ලංකාවේ අපි

ලංකාවේ අපි

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ලංකාවේ අපි, Social service, Colombo.

06/09/2024

😊💔

05/08/2024

මෙරට වාර්ෂිකව සිදුකෙරෙන වාහන දුම් පරීක්ෂණ අතරින් වාහන සියයට 20ක් අසමත් වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අදාළ වාහන නියමිත ප්‍රමිතියට අනුකූල නොවන බවය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා එම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, වාහන දුම් පරීක්ෂා සහතිකය ලබා ගැනීමත් සමගම වාහන බලපත්‍රයත් රක්ෂණාවරණයත් එකම ස්ථානයකින් ලබාගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරන බවය.

"අප දන්නවා අද මේ වායූ විමෝචන සහතික අරගෙන ඒ වාහනහිමියන්ට සිද්ධ වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න මෝටර් වාහන බලපත්‍රය ගන්න. රක්ෂණ ආයතනයට යන්න වෙනවා රක්ෂණ සහතිකය ගන්න. එතකොට මේ වාහනහිමිකරුවෙක් මේ ස්ථාන තුනටම ගිහිල්ලා තමයි සහතික තුන ගන්න ඕනේ. දැන් අපි අවශ්‍ය වැඩපිළිවෙළක් යොදලා තියෙනවා මේ වාහන වායු විමෝචනය සඳහා ඒ ස්ථානයට ගියාට පස්සේ ඒ සහතිකය අරගෙන ඒ අවස්ථාවේදීම රක්ෂණය සහ වාහන බලපත්‍රයත් එකම ස්ථානයකින් ලබාගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක්. ඒ සම්බන්ධයෙන් තව මාස දෙකක් ඇතුළත ඒ වැඩපිළිවෙළ මුළු දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. මේ සඳහා යම් ගාණක් ගෙවීමට සිද්ධ වෙනවා. එම නිසා මේක අනිවාර්ය එකක් නැහැ. ඒ අයට පුළුවන් කමක් තියෙනවා කැමති පරිදි ඒ සේවා ලබාගන්න."

05/08/2024

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමග තැපැල් ඡන්දය සඳහා අයදුම්පත් කැඳවීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ.

තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගෙන එම තීරණය ගෙන ඇත.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල්, සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර ඇත්තේ, අද (05) මධ්‍යම රාත්‍රී 12න් අවසන් වීමට තිබූ තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීමේ කාලය අගෝස්තු මස 9 වන සිකුරාදා මධ්‍යම රාත්‍රී 12 තෙක් දීර්ඝ කර ඇති බවය.

ඒ අනුව අයදුම්පත් අගෝස්තු 9 වනදා මධ්‍යම රාත්‍රී 12ට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත ලැබීය යුතු වේ.

අයදුම්පත් ලැබීමේ දී සිදුවිය හැකි ප්‍රමාදය වළක්වා ගැනීම සඳහා අගෝස්තු 8 සහ 9 යන දෙදින තුළ සම්පූර්ණ කරන තැපැල් ඡන්ද අයදුම්පත් තැපෑලට භාරදීමෙන් වැළකී ඒවා එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන්කර වෙන වෙනම කවරවල බහා සහතික කිරීමේ නිලධාරී කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට අතින් ගෙනැවිත් භාරදීමට කටයුතු කිරීම වඩාත් යෝග්‍ය බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කරයි.

