SLFP Attanagalla

SLFP Attanagalla

Share

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හදවත, අත්තනගල්ල.

08/11/2025

'බණ්ඩාරනායක ලේඛකත්ව සම්මාන 2025" සමස්ත ලංකා සාහිත්‍ය නිර්මාණ තරගාවලිය - අත්පිටපත් කැඳවීම ඇරඹුණා..

බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය සහ සංස්කෘතික මධ්‍යස්ථානය විසින් දෙවන වරට සංවිධානය කරන සමස්ත ලංකා සාහිත්‍ය නිර් මාණ තරඟාවලියෙහි අත් පිටපත් කැඳවීම ආරම්භ වී ඇත. 2022 වර් ෂයේ දී ප්‍රථම වරට පවත්වන ලද මෙම ජාතික තරගය වසර තුනකට වරක් පැවැත්වේ. ජයග්‍රාහකයින්හට සම්මාන, සහතික, මුදල් ත්‍යාග හා ත්‍යාග ප්‍රදානය කිරීමත් ජයග්‍රාහී නිර් මාණ ග්‍රන්ථ ලෙස මුද්‍රණය කිරීමත් මෙහිදී සිදුවේ. පළමු තරගාවලිය ජයග්‍රහණය කර මුද්‍රණය වූ නවකතාව 2024 ස්වර් ණ පුස්තක තරගාවලියේ අවසාන ග්‍රන්ථ 12 ට තේරුණු අතර අනෙකුත් මුද්‍රිත ග්‍රන්ථයන් ද රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල, පළාත් සාහිත්‍ය උළෙල ආදී සම්මාන උළෙලවල් වල ප්‍රථම ස්ථානය ඇතුළු ඇගයීමට පාත්‍රවිය.

තරග අංශය (සිංහල මාධ්‍ය) විවෘත
නවකතා /යොවුන් නවකතා /කෙටිකතා /ළමා කතා /පද්‍ය නිර් මාණ

තරග කොන්දේසි
1. එක් තරගකරුවෙකුට එක් තරගයක් සඳහා ඉදිරිපත් කළ හැක්කේ එක් නිර් මාණයක් පමණි. එහෙත් තරග එකකට වඩා ඉදිරිපත් විය හැකිය. එක් එක් නිර් මාණ වෙන් වෙන්ව තිබිය යුතුය.
2. සියලු නිර් මාණ ස්වතන්ත්‍ර විය යුතු අතර, මොනම අයුරකින් හෝ වෙනත් නිර් මාණයකින් උපුටා ගත් හෝ අනුවර් තනය කළ හෝ වෙනත් නිර් මාණයක් ඇසුරු කර නොගත්තක් විය යුතුය. එමෙන්ම මෙයට පෙර කිසිදු ආකාරයකින් ප්‍රකාශනයට පත් නොකළ නිර් මාණයක් විය යුතුය. 3. පෙර තරගාවලියේ (2022) යම් අංශයක ප්‍රථම ස්ථානය දිනූ අයෙකුට මෙම තරගාවලියේ එම අංශය නැවත නියෝජනය කල නොහැකි අතර වෙනත් අංශ සඳහා තම නිර් මාණ ඉදිරිපත් කල හැකිය..
4. වචන සීමාවක් නොමැති අතර, සෑම නිර් මාණයක්ම A4 ප්‍රමාණයේ කඩදාසිවල පැහැදිලි අත් අකුරින් ලියා හෝ යතුරු ලියනය කර තිබිය යුතුයි.
5. ළමා කතා අනිවාර් යෙන්ම සිතුවම් සමග යොමුකළ යුතු අතර, අනෙකුත් නිර් මාණ සඳහා අත්‍යවශ්‍ය නම් පමණක් සිතුවම් යොමුකළ හැක.
6. සෑම නිර් මාණයක් සමගම අයදුම්පතක් අමුණා තිබිය යුතුය. තරගකරුගේ අනන්‍යතාව දැක්වෙන කිසිදු සලකුණක් පිටපත්වල සඳහන් වී නොතිබිය යුතුය. (අයදුම්පත් ආකෘතිය දක්වා ඇත.)
7. මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් කරන අත්පිටපත් 2026 වසරේ අග භාගයේ බණ්ඩාරනායක ලේඛකත්ව සම්මාන ප්‍රදාන උළෙල පවත්වා නිමවනතෙක් වෙනත් තරග සඳහා ඉදිරිපත් නොකළ යුතුය.
8. නිර් මාණ එවීමේ දී අත්පිටපත් නොඑවිය යුතු අතර ඒවායේ ඡායා පිටපත් 3 බැගින් යොමු කළ යුතුය.
9. තෝරා නොගන්නා පිටපත් නැවත නිර් මාණකරුවා වෙත එවීමට සංවිධායකයින් විසින් කටයුතු නොකරන අතර, අවසන් වටයට තෝරා ගන්නා නිර් මාණ සඳහා අවශ්‍ය වුවහොත් අත්පිටපත ඉදිරිපත් කිරීමට නිර් මාණකරුවා බැඳි සිටිය යුතුය.
10. නිර් මාණ භාර ගන්නා අවසාන දිනය 2025/12/31 වේ. එදිනට පෙර ලැබෙන ලෙස
නිර් මාණ, ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතුය.
11. ලියුම් කවරයේ වම්පස කෙළවරේ තරග අංශය ලිවිය යුතුය.
12. “බණ්ඩාරනායක ලේඛකත්ව සම්මාන 2025” සමස්ත ලංකා සාහිත්‍ය නිර් මාණ
තරගාවලියෙහි නිර් මාණ පිළිබඳව විනිශ්චය මණ්ඩලයේ තීරණය, අවසාන තීරණය වේ.

