Divisional Secretariat - Ayagama

Divisional Secretariat - Ayagama

Share

අභිමානවත් රාජ්‍ය සේවයේ අයගම පෙරගමන්කරු

Photos from Divisional Secretariat - Ayagama's post 23/03/2026

*ඉරිදා දිනයන්හි උපකාරක පංති පැවැත්වීම හා ළමුන් සම්බන්ධ ගැටලු සාකච්ඡා කිරීමේ විශේෂ රැස්වීමක්* 2026/03/20 දින ප.ව. 2.00ට අයගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා
* අයගම ගංගාරාම විහාරාධිපති අයගම ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී රත්නපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රඹුක්පොත ධම්මදින්න ස්වාමීන් වසන්සේ
* අයගම ප්‍රාදේශීය ලේකම්තුමා
* අයගම ප්‍රාදේශීය සභා සභාපතිතුමා
* අයගම පොලිස් ස්ථානාධිපතිතුම
* අයගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ මහජන හෙද සොයුරිය
* කොට්ඨාස අධ්‍යාපන කාර්‍යාලයේ ව්‍යාපෘති නිලධාරීතුමිය
* බෞද්ධ කටයුතු සමායෝජක
* අයගම නගරය තුළ පවතින උපකාරක පංති පවත්වන ආයතන හිමිකරුවන් සහභාගී වූ අතර
1. ඉරිදා දින
ප.ව.1.30න් පසුව උපකාරක පංති ආරම්භ කිරීම

2. උපකාරක ප්ංති තුළ දරුවන් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම

3. දරුවන් පංති
සදහා පැමිණෙන වෙලාවන් හා පිටවන වෙලාවන් සම්බන්ධයෙන් දැඩි අවදානය යොමු කිරීම

4. උපකාරක පංති අතර කාල පරතරයන් අවම කිරීම සදහා එම පංති පවත්වන ආයතන එක්ව කාලසටහනක් සකස් කර ගැනීම

5. සවස 4.30න්
පසුව අයගමින් පිටත්වන බස් රථ නිසි වේලාවට යෙදවීම සදහා ක්‍රියාමාර්ග ගැනීම

වැනි වැදගත් තීරණයන් හා එකඟතාවන් රැසකට එළඹෙන ලදී.

මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සියලුම ආයතන ප්‍රධානීන් හා නියෝජිත මහත්ම මහත්මීන්ට ස්තූතිවන්ත වන අතර දරුවන්ගේ උපරිම යහපත සැළසීම වෙනුවෙන් ඔබ සැමගේ දායකත්වය ඉදිරියේදීද අපේක්ෂා කරමි.
සංවිධානය - ප්‍රාදේශීය ලේකම්තුමාගේ උපදෙස් පරිදි ග්‍රාම නිලධාරී අයගම හා ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර

17/03/2026

National Fuel Pass

17/03/2026

නිෂ්පාදන කර්මාන්ත සඳහා ඉන්ධන අවශ්‍යතා ලියාපදිංචිය 🏭⛽
ඔබගේ නිෂ්පාදන කර්මාන්ත කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට, පහත සබැඳිය (Link) ඔස්සේ ඔබගේ තොරතුරු කඩිනමින් ලියාපදිංචි කරන්න.

📍 දැන්ම ලියාපදිංචි වන්න:
🔗 https://bit.ly/IndustryFuelForm

Photos from Divisional Secretariat - Ayagama's post 17/03/2026

සපිරි ගමක් ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහ
-------------------------------------------------
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය හා ක්ලීන් ශ්‍රී ලංකා ආයතනය එක්ව ක්‍රියා කරන දැය නංවන සපිරි ගමක් ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහනේ පලමු අදියරේ සමාරම්භය රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගලතුර වසමේ සුගුණපුර ගම්මානයේ ඉතා සාර්ථකව මෙලෙස නිමාවට පත්විය.