04/08/2024

ලංකාව කියන්නේ දූෂණ වංචාවලට කප් ගහපු රටක්.ආයේ ලොකු ලොක්කෝ දෙන එක දෙනවා ලෙල්ලටම කෙ|ලවිලා යන්න.මතකනේ ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල දුන්න ගේම් එක.දෙයියන්ට පිං සිද්ධ වෙන්න වැඩේ මාට්ටු වුණා.නැත්තන් ගහපු වතුර නිසා හැදෙන ලෙඩෙයි,මැරෙණ විදිහයි දෙකම හොයාගන්න විදිහක් නෑ.නඩුකාර හාමුදුරුවෝම මේවා බලාගන්න ඕන.
කෝමහරි මේ කියන්න යන්නේ තවත් කොළේ වහල ගහන්න යන ගේමක් ගැන කතාවක්.මේක එසේ මෙසේ වැඩක් නෙමේ.කෙහෙළිය වගේම කැබිනට් එක නොමඟ යවන්න හදන වැඩක්.
අපි දන්නවනේ ආණ්ඩුවේ උන්දෙලා පුදුම ආදරයක් තියෙන්නේ කියලා අපිව සතුටෙන් තියලා එයාලා ගොඩාක් සතුටෙන් ඉන්න.අන්න ඒ වගේ වැඩක් පහුගිය දවසය අපේ නීතිය හා සාමය බාර ඇමති ටිරාන් අලස් මහත්තයා සිද්ධ කළා.ඒ තමයි තකහනියේ ගෙනාපු ඊ පාස්පෝට් එක.ඊ කිව්වම අපිටත් හරි උජාරුනේ.කෝමහරි මේක කරන්න රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුව ටෙන්ඩර් කැඳවලා තිබ්බේ.කොහොම වුණත් ඒ වෙද්දී මේ පාස්පෝට් සිස්ටම් එකයි පාස්පෝට් එකයි බාරවෙලා තිබුණේ ලංකාවේ ආයතනයකට.නම හරියට අපි දන්නේ නැති වුණත් 100% ලංකාවේ ආයතනයක් කියලා අපි දන්නවා.මොකද අපේ රේඩාර් එකට වැදුන තොරතුරු අනුව.
කොහොමහරි මේ ඊ පාස්පෝට් එක වෙනුවෙන් ලංසු කැඳවීම් කළාම ගොඩක් ආයතන තරඟ බිමට ආවා.ඒ අතර දැනට සිස්ටම් එක බාරව ඉන්න ආයතනයත් අදාල ලංසුවට තරඟ කළා කියලයි ආරංචිය.කොහොම වුණත් අවසානයේ කැබිනට් මණ්ඩලය විසින් පත්කළ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉහත කොන්ත්‍රාත්තුව Thales DIS Finland OY සමාගම සහ සී/ස Just In Times Technologies (පුද්)
සමාගම කියන ඒකාබද්ධ සමාගමකට පවරන්න තීරණය කරනවා.
දැන් තමයි කතාව පටන් ගන්නේ.....