නිර් මාණ එවිය යුතු ලිපිනය:-
“බණ්ඩාරනායක ලේඛකත්ව සම්මාන 2025”
සමස්ත ලංකා සාහිත්‍ය නිර් මාණ තරගාවලිය,
බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය සහ සංස්කෘතික මධ්‍යස්ථානය
වතුපිටිවල පාර,
හොරගොල්ල,
නිට්ටඹුව.
විමසීම් - 033 22 96 688

‘බණ්ඩාරනායක ලේඛකත්ව සම්මාන 2025’ - අයදුම්පත්‍රය

1. තරග අංශය :
2. අයදුම්කරුගේ සම්පූර් ණ නම :

3. සාහිත්‍යකරණයේදී භාවිතා කරන නම :
4. ස්ථිර ලිපිනය :
5. දිස්ත්‍රික්කය :
6. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය :
7. වයස :
8. උපන් දිනය :
9. ජාතික හැඳුන්ම්පත් අංකය :
10. ස්ත්‍රී /පුරුෂ භාවය :
11. පාසල හෝ රැකියා ස්ථානය :
12. දුරකථන අංකය (ජංගම සහ නිවස) :
13. විද්‍යුත් තැපැල් ලිපිනය :
14. මෙයට පෙර ඔබගේ නමින් නිර් මාණ කෘති පළ කර තිබේද? (නිර් මාණ තොරතුරු) :

15. මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් කරන නිර් මාණයේ නම :
16. නිර් මාණයේ අඩංගු වචන ප්‍රමාණය (දළ වශයෙන්) :
17. පිටපත් තුනක් ඉදිරිපත් කළේ ද? යන වග :
18. තමන්ගේ ස්වාධීන නිර් මාණයක් ද? යන වග :

ඉහත විස්තර සත්‍ය හා නිවැරදි බවට නිර් මාණකරු වන මා විසින් සහතික කරමි. මෙම තරගාවලියේ සියලුම කොන්දේසි වලට එකඟ වෙමි. විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසන් තීරණය සේ පිළිගනිමි

දිනය නිර් මාණකරුගේ අත්සන

08/11/2025

මව්බිම 2025.10.30 - 5 පිටුව

08/11/2025
08/11/2025

ඉරිදා අරුණ පුවත්පත

Photos from Chandrika  Bandaranaike Kumaratunga's post 08/11/2025
05/09/2025

"Training Young Leaders for Tomorrow" තරුණ නායකත්ව පුහුණු තෙදින නේවාසික වැඩමුළුව 2025 සැප්තැම්බර් 24,25,26 හොරගොල්ල බණ්ඩාරනායක අනුස්මරණ පුස්තකාලය හා සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රයේ දී පැවැත්වේ. ඒ සඳහා කොළඹ, ගම්පහ, කෑගල්ල දිස්ත්‍රික් වල (පළමු අදියර) වයස අවුරුදු 18 - 25 අතර තරුණ තරුණියන් හට අයදුම් කල හැක.
දින 03 (රාත්‍රී 02) ම සහභාගීවිය හැකි අය පමණක් සැප්තැම්බර් 10 දිනට පෙර මෙම ගුගල් පෝරමය පුරවන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLScmHlpXvEFsa8Dy4i9ryR7LLYXHR1RpleRRCDyX4sYnd3UAjw/viewform?usp=header

Want your business to be the top-listed Government Service in Attanagalla?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Attanagalla