Beliatta Divisional Secretariat

Call Website Contact the organization

Beliatta Divisional Secretariat කාර්යක්ෂම හා ආකර්ෂණීය මහජන සේවයක් උදෙසා

👁️ නොමිලේ ඇස් පරීක්ෂා කිරීමේ සහ ඇස් කණ්ණාඩි ලබාදීමේ ජංගම සේවාවක්දකුණු පළාත් සභාව මඟින් මෙහෙයවනු ලබන නොමිලේ ඇස් පරීක්ෂා ක...
11/10/2026

👁️ නොමිලේ ඇස් පරීක්ෂා කිරීමේ සහ ඇස් කණ්ණාඩි ලබාදීමේ ජංගම සේවාවක්

දකුණු පළාත් සභාව මඟින් මෙහෙයවනු ලබන නොමිලේ ඇස් පරීක්ෂා කිරීමේ සහ ඇස් කණ්ණාඩි ලබාදීමේ ජංගම සේවාවක් 2026.10.09 දින ගල්කෙම විහාරස්ථානයේදී පැවැත්විණි.

👓 ජනතාවගේ අක්ෂි සෞඛ්‍යය නඟාසිටුවීම සහ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ඇස් කණ්ණාඩි ලබාගැනීම සඳහා අවස්ථාව සැලසීම මෙම වැඩසටහනේ විශේෂත්වය විය.

මෙම අවස්ථාව සඳහා බෙලිඅත්ත ගරු ප්‍රාදේශීය ලේකම් නීතිඥ එරංගා මහානාම මැතිණිය, බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා නිලධාරීන් සහ අදාළ කොට්ඨාසවල ග්‍රාම නිලධාරීන් සහභාගී වූහ.

💙 සුවපත් ජනතාවක් වෙනුවෙන් ජනතාවට සමීප රාජ්‍ය සේවයක්!

#බෙලිඅත්ත #දකුණුපළාත්සභාව #සමාජසේවා #අක්ෂිසෞඛ්‍යය #ජනතාසේවය

🌈 මනසින් සවිමත් – දරුවන් පොහොසත් ❤️2026 ලෝක ළමා දින වැඩසටහනදරුවන්ගේ මානසික සුවතාවය ප්‍රවර්ධනය කිරීම, ඔවුන්ගේ සැඟවුණු දක්...
10/10/2026

🌈 මනසින් සවිමත් – දරුවන් පොහොසත් ❤️

2026 ලෝක ළමා දින වැඩසටහන

දරුවන්ගේ මානසික සුවතාවය ප්‍රවර්ධනය කිරීම, ඔවුන්ගේ සැඟවුණු දක්ෂතා හඳුනාගෙන ඒවා ඇගයීම හා දරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් ඉස්මතු කිරීම අරමුණු කරගනිමින්, “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” යන තේමාව යටතේ 2026 ලෝක ළමා දින වැඩසටහන 2026.10.08 දින බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 🌟

මෙම අවස්ථාව සඳහා බෙලිඅත්ත ගරු ප්‍රාදේශීය ලේකම් නීතිඥ එරංගා මහානාම මැතිණිය ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ පාසල් දරුවන් සහභාගී වූහ.

මෙහිදී දරුවන්ගේ විවිධ දක්ෂතා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙමින්, ඔවුන්ගේ හැකියාවන් ඇගයීමට ද කටයුතු කරන ලදී. 🎨🎶

දරුවන්ගේ දක්ෂතා අගයමින්, ඔවුන්ගේ මානසික සුවතාවය හා යහපත් අනාගතය වෙනුවෙන් කැපවීම අප සැමගේ වගකීමයි. ❤️

සෑම දරුවෙකුටම සතුටින්, සුරක්ෂිතව හා මනසින් සවිමත්ව වැඩෙන්නට අවශ්‍ය පරිසරයක් ගොඩනඟමු! 🌱

#ලෝකළමාදිනය2026 #මනසින්සවිමත්දරුවන්නපොහොසත් #දරුවන්ගේඅනාගතය #ළමාඅයිතිවාසිකම්

👧🏻👦🏻 2026 වසරේ තෙවන කාර්තුවේ ප්‍රාදේශීය ළමා සංවර්ධන කමිටුව පැවැත්වීම2026 වසරේ තෙවන කාර්තුවට අදාළ ප්‍රාදේශීය ළමා සංවර්ධන ...
10/10/2026

👧🏻👦🏻 2026 වසරේ තෙවන කාර්තුවේ ප්‍රාදේශීය ළමා සංවර්ධන කමිටුව පැවැත්වීම

2026 වසරේ තෙවන කාර්තුවට අදාළ ප්‍රාදේශීය ළමා සංවර්ධන කමිටු රැස්වීම 2026.10.06 දින බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

බෙලිඅත්ත ගරු ප්‍රාදේශීය ලේකම් නීතිඥ එරංගා මහානාම මැතිණියගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ඔවුන්ගේ යහපත් අනාගතය වෙනුවෙන් සාමූහිකව කටයුතු කිරීම සඳහා මෙවැනි කමිටු රැස්වීම් වැදගත් වේ. 🤝

