MyDecion consultation - Foreign Education

MyDecion consultation - Foreign Education

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MyDecion consultation - Foreign Education, Kotalawala Road, Colombo.

27/06/2025

උපාධි, ආචාර්‍ය මහාචාර්‍ය පදවි තානාන්තර ගැන හෙනම කතාවක් යනවනේ.. මේ මම දන්න තරමින් ඒ ගැන සරළ විස්තරයක්. ⁣

මේකත් ඔය අත කහනවට කොටන ලියමනක්. ⁣
⁣------------------------------------------------------
ඩිප්ලෝමා (𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚)⁣
- උපාධියකට වඩා පහළ මට්ටමේ සහ කෙටිකාලීන අධ්‍යාපන සුදුසුකමක්.⁣
- බොහෝවිට විශේෂිත වෘත්තියක දක්ෂතාව ලබාදෙනවා.⁣
- සාමාන්‍යයෙන් ඩිප්ලෝමාවක් මාස 6 – අවුරුදු 2ක් අතර කාලයක් ඇතුළත සම්පූර්ණ වෙනවා.⁣
- උදාහරණ විදිහට ලංකාවේ තියෙන අධ්‍යාපන විද්‍යා පීඨ, Nursing Training School (NTS) වගේ තැන් වලින් ලබා දෙන්නේ ඩිප්ලෝමා මට්ටමේ සුදුසුකමක්.⁣
- මේ සුදුසුකම උපාධියක් සඳහා පිවිසුමක්, නැත්නම් රැකියාවකට පිවිසීමට මාර්ගයක් වශයෙන් යොදාගන්න පුළුවන්.⁣
- උපාදියකින් පසුව සම්පූර්ණ කරන ඩිප්ලෝමා සාමාන්‍යෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමා (Post graduate diploma) කියලා තමයි හදුන්වන්නේ. ඕස්ට්‍රේලියාව වගේ රටවල මේක graduate diploma කියලත් හඳුන්වනවා.⁣
- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට: ⁣
o Mr. Amarabandu Rupasinghe – Dip. in English ⁣
o Mrs. Sama Amaralatha – PgDip in Education⁣

------------------------------------------------------

ප්‍රථම උපාධිය (𝐁𝐚𝐜𝐡𝐞𝐥𝐨𝐫’𝐬 𝐃𝐞𝐠𝐫𝐞𝐞)⁣
- විශ්ව විද්‍යාලයක හෝ පිළිගත් උපාධි ප්‍රදාන ආයතනයකින් කෙනෙක් ලබාගන්නා මුල්ම උපාධිය.⁣
- සාමාන්‍යෙයෙන් අවුරුදු 3–4 ක් වගේ කාලයක් ගත වෙනවා උපාධියක් සම්පූර්ණ කරන්න. ⁣
- වෛද්‍ය උපාධියක් වගේ විශේෂ උපාධි සඳහා අවුරුදු 5ක් වගේ ගත වෙනවා. ⁣
- සමහරක් අවුරුදු 4ක උපාධි විශේෂවේදී උපාධියක් විදිහට හඳුන්වනවා. Special Degree එකක් කියන්නේ එතකොට. (BSc Special in Chemistry) ⁣
උදාහරණ:⁣
• BA – ශාස්ත්‍රවේදී උපාධිය ⁣
• BSc – විද්‍යාවේදී උපාධිය⁣
• BBA - ව්‍යාපාර කළමණාකරණ උපාධිය⁣
• BEng – ඉංජිනේරු උපාධිය⁣
• MBBS (Bachelor of Medicine, Bachelor of Surgery)- වෛද්‍ය උපාධිය ⁣

- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට: ⁣
o Mr. Amarabandu Rupasinghe – BSc in Science ⁣
o Mrs. Sama Amaralatha – BA (special) in Sociology⁣
සිංහලෙන් ලියනවානම්:⁣
o විද්‍යාවේදී අමරබන්දු රූපසිංහ⁣
o ශ්‍රාස්ත්‍රවේදී සාමා අමරලතා⁣

