏🙏🙏

Photos from ගමනක නිමාව's post 30/10/2023
29/10/2023
Photos from ගමනක නිමාව's post 28/10/2023

"භග" බෙදා බලන වැඩපිළිවෙළ පෙන්නූ භාග්‍යවතුන් වහන්සේ 🍃🙏

28/10/2023

🙏🍃

Want your business to be the top-listed Government Service in Anuradhapura?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Baladaksha Mawatha, Galkadawala
Anuradhapura