WeRepublic

WeRepublic

Share

We Republic is a Social Innovation to rediscover the Republic of Sri Lanka in the 21st Century.

Our purpose is to educate the masses about the Republic, Democray & Constitution of Sri Lanka.

24/01/2021

අපි ජනරජය නමින් දැනට අලුත් සාමාජිකයන් බඳවා ගැනීමක් හෝ කිසිදු ආකාරයක මුදල් එකතු කිරීමක් හෝ සිදු නොකරයි.

26/07/2020

ජනරජයේ උදාර නිර්මාතෘවරිය.

Photos from WeRepublic's post 22/05/2020

Today we commemorate 48th Because of the SARS Cov-2 epidemic we cannot commemorate this historical event ceremonially but as the citizens of the Republic it’s our duty to celebrate this annually. We wish all the citizens of the Republic of Sri Lanka a pride Republic Day! #අපිජනරජය #நாம்குடியரசு

21/05/2020

ඔබ දන්නවාද?
අද ශ්‍රී ලංකාවේ ජනරජ දිනයයි!

ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි මස 04 වැනිදා ඩොමීනියන් තත්වයේ ස්වාධීනතාවයක් දිනා ගත් නමුත් එය පූර්ණ ස්වාධීනතාවයක් නොවේ. බ්‍රිතාන්‍ය කිරීටය මෙරට රාජ්‍ය නායකත්වය තවදුරටත් හෙබවූ අතර කිරීටය නියෝජනය කරමින් අග්‍රාණ්ඩුකාරවරයෙක් කටයුතු කරන ලදී.

මෙම තත්වය වෙනස් කිරීමට ගරු සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ නායකත්වයෙන් බලයට පැමිණෙන සමගි පෙරමුණු ආණ්ඩුව ඔවුන් පාර්ලිමේන්තු මැතිවරණයේදී ලබාගත් ජනතා වරම අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම ආරම්භ කරන ලදී.

එම ව්‍යවස්ථා කෙටුම්පත 1972 මැයි මස 22 වැනිදා එවක පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සම්මත වී ඇති අතර එය මෙරට ප්‍රථම ස්වදේශික ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවයි.මෙම ප්‍රථම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා ජනරජය බිහිවී ඇත.

එම ඓතිහාසික මැයි 22 වැනිදා දිනය වර්ෂ 1977 දක්වා රාජ්‍ය උත්සවශ්‍රීයෙන් සමරා ඇත.

ශ්‍රී ලංකාව නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනරජයක් බවට පත්වූ මැයි 22 වැනිදා සියලු වැසියන් විසින් අභිමානවත්ව සමරමු!

உங்களுக்குத் தெரியுமா?
இன்று இலங்கையின் குடியரசு நாள்!

பெப்ரவரி 4, 1948 அன்று இலங்கை அரசுரிமை அந்தஸ்தைப் பெற்றது , ஆனால் அது முழுமையான இறையாண்மையாக அமையவில்லை, ஐக்கிய இராச்சிய ஏகாபத்தியத்தின் கீழ்தான் அரச தலைவர் இருந்தார் மற்றும் ஆளுநர் ஐக்கிய இராச்சிய ஏகாபத்தியத்தை பிரதிநிதிபடுத்தவே நியமிக்கப்பட்டார்

1970 ஆம் ஆண்டில், கெளரவ சிரிமா பண்டாரநாயக்க தலைமையிலான “சுதந்திர முன்னனி” அரசாங்கம் பொதுத் தேர்தலில் பெறப்பட்ட மக்களின் ஆணைற்கு ஏற்ப புதிய அரசியலமைப்பை உருவாக்கியது.

மே 22, 1972 அன்று, இலங்கை நாடாளுமன்றத்தின் பிரதிநிதிகளால் இந்த நிலத்தின் முதல் தன்னியக்க அரசியலமைப்பு இயற்றபட்டது.

