Pulse News

Pulse News

Share

This is official Galle district NPP page

11/03/2026

පව් මේ daycare ගිලුණු ළමයා...... යකෝ ළමයි ඉන්න තැන්වල පොකුණු තියා වතුර බේසමක් වත් තියන්න හොද නැ....
පව් අප්පා...

10/03/2026

❤️🎉

09/03/2026

♦️පිලියන්දල බොඩිම් වල ඉන්න කෙල්ලොන්ගේ කාමර වලට බලහත්කාරයෙන් ඇතුල් වීම.

මෙහුට විරුද්ධව නිතිය ක්‍රියත්මක වේයි ද ?

බලන්න මේ කෙල්ල කොච්චර තැති ගැනීමකින්ද තියෙන්නේ!

මේ විඩියෝ එක පුළුවන් තරමක් share කරන්න.

මේ දෙය ඔබගේම සහෝදරයකුට නැවත නොවෙන්න ඉඩ තියන්න

Sri Lanka Police




08/03/2026

📢..........🇮🇷ඉරානය 🇰🇼 කුවේටයට බෝම්බ හෙලීම සැමරීම සහ ටෙහෙරානයට පක්ෂපාතීත්වය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් කුවේට් පුරවැසියන් කිහිප දෙනෙකු බලධාරීන් විසින් රඳවාගෙන ඇති අතර, ඔවුන්ගේ පුරවැසිභාවය ඉවත් කර ඉරානයට පිටුවහල් කිරීමට සැලසුම් කර ඇති බව නිලධාරීන් තහවුරු කර ඇත......

07/03/2026

🚨 ඉරාන ජනාධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක් "අසල්වැසි රටවලට නැවත ප්‍රහාර එල්ල කරන්නේ නැහැ"

​කලාපීය උණුසුම තවදුරටත් වර්ධනය නොකිරීමේ අරමුණින් ඉරාන ජනාධිපතිවරයා විසින් වැදගත් ප්‍රකාශයක් සිදු කර තිබෙනවා. එහිදී ඔහු අවධාරණය කර ඇත්තේ ඉරානය විසින් තම අසල්වැසි රටවලට නැවත ප්‍රහාර එල්ල කිරීමට බලාපොරොත්තු නොවන බවයි.

​මෙහි ප්‍රධාන කරුණු
• ​සාමය සහ ස්ථාවරත්වය කලාපය තුළ අනවශ්‍ය ගැටුම් ඇති කර ගැනීමට ඉරානයට අවශ්‍යතාවයක් නොමැති බව මෙයින් පැහැදිලි කරනවා.
• ​ආත්මාරක්ෂාව මීට පෙර එල්ල වූ ප්‍රහාරයන් හුදෙක් ආත්මාරක්ෂාව සඳහා ගත් පියවරක් බවත්, ඉදිරියටත් සාමකාමීව කටයුතු කිරීමට සූදානම් බවත් ඉරානයේ ස්ථාවරය වී තිබෙනවා.

​ලෝක දේශපාලනයේ සහ මැදපෙරදිග කලාපයේ ස්ථාවරත්වයට මෙම ප්‍රකාශය ඉතාමත් තීරණාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි විදේශ විශ්ලේෂකයින් පවසනවා. 🌍🤝

Photos from Pulse News's post 07/03/2026

සුදු වෙන්න ගිහින් ජීවිතේ විනාශ කරගන්න එපා! 🛑🙏

​පහුගිය කාලේ ගොඩක් අය මේ "Whitening Injections" පස්සේ දුවනවා දැක්කා. ඒත් ඇත්තටම මේවා තමන්ගේ ඇඟට විදගන්න කලින් දෙපාරක් නෙවෙයි, දහ පාරක් හිතන්න. මොකද ඔබ මේ කෙළින්ම ඔබේ රුධිරයට එකතු කරගන්නේ මොනවාද කියලා ඔබවත් දන්නේ නැහැ.

​ඇයි මේක මෙච්චර භයානක?
​🔹 කෑම බීම පවා තහංචි: මේවා පාවිච්චි කරන අයට Sea food, චොක්ලට්, මස් වර්ග විතරක් නෙවෙයි, තේ, කෝපි වගේ කැෆේන් තියෙන දේවල් පවා ගන්න බැරි තත්වයක් එනවා.
🔹 ඇඟට දැනෙන අමාරුව: නිතරම දැනෙන තෙහෙට්ටුව, කෑම කද්දී එන වමනය වගේ ලෙඩ ගොඩක ආරම්භය තමයි මේ.
🔹 IV Drips රැල්ල: දැන් අලුත්ම විලාසිතාව IV Drips. ගොඩක් අය මේවා කරලා ලෙඩ වුණා මිසක් ඇත්තටම සුදු වුණේ නැහැ.
🔹 කාලීන රැවටීමක්: මොනවා කරලා හරි සුදු වුණත් ඒක තියෙන්නේ මේවා ගන්නකම් විතරයි. නැවැත්තපු ගමන් ආයෙම තමන්ගේ නියම පාටම එනවා.