------------------------------------------------------

මාස්ටර් උපාධිය (𝐌𝐚𝐬𝐭𝐞𝐫’𝐬 𝐃𝐞𝐠𝐫𝐞𝐞)⁣
- ප්‍රථම උපාධිය පස්සේ කෙනෙක් තමන්ගේ කැමැත්තෙන් තවත් ඉදිරියට ඉගැන ගැනීමේදී තමයි Masters එකක් කරන්නේ⁣
- බොහෝ වෙලාවට එක් විෂය ක්ෂේත්‍රයක ගැඹුරු දැනුමක් මේ උපාධි පාඨමාලාවකදී හදාරනවා.⁣
- සාමාන්‍යෙන් අවුරුදු 1–2 ක් අතර කාලයක් යනවා උපාධිය සම්පූර්ණ කරන්න.⁣
- Taught Master’s / Research Master’s විදිහට වෙන් වීමක් ගොඩක් වෙලාවට තියෙනවා.⁣
- බොහොමයක් masters උපාධි වල නිබන්ධනයක් (thesis) එකක් තනියෙන් සම්පූර්ණ කරන්න ඕනි.⁣
උදාහරණ:⁣
• MA – ශාස්ත්‍රපති උපාධිය⁣
• MSc – විද්‍යාපති උපාධිය⁣
• MBA – master’s in business administration⁣

- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට: ⁣
o Mr. Amarabandu Rupasinghe – MSc in Data Science ⁣
o Mrs. Sama Amaralatha – MA in Communication⁣
සිංහලෙන් ලියනවානම්:⁣
o විද්‍යාපති අමරබන්දු රූපසිංහ⁣
o ශ්‍රාස්ත්‍රපති සාමා අමරලතා⁣

------------------------------------------------------

(𝐌.𝐏𝐡𝐢𝐥 – 𝐌𝐚𝐬𝐭𝐞𝐫 𝐨𝐟 𝐏𝐡𝐢𝐥𝐨𝐬𝐨𝐩𝐡𝐲)⁣
- මේ සම්පූර්ණයෙන්ම පර්යේෂණමය මාස්ටර් උපාධියක්.⁣
- බොහෝවිට PhD එකකට පෙර පියවරක් විදිහට තමයි කෙනෙක් මේ වගේ උපාධියකට යොමු වෙන්නේ.⁣
- මේ උපාධිය සම්පූර්ණ කරන්න අනිවාර්‍යෙන්ම ස්වාධීන පර්යේෂණයක් කරලා ඒ සොයාගැනීම් පිළිගත් ආකාරයකට publish කරන්න අවශ්‍යයයි. ⁣
- සාමාන්‍යයෙන් අවුරුදු 1–2 අතර ප්‍රමාණයක් යනවා M.Phil එකක් complete කරන්න.⁣
- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට: ⁣
o Mr. Amarabandu Rupasinghe – M.Phil in Computer vision ⁣