குடியரசின் புதிய அரசியலமைப்பு இலங்கையை ஒரு குடியரசாக மாற்றியது. வரலாற்று சிறப்புமிக்க 1972 ஆம் ஆண்டு 22 ஆம் திகதி, 1977 ஆண்டு வரை அதிகாரப்பூர்வமாக நினைவுகூரப்பட்டது.

மே 22 திகதி இலங்கை ஒரு சுதந்திரமான, இறையாண்மை மற்றும் சுயாதீன குடியரசாக மாறிய நாள், எனவே இந்நாளை குடியரசின் ஒவ்வொரு குடிமகனும் நினைவுகூறுவது கடமையாகும்.

Do you know?
Today is the Republic Day of Sri Lanka!

Sri Lanka received dominion status on 4th of February 1948 but this was not complete sovereignty, the head of the state remained the British monarchy, a governor general was appointed to represent the monarchy.

In 1970, “Samagi Peramuna” government led by Hon. Sirima Bandaranaike drafted a new constitution on People’s Mandate received at the general election. On 22nd of May 1972 the house of representatives of the parliament of Ceylon enacted the first Autochthonous Constitution of this land.

The Republican Constitution made Sri Lanka a republic. The historic 22nd of May 1972 was officially commemorated until 1977.

The day Sri Lanka became a Free, Sovereign and Independent Republic, May 22 should be commemorated by every citizen of the Republic.

#අපිජනරජය #நாம்குடியரசு

04/05/2020

ජනරජයේ ජනතා නියොජිතයෝ වෙත ජනරජ වැසියන්ගෙන් ලිපියක්.

04/05/2020

We thank Newsfirst.lk for publicising our open letter to all citizens' representatives.

Photos from WeRepublic's post 04/05/2020

We Republic call upon all Citizens' Representatives to unite and take collective decisions to resolve the three major challenges being faced by the Republic of

19/04/2020

කොරෝනා සමග ජීවත් වෙන හැටි සරලව
-------
හෙට සිට ජනරජය නැවත ක්‍රමයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනු ඇත. ඒ සඳහා ජනරජවැසියන් ලෙස අප විසින් කළ යුතු දේ මොනවාද?

කායික දුරස්ථනයට පුරුදු වෙන්න. පසුගිය මාසයක් පමණ ඔබ කළේ සමාජ දුරස්ථනය යි. එනම් සමාජ ආශ්‍රයෙන් වෙන් වී නිවසේ හුදකලාව වාසය කිරීමයි. කායික දුරස්ථනය යනු සමාජයේ සාමාන්‍ය කටයුතු කරන අතරම එකිනෙකාගෙන් තරමක් ඈත් වී අතේ දුරින් කටයුතු කිරීමයි.

1) කලබලයක් නැතිව එදිනෙදා වැඩ කරන්න. කෑම බීම පෙට්‍රල් ඩීසල් ආදිය මිලදී ගැනීම දැන් කඩිමුඩියේ කිරීමට අවශ්‍ය නැත. හදිස්සිකාරයන්ට ඉස්සර වෙන්න දී ඔබේ පාඩුවේ ඔබේ වැඩ ටික කර ගන්න.

නිතර සබන් යොදා දෙඅත් සෝදා වියළිව තබා ගන්න. පිටස්තරයෙක් සමග ගනුදෙනු කිරීමෙන් පසු සනීපාරක්ෂක දියරයෙන් දෙඅත් පිරිසිදු කර ගන්න.

2) ඉවසීමෙන් රැකියා ව්‍යාපාර කරන්න. රැකියාවට වාර්තා කිරීමට උදේ 10.00 වන තෙක් දැන් කාලය තිබේ. වේලාසනින් නිවසින් පිටත් වී බස් නැවතුම්පොළට හෝ දුම්රිය ස්ථානයට යන්න. එක පොදියට පොර කාගෙන නගින අයට නගින්න දී ඔබ පැත්තකට වී ඉන්න. දුම්රියේ ඉඩ නැත්නම් බස් එක ගන්න. සෙනග පටවනවා නම් ඉන් බැස වෙන බසයක නගින්න.

