02/01/2026
අධිකරණවල සිට ආරක්ෂිත ස්ථාන කරා ළමුන් ප්‍රවාහනය කිරීම සදහා පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තු සදහා වාහන ලබා දීමේ නිල උත්සවය 2025.12.24 දින සෙත්සිරිපාය 2වන අදියර පරිශ්‍රයේදී පවත්වන ලදී. එම උත්සවය ගරු කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මැතිණියගේ ප්‍රධානත්වයෙන් සහ කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍යතුමාගේ හා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශ ලේකම්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. මෙම උත්සවය සදහා පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස්වරුන් සහභාගී වූ අතර එදින මෙම වාහන නිල වශයෙන් පළාත් වෙත භාර දෙන ලදී.
අධිකරණ නියෝග මත ආරක්ෂිත ස්ථාන වෙත ළමුන් ප්‍රවාහනය කිරීම පිළිබඳව ගැටළුව දීර්ඝ කාලයක සිට සාකච්ඡාවට බඳුන් වූවකි. අධිකරණය හමුවට පමුනුවණ ලබන ළමා වින්දිතයින්, ළමා සැකකරුවන් සහ ළමා වරදකරුවන් සම්භන්දයෙන් අධිකරණ විසින් තීරණයක් ගන්නාතෙක් තාවකාලිකව ආරක්‍ෂිත ස්ථාන වල සහ රැදවුම් නිවාස වල රදවා තැබීමට ගරු අධිකරණ විසින් නියෝග කරනු ලබයි. අධිකරණ නියෝග මත එම ආරක්‍ෂිත ස්ථාන වල රැදවීමට ළමුන් ප්‍රවාහනය කරනු ලබන්නේ බොහෝවිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගිනි.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව මගින් බන්ධනාගාර රථ වලින් ළමුන් ප්‍රවාහනය කිරීමේදී ළමුන්ට විවිධ ගැටළු වලට මුහුණ පෑමට සිදුවේ. එනම් බන්ධනාගාර නම සදහන් වැඩිහිටි රැදවියන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ වලින් නිල ඇදුම් සහිත කාර්ය මණ්ඩලයක් විසින් ළමුන් ප්‍රවාහනය කිරීම, ළමයින් සහ වැඩිහිටි වැරදකරුවන් එකම බස් රථයකින් ප්‍රවාහනය කිරීම, ඇතැම් අවස්ථා වල වින්දිත ළමයා සහ එම ළමයා අපයෝජනයට ලක්කල චුදිතයා එකම වාහනයකින් ප්‍රවාහනය කිරීම වැනි ගැටළු රාශියකට ළමුන් මුහුණ පානු ලැබේ. මෙම ගැටළු නිසා මෙම යුක්තිය පසිදලීමේ යාන්ත්‍රණය තුලම ළමුන් ද්විතියික වින්දිත භාවයට (Secondary Victimization)පත් වේ.
මෙකී සියළු කරුණු සැලකිල්ලට ගෙන ළමුන් සඳහා වෙන් වූ “ළමා මිතුරු ප්‍රවාහන සේවයක්” ඇති කිරීමට (Child Friendly Transport System) රජයේ විශේෂ අවධානය යොමු විය
එසේම ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ S.C.(F/R) 335/2010 මූලික අයිතිවාසිකම් නඩුවේදී මෙම ළමුන් ප්‍රවාහනය පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ළමුන් සඳහා වෙන්වූ “ළමා මිතුරු” ප්‍රවාහන සේවයක අවශ්‍යතාවය තහවුරු කරන ලදී.
ඒ අනුව ළමුන් ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ මුල් අදියර යටතේ දකුණ, සබරගමුව, බස්නාහිර, වයඹ, උතුර යන පළාත් සභා 5 සඳහා ටොයෝටා වර්ගයේ නවීන වෑන්රථ 05ක් ලබ දෙන ලදී.
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මගින්ද “සුරක්ෂිත ළමා ලෝකයක් නිර්මාණශිලි අනාගත පරපුරක් ”යටතේ “දරුවන් ප්‍රවාහනයේදී ආරක්ෂිත හා ගෞරවනීය ප්‍රවාහන ක්‍රමයක් සහතික කිරීම සඳහා ළමා හිතකාමි ප්‍රවාහන පද්ධතියක් ”ක්‍රියාත්මක කිරීමට රජයේ අවදානය යොමු විය.
එම ප්‍රතිපත්තියේ සදහන් කරුණු යතාර්ථයක් බවට පත්කරමින් “ ළමා මිතුරු ප්‍රවාහන ක්‍රමවේදය ”තවදුරටත් ශක්තිමත් කිරීම සදහා 2025 අයවැය මගින් පළාත් මට්ටමින් පළාත් වෙත ළමුන් ප්‍රවාහනයට වාහන මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන වෙන් කරන ලදී. ඒ අනුව එක් පලාතකට එක් වාහනයක් බැගින් පළාත් 9 සදහා වාහන 9ක් ලබා දීම අද දින සිදු කරනු ලැබේ.
ළමුන් ප්‍රවාහනය සදහා අවශ්‍ය වාහන ලබා දුන්නද ළමා මිතුරු ප්‍රවාහන ක්‍රමවේදයක් ඇති කිරීමට නම් ඊට ප්‍රමාණවත් කාර්යමණ්ඩලයක් තිබිය යුතු වේ. රාජ්‍ය අංශයට නව බදවා ගැනිම් අත්හිටුවා ඇති මොහොතක උවද ළමුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් සේ සලකන බැවින් ළමා මිතුරු ප්‍රවාහන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම සදහා පළාත් මට්ටමින් නව තනතුරු 54 ක් ඇති කොට ඊට අදාළ බඳවා ගැනීම සදහා මේ වන විට අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව එක් පලාතකට රියදුරන් දෙදෙනෙකු භාරකරුවන් දෙදෙනෙකු සහ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු වන සේ නිලධාරින් 54 දෙනෙකු මෙම ළමුන් ප්‍රවාහනය සදහා බදවා ගැනීම මේ වන පළාත් මට්ටමින් සිදු කරමින් සිටී.
මෙලෙස බදවා ගනු ලබන කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ලබා දීමටත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ සහ පරිවාස හා ළමා රක්ෂක දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇති අතර ඊට අදාළ කටයුතු බදවා ගැනිම් අවසන් වූ වහාම සිදු කිරීමට නියමිතය. එසේම මෙම නව ප්‍රවාහන ක්‍රමවේදයේ ප්‍රගතිය විමසා බලා තවදුරටත් ක්‍රමවේදය ශක්තිමත් කිරීමට පියවර ගැනීමට නියමිතය.

31/12/2025
24/12/2025
10/12/2025
03/12/2025
30/11/2025
30/11/2025
30/11/2025
26/11/2025