Tharindu Dananjaya

Tharindu Dananjaya

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tharindu Dananjaya, Social service, ganthuna, Aranayaka.

18/09/2025
30/12/2024

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය , ජාතික තරුණ සේවා සභාව කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලය මගින් සංවිධානය කරනු ලබන "රැකියා පොළ" වැඩසටහනක් 2024.12.31 දින පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා ජාතික තරුණ සේවා කෑගල්ල දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත්වේ. ඒ සඳහා පහත
ආයතනවලින් එදින පැමිණීමට නියමිතය.
1. කීල්ස් ආයතනය
2. කාගීල්ස් ආයතනය
3. transasia විදේශ රැකියා ආයතනය
4. යූනියන් ඉන්ෂුවරන්ස් ආයතනය
5. යාන්ත්‍රික හා ඉංජිනේරු සේවා බලකාය (හමුදා)
6. ටශ්මා මෑන් පවර් ආයතනය
7. unilex ඇඟලුම් ආයතනය
8. sp ඇඟලුම් ආයතනය
9. ලලාන් රබර් කර්මාන්ත ශාලාව
10. ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරිය
11. ජාතික ආධුනිකත්ව මණ්ඩලය
12. හෝටල් පාසල
13. කාර්මික විද්‍යාලය
14. බටංගල පුහුණු මධ්‍යස්ථානය
15. නිස්කෝ තරුණ පුහුණු මධ්‍යස්ථානය.
16. කැන්ඩෙලා රෝහල
17. ජෙටිවින් රෝහල
18. ශාන් හොටල්

රැකියා විරහිත ප්‍රජාව දැනුවත් කර රැකියා පොළ සදහා යොමු කරවීමට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වන අතර වැඩි විස්තර පහත දැන්වීමේ.

20/06/2024

මා යෞවන සමාජ ජීවිතයේ වැඩි කලක් ගත කරන්නේ දිස්ත්‍රික් සම්මේලන සභාපති වශයෙනි.

2021 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වසර 4 කට ආසන්න කාලයක් යෞවන සමාජ කෑගල්ල දිස්ත්‍රික් සම්මේලනයේ නායකත්වය,සභාපතීත්වය හෙබවීමට තෙවරක්ම මා නිතරගයෙන්ම තෝරාපත් කරගත් සහ මේ වන තෙක් මා සමග රැදී සිටි කෑගලු දිස්ත්‍රික් තාරුණ්‍යයට ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙමි.

මා යෞවන සමාජ ක්ෂේත්‍රයට පිවිස වැඩි කලක් නොමැති නිසා එදා සිට අද දක්වාම මා හට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබුණි.

ආදි යෞවනයන් ,හිටපු සභාපතිවරුන්, දිස්ත්‍රික් සම්මේලනයේ නිලධාරින් , අරණායක ඇතුලු කොට්ඨාස 11 ම තරුණ සේවා නිලධාරින් , දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරි , සහකාර අධ්‍යක්ෂකතුමිය වැනි තරුණ සේවා සභාවේ නිලධාරින් ඇතුලු මෙතෙක් කල් මා හා සම්බන්ද වුන අනෙකුත් සමාජ සේවා ආයතන, මිතුරන් ආදි සියලුම දෙනා මට මාව ගොඩ නගා ගැනීමට එකල පටන්ම සවියක් විය.

ඉතින් තරිඳු ධනංජය කියන තරුණයා තරුණ නායකයෙක් විදිහට සමාජ ගතවන්නට ඔබ දැක් වූ සහයෝගය කිසිදා අමතක නොවෙමි.

තවද එදා පටන් අද දක්වාම මා පසුපස සිටින මගේ යෞවන සමාජය ඇපලාවවත්ත තිසර යෞවන සමාජයත් අරණායක යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩලයත්,කෑගල්ල යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩලයත් විශේෂයෙන් මතක් කල යුතුය.

කෙටි කලකින් පැමින වැඩිම කලක් දිස්ත්‍රික් තාරුණ්‍යය නියෝජනය කර ඒ කැපකිරීම වෙනුවෙන් තවත් දුර යන්නට සමස්ත ශ්‍රී ලංකාවේම තාරුණ්‍ය නියෝජනය කිරීමට අවස්ථාවක් ලෙස ජාතික මන්ඩල නියෝජිතයෙක් ලෙස 2024-2026 කාලය සදහා මා තෝරාපත් කරගත් ආදරණීය කෑගලු දිස්ත්‍රික් තාරුණ්‍යයට ගෞරවාන්විත ස්තූතිය පුද කරමි.