#ළමාසංවර්ධනය #ළමාආරක්ෂාව #දරුවන්ගේඅනාගතය

🌱 දරුවන්ට සොඳුරු පරිසරයක්... හරිත අනාගතයක්... 🌱ලෝක ළමා දිනයට සමගාමීව මිරිස්වත්ත පුබුදු පෙර පාසලේ දරුවන්ට ප්‍රියමනාප පරිස...
09/10/2026

🌱 දරුවන්ට සොඳුරු පරිසරයක්... හරිත අනාගතයක්... 🌱

ලෝක ළමා දිනයට සමගාමීව මිරිස්වත්ත පුබුදු පෙර පාසලේ දරුවන්ට ප්‍රියමනාප පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් දෙමාපියන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රමදාන වැඩසටහනක් හා රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. 🌿🌳

එමෙන්ම, දෙමාපියන් දැනුවත් කිරීමේ අරමුණින් සමථකරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පරිසර හා සමථ සංවර්ධන නිලධාරීන් විසින් පවත්වන ලදී.

දරුවන්ගේ යහපත් අනාගතය වෙනුවෙන් සොඳුරු පරිසරයක් නිර්මාණය කිරීම මෙන්ම සාමකාමී පවුල් හා සමාජ පරිසරයක් ගොඩනැඟීම ද මෙවැනි වැඩසටහන් තුළින් තවදුරටත් ශක්තිමත් වේ. 💚

#ලෝකළමාදිනය #පරිසරසංරක්ෂණය #රුක්රෝපණය #සමථකරණය

🌸 මනසින් සවිමත් – දරුවන් පොහොසත් 🌸මෙවර ලෝක ළමා දින තේමාව පදනම් කරගනිමින්, මුල් ළමාවියේ දරුවන්ගේ චිත්තවේගීය සුවතාව ප්‍රවර...
09/10/2026

🌸 මනසින් සවිමත් – දරුවන් පොහොසත් 🌸

මෙවර ලෝක ළමා දින තේමාව පදනම් කරගනිමින්, මුල් ළමාවියේ දරුවන්ගේ චිත්තවේගීය සුවතාව ප්‍රවර්ධනය කිරීම සහ චිත්‍ර හා සංගීතය තුළින් ඔවුන්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය කිරීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් බෙලිඅත්ත සිරි සුනන්ද විහාරස්ථානයේදී පෙර පාසල් පහක දරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. 🎨🎶

බෙලිඅත්ත ගරු ප්‍රාදේශීය ලේකම් නීතිඥ එරංගා මහානාම මැතිණියගේ ආශීර්වාදය සහ මඟපෙන්වීම මත ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන තුළින් දරුවන්ගේ මානසික සුවතාව, නිර්මාණශීලී හැකියාවන් සහ චිත්තවේගීය සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කෙරිණි. 🌱

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සහයෝගය ලබාදුන් සමාජ සේවා අංශයේ නිලධාරීන්ටත්, සහභාගී වූ පෙර පාසල් පහේ ගුරුතුමියන්ටත් මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනියටත් ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු. 💐

දරුවන්ගේ මනස සවිමත් කරමින්, ඔවුන්ගේ හැකියාවන් ඔප්නංවාලන හෙට දවසක් වෙනුවෙන් අපි කැපවෙමු! ❤️

#මනසින්සවිමත්දරුවන්පොහොසත් #මුල්ළමාවියසංවර්ධනය

🌱 ව්‍යවසායකත්වය හා අපනයන කෘෂි ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ පුහුණු වැඩසටහනක්සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ව්‍යවසායකත්...
09/10/2026

🌱 ව්‍යවසායකත්වය හා අපනයන කෘෂි ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ පුහුණු වැඩසටහනක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ව්‍යවසායකත්ව කුසලතා වර්ධනය කිරීම සහ අපනයන කෘෂි ව්‍යාපාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද පුහුණු වැඩසටහනක් 2026.10.06 දින පෙ.ව. 9.00 සිට බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.

බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගරු ප්‍රාදේශීය ලේකම් නීතිඥ එරංගා මහානාම මැතිණියගේ මඟපෙන්වීම යටතේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) ඒ. එම්. අයි. රෝහිණී මහත්මියගේ සහ අපනයන සංවර්ධන නිලධාරී සුජාතා මහත්මියගේ ආරාධනයෙන් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.

📌 සම්පත් දායකත්වය

මෙම වැඩසටහන සඳහා ආරාධිත සම්පත් දායකයන් ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයේ දකුණු පළාත් කාර්යාලයේ අපනයන සංවර්ධන නිලධාරී අයි. එන්. පී. සිරිවර්ධන මහත්මිය සහ සී. එච්. හෙන්දාවිතාරණ මහත්මිය සහභාගී වූහ.