------------------------------------------------------

ආචාර්‍ය උපාධිය (𝐏𝐡𝐃 – 𝐃𝐨𝐜𝐭𝐨𝐫 𝐨𝐟 𝐏𝐡𝐢𝐥𝐨𝐬𝐨𝐩𝐡𝐲)⁣
- විශ්වවිද්‍යාලයකින් ලැබිය හැකි ඉහළම උපාධියක් තමයි ආචාර්‍ය උපාධිය කියන්නේ.⁣
- නව දැනුමක් නිර්මාණය කරන එක මූලික කරගත්තු අලුත්ම පරේක්ෂණයක් අනිවාර්‍යෙන්ම මේ උපාධි අපේක්ෂකයෙක් කරගෙන යනවා.⁣
- ඒ වගේම ඒ කරන පරේක්ෂණ වල සොයාගැනීම් පිළිගත් journals/ conferences වල publish කරන්න ඕනි.⁣
- සාමාන්‍යෙන් අවුරුදු 3–7 ක් අතර කාලයක් ගතවෙනවා complete කරන්න.⁣
- Thesis එකක් වගේම සහ viva test එකකුත් තියෙන්න පුළුවන් මේ උපාධිය ප්‍රදානය කරන්න කලින්. විශ්වවිද්‍යාලය මඟින් පත් කරපු board එකක් ඒ පිළිබඳ සෑහිමකට පත් උනොත් තමයි ආචාර්‍ය උපාධිය ප්‍රදානය කරන්නේ. ⁣
- ලෝකයේ සමහරක් විශ්වවිද්‍යාල DBA (Doctor in Business Administration), D. Eng (Doctor in Engineering) වගේ PhD වලට සමාන උපාධි පිරිනමනවා.
- Education field එකේ අයට Doctor of Philosophy වෙනුවට දැන් Doctor of Education (EdD) කියලා එකක් තියනවා මේක ගොඩක් ගුරුවරුන්ට ප්‍රින්සිපල් ලට වගේ අයට ජොබ් එක කරන ගමන් ඒකත් එක්කම සම්බන්ධ වෙලා කරන්න පුලුවන් එකක් .
- සාමාන්‍යෙන් PhD එකකදි යුනිවර්සිටි එකෙන් උපාධි අපේක්ෂකයාට ගෙවනවා ඒක කරනවට. ෆුලි ෆන්ඩඩ් ගොඩක් වෙලාවට. (ගෙවලා ගන්නවා නෙවෙයි. ගන්නවට ගෙවනවා! :D )

- සමහර පිළීගත් විශ්වවිද්‍යාල වලින් ඒ ඒ ක්ශේත්‍ර වල සුවිශේෂ හැකියා ඇති අයට ගෞරව ආචාර්‍ය උපාධි පිරිනමනවා. ( ආචාර්‍ය නන්දා මාලිනියන්ට සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයෙන් 2017 වර්ෂයේ පිරිනමපු Doctor of Philosophy (Fine Arts) Honoris Causa ඒ වගේ උපාධියක්.) ⁣
- මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට (Dr සහ PhD කියන යෙදුම් දෙකම එක වෙලාවක පාවිච්චි කරන්නේ නෑ): ⁣
o Amarabandu Rupasinghe, PhD⁣
o Dr. Amarabandu Rupasinghe⁣
o අචාර්‍ය අමරබන්දු රූපසිංහ ⁣

------------------------------------------------------

𝐃.𝐒𝐜. – 𝐃𝐨𝐜𝐭𝐨𝐫 𝐨𝐟 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞⁣
- මේක ඉතා සුවිශේෂී, PhD එකටත් වඩා ඉහළ උපාධියක්.⁣
- යම් අයෙක් දිගුකාලීනව කරන අතිවිශිෂ්ට ගවේෂණ පරීක්ෂණ සහ ක්‍රියාකාරකම් මත පදනම්ව තමයි මේ උපාධිය පිරිනැමෙන්නේ. ⁣
- ලෝකයේ සමහර විශ්වවිද්‍යාල විතරයි D.Sc උපාධි පිරිනමන්නේ. ⁣
- සමහර රටවල් වල PhD එකට සමාන උපාධියක් විදිහටත් සලකනවා. ⁣