අනෙක් අය සමග කතා නොකර තමන්ගෙ වැඩක් බලා ගෙන ගමන යන්න. පොතක් කියවන්න. පළාතටම විසිරෙන්න කහින්න කාරන්න කිඹුහුම් අරින්න කෙල ගහන්න එපා. මුඛ ආවරණයක් නැත්නම් අඩුම ගානේ ලේන්සුවකින් හෝ ඒ වෙලාවට ඔබේ මුව ආවරණය කර ගන්න.

ආසනය මත කෑම පෙට්ටි ඇරගෙන කන්න එපා. ගෙදරින් එන්න කලින් උදේට කන්න. නැත්නම් කාර්යාලයට ගොස් කැන්ටිමෙන් කන්න. දෙතුන් දෙනා වටවෙලා එක පතේ කන්න එපා. පරක්කු වෙලා අවේලාවේ කන්න එපා. නිසි වෙලාවට නිසි ප්‍රමාණයට කෑම නොගැනීම ලෙඩ ගොඩකට මුල බව මතක තබා ගන්න.

3) සිහියෙන් වැඩ කරන්න. රැකියා ස්ථානයේ තමන්ගේ දෛනික වැඩ ටික සැලසුම් කර දක්ෂ ලෙස ඉක්මනට අවසන් කරන්න. සගයන් සමග තේ බිබී ඕපදූප කියමින් ලංව ඉන්න එපා. තමන්ගේ මේසෙට වෙලා තමන්ගෙ වැඩ ටික හොඳින් කර වේලාසනින් ගෙදර එන්න පිටත් වෙන්න. හිරු එළිය සහ වාතාශ්‍රය එන ලෙස රැකියා ස්ථානය පිරිසිදුව තබා ගන්න.

ගෙදර සිට තම වැඩ ටික කළ හැකි නම් ඔබේ ප්‍රධානයා සමග එකඟ වී සතියට දින කිහිපයක් හෝ එසේ කරන්න. ඔබ කොපමණ කාලයක් කොතැන සිට වැඩ කළාද යන්නට වඩා වැදගත් වන්නේ ඔබ කරන වැඩ ප්‍රමාණය සහ එහි ගුණාත්මක බවයි. ජනරජය මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝගයට මුහුණ දීමට නම් ඔබ ඔබේ රාජකාරිය උපරිමයෙන් ඉටු කිරීම ඉතා වැදගත්ය.

4) සෙනග රැස්වන තැන්වලට යන්න එපා. ආපනශාලා, බාර්, සෙල්ලම් පිට්ටනි සහ සිනමාශාලා ආදියට යෑමෙන් හැකි තරම් වළකින්න. ඡන්ද අපේක්ෂකයන්ගේ රැස්වීම්වලට නම් යන්නම එපා. මේ කරුණු කිසිවක් තේරුම්ගත නොහැකි මෝඩයන් වැඩිපුරම එන්නේ එතැනටය. එවැනි රැස්වීම් සංවිධානය කරන මෝඩ අපේක්ෂකයන්ට ඔබේ පරමාධිපත්‍යය ඡන්දය පිරිනැමිය යුතු දැයි දෙවරක් සිතන්න.

5) වයස්ගත රෝගී අය පරෙස්සම් වෙන්න. ඔබේ පවුලේ අයෙකු වයස අවුරුදු 70 ට වැඩි සහ රෝගී හෝ දුබල අයෙක් නම් ඔහු/ඇයගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිතර සොයා බලන්න. ඒ අයට සමාජ දුරස්ථනය සුදුසුය. ඔවුන් වෙනම කාමරයක තබා ආදරෙයන් රැක බලා ගන්න. ඔබ පිටත සිට ආ පසු හොඳින් පිරිසිදු වී මිස ඔවුන් සමීපයට නොයන්න.

