22/10/2025
පිවිතුරු තේදලු ක්‍රියාන්විතයට සමගාමීව තේ කම්හල් පාදක දළු ගුණාත්මය ඉහල නැංවීමේ වැඩසටහන සහ තේ භෝග සායනය රත්නපුර ප්‍රාදේශීය කාර්යාලයේ කුරුවිට උප කාර්යාලයට අයත් කිරිඇල්ල සේවා කොට්ඨාසයේ කැටේපොළ විහාරස්ථානයේදී 2025 ඔක්තෝම්බර් මස 16 වන දිනය පුරා පැවැත්විණි.
මෙහිදී තේ පොහොර සහනාධාර වැඩසටහන යටතේ QR කේතය ලබාදී පොහොර නිකුත් කිරීම සංකේතවත් කරන ලද අතර, ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනයේ ජංගම බස් රථය සහිත විද්‍යාගාරය සම්බන්ධ කරගනිමින් තේ ඉඩම් වල පස් සාම්පල් පරීක්ෂා කිරීමේ වැඩසටහනක්ද පවත්වන ලදී.
මීට අමරතරව තේ වගාවේදී භාවිතා කරන කෘෂි උපකරණ පිළිබඳව පබසර ඇග්‍රෝ ආයතනය මඟින් ප්‍රදර්ශන කුටියක් සහ පුහුණු වැඩසටහනක් පවත්වන ලද අතර, කලවාන සිසිලියන් තේ කර්මාන්තශාලාවේ ව්‍යාප්ති ඒකකය සම්බන්ධ කර ගනිමින් දළු ගුණාත්මය ඉහල නැංවීමේ වැඩමුළුවක් පැවැත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා ශ්‍රි ලංකා තේ පර්යේෂණ ආයතනය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය නියෝජනය කරමින් ජේෂ්ඨ උපදේශක නිලධාරීන් සහ තේ පරීක්ෂක/ ව්‍යාප්ති නිලධාරින් ඇතුලු නිලධාරින් රාශියක් සහභාගි විය.
19/10/2025
දීපාවලි සුබ පැතුම්🪔
இனிய தீபாவளி நல்வாழ்த்துக்கள், 🪔
Happy Diwali 🪔
02/10/2025
QR කේතය මගින් පොහොර ලබාගන්නේ මෙන්න මෙහෙමයි...!
26/09/2025
*තේ පොහොර සහනාධාරය QR ක්‍රමයට*
කුඩා හා මධ්‍යම පරිමාණ තේ වතු හිමියන් සඳහා පොහොර සහනාධාරය QR ක්‍රමවේදය ඔස්සේ ලබාදීමේ ආරම්භක වැඩසටහන අද (26) දින වැලිපැන්නේ දි සිදු කරන ලදි.
ලංකාවේ වාර්ෂික තේ නිෂ්පාදනය 2030 වර්ෂය වන විට කිලෝ මිලියන 400 ක් දක්වා වර්ධනය කිරීම උදෙසා මෙම සහනාධාර තේ පොහොර ලබාදීම නව ක්‍රමවේදයක් ඔස්සේ සිදු කිරිමට තේ මණ්ඩලය විසින් රු. මිලියන 2,000 ක මුදලක් 2025 වර්ෂය සඳහා තේ ගොවින්ට ලබා දීමට වෙන් කර ඇති අතර, කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය හා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් මෙරට තේ දලු නිෂ්පාදනය 75% ක් නිපදවන කුඩා තේ වතු හිමියන් ඉලක්ක කර ගනිමින් මෙම රු.මිලියන 2,000 ක පොහොර ප්‍රමාණය ලබා දීමට සැලසුම්කොට ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ කි.ග්‍රෑම් 50 පොහොර මිටියක් සදහා රු. 4000.00 ක මුදලක් ද, කි.ග්‍රෑම් 25 පොහොර මිටියක් සදහා රු. 2000.00 මුදලක් ද, සහනාධාර වශයෙන් ලබාදෙනු ලැබේ. මෙම වැඩසටහන මගින් සහනාධාරලාභීන් වෙත QR කේතයක් ලබාදී රජයේ පොහොර සමාගම ඇතුලු පොහොර ලේකම් කාර්යාලයේ ලියාපදිංචි පොහොර සමාගම් ගණනාවකින් මෙම අනුමත පොහොර ලබා ගත හැකි පරිදි නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත. මෙම නව ක්‍රමවේදය යටතේ පොහොර මිලදි ගැනිමට අවශ්‍ය කටයුතු එළඹෙන ඔක්තෝබර් මස 01 දින සිට සියලු ප්‍රදේශවල ක්‍රියාත්මක කිරිම ඇරඹේ.
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන සංජීව රණසිංහ මැතිතුමා, ධනුෂ්ක රංගනාත් මැතිතුමා, නන්දන පද්මකුමාර මැතිතුමා යන මන්ත්‍රිවරුන්ද, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය ද, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමිය තරංගි වික්‍රමසිංහ මහත්මිය, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රාජ් ඔබේසේකර මහතා, තේ කොමසාරිස් මහේශ් ජයවර්ධන මහතා, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති නිමල් උඩුගම්පල මහතා, සාමාන්‍යාධිකාරී ක්‍රිෂාන්ත වික්‍රමසිංහ මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු හිමියන්ගේ සහභාගිත්වයෙන් මෙම සමාරම්භක අවස්ථාව සිදු කරන ලදි.