📌 වැඩසටහනේ සංවිධානය හා සහභාගීත්වය

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ කේ. කේ. ප්‍රභානි එම්. කුලතිලක මෙනවියගේ මෙහෙයවීමෙන් සංවිධානය කරන ලද මෙම පුහුණු වැඩසටහන සඳහා සාමාජිකයින් 62 දෙනෙකු සහභාගී වූහ.

එමෙන්ම, දිස්ත්‍රික් ව්‍යාප්ති නිලධාරී මහතා, ව්‍යාප්ති නිලධාරී මහත්ම මහත්මීන් සහ කාර්යාලීය සංවර්ධන නිලධාරීන් කිහිපදෙනෙකු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ දැනුම, කුසලතා සහ ව්‍යාපාරික අවස්ථා පුළුල් කරමින් අපනයන කෘෂි ව්‍යාපාර ක්ෂේත්‍රයේ සංවර්ධනයට දායක වීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.




08/10/2026
🦟 ඩෙංගු හා අනෙකුත් බෝවන රෝග පිළිබඳ ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහනක්ඩෙංගු රෝගය සහ අනෙකුත් බෝවන රෝග පිළිබඳව ප්‍රජාව දැනුවත්...
06/10/2026

🦟 ඩෙංගු හා අනෙකුත් බෝවන රෝග පිළිබඳ ප්‍රජා දැනුවත් කිරීමේ වැඩසටහනක්

ඩෙංගු රෝගය සහ අනෙකුත් බෝවන රෝග පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම හා ඔසු මදුරු ධූපය බෙදා දීමේ වැඩසටහනක් 2026.10.06 දින කම්බුස්සාවල බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේදී පැවැත්විණි.

මෙම වැඩසටහන කම්බුස්සාවල බටහිර ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීගේ සංවිධානයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා කම්බුස්සාවල බටහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරීතුමිය, සමෘද්ධි සංවර්ධන නිලධාරීතුමා, කෘ.ප.නි.ස. නිලධාරීතුමා, දේශීය වෛද්‍ය කටයුතු සංවර්ධන නිලධාරීතුමා, ගල්වැව හා කම්බුස්සාවල නැගෙනහිර කොට්ඨාසවල ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරීතුමියන් දෙපළ සහභාගී වූහ.

🌿 සම්පත්දායකත්වය:
බෙලිඅත්ත ආයුර්වේද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා

මෙහිදී ඩෙංගු හා අනෙකුත් බෝවන රෝග පිළිබඳව දැනුවත් කිරීම මෙන්ම ඔසු මදුරු ධූපය බෙදා දීමද සිදු කෙරිණි.

💼 එමෙන්ම, විදේශ රැකියා අවස්ථා සහ ඒ සඳහා යොමු කිරීම පිළිබඳව මෙන්ම ප්‍රජා විශෝධනය පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ද මෙහිදී පැවැත්විණි.

සම්පත්දායකත්වය:
ප්‍රජා විශෝධන නිලධාරී
විදේශ රැකියා ප්‍රවර්ධන නිලධාරී

🌱 සෞඛ්‍යවත් ප්‍රජාවක් • සුරක්ෂිත පරිසරයක් • ශක්තිමත් සමාජයක්.

#කම්බුස්සාවල_බටහිර #ඩෙංගු_මර්දනය
#බෝවන_රෝග_නිවාරණය #ආයුර්වේද
#විදේශ_රැකියා

🌱 දරුවන්ට ආරක්ෂිත අනාගතයක් ගොඩනගමු..දරුවන් සඳහා මතින් තොර, ආරක්ෂිත අනාගතයක් ගොඩනැගීමේ අරමුණින් සංවිධානය කරන ලද මත්ද්‍රව්...
06/10/2026

🌱 දරුවන්ට ආරක්ෂිත අනාගතයක් ගොඩනගමු..

දරුවන් සඳහා මතින් තොර, ආරක්ෂිත අනාගතයක් ගොඩනැගීමේ අරමුණින් සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් 2026.10.06 දින කහවත්ත මහා විද්‍යාලයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩසටහන,

🔹 කහවත්ත මහා විද්‍යාලයේ විදුහල්පතිතුමියගේ සහභාගිත්වයෙන්,

🔹 බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරිනී කුමාරි මහත්මියගේ සම්බන්ධීකරණයෙන්,

🔹 බෙලිඅත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන නිලධාරී සනත් කොඩිතුවක්කු මහතාගේ සම්පත් දායකත්වයෙන්

පැවැත්විණි.

මතින් තොර, ආරක්ෂිත අනාගතයක් දරුවන්ට උරුම කර දීමේ අරමුණින් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා සහභාගී වූ සියලු දරු දැරියන්ට අපගේ ස්තූතිය පුද කරමු. 🌱

#මතින්තොරඅනාගතයක් #දරුවන්ගේආරක්ෂාව #ආරක්ෂිතඅනාගතයක්

Address

Divisional Secretariat
Beliatta
82400

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15

Telephone

+94472243238

Alerts

Be the first to know and let us send you an email when Beliatta Divisional Secretariat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Beliatta Divisional Secretariat:

Shortcuts

Share