26/03/2016
සිංහල - දෙමළ අලුත් අවුරුද්දට උත්සව අත්තිකාරම් ලබාදීමට මුල්‍ය ප්‍රතිපාදන නිදහස් කරන්න
දුෂණ විරෝධී පෙරමුණ ඇතුළු සිවිල් සංවිධාන වෙතින් රජයට ඉල්ලීමක්
රටේ සියලුම රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයින්ට හට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ලබා දෙන උත්සව අත්තිකාරම් මුදල ලබා දීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නිදහස් කරන මෙන් ‘දුෂණ විරෝධී පෙරමුණ‘ මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරය සහ අදාළ වගකිවයුතු ආයතන වෙතින් ඉල්ලා සිටී.
දුෂණ අක්‍රමිකතා සහ වෙනත් හේතු මත පාඩු ලබන රාජ්‍ය ආයතන ගණනාවක සේවකයින් හට උත්සව අත්තිකාරම් මුදල් ලබාදීමට නොහැකි තත්වයක් උද්ගතවී තිබේ. විශාල වශයෙන් පාඩු ලැබීම, ණය මුදල් ගෙවා ගත නොහැකිවීම, නාස්තිය හා දුෂණය හේතුවෙන් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත ආයතන හා අර්ථ රාජ්‍ය සේවා ආයතන මෙම තත්වයට පත්ව ඇත. මෙවැනි සමහර ආයතනයන් හි වැටුප් ගෙවීම සදහා පමණක් භාණ්ඩාගාරය වෙතින් මේ වන විටත් මාසිකව මුදල් ලබා දෙන නමුත් සිංහල - දෙමළ අලුත් අවුරුද්ද සදහා උත්සව අත්තිකාරම් ගෙවීම සදහා ප්‍රමාණවත් මුල්‍ය තැම්පත් ඔවුන් වෙත නොමැතිය. ඒ නිසාම මෙම ආයතනයන් හි සේවකයින්ට ලාංකිකයින්ගේ මහා සංස්කෘතික මංගල්‍ය සමයේ දී ආර්ථික වශයෙන් දැඩි පීඩණයකට මුහුණදීමට සිදුව තිබේ. සමාජයේ සෑම පුද්ගලයෙකුටම උසස් ජීවන තත්වයක් ඇති කිරීම රජය වෙත අනිවාර්යයෙන්ම පැවරෙන වගකීමකි.
අද වන විට වැටුප් ගෙවා ගැනීමට හෝ නොහැකි ආකාරයකට බංකොලොත් වී ඇති රාජ්‍ය ආයතන බොහෝමයක් එම තත්වයට පත් වූවේ මුල්‍ය අක්‍රමිකතා සහ අයහපත් කලමණාකරණය හේතුවෙන් මිස එහි සේවකයින්ගේ වරදින් නොවේ. ඒ නිසාම මේ පිරිසට සමාන ලෙස සැලකීමේ වගකීමක් රජය වෙත පවතී.
උත්සව අත්තිකාරම් ගෙවීමට මුල්‍ය සම්පත් නොමැති රාජ්‍ය ආයතනයන් හි සේවකයින් සදහා පහසුකම් සැලසීමට මැදිහත් වන ලෙස ‘දුෂණ විරෝධී පෙරමුණ‘ ප්රමුඛ සිවිල් සංවිධාන එකමුතුව රජයට බලකර සිටී.
කීර්ති තෙන්නකෝන් පූජ්‍ය උලපනේ සුමංගල හිමි
උපදේශක සභාපති
2016 මාර්තු 26
24/03/2016
ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා හදිසියේම එම තනතුරින් ඉවත්කිරීම සම්බන්ධයෙන් දූෂණ විරෝධි පෙරමුණ කණස්සල්ල පළ කරයි.
දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියෝ මේ සම්බන්ධයෙන් පසුගියදා අදහස් පළකරමින් මේ බව හෙළි කළහ.
කැනඩාවේ ඔටාවා නුවර ජාතික අධ්‍යාපන සංවර්ධන ආයතනයේ ප්‍රධානියා ලෙස ඉතා ඉහළ වැටුපට සේවය නියැලී සිටි මෙම මහාචාර්ය ගුණපාල නානායක්කාර යළි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මෙරට අධ්‍යාපනය වෙනුවෙන් සේවයක් කිරීමේ අරමුණෙනි.
මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වු අධ්යක්ෂ ජනරාල් ධුරයට පත් කර ඇත්තේ ජයන්ති ගුණසේකර මහත්මියයි.
ජයන්ති ගුණසේකර මහත්මිය ජාතික අධ්‍යාපන ආයතනයේ නියොජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස කටයුතු කළ කාලයේදී හා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ උප සභාපතිධූරය දරන කාලයේදී නොයෙක් චෝදනාවන්ට ලක්වු අයෙකි. එවන් වෝදනාවන්ට ලක්වු අයෙක් වත්මන් ආණ්ඩුව යටතේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්යක්ෂ ජනරාල්ධූරයට පත් කිරීම සම්බන්ධයෙන් දූෂණ විරෝධී පෙරමුණ දැඩි අප්‍රසාදය පළ කරයි.
මෙම නිලධාරිනිය ජාතික ආධ්‍යාපන කොමිෂන් සභාවට පත් කරන අවස්ථාව වන විට, ජාතික අධ්‍යාපන ආයතනය මගින් පවත්වන ලද අධ්‍යාපනපති අවසාන පරීක්ෂණයේ විභාග වංචාවකට සම්බන්ධ බවට චෝදනා එල්ලවී තිබුණි. මේ සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතිය මත ත්‍රිපුද්ගල කමිටුවක් මගින් මූලික විමර්ශණයක් පවත්වා තිබුණි. එම විමර්ශනය මඟින් 2010/11 වසරවල පැවති අධ්‍යාපනපති අවසාන පරීක්ෂණයේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවි ඇති බවට අනාවරණය වී තිබුණේය. එමෙන්ම කලින් වර්ෂයක විභාගයට පෙනී සිට අසමත්වූ ගුරු අපෙක්ෂිකාවකට ප්‍රශ්න පත්‍ර කලින් ලබාදී සකස් කරන ලද පිළිතුරු පත්‍රයක් පිළිතුරු ගොනුවට ඇතුළත් කර ලකුණු ලබාදී ඇති බවද තහවුරු විය.
caffesrilanka.org
24/03/2016
පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ඝාතනය කළ බවට ඉදිරිපත් කෙරෙන කරුණු හා ප්‍රකාශ සම්බ්න්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස සහ අදාළ කරුණු අධිකරණය වෙත වාර්තා කරණ ලෙස සිවිල් සංවිධාන සහ ආගමික නායකයින් අද (24 ) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
මෙම අවස්ථාව සඳහා දුෂණ විරෝධී පෙරමුණේ සභාපති පුජ්‍ය උලපනේ සුමංගල හිමියෝ, පාලිත ලිහිනියකුමාර යහපාලනය සදහා වූ ජනතා ව්‍යාපාරයේ නායක නජා මොහොමඩ්, ඇතුළු පිරිසක් සහභාගි වූහ.
24/03/2016
රාජ්‍ය නිලධාරින් , සිවිල් සංවිධාන සහ මහජන සම්බ්න්ධතාව වර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය සංවිධානය කරන වැඩමුළුව ඊයේ (22) සීතාවක ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
A workshop organized by the Centre for Human Rights and Research (CHR) to build a cordial relationship between government officials, civil society organizations was held at Divisional Secretariat Office at Seethawaka on March 23.