ඉදිරියටත් සියල්ලන්ම එක්ව රටේ සංවර්ධනයට අවශ්‍ය තාරුණ්‍ය සවිබලගන්වමින් ජයග්‍රාහී ගමනක් කරා පියනගමු.
ස්තූතියි! ❤️

මම තරිදු ධනංජය ,
කෑගල්ල දිස්ත්‍රික් ජාතික මණ්ඩල නියෝජිත,
යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල හිටපු සභාපති ,
යෞවන සමාජ දිස්ත්‍රික් මණ්ඩල සංස්කෘතික ලේකම්,
අරණායක යෞවන සමාජ ප්‍රාදේශීය මණ්ඩල භාණ්ඩාගාරික .

20/06/2024

මේ අද උදේ......

රුවන්වැලිමහසෑය ළඟ රථ ගාල......

පොඩි බඩගින්නක් ආපු හින්දා කොණ්ඩෙ ගොතපු...... කරාබු දාපු...... චූං පාන් මල්ලිගෙන් මාළු බනිස් එකක් ගන්න මම රුපියල් සීයක් දික් කරා.....!
ඉල්ලුවෙ එකයි...... ඒ උනාට කොණ්ඩ කුරුල්ලා එළවළු රොටියකුයි, සොසේජස් බනිසකුයි දෙකක්ම දෙන කොට ඔය ළඟ ඉන්න එක්කෙනෙක් කියපි...... " මෙයා අද සල්ලි ගන්නැහැලු........ පිනටලු........" කියලා.
කොණ්ඩ කුරුළු මල්ලි නෝ කතා..... නෝ සිනා...... හැබැයි ඇස් දෙකේ සතුට දිදුලනවා..... ඒ දිස්නෙත් එක්ක එක දිගටම බනිස්...... කිඹුලා බනිස් ...... සො⁣සේජස් බනිස් ...එළවළු රොටී වඩේ බෙදනවා.....!කට්ටිය පෝලිමේ එනවා...... උපාසක අම්මෙක්ගෙ අතේ කිඹුලෙක්...... කටේ බනිසක්....... බඩගින්නටනෙ....කියලා වෙන්නැති ඉල්ලන තරම් දෙනවා.......
කොල්ලට බාධා කරන්නැතුව මං ටිකක් විස්තර ඇහුවා, පැත්තක හිටි අයෙකුගෙන්........
හැමදාම වගේම අදත් කිරිබත් දන්සල දෙන්න හිටිය අයට ගංවතුර හින්දා එන්න විදියක් නැහැලු.
ඒක අහපු චූං පාන් මල්ලි එයා විකුණන්න ගෙනාපු ඒවා තමයි ඔය අද බෙදන්නෙ.....

මල්ලියෙ.......

ඔය පපුව ඇතුලෙ චේගුවේරා...... ඕෂො........ දළයිලාමාලට වඩා තවත් අය ඉන්නවා වගේ බං.........!
Copied

07/02/2024

ජීවිතය පෙරහැරක්
හෙමින් යන්නෝ එය වේගවත් බැවින්
ඉන් බැහැර වෙති
වේගෙන් යන්නෝ එය හෙමින් යන බෑවින්
ඉන් බැහැර වෙති

Photos from Tharindu Dananjaya 's post 09/01/2024

🎁2023

🎁 🎉තෛපොංගල් දිනය සැමරුම වෙනුවෙන් 👊🏻 🤙🏻කෑගල්ල දිස්ත්‍රික් යෞවන සමාජ මණ්ඩලය ☺️ විසින් සංවිධානය කරන ලද 🌞 තෛපොංගල් 🌞 දින සැමරුම් වැඩසටහන 🔆වරකාපොල 🔅ගස්නාවවත්ත ප්‍රදේශවාසීන් සමග එක්ව සිදුකරන ලදී. එහි මතක සටහන් කිහිපයක් ❤️

Want your business to be the top-listed Government Service in Aranayaka?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Ganthuna
Aranayaka