------------------------------------------------------

මහාචාර්‍ය පදවිය (𝐏𝐫𝐨𝐟𝐞𝐬𝐬𝐨𝐫𝐬𝐡𝐢𝐩)⁣
- මහාචාර්‍ය පදවිය කියන්නේ තනතුරක්, උපාධියක් නොවෙයි.⁣
- සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයක උසස්ම අධ්‍යයන තනතුර වෙන්නේ මහාචාර්‍ය තනතුර.⁣
- බොහෝ වෙලාවට මහාචාර්‍ය කෙනෙක් වෙන්නේ ආචාර්‍ය උපාධියක් (PhD) එකක් සම්පූර්ණ කරපු කෙනෙක්.⁣
- USA වලදී Professor කියන term එක විශ්වවිද්‍යාල ගුරුවරු හැමෝටම යොදාගන්නවා. ඒ කියන්නේ PhD එකක් තිබ්බා හෝ නැතා, ඒ අය විශ්වවිද්‍යාලයක උගන්නනවා නම් professor කියලා හදුන්වනවා.⁣
- British system එකේදී ( ලංකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවලත් තියෙන්නේ ඒ system එක) අනිවාර්‍යෙන්ම විශ්වවිද්‍යාලය මහාචාර්‍ය පදවිය ප්‍රදානය කළ යුතුයි.⁣
- යමෙක් විශ්වවිද්‍යාලයෙන් අයින් උනාම මහාචාර්‍ය කියන title එක අයින් වෙලා නැවත ආචාර්‍ය වෙනවා. ⁣
- හැබැයි සමහර අවස්ථා වල සුවිශේෂ පුද්ගලයන්ට ජීවිත කාලයටම බලපාන විදිහට මහාචාර්‍ය පදවි (Emeritus professor) පිරිනමනවා. මහාචාර්‍ය VK සමරනායක එවැනි අයෙක්.⁣ (සේවාර්ජිත මහාචාර්ය තමයි සිංහල නාමය)
මේ සුදුසුකම් නමක් සමඟ යොදනවානම් සාමාන්‍යයෙන් යෙදෙන්නේ මෙන්න මේ විදිහට: ⁣
o Professor Amarabandu Rupasinghe⁣
o මහාචාර්‍ය අමරබන්දු රූපසිංහ⁣

------------------------------------------------------

මේ අධ්‍යාපන සුදුසුකම් නිසි ආකාරයෙන් සම්පූර්ණ කරන්න “හරියට” කරන මිනිස්සු පට්ටම කට්ටක් කනවා වගේම ලෝක දැනුම් පද්ධතියට හරයක් එකතු කරන්න තමන්ගේ ජීවිතේ සැළකියයුතු කාලයක් කැප කරනවා. ⁣

ඒ වගේම මේ උපාධි පිරිනමන “නිසි” ආයතන/ විශ්වවිද්‍යාල හරි ආකාර නියාමනයන්ට යටත් වෙලා කටයුතු කරනවා. ⁣

එහෙම තියෙද්දි ඩොලර්, රුපියල් වලට මේ අකුරු තුන හතර අලෙවි වෙද්දි, තමන්ට නැති උපාධි ගත්තා වගේ මාකට් කරද්දී, එව්වට කට පියාගෙන ඇස් අයාගෙන ඉන්නවා කියන්නේ අර වටිනාකමක් තියෙන මිනිස්සුන්ගෙත් වටිනාකම නැති කරන දෙයක්.⁣

තමන්ගේ දුවා දරුවන්ට පොඩ්ඩක් හරි ආදරයක් තියෙනවානම් “නිසි” අධ්‍යාපනයේ අගය වටහලා දෙන එක දෙමව්පියන්ගේ වගකීමක්. ඒත් එක්ක මේ සුදුසුකම්, උපාධි වල තියෙන බර, වටිනාකම අනිවාර්‍යෙන්ම කියලා දෙන එකත් යුතුකමක්! ⁣

හරිත තිලකරත්නගෙන් උපුටා ගන්නා ලදී.

14/04/2025

සුභ සිංහල සහ හින්දු අලුත් අවුරුද්දක් වේවා....!

இனிய சிங்கள மற்றும் இந்து புத்தாண்டு வாழ்த்துக்கள்...!

Happy Sinhala and Hindu New Year...!

05/02/2025

Seasonal Work Visa Jobs 2025

වැදගත් - මේ රැකියා වලට අයදුම් කරන්න බොහෝ විට පුලුවන් වෙන්නේ ඒ ඒ රටවලින් විශේෂයෙන් සඳහන් කර ඇති රටවල දැනට වාසය කරන / රැකියා කරන අයට හෝ යුරෝප‍යේ රට වලට නම් යුරෝප් යුනියන් එක තුළ වලංගු පදිංචි බලපත්‍රයක් ඇති අයට විතරයි.
මේ හැම රැකියාවටම අයදුම් කරන ආකාරය සහ වැඩි විස්තර ඒ ඒ රටට අදාලව ඇති ලින්ක් එකෙන් බලන්න පුලුවන්.

