මියයන සුරතල් සතුන් ගෞරවාන්විතව භූමිදානය හෝ අදාහනය කිරීම සඳහා කොළඹ කේන්ද්‍රීයව ස්ථාන දෙකක් ඉදිකිරීමට මිලියන 100ක්
අපි NPP
අළුතින් හිතන රටක් හදමු ���
18/10/2025
🎓🇱🇰 අලුත් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛයක් – A/L සිසුන්ට වැදගත් පණිවිඩයක්!
📅 2025 ඔක්තෝබර් 10 සිට බලපැවැත්වේ
අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා — උසස් පෙළ (G.C.E. A/L) සඳහා පාසල් මාරු කිරීමේ ක්‍රමවේදය වෙනස් කරනව 🚸
---
📌 මුලු අරමුණ
අඩු Z-ලකුණු වලින් විශ්වවිද්‍යාලවලට යන්න උත්සාහ කරලා, හිතාමතාම “දුෂ්කර දිස්ත්‍රික්ක” පාසල් තෝරන සිසුන් වැළැක්වීම 🛑
---
📖 නව ක්‍රමය – “තාවකාලික අනුයුක්තය” (Temporary Attachment)
👉 පහසුකම් ඇති දිස්ත්‍රික්කයක පාසලක සිසුවකු
👉 දුෂ්කර දිස්ත්‍රික්කයක පාසලකට උසස් පෙළට යන්න ඉල්ලුමක් දුන්නොත්
➡️ දැන් ඔහුට ලැබෙන්නේ තාවකාලික අනුයුක්තය පමණයි.
🧾 ඒ කියන්නේ –
ඔයාට එම පාසලේ ඉගෙන ගන්න පුළුවන්,
නමුත් විභාගයට පෙනී සිටිය යුත්තේ කලින් පාසලේ දිස්ත්‍රික්කයේ සිසුවෙකු ලෙසයි.
ඒ නිසා Z-ලකුණු ගණනය වෙන්නේත් එම දිස්ත්‍රික්කය අනුවයි.
📊 එම නිසා “දුෂ්කර දිස්ත්‍රික්ක” වාසි ලබාගන්න වංචනික ක්‍රියා දැන් නවතන්න පුළුවන් 💪
---
🏫 දුෂ්කර දිස්ත්‍රික්ක ලෙස නම් කර ඇති ප්‍රදේශ:
📍 නුවර එළිය | හම්බන්තොට | යාපනය | කිලිනොච්චිය | මන්නාරම | මුලතිව් | වවුනියාව | ත්‍රිකුණාමළය | මඩකලපුව | අම්පාර | පුත්තලම | අනුරාධපුර | පොළොන්නරුව | බදුල්ල | මොණරාගල | රත්නපුර
---
18/10/2025
ලංකාවේ කුමන හෝ අපරාධයක් සිදු වූ විට එහි කොණක පොහොට්ටුව සිටී 🤣🤣🤣
ඉෂාරා සෙව්වන්දිට සැඟව සිටීමට ආධාර අනුබල ලබාදුන් මතුගම ශාන්.! 🙄
#අඩංගුවට
16/10/2025
පොතේ පිටකවරයට ගැලපෙන පින්තූර 🤣🤣🤣
Like and share
Strengthening Sri Lanka–China friendship 🇱🇰🤝🇨🇳
Honoured to meet H.E. Xi Jinping, President of the People’s Republic of China.
14/10/2025
ඉෂාරා සෙව්වන්දි අත් #අඩංගුවට.
කාත් එක්කවත් ඩීල් නැති ආණ්ඩුවක් ❤️ #
12/10/2025
ලංකාවේ අලුත් අන්දරේ 🤣🤣🤣
සජිත්ට කඩේ යන අය වෙනුවෙන් විනාඩියක නිෂ්ශබ්තාවයක්🤣🤣
#ටොම්පචයා
11/10/2025
ජාතික ජන බලවේග ආණ්ඩුව ඊයේ (10) දින සිදු කළ අමාත්‍ය මණ්ඩලය සංශෝධනයට අනුව ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරය හිමි වූයේ M. M. මොහමඩ් මුනීර් මහතාට ය.