ඉතාම අක්‍රමිකවත් ලංසු කැඳවීමකින් පස්සේ,වංගු ගහපු ක්‍රමයකට මේ ඊ පාස්පෝට් එක අර ආයතනයට දුන්නත් ලංසු කැඳවීමේදී ලබාදුන්න මාර්ගෝපදේශ සුනු විසුනු කරන්නේ කාටත් කොළේ වහලා.
ඒ තමයි මේ ඊ පාස්පෝට් එකට අදාලව එන ජීව දත්ත (Bio data )චිපය පුද්ගලරෝපණය (Personalization) කිරීමට දැනට ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන පුද්ගලරෝපණ පද්ධතිය( Personalization System )තුළ බාවිතයට ගත හැකි වන ආකාරයට හදන්න කියලයි කියලා තිබ්බේ.සරලව කිව්වොත් ඊ පාස්පෝට් එක දැන්ට ක්‍රියාත්මක කරන සිස්ටම් එක ඇතුළෙත් ක්‍රියාත්මක කරන්න පුළුවන් හැකියාවට හදන්න කියලයි කියලා තිබ්බේ.
ඇත්තටම ඒක හොඳ දෙයක්. ණය වෙලා බෙල්ල මුලටම හිරවෙලා ඉන්න රටක් ඩොලර් මිලියන ගාණක් එකපාර යටකරලා එකපාර සිස්ටම් වෙනස් කරන එකට වඩා එහෙම තීරණයකට එන එක වටිනවා.හැබැයි අපේ රට ඒ තරම් අවංක නෑ.වැඩේ දෙන්න පටන් ගන්නේ ඊට පස්සේ.
ඒ තමයි ඔය ජීව දත්ත ආතුළත් චිපයේ ඒ දත්ත ආරක්ෂා කරන්න PKI (Public Key
Infrastructure) කියලා කුඩා මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා.මේ මෘදුකාංගය අවශ්‍ය බව දැනගත්තම දැනට පාස්පෝට් සිස්ටම් එක බාර සමාගමත් ඉතා කුඩා මුදලකට මාසයක් ඇතුළත දැනට පවතින සිස්ටම් එකට යාවත්කාලීන (update ) කරලා දෙන්නම් කියලා කිව්වලු.අපි දන්නේ නෑ ඒවා කරන්න පුළුවන්ද බැරිද කියලා.ඒත් ඒ අය ඒක බාරගත්තලු.හැබැයි ඒක ගැන කිසිම ප්‍රතිචාරයක් ලැබුණේ නෑලු.ඔන්න ඔය අතරේ තමයි 2024/07/12 අමාත්‍ය මණ්ඩල සංදේශ අංක 24/2024 යටතේ යෝජනාවක් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහත්තයා කැබිනට් මණ්ඩලයට දානවා.අන්න ඒ යෝජනාව ඉතාම ටෙක්නිකල් වචන යොදලා දාන එකක්.අන්න ඒකේ 1.7 කියන අනු අංකය යටතේ කොළේ හංගලා ගහන ගේම් එක දානවා.ඒතමයි PKI කියන කුඩා මෘදුකාංගය ඇතුළත් කිරීම සඳහා දැනට පවතින සිස්ටම් එක වෙනුවට ඒ පෞද්ගලික ආයතනයේ සිස්ටම් එක පාස්පෝට් කන්තෝරුවට ඇතුළත් කරන්න ඕන කියලා.එහෙම කියන්නේ ඇඟට පතට නොදැනී.කිසිම විදිහකින් යන ගාණක් කියන්නේ නෑ.වැඩේට අවශ්‍ය අවසරය ගන්න විතරයි යන්නේ.මේක තනිකරම කැබිනට් මණ්ඩලය නොමග හැරීමක්.
ඒ කියන්නේ සරලව රුපියල් 250 ක වැඩකට රුපියල් මිලියන 250 ක යෝජනාවක් ගේනවා.තවත් සරල කළොත් ගෙදර ආරක්ෂාවට ඉස්සරහ ප්‍රදාන දොරට හොඳ ලොක් එකක් දාමු කියලා ප්ලෑන් කළාම.ලොක් එක විතරක් නෙමෙයි ඒ ලොක් එක දාද්දී අලුත් ඉඩමකුයි,ගේකුයි,තාප්පෙකුයි ඕනම කියනවා වගේ වැඩක්.තියෙන ගේ අයින් කරලම දාමු කියන වැඩක්.
ඊ පාස්පෝට් එක විතරක් හදන්න දුන්නම මෘදුකාංගයක ( software ) එකක ප්‍රශ්නයක් වෙනුවෙන් පාස්පෝට් කන්තෝරුවේ දැනට ක්‍රියාත්මක කරන පද්ධතියම ( system ) එකම මාරු කරන්න ගහන ගේමක් මේක.මේක කෙලින්ම ඩොලර් මිලියන ගණනක ප්‍රොජෙක්ට් එකක්.ලංසු කැඳවන්නේ රුපියල් 250 ක වැඩකට නම් ලංසුවේ වැඩේ කරද්දී රුපියල් මිලියන 250 ක වැඩක් සෙට් කරලා.ඒ කියන්නේ ගෙදර මහදොරේ ලොක් එක දාන්න ආපු එකා මුලු ඉඩම පිටින්ම මාරු කරන්න ගේමක් ගැහුවා වගේ වැඩක්.
තවත් කතාවක් තියෙනවා මේකෙම දැන් ඊ පාස්පෝට් දෙන්න හදන ආයතනය කිව්වේ අදාල පාස්පෝට් 2024 ජූලි මාසය වෙද්දී ලක්ෂ පහක් නිකුත් කරන්න පූළුවන් කියලා.ඒත් මේ කැබිනට් මණ්ඩල පත්‍රිකාවේ කියනවා ඊ පාස්පෝට් එක නිකුත් කරන්නේ ජනතාවට 2025 ජූනි මාසයේ වගේ කාලයෙදී කියලා.එච්චර කාලයක් යන නිසා 2024 ඔක්තෝම්බර් ඉඳලා දැනට පවතින සමාන්‍ය පාස්පෝට් නිකුත් කිරීමේ අයිතියත් මේ ආයතන වලටම දෙන්න කියලා ඒ යෝජනාවේ තියෙනවා.ඔටුවට කූඩාරමට ඔලුව දාන්න ඉඩ දුන්නම ඇඟම දාගන්නවා වගේ වැඩක් මේ කියන්නේ.
දැන් බලන්න ටෙන්ඩර් එක ලංසු කැඳෙව්වේ මොකේටද,දැන් වෙන්නේ මොකක්ද කියලා.මේකම නෙමෙයිද කෙහෙළිය රඹුක්වැල්ල කළේ.ව්‍යාජ බෙහෙත් හිඟයක් මවලා.ඒ හිඟයට අදාලව හදිසි මිලදී ගැනීම් හරහා බෙහෙත් ගන්න ඕන කියලා ගත්තනේ කෙලින්ම වතුර තොගයක්.කෙලින්ම කැබිනට් මණ්ඩලය මුලාවේ දැමීමක්.කොහොම වුණත් අපිට ආරංචි විදිහට නම් මේ අමාත්‍ය මණ්ඩල සංදේශය එදා විසිවුණා කියලයි.හැබැයි දැන් මේක කොයිවෙලේ හරි එනවා කියලයි දැන් ආයෙත් ආරංචි වෙන්නේ.අපි දන්නේ නෑ මේ තරම් අපිට ආදරයක් ඇයි කියලා.කොහොම වුණත් කියන්න තියෙන්නේ එක දෙයයි මේ රට හදන්න බෑ.රට ගිනිගද්දිත් වීණා ගහන උන් ඉන්න රටක්.හැබැයි අපි මේවා හෙළි කරනවා.කාගෙන්වත් පලිගන්න නෙමේ.මහජන සල්ලි රැකගන්න.