​ජීවිතේ කියන්නේ හරිම කෙටි දෙයක්. ඒ ලැබිච්ච ජීවිතේ නිකන් ලෙඩ ගොඩක් කරගන්නේ ඇයි? තාවකාලික සුදකට වඩා තමන්ගේ නීරෝගීකම වටින්නේ නැද්ද?

​මගේ ඉල්ලීම ඔය විෂ එන්නත් වලට වියදම් කරන සල්ලි වලින් හොඳ පලතුරු ටිකක් කන්න, සමට ගැලපෙන හොඳ නිශ්පාදනයක් පාවිච්චි කරන්න. අනේ විහින් මැරුම් කන්න එපා! ✋💔
​ඔයාගේ යාළුවෙක් හරි මේවා ගන්න ඉන්නවා නම්, මේක කියලා එයාව බේරගන්න. 🙏

07/03/2026

📈 ආර්ථිකයෙන් සුබ පුවතක්: වසර 5කට පසු විදේශ සංචිත ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවයි! 🇱🇰💰

​ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බව පසක් කරමින්, මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය සම්බන්ධයෙන් ඉතාමත් සාධනීය වාර්තාවක් නිකුත් වී තිබෙනවා.

​මෙන්න ප්‍රධාන කරුණු කිහිපයක්
•​ඓතිහාසික ජයග්‍රහණයක්: 2020 අගෝස්තු මාසයෙන් පසුව පළමු වතාවට අපේ රටේ නිල සංචිත වත්කම් එක්සත් ජනපද ඩොලර් බිලියන 7 සීමාව පසු කර තිබෙනවා.
•​සංඛ්‍යාලේඛන: 2026 පෙබරවාරි මාසය අවසාන වන විට සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 7,284ක්. මෙය ජනවාරි මාසයට සාපේක්ෂව 6.6%ක සැලකිය යුතු වර්ධනයක්.
•​රන් සංචිතයේ පිම්ම: විශේෂයෙන්ම මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 109 සිට මිලියන 200 දක්වා 83.4%කින් අතිවිශාල වර්ධනයක් පෙන්නුම් කර තිබීම විශේෂත්වයක්.

​අභියෝගාත්මක කාලසීමාවකට පසු මෙලෙස සංචිත ශක්තිමත් වීම රටේ ඉදිරි ආර්ථික ගමන් මගට ලොකු ශක්තියක්. 📉✅

26/02/2026
24/01/2026

🧧අනියම් ජෝඩුවට නෙළලා, නියම් නෝනා කෙලින්ම පොලිසියට!

පාදුක්ක, දේවාල පාර ප්‍රදේශයේ නිවසක රැඳී සිටි තම නීත්‍යානුකූල ස්වාමිපුරුෂයාට සහ ඔහුගේ අනියම් බිරිඳ යැයි පැවසෙන කාන්තාවකට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදු කළ කාන්තාවක් පාදුක්ක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. තම සැමියා වෙනත් කාන්තාවක සමග අදාළ නිවසේ සිටින බවට ලද තොරතුරක් මත ක්‍රියාත්මක වී ඇති සැකකාරිය, එම ස්ථානයට ගොස් මෙම පහරදීම සිදු කර ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත. පහරදීමෙන් බරපතල තුවාල ලැබූ දෙදෙනා මූලික ප්‍රතිකාර සඳහා පාදුක්ක දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලිසිය සඳහන් කරයි.

අදාළ අපරාධය සිදු කිරීමෙන් අනතුරුව සිද්ධියට සම්බන්ධ සැකකාර කාන්තාව මීගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණ භාර වී ඇති බව පොලිස් නිලධාරියෙක් තහවුරු කළේය. භාර වීමෙන් පසු සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පාදුක්ක පොලිසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

24/01/2026

කොළඹ-නුවර සහ
කොළඹ ගාල්ල අතර ධාවනයට
විදුලි බස් රථ 100 ක්.
පාසල් පන්සියයකට
ස්මාර්ට් ක්ලාස් රූම් 900 ක්.
පාසල් නිල ඇදුම් සදහා අවශ්‍ය රෙදි
මීටර් ලක්ෂ 150 ක්.
චීනය පරිත්‍යාග කරයි.