බංකොලොත් දේශපාලන පක්ෂ වලට සම්බන්ධ අනාථ ගෝතයන් විසින් මෙම පත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය යොදා ගනිමින් නින්දිත ජාතිවාදී ප්‍රචාරයක් ආරම්භ කොට තිබේ.
මෙම නින්දිත තුච්ඡ ජාතිවාදී ප්‍රහාරය ආරම්භ කර ඇත්තේ, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයට මුස්ලිම් ජාතිකයෙකු පත් කිරීමට එරෙහිව ය. මීට පෙර ද මේ ජාතිවාදී භ්‍රෂ්ටයන් විසින් පොලීසිය භාර ඇමැතිවරයාගේ නමේ දෙමළ කෑල්ලක් පෙන්වා, ජනතාව අතර ජාතිවාදයක් මතුකර ගැනීමට මෙවැනිම බංකොලොත් උත්සාහයක යෙදුණහ.
නමට පමණක් සිංහල බෞද්ධ, මේ පාහර ජාතිවාදීන්, මෙවර උත්සාහ ගන්නේ බෞද්ධයන්ට අදාළ අමාත්‍යාංශය මුස්ලිම් ජාතිකයෙකුට පවරා බුද්ධාගම නැසීමට කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ජනතාව තුළ මතයක් ගොඩ නැඟීමට ය. එමඟින් ජාතිවාදී සහ ආගම්වාදී අවුලක් ඇති කිරීමට හැකි දැයි ඔවුන් උත්සාහ කරති.
කුල්ල කුජීත වී අනාථ භාවයට පත් වී සිටින පාරාජික දේශපාලන පක්ෂ, තමන්ට තවමත් කඹුරමින් සිටින දේශපාලන ඇටිකිච්චං කීප දෙනෙකු යොදවා සමාජ මාධ්‍ය තුළ දරන මෙම උත්සාහය දුටු විට ඒ ඇටිකිච්චං ගැන ඇති වන්නේ අනුකම්පාවකි.
සමාජ මාධ්‍ය තුළ නිකං වේලෙන මේ ඇටිකිච්චංගේ දැන ගැනීම සඳහා මෑත ඉතිහාසයේ උදාහරණ කිහිපයක් පමණක් පහත පළ කරමු.
රණසිංහ ප්‍රේමදාස ගේ UNP ආණ්ඩු සමයේ ( 1989 – 1993 ) ආගමික කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍යධූරය දැරුවේ මුසලිම් ජාතිකයෙකු වූ M. H. මොහොමඩ් මහතා ය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග (SLFP/PA) ආණ්ඩුවේ ( 1994 – 2000 ) බෞද්ධ කටයුතු හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ධූරය දැරුවේ මූසලිම් ජාතිකයෙකු වූ A. H. M. අස්වර් මහතා ය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ආණ්ඩුවේ ( 1994 – 2005 ) විදේශ කටයුතු අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කදිරගාමර්, කලා හා සංස්කෘතික කටයුතු හා සම්බන්ධ විශේෂ කමිටු හා ප්‍රවර්ධන කටයුතු වලටත් පත් විය. ඔහු දෙමළ ජාතිකයෙකි.
එපමණක් නොව, වෙසක් දිනය ජාත්‍යන්තරව පිළිගන්නා ලෙස යෝජනා කළේ ශ්‍රී ලංකාව ය. ඒ සඳහා නායකත්වය ගත්තේ ලක්ෂ්මන් කදිරගාමර් මහතා ය.
දේශපාලනයේ මෑත ඉතිහාසය වත් නො දන්නා ගොබ්බයන්ට, බුදුන් වදාළ ධර්මය ගැන ඇති දැනීම ගැන කවර කතා ද?
සුනිල් ගාමිණී ජයලත්ගේ.
උපුටා ගැනීමකි...
Click here to claim your Sponsored Listing.