ඔබ පල්ලෙහා තියෙන්නේ කැබිනට් සංදේශයේ තිබ්බ අනු අංක 1.7 කොටස.

04/08/2024

පසුගිය 2 වැනිදා කුවේට් හිදි අත්අඩංගුවට ගත් මෙරට ජනප්‍රිය ගායක ගයිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කර තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන නිදහස් කර තිබෙන්නේ ඉන්ද්‍රචාපා ලියනගේ, සමනලී ෆොන්සේකා, ජොලි සීයා සහ උපේකා නිර්මාණි ඇතුළු 26 දෙනෙකු වේ.

'එතෙර අපි' නැමැති සංවිධානය මගින් පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයක් සඳහා සහභාගී වූ අවස්ථාවේ එම පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.

එලෙස ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රසංගය සඳහා නිසි අවසරයක් ලබා නොගැනීම හේතුවෙනි.

කෙසේ වෙතත් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීම මත එම පිරිස ඊයේ (03) රාත්‍රී කාලයේ නිදහස් කර ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය.

04/08/2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

අද (04) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

"රට මේ ඉදිරියට යන ගමන ජනතා විමුක්ති පෙරමුණට මේ රට දෙනවද ? උදේ කියන එක හවස දන්නේ නැති වැඩිපුර කථා කරන සජිත්ට 22 වෙනිදාට මේ රට දෙනවද ? මේ කයිය නායකවරුන්ට රට දෙනවද ? රට වෙනුවෙන් තීන්දුවක් ගන්වද ? ඒ නිසා ඔබට ඇහුම්කං දීලා, රටට ඇහුම්කං දීලා මම ඔබේ මතයට හිස නමමින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ ජනාධිපති කරනවන වැඩපිළිවෙළට මම ලෑස්ති වෙනවා."

04/08/2024

ලොව වේගවත්ම කාන්තාව ශාන්ත ලුසියා රාජ්‍යයෙන්

2024 පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 100 අවසන් මහා තරගයේ රන් පදක්කම දිනාගනිමින් ලොව වේගවත්ම කාන්තාව ලෙස කිරුළු පැළදීමට ශාන්ත ලුසියා රාජ්‍යයේ Julien Alfred සමත්වුණා.

ඒ, අවසන් තරගය 10.72ක කාලයකින් අවසන් කරමින්.

කෙසේ වෙතත්, මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගනු ඇතැයි බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටී අමෙරිකාවේ Sha’Carri Richardson රිදී පදක්කම දිනාගත් අතර, ඇය දෙවන ස්ථානයට පත් වුයේ තත්පර 10.87 ක තියුණු සටනක් ලබා දෙමින්.

එම ඉසව්වේ ලෝකඩ පදක්කම අමෙරිකාවේ Melissa Jefferson විසින් දිනාගනු ලැබුවා.

ඇයට තරඟය අවසන් කිරීමට ගත වූ කාලය තත්පර 10.92ක්.

ජුලියන් ඇල්ෆ්‍රඩ් 2024 පැරිසියේදී ඔලිම්පික් මීටර් 100 කාන්තා ශූරතාවය ලබාගත්තේ, ශාන්ත ලුසියා හී පළමු පදක්කම් ලාභියා බවට ඉතිහාසගත වෙමින්.

04/08/2024

රිය අනතුරින් දහම්පාසල් යමින් සිටි දරුවා රෝහලේ

ගොඩගම - අතුරුගිරිය මාර්ගයේ ගොඩගම මංසන්ධිය ආසන්නයේ දී කැබ් රථයක් මාර්ගය අයිනේ සිටි දහම් පාසල් දරුවෙකුගේ ගැටී ලොතරැයි අලෙවි කූඩුවකද ගැටීමෙන් අද (04) උදෑසන සිදුවූ අනතුරින් දහම් පාසල් දරුවා සහ තවත් අයකු රෝහල් ගත කළ බව මීගොඩ පොලිසිය පවසයි.

අනතුරින් තුවාල ලැබූ ලොතරැයි අලෙවි කූඩුවේ සිටි පුද්ගලයාගේ තත්ත්වය බරපතල බවත් දොළොස් හැවිරිදි දහම් පාසල් සිසුවා ද නේවාසිකව ප්‍රතිකාර ලබන බවත් හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.

ගොඩගම දෙස සිට අතුරුගිරිය දෙසට ධාවනය වූ කැබ් රථය මාර්ගය අයිනෙන් යමින් සිටි දහම් පාසල් දරුවාගේ ගැටී ඉදිරියට ඇදී ගොස් ලොතරැයි අලෙවි කූඩුවේ ගැටී නතර වී ඇති බවත් ඒ අසල නවතා තිබූ තවත් යතුරුපැදියකට එම අනතුරින් හානි සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.

23/05/2024

🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address

Colombo