02/06/2026
ජවිපෙ ග්‍රීෂ්ම කදවුර - රෝමය !
ජනතා විමුක්ති පෙරමුණ රෝම සහෝදරත්වය විසින් සංවිධානය කරනු ලැබූ ග්‍රීෂ්ම කදවුරක් මැයි 31 ඉරිදා පෙරවරු 10 සිට රාත්‍රී 8 දක්වා, රෝමයේ Csoa eXSnia සමාජ මධ්‍යස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
විනෝදාස්වාදය, සහෝදරත්වය, අධ්‍යාපනය සහ ආහාරපාන සමගින් පැවති මෙම අවස්ථාවට,
ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ද වෙමින් "සංස්කෘතිය, විවිධත්වය සහ සහජීවනය දේශපාලනයෙන් කියවමු" යන තේමාව යටතේ අදහස් දැක්වීය.
ප්‍රවීණ ගී පද රචක කිවිවර රවී සිරිවර්ධන සහෝදරයා zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ද වෙමින් "සමාජ ප්‍රගමනයට දායක වන නුතන ලාංකීය කවිය" යන තේමාව යටතේ වැඩසටහන රසවත් කළේය.
ඉතාලියේ වමේ බලවේගයන් වෙනුවෙන් Partito Comunista, Che fare යන සංවිධාන නියෝජිතයන් විසින් "වත්මන් ලෝක දේශපාලනය සහ අධිරාජ්‍යවාදී යුද්ධ හමුවේ වමේ ව්‍යාපාරයේ කාර්යභාරය" පිළිබදව හරවත් අදහස් දැක්වීමක් කරනු ලැබීය.
සංගීතමය වැඩසටහනකින් දවස පුරා පැවති වැඩසටහන සමාප්ත විය.

02/06/2026
02/06/2026
02/06/2026
02/06/2026
02/06/2026
02/06/2026