24/09/2025
කුඩා හා මධ්‍යම පරිමාණ තේ වගාකරුවන්ට සහනාධාර ක්‍රමය යටතේ මිශ්‍ර පොහොර බෙදා දීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවය වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය ගරු සමන්ත විද්‍යාරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කළුතර, වැලිපැන්න, මැද්දෙගෙදරදී...
23/09/2025
තේ නැවත වගාව/ අලුත් වගාව/ පාළු සිටවීම සඳහා දිරි දීමනා ගෙවීම්
අක්කර 10 හෝ ඊට වඩා අඩු තේ ඉඩම් වල පහත කොන්දේසි යටතේ තේ නැවත වගාව/ අලුත් වගාව/ පාළු සිටවීම සඳහා කුඩා තේ වතු හිමියන්ගෙන් අයදුම්පත් කැඳවීම (ව්‍යාපෘති කාලසීමාව 2025 ඔක්තෝබර් - 2027 දෙසැම්බර් දක්වා)
01. පස පුනරුත්ථාපනය සඳහා තේ පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුකූලව බිම සකසා තෘණ සිටුවා (පැඟිරි මානා, හයිබ්‍රිඩ් නේපියර් CO-3 නියමිත කාලය නඩත්තු කළ යුතුය. (CO-3 යොදා පස පුනරුප්ථාපනය කිරීමේදි තෘණ වගාවේ නඩත්තු කාලය වසර 01කි.
02. තෘණ සිටුවන අවස්ථාවේදිම උස් හා මැදි සෙවණ ශාක සිටුවීම අත්‍යවශ්‍ය වේ.
03. උසස් ප‍්‍රමිතිගත තේ පැළ පමණක් සිටුවිය යුතුය. (අවම වශයෙන් අඟල් 7 X 5 බාස්කට්)
04. ගිවිසුම් ගත වන දින සිට 2027 දෙසැම්බර් 31 දක්වා පමණක් ගිවිසුම් පත්‍රය වලංගු වන අතර, එදිනට පෙර පැළ සිටුවා අවසන් කළ යුතු ය.
05. තේ නැවත වගාව සඳහා හෙක්ටයාරයකට රු. 630,000/- ක් වාරික 03කින් ගෙවනු ලැබේ.
06. තේ අලූත් වගාව සඳහා හෙක්ටයාරයකට රු. 500,000/- ක් වාරික 02කින් ගෙවනු ලැබේ.
07. පාළු සිටුවීමේදි අක්කරයකට උපරිම පැළ 1000ක් සඳහා පැළයකට රු. 100/- ක දිරි දීමනා මුදලක් ගෙවනු ලැබේ.
08. කට්ටි පාළු (සමූහ පැළ) තෘණ සිටුවා අවම වශයෙන් වසරක කාලයක් නඩත්තු කිරීම අත්‍යවශ්‍ය වන අතර (තනි පාළු) විසිරි පාළු ස්ථාන වල කොම්පෝස්ට් යොදා පැළ සිටුවිය යුතුය.
09. පාළු පැළ සිටුවීමට අපේක්ෂිත කොටසේ රිකිලි තේ වගාව අදාල වර්ෂය තුළ කප්පාදු කර තිබීම අනිවාර්ය වන අතර පැළ සිටුවීම 2026.12.31 දිනට ප‍්‍රථමයෙන් අවසන් කළ යුතුවේ.
ඉල්ලුම් පත් තේ පරීක්ෂක/ ව්‍යාප්ති කාර්යාල/ උප කාර්යාල/ ප‍්‍රාදේශිය කාර්යාල/ කුඩා තේ වතු සංවර්ධන සමිති මගින් ලබාගත හැක. සියළුම ඉල්ලූම්පත‍්‍ර නිසි පරිදි සම්පූර්ණ කොට නියමිත දිනයන්ට පෙර ඉදිරිපත් කළ යුතුය.
වැඩි විස්තර සඳහා - 0117 909020 / 21 / 36
18/09/2025
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ගරු අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මැතිතුමා සහ අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා විසින් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ නිරික්ෂණ චාරිකාවක් සඳහා අද දින (2025.09.18) සහභාගි විය. මෙහිදී ගරු අමාත්‍යතුමන් සහ ලේකම්තුමන් විසින් ප්‍රධාන කාර්යාලයේ සියළුම අංශ වල ක්‍රියාකාරිත්වය පිළිබඳ අධීක්ෂණයක් සිදුකරන ලදී. පසුව කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ කාර්ය මණ්ඩලය අමතමින් ගරු අමාත්‍යතුමා විසින් තේ කර්මාන්තය තුල වර්තමානයේ පවතින ගැටළු නිවැරදිව හඳුනාගනිමින් ඒවාට නිසි පිළියම් යෙදීම පිළිබඳ කාර්යමණ්ඩලය දැනුවත් කළ අතර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව නිමි තේ නිෂ්පාදනය ඉලක්කගත ලෙස වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස උපදෙස් ලබාදෙන ලදී.
27/08/2025
තේ වගාවේ පාලු සිටුවන අවසර පත්‍ර ලාභීන් සඳහා තේ කප්පාදු කිරීම සහ පාලු සිටුවීම පිළිබඳ ක්ෂේත්‍ර පුහුණු වැඩසටහනක් 2025-08-26 වැනි දින නුවරඑළිය ප්‍රාදේශීය කාර්යාලයේ, හෙල්බොඩ තේ පරීක්ෂක කොට්ඨාශයේ රජ ඇල වසමේ දී පවත්වන ලදි.
27/08/2025
2025 පළමු මාස 07 තුල තේ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 884 කි
2024 වසරේ ජුලි මාසයට සාපේක්ෂව 13% ක වර්ධනයක්.