ග්ලෝබල් පාත්ස් අපි මේ රැකියා වලට අයදුම් කිරීමට උදව් කරන්නේ නැහැ.

1. කැනඩාව
✨ Applications Period: February to June 2025.
✨ Visa Issuance Period: February to June 2025.
✨ Harvest Seasons:
Spring (April to June), 2025: Asparagus, strawberries.
Summer (July to September), 2025: Blueberries, cherries, apples.
Fall (October) 2025: Grapes, pumpkins.
✨ Average Salary: CAD 15–20 per hour (approximately CAD 2,400–3,200 per month).
✨ Key Program: Canada’s Seasonal Agricultural Worker Program (SAWP) facilitates these opportunities. Early application is essential as demand is high.
✨ Apply: https://www.canada.ca/en/immigration-refugees-citizenship/services/work-canada/permit/agricultural-workers-work-temporarily.html.

2. ෆින්ලන්තය
✨ Applications Period: March to May 2025
✨ Visa Issuance Period: March to May 2025.
✨ Harvest Seasons:
Summer (June to August), 2025: Strawberries, blueberries, lingonberries.
✨ Average Salary: €10–14 per hour (approximately €1,800–2,400 per month).
✨ Additional Info: Finland’s berry-picking industry is a key employer, and productivity bonuses may be available.
✨ Apply: https://enterfinland.fi/eServices/info/seasonalworkpermittypeselection.

3. ඕස්ට්‍රේලියාව
✨ Applications Period: Aug-Nov 2025
✨ Visa Issuance Period: August to November 2025.
✨ Harvest Seasons:
Spring to Summer (September to March): Citrus fruits, apples, mangoes, cherries, grapes.
✨ Average Salary: AUD 20–25 per hour (approximately AUD 3,200–4,000 per month).
✨ Additional Info: Seasonal jobs are spread across the country, and remote areas often offer higher pay to attract workers.
Apply: https://immi.homeaffairs.gov.au/visas/getting-a-visa/visa-listing/temporary-work-403/seasonal-worker-program.

4. යුරෝපා රටවල් (ස්පාඥ්ඥය, ජර්මනිය, ප්‍රංශය, ස්වීඩනය)
✨ Visa Issuance Period: February to May 2025.
✨ Harvest Seasons:
Spring (March to May): Asparagus, strawberries.
Summer (June to September): Peaches, apricots, cherries.
Fall (September to November): Apples, grapes, olives.
✨ Average Salaries:
Spain/Italy: €7–12 per hour (€1,200–2,000 per month).
Germany: €9–15 per hour (€1,500–2,500 per month).
France: €8–13 per hour (€1,300–2,200 per month).
Sweden: €12–16 per hour (€2,000–2,500 per month).
✨ Key Information: European nations offer robust seasonal work visa schemes. Early applications are recommended to secure placements.

5. ලක්සම්බර්ග්
✨ Applications Period: March-June 2025
✨ Visa Issuance Period: March to June 2025.
✨ Harvest Seasons:
Spring to Fall (April to October), 2025: Grapes, apples, and other fruits.
✨ Average Salary: €13–15 per hour (€2,200–2,600 per month).
✨ Additional Info: Luxembourg’s opportunities often come with well-structured contracts and competitive pay rates.
✨ Apply: https://immigration-portal.ec.europa.eu/luxembourg-seasonal-worker_en

6. ඇමරික එක්සත් ජනපදය
✨ Visa Issuance Period: January to April 2025.
✨ Harvest Seasons:
Spring (March to May), 2025: Strawberries, lettuce.
Summer to Fall (June to October), 2025: Apples, blueberries, grapes, pumpkins.
✨ Average Salary: USD 12–16 per hour (approximately USD 1,800–2,500 per month).
✨ Key Program: The H-2A Temporary Agricultural Worker Program oversees seasonal jobs in the U.S.
✨ Apply: https://www.uscis.gov/working-in-the-united-states/temporary-workers/h-2a-temporary-agricultural-workers.