Photos from Divisional Secretariat - Ayagama's post 12/03/2026

පොහොසත් රටක අභිමන- ඇය වේ දැයේ පෙර මග , 2026 ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු වස් අයගම ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලීය වැඩසටහන් මාලාව ප්‍රාදේශීය ලෙකම්තුමා,සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ මගපෙන්විම හා උපදෙස් මත 2026.03.08, 2026.03.09, 2026.03.10 දිනයන් හිදී පවත්වන ලදී.. "අම්මා ට මම ආදරෙයි" තේමා කරමින් දහම් පාසැල් දරුවන් තුල කාන්තා භූමිකාව ඇගයීමද
" නීරෝගීකමින් සුවමත් මනසක් කරා" තේමා කරගනිමින් අයගම කාන්තා බල මණ්ඩලය සදහා ආයුර්වේද සුව සහනය හා ආයුර්වේද රූපලාවන්‍ය වැඩ සටහන , "ව්‍යවසායකත්වයට ඇය වේ මගක්" ව්‍යවසායකත්ව දිරි ගැන්වීම, ගොවි කාන්තා ඇගයීම සිදු කිරීම පිටකන්ද ශ්‍රි මහින්ද දහම් පාසැල, අයගම කාන්තා බල මණ්ඩලය, දෙතබඩකන්ද කාන්තා සංවිධානය ප්‍රමුඛ කරගනිමින් සැමරීම සිදු වුණි.
සහභාගිත්වය හා සම්පත් දායකත්වය පොලිස් ස්ථානය - අයගම,විදාතා සම්පත් මධ්‍යස්ථානය- අයගම, ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි- අයගම, ආයුර්වේද සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම උපදේශක , විදේශකටයුතු නිලධාරී, ව්‍යසාය සංවර්ධන නිලධාරී, සංවර්ධන නිලධාරී(පිටකන්ද, දෙතබඩකන්ද, දුම්බර මානාන), ළමා හිමිකම් ප්‍රවර්ධන සහකාර ,
සංවිධාන කටයුතු:වනිතා සංවර්ධන නිලධාරී

Photos from Divisional Secretariat - Ayagama's post 09/03/2026

සංවර්ධන සම්බන්ධීකාරක සුනිල් රත්නප්‍රිය මහතාගේ උපහාර උත්සවය

අයගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වසර දොළහකට ආසන්න කාලයක් සංවර්ධන සම්බන්ධීකාරක ලෙස අයගම කොට්ඨාසය වෙනුවෙන් අනගි සේවයක් ඉටු කර විශ්‍රාම ලැබ යන සුනිල් රත්නප්‍රිය මහතාට ප්‍රාදේශීය ලේකම්තුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ උණුසුම් සුභ පැතුම්!!!

Photos from Divisional Secretariat - Ayagama's post 05/03/2026

වැඩිහිටි මහ ලේකම් කාර්යාලය හා අයගම ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය , සමගි ජ්‍යෙෂ්ඨ පුරවැසි බලමණ්ඩලය සමග එක්ව සංවිධානය කරන ලද " වියපත් ගතට සුවපත් මනසක් " ඇති කිරීමේ අරමුණින් ප්‍රථම වරට ධාරිතා සංවර්ධන වැඩසටහනක් සඳහා දෙදින වැඩිහිටි කඳවුරක් 2026.02.26 හා 2026.02.27 දිනයන්හි ර/ජනපද විද්‍යාලයේදී ඉමහත් හරසරින් පවත්වන ලදී.
සහයෝගය ලබාදුන් සැමට ස්තූතියි. 🙏🙏🙏

වැඩිහිටි හිමිකම් ප්‍රවර්ධන නිළධාරි

26/02/2026

ගර්භණී මව්වරුන සඳහා වූ පෝෂණ වැඩසටහන

17/02/2026

ඩෙංගු පරදමු

13/02/2026

ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනය
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්
2026 පෙබරවාරි මස 13 දින රාත්‍රී 11.00 දක්වා වලංගු වන පරිදි
2026 පෙබරවාරි මස 13 දින මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලදී.

11/02/2026

AYDS පවුලේ උණුසුම් සුබ පැතුම්

Want your business to be the top-listed Government Service in Ayagama?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address

Divisional Secretariat/Ayagama
Ayagama
70024