Divisional Secretariat Aranayake

Divisional Secretariat Aranayake

Share

ආයුබෝවන්..!
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - අරණායක
Divisional Secretariat - Aranayake best service

01/06/2026
Photos from Divisional Secretariat Aranayake's post 28/05/2026

ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක් වූ උතුම් වෙසක් පුණ්‍ය මහෝත්සවයට සමගාමීව ප්‍රකාශිත වෙසක් සතිය (2026 මැයි 27 සිට ජූනි මස 02 දක්වා) නිමිත්තෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය මඟින් සංවිධානය කළ විශේෂ ධර්ම දේශනාවක් 2026.05.27 දින සාර්ථකව පවත්වන ලදි.

ධර්මානුශාසනාව සිදු කරනු ලැබුවේ, විචිත්‍ර ධර්ම කථික, නාගස්තැන්න පුරාණ විහාරයේ විහාරාධිපති පූජ්‍ය පරණගම සුමනානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. ප්‍රාදේශීය ලේකම් ෂාමලී පියතිස්ස මහත්මිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී මහත්ම මහත්මීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම උතුම් ධර්ම දානමය පුණ්‍යකර්මයේ ආනිශංසයෙන් සැමට උතුම් තෙරුවන්ගේ ආශිර්වාදය ලැබේවා!

පිවිතුරු සිතින් යුතුව මෙම වෙසක් සමය සමරමු.

Photos from Divisional Secretariat Aranayake's post 23/05/2026

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් දෝතළුඔය ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන්ගේ අධ්‍යාපනයට ශක්තියක් වෙමින්..
------------------------------------------------
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත, දෝතළුඔය ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 82ක් වෙත (රු.450,000.00 ක් වටිනා) අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහන 2026.05.22 දින ඉතා සාර්ථකව පැවැත්විණි.

ප්‍රාදේශීය ලේකම් ෂාමලී පියතිස්ස මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් සනෝජ් නිශ්ශංක මහතාගේ මඟපෙන්වීමෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, ළමා ආරක්ෂක නිලධාරී,සමාජ සේවා නිලධාරී ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් මෙන්ම ග්‍රාම නිලධාරී හා ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරී සහභාගී විය.

මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට සහය දැක්වූ දෝතළුඔය ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිතුමා සහ ගුරුභවතුන්ට අපගේ හෘදයාංගම ස්තුතිය.

18/05/2026

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්
2026 මැයි මස 18 දින රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි
2026 මැයි මස 18 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදී.

Want your business to be the top-listed Government Service in Aranayaka?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Dippitiya
Aranayaka
71540

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15