7. එක්සත් රාජධානිය
✨ Applications Period: March-Sept 2025
✨ Issuance Period: February to April 2025.
✨ Harvest Seasons:
Spring (March to May), 2025: Asparagus, lettuce, strawberries.
Summer to Fall (June to September), 2025: Apples, cherries, vegetables.
✨ Average Salary: £10–12 per hour (£1,600–2,000 per month).
✨ Additional Info: The Seasonal Worker Visa Scheme allows workers to enter the UK for up to six (06) months to participate in agricultural work.
✨ Apply: https://www.gov.uk/seasonal-worker-visa.

8. නෝර්වේ
✨ Visa Application Period: April-June 2025
✨ Visa Issuance Period: April to June 2025.
✨ Harvest Seasons:
Summer to Early Fall (July to September): Strawberries, raspberries, potatoes, carrots.
✨ Average Salary: €14–17 per hour (approximately €2,400–2,800 per month).
✨ Additional Info: Many employers provide accommodation and meal options for international worker.
✨ Apply: https://www.udi.no/en/want-to-apply/work-immigration/seasonal-workers/.

මෙම ලිපියේ අඩංගු කරුණු පහත වෙබ් අඩවියෙන් උපුටාගත් බව කරුණාවෙන් සලකන්න.

https://daadscholarship.com/seasonal-work-visa-jobs-2025-offering-countries-for-next-harvesting-season/

14/01/2025

Explore exciting Masters by Research programs in the UK, starting April 2025!

Choose from Cyber Security, Management, Artificial Intelligence, Public Health, or International Relations — and yes, bring your loved ones along! 💼👨‍👩‍👧‍👦

✅ NO IELTS required (conditions apply)
✅ NO research proposal needed
✅ Deposit just GBP 7,000
✅ Flexible payment plans available

Don’t miss this golden opportunity for a career boost! 🌍 Secure your future with MYDECION EDUCATION

📍 Send your CV |
+9476 87 90 396 (Whatapp)

20/12/2024

ලාභ ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට උපදෙස් 7ක්

1. අඟහරුවාදා සහ බදාදා වෙන්කරවා ගන්න.

අඟහරුවාදා සහ බදාදා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට හොඳම දින අතර වේ. බොහෝ ගුවන් සමාගම් සාමාන්‍යයෙන් අඟහරුවාදා රාත්‍රී 7:00 ට ඔවුන්ගේ වෙන් කිරීම් පද්ධති සකසයි. මෙයට හේතුව බොහෝ මගීන්ට ටිකට්පත් වෙන්කරවා ගැනීමට කාලය ඇත්තේ සතියේ දිනවල පමණක් බව ගුවන් සමාගම් දන්නා බැවිනි. සංඛ්‍යාලේඛනවලට අනුව, අපගෙන් බොහෝ දෙනෙක් ප්‍රවේශපත්‍ර මිල පිරික්සන්නේ සිකුරාදා, සෙනසුරාදා හෝ ඉරිදා දිනවල පමණක් බව ඔප්පු වී ඇත.

2. කලින් වෙන්කරවා ගන්න, නමුත් ඉතා ඉක්මනින් නොවේ.

අත්දැකීම් මත පදනම්ව, ඔබ ඔබගේ ගමන් දිනට අවම වශයෙන් දින 21කට පෙර ටිකට්පත් වෙන්කරවා ගත යුතුය. බොහෝ ගුවන් සමාගම් හැකි තරම් ප්‍රවේශපත්‍ර අලෙවිය ලබා ගැනීම සඳහා ඔවුන්ගේ පද්ධති සකසා ඇත. එබැවින්, පද්ධතියට ඉතා ලාභ ප්රවේශපත් සඳහා යම් කෝටාවක් ඇත. උදාහරණයක් ලෙස, පද්ධතිය තුළ, ක්වාලාලම්පූර් සිට ලන්ඩන් දක්වා ගුවන් ගමන් සඳහා අඩුම මිල ලැබෙන්නේ පළමු මගීන් 20 දෙනාට පමණක් බව තීරණය වේ. ඊළඟ මගීන් 200 සඳහා මධ්යම මිලක් ලැබෙනු ඇත, ඉතිරිය වඩා මිල අධික විය හැකිය. කෙටියෙන් කිවහොත්, ගුවන් සේවයේ පද්ධතිය ක්වාලාලම්පූර් සිට ලන්ඩන් දක්වා පියාසර කරන විට ඔවුන්ට අවශ්‍ය ආන්තිකය මත ප්‍රවේශපත්‍ර මිල නියම කරනු ඇත.