6) ඔබේ පවුලේ ශරීර සෞඛ්‍යය හොඳින් පවත්වා ගන්න. ධාන්‍ය එළවළු පළතුරු ආහාරයට ගන්න. උණු වතුර බොන්න. සෙම් ගතිය වැඩි කරන සීතල කෑම බීම වලින් වළකින්න. රාත්‍රී කාලයේ නෑමෙන් වළකින්න. සාමාන්‍ය දැනීමෙන් දන්නා මෙවැනි ඇවතුම් පැවතුම් පිළිපදින්න. පළමුව ඔබ රැකෙන්න. එවිට සියල්ලෝ රැකෙනු ඇත.

ඔබට හෝ පවුලේ කිසිවෙකුට රෝග ලක්ෂණ තිබේ නම් හෝ රෝගය වැළඳී ඇතැයි සැක සිතේ නම් මෙන්න මේ පෞද්ගලික ස්වයං තක්සේරුව කර ගන්න. එහි දෙන උපදෙස් පිළිපදින්න. http://covid19.kpolom.com/

7) ගැටලුව විද්‍යාත්මකව තේරුම් ගන්න. මේ සියලු දේ කරන අතරතුර ඇතැම් විට රෝගීන් සංඛ්‍යාවේ වැඩි වීමක් ඇති විය හැකිය. එය ස්වාභාවිකය. නමුත් එය වැඩි වෙන අයුරින්ම නැවත අඩු වී යනු ඇත. ලෙඩ වෙන අතිශය බහුතරයක් සුවය ලබන බව මතක තබා ගන්න. කලබල නොවී තමාගේ වැඩ ටික හැකි පමණින් කරන්න. රෝගීන් වැඩිපුර වාර්තා වන ප්‍රදේශවලට යෑමෙන් වළකින්න. විනෝද චාරිකා කල් දමන්න.

8) අනවශ්‍ය වියදම් කපා හැර සරල දිවිපෙවතකට හුරුවෙන්න. අසල්වැසියන් සමග කියවමින් කල් මැරීම නවතා ස්වයං රැකියාවක් පටන් ගන්න. එළඹෙන්නේ ගෝලීය ආර්ථික අර්බුදයකි. එය වසර දෙකක් පමණ ඇදෙනු ඇත. අනෙකාගේ දේ කඩා වඩා ගෙන ව්‍යාපාර කරන ක්‍රමය අත් හරින්න. නිර්මාණශීලීව සමාජ සුබලපෑමක් ඇති කරන සාර්ථක සමාජ ව්‍යවසායකයෙක් වෙන්න.

9) ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, මෝහය වපුරන ජනමාධ්‍යය සහ සමාජ මාධ්‍යය වැඩසටහන් නැරඹීමෙන් වළකින්න. ඔබේ මනස හැකි තරම් පිරිසිදුව සහ තියුණුව තබා ගන්න. සත්‍ය තොරතුරු සහ දත්ත සොයා බලා ප්‍රඥාවෙන් විමසා තීරණ ගන්න. පවිටු මාධ්‍යකරුවන්ට, බේගල් ඇදබාන සාස්තරකරුවන්ට, අන්ධ විශ්වාස වපුරන පූජකයන්ට නොරැවටෙන්න. අසත්‍ය පුවත් සහ කටකතා ප්‍රචාරය කිරීමෙන් වළකින්න.

10) ඔබ අදහන ආගම ධර්මය අධ්‍යයනය කරන්න. එහි හැසිරෙන්න. ඔබට ඇති දේ ගැන සතුටු වන්න. ඔබේ පවුලේ අය සමග ආදරයෙන් කරුණාවෙන් අවබෝධයෙන් කල් ගෙවන්න. ඔබේ මිතුරන් සමග සමාජ මාධ්‍යය සහ දුරකථනය හරහා දුරස්ථව සම්බන්ධ වෙන්න. හැම මොහොතකම සතුටින් ඉන්න. වරකට එක දිනයක් බැගින් ජීවතයට මුහුණ දෙන්න.

ජීවිතයේ අඳුරුතම පැයට ඇත්තේද මිනිත්තු 60 ක් පමණී.

ඔබේ හිතවත්
එරන්ද ගිනිගේ

බ්ලොග් අඩවිය: http://ginige.com/how-to-live-with-corona-si/erandaginige/2020/04/

04/04/2020

ආයුබෝවන්!