3. සුදුසු පියාසර දින.

අඟහරුවාදා හෝ බදාදා පියාසර කිරීමට ටිකට්පත් වෙන්කර ගැනීමට උත්සාහ කරන්න. බොහෝ ගුවන් සමාගම් මෙම දින දෙක වෙන් කිරීමේ පද්ධති සඳහා 'අඩු කාර්ය බහුල දින' ලෙස සකසයි. වෙන්කරවා ගැනීමේ පද්ධතිය සහ ගුවන් තොටුපළ ඉතා කාර්යබහුල වන විට සිකුරාදා සහ ඉරිදා දිනවලට සාපේක්ෂව මෙම දින දෙකේදී ගුවන් තොටුපලවල් සාමාන්‍යයෙන් අඩු කාර්යබහුල වේ.

4. ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා 'හොඳම ගනුදෙනුව' සොයන්න.

බොහෝ ගුවන් සමාගම් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා සති 11 සිට 12 දක්වා පෙර 'හොඳම ගනුදෙනුව' ලබා දෙනු ඇත. එමනිසා, මෙම කාල සීමාව තුළ ඔබ ප්රවේශපත්ර මිල නිතිපතා පරීක්ෂා කළ යුතුය.

5. කුඩා ගුවන් තොටුපලවල ගොඩබෑම සඳහා තෝරන්න.

එම ගමනාන්තය සඳහා 'ප්‍රධාන ගුවන් තොටුපල' නොවන ගුවන් තොටුපලකට ගොඩබසින මෙම තාක්ෂණය ඔබට අත්හදා බැලිය හැකිය. උදාහරණයක් ලෙස, ඔබට ලන්ඩනයට යාමට අවශ්‍ය නම්, බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් හීත්‍රෝ වෙත ගොඩබෑමට තෝරා ගනු ඇත. ඊළඟ වතාවේ, හීත්‍රෝ වෙත ගොඩ නොයන්න, නමුත් මැන්චෙස්ටර්හි ගුවන් තොටුපළ වැනි හීත්‍රෝ අසල 'කුඩා' ගුවන් තොටුපළකට ගොඩ බැසීමට උත්සාහ කරන්න. එවිට, මැන්චෙස්ටර් සිට, ඔබට ලන්ඩනයට දුම්රියෙන් යා හැකිය. මෙම ක්රමය උත්සාහ කරන්න. එය මිළ අඩු විය යුතුය!

6. Cookies''කුකීස්' හිස් කරන්න

මේක ගොඩක් අය දන්නේ නැහැ. ඔබ දින 30කට පෙර ගුවන් සමාගමේ වෙබ් අඩවියට පිවිසී ඇත්නම් ඔබේ ලැප්ටොප්, ස්මාර්ට් ජංගම දුරකථනය සහ පරිගණකයේ ඇති කුකීස් ඉවත් කරන්න. මක්නිසාද යත්, මෙම කුකීස් හරහා, ඔබ ඔවුන්ගේ වෙබ් අඩවියට නැවත නැවත පැමිණ ඇති බව ගුවන් සමාගමේ වෙන්කිරීමේ පද්ධතිය උපකල්පනය කරනු ඇත. එබැවින්, ඔබ වෙබ් අඩවියට කිහිප වතාවක් පිවිසුනද, වෙන්කරවා ගැනීමේ පද්ධතිය එකම මිල නියම කරයි. සමහර විට, මිල පවා වැඩි විය හැක! එමනිසා, ඔබගේ අන්තර්ජාල බ්‍රවුසරයේ කුකීස් ඉවත් කිරීමේ පුරුද්ද පුරුදු කරන්න. ඔබ ඒවා මකා දැමිය යුතු ආකාරය නොදන්නේ නම්, Google මහතාගෙන් විමසන්න!

7. මිල ගණන් සසඳන්න.

ගූගල් කිරීමට කම්මැලි නොවන්න සහ වෙනත් වෙබ් අඩවි වල ඔබට අවශ්‍ය ටිකට් මිල සංසන්දනය කරන්න. එක් වෙබ් අඩවියකට පමණක් අවධානය යොමු නොකරන්න. ඔබ පුදුමයට පත් වනු ඇත, මන්ද සමහර විට ඔබට එකම ගුවන් සමාගමෙන් මිල අඩු ප්‍රවේශ පත්‍ර මිලක් ලැබෙනු ඇත. මම සංචාරය සඳහා නිතර භාවිතා කරන සෙවුම් යන්ත්‍ර කිහිපයක් මෙන්න:

1. Skyscanner
2. CheapFlight
3. Momondo
4. Kayak
5. Google Flight
6. Ita Software

උපුටාගැනිමකී..

23/05/2024

We believe that you'll discover your path to endless happiness and that you are always blessed with good fortune and wealth.

Have a blessed Vesak festival 🙏🏻

MYDECION EDUCATION - International Recruitment Consultancy.

22/05/2024

Do You Have A BRP Card? You Must Take Action Now!

You may be aware, that ALL BRP (Biometric Residence Permits) will no longer be valid after the 31st December 2024.

That means that you or your employees will no longer be able to prove that you can live and work in the UK and you will not be able to return to the UK if you are abroad after 1st January 2025, unless you switch over to the new e-visa system being rolled out by the Home Office.

If you would like MYDECION EDUCATION to assist you with the process, for a Limited time only, we are charging £300.00 to complete this service for you.

Please contact us if you require assistance.

MYDECION EDUCATION.
Forign Education Consultancy.
Email: [email protected]
+94768790396 (whatsapp)

12/05/2024

NURSES are the backbone and future of healthcare! On this International Nurses Day, we extend our respect and appreciation for the selfless service of all nurses in the health sector. We are grateful for their commitment to provide us with quality and safe healthcare, as they perform their duties silently on behalf of the patients.

MYDECION EDUCATION - International Recruitment Consultancy.



20/03/2024

🇦🇺Nursing Homes SPONSORSHIP UPDATE for Overseas (482)

✅Job Title : Eged care worker
✅Locations : Perth, Melbourne
✅Requirements : *Skill Assessment (must have)* and 3 Year Experience.
✅Skills: Just GOOD english
speaking with IELTS (Each 5.0) / PTE (48)
✅Gender : Female
✅Processing time : 10 weeks.
✅Vaccancy : 40+

💠Visa fee and Air ticket fee are included!!!!!!
💠 Dependents are allowed

♦️Only Sri Lankan, Indian and Pakistani nurses and doctors can apply for this.🇱🇰🇳🇪🇵🇰

Send your CV and Skill Assessment certificate
(Whatsapp) +94768790396

15/01/2024

🇬🇧 Care Homes and Nursing Homes SPONSORSHIP UPDATE for Overseas

✅Job Title : Nursing Assistant, Senior Carer and Helthcare Assistant.
✅Locations : Manchester, Sheffield and Exter
✅Requirements : 3 Year Experience.
✅Skills: Just GOOD english
speaking with UKVI IELTS(6.0) and NARIC (C1)
✅Gender : Female
✅COS Processing time : 3 weeks.
✅Vaccancy : 14

💠 Visa fee and Air ticket fee are included.
🔴Dependents are allowed. (Untill March 30)

♦️Only Sri Lankan, Indian and Pakistani nurses and doctors should apply for this.🇱🇰🇳🇪🇵🇰

Send your CV :
(Whatsapp) +94768790396

13/01/2024
Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Culinary Team

Attire

Telephone

Address


Kotalawala Road
Colombo
00400