මේ මොහොතේ වැදගත් වන්නේ නිවැරදි තොරතුරු මත තීරණ ගැනීමයි. අපෙන් ඕනෑම කෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමේ අවදානමක් තිබෙනවා. නමුත් අප එම අවදානම දැනගන්නේ කොහොමද?

අන්න ඒකට අපිටම පුළුවන් පෞද්ගලික තක්සේරුවක් කරගන්න. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව නිපදවා ඇති මෙම සරල මෙවලම ඔබට භාවිතා කළ හැකියි. විනාඩියක්වත් ගත වන්නේ නැහැ. ඔබේ නම ගම ආදිය අවශ්‍යත් නැහැ. දැන්ම තක්සේරු කර බලන්න. http://covid19.kpolom.com/

ඔබේ පවුලේ සාමාජිකයන්ටත් මේ තක්සේරුව කර බලන්න. ඒ වගේම ඔබේ මිතුරන්ටත් ඔවුන්ගේ අවදානම තක්සේරු කර ගැනීම සඳහා හැකිතරම් SHARE කරන්න. ලොව පුරා මිලියන 6 කටත් වඩා දැනටමත් භාවිතා කර ඇති මෙය දැන් සිංහල සහ தமிழ் භාෂා වලින්ද සමන්විතයි. http://covid19.kpolom.com/

නිරෝගී දීර්ඝායුෂ!

*මෙය රෝග විනිශ්චයක් නොවන බව කරුණාවෙන් සලකන්න.

- අපි ජනරජය පණිවිඩයකි

13/03/2020

Let us wish good health and long life to all our members in these troubled times. Stay safe and follow the health instructions. Together we will get through this.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

#WeRepublic

අපි ජනරජය යනු සමාජ නව්‍යකරණයකි. ජනරජයේ බොහෝ දේශපාලන, සමාජ, පාරිසරික, සංස්කෘතික ගැටලු වලට මූල හේතුව වනුයේ ජනරජය, එහි ජනතාපාලනය සහ ව්‍යවස්ථාව පිලිබඳව ජනතාවගේ නොදැනුවත්කම සහ අනවබෝධයයි. එම මුල් ගැටලුව විසඳන තුරු ජනරජයේ අනෙකුත් කිසිදු ගැටලුවක් සාර්ථකව විසඳිය නොහැකිය. නමුත් ජනතාවට දොස් පැවරීමෙන් ඵලක් නැත. ජනරජයේ තරුණ ජනතාවට එම අත්‍යවශ්‍ය දැනුම ලබා දීම අපි ජනරජයේ පළමු පියවරයි. ඉන් පසු එම දැනුවත් තරුණ ජනරජවැසියන් සමග එකතුව ජනරජයේ ගැටලුවලට දිගුකාලීන විසඳුම් නිර්මාණය කර ඒවා ක්‍රියාත්මක කිරීම අපි ජනරජයේ දෙවැනි පියවරයි. ඒ සඳහා අපට නිර්මාණශීලී, නූතන, ප්‍රායෝගික වැඩපිළිවෙලක් ඇත. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය 21 වන ශතවර්ෂයට නැවත සොයා ගන්නා සමාජ නව්‍යකරණයට බුද්ධිමත් තරුණ ඔබත් එකතු වෙන්න.

#අපිජනරජය

We Republic is a Social Innovation. The peoples' lack of understanding about the core concepts of the Republic, its Democracy and the Constitution is the root cause to many of the political, social, environmental, cultural issues. We will not be able to successfully solve any of those issues until we resolve that root cause. But there is no point in blaming the people. The first step of "We Republic" is to Educate the young citizens with that essential knowledge. Then together with those knowledgeable young citizens, designing and implementing long term solutions to the issues of the Republic is the second step of "We Republic". We have a creative, modern, practical action plan for this purpose. Join us with this Social Innovation as we rediscover the Democratic Socialist Republic of Sri Lanka in the 21st Century.

#WeRepulic

Location

Telephone

Address

World Trade Center
Colombo
00100

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00