විදුලියෙන් ධාවනය වන බස් රථ සියයක් ශ්‍රී ලංකා රජයට පරිත්‍යාග කරන බව මෙරට චීන තානාපතිවරයා පවසා තිබේ.
මෙම බස් රථ කොළඹ-මහනුවර සහ කොළඹ-ගාල්ල අතර ධාවනය වනු ඇත.

මීට අමතරව, අධ්‍යාපනය ගුණාත්මකව ඉහළ නැංවීම සදහා, පාසල් පන්සියයකට ස්මාර්ට් පන්ති කාමර නමසියයක් මේ වසර තුළ ඉදිකර දෙන බව ද තානාපතිවරයා පවසයි.

පාසල් දරුවන්ට නොමිලයේ නිල ඇදුම් බෙදා දීමේ වැඩ සටහන සමග සම්බන්ධ වී සිටින චීන රජය, මේ වසරේදීත් ඒ සදහා රෙදි මීටර් මිලියන 14 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

24/01/2026

නාසය හිරවීමත් සමඟ කන් කැක්කුම ඇති වීම ඉතා සාමාන්‍ය තත්ත්වයක්. මෙයට ප්‍රධානතම හේතුව නාසය සහ කන එකිනෙකට සම්බන්ධ වී පවතින ආකාරයයි.

​අපේ ශරීරයේ නාසයේ පිටුපස කොටස සහ මැද කන (Middle ear) එකිනෙකට සම්බන්ධ කරන කුඩා නාලයක් පවතිනවා. මෙය යුස්ටේකීය නාලය (Eustachian tube) ලෙස හඳුන්වනු ලබනවා.

​කන රිදීමට බලපාන ප්‍රධාන හේතු...
•​පීඩනය වෙනස් වීම:
යුස්ටේකීය නාලයේ ප්‍රධාන කාර්යය වන්නේ මැද කනේ පීඩනය පිටත වායුගෝලීය පීඩනයට සමානව පවත්වා ගැනීමයි. නාසය හිර වූ විට (සෙම්ප්‍රතිශ්‍යාව හෝ අසාත්මිකතා නිසා) මෙම නාලය ඉදිමීමකට හෝ අවහිර වීමකට ලක් වෙනවා. එවිට කන ඇතුළත පීඩනය වෙනස් වී කන් බෙරය ඇතුළට ඇදීමකට ලක් වන නිසා වේදනාවක් දැනෙනවා.
•​පටක ඉදිමීම:
සෙම්ප්‍රතිශ්‍යාව වැලඳුනු විට නාසයේ සහ උගුරේ ඇති ශ්ලේෂ්මල පටල ඉදිමෙනවා. මෙම ඉදිමීම යුස්ටේකීය නාලය දක්වා පැතිර යාමෙන් නාලය පටු වී වාතය ගමනාගමනයට බාධා ඇති කරනවා.
•​දියර වර්ග එකතු වීම:
නාලය අවහිර වූ විට, මැද කනේ ඇති විය යුතු වාතය වෙනුවට එහි දියර වර්ග (Fluid) එකතු වීමට පටන් ගන්නවා. මෙය දිගු වේලාවක් පැවතුණහොත් ආසාදනයක් (Ear infection) දක්වා වර්ධනය වී තදබල වේදනාවක් ඇති කළ හැකියි.

​සහනයක් ලබා ගැනීමට කළ හැකි දේ...
•​හුමාලය ඇල්ලීම: මෙය නාසයේ සහ නාල වල ඇති අවහිරතා ඉවත් කිරීමට උදවු වෙනවා.
•​පැණි හෝ ලුණු වතුරෙන් උගුර සේදීම: උගුරේ සහ නාසය පිටුපස ඇති ඉදිමීම අඩු කිරීමට මෙය උපකාරී වෙනවා.
•​යෑම හෝ ගිලීම: නිතර කෙළ ගිලීම හෝ ඈනුම් ඇරීම මගින් අවහිර වී ඇති යුස්ටේකීය නාලය විවෘත වීමට උත්තේජනයක් ලැබෙනවා.

​සටහන: කන් කැක්කුම දින කිහිපයකට වඩා පවතී නම් හෝ කනෙන් දියර වර්ග ගලන්නේ නම්, වහාම වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්.

13/10/2025

ඉතිහාසයේ පළවෙනි වතාවට පොලිස් නිළධාරියෙක් වෙනුවෙන් ලංකාවේ මිනිසුන් ලක්ෂ ගණක් පෙනී සිටිනවා.
තරින්ද නිලධාරියා වෙනුවෙන් අද දිනයේදී ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේදී ප්‍ර.පො.ප නීතිඥ සිතාර සංජය සහ පො.ප නීතිඥ චතුරංග සදරුවන් පෙනි සිටිනු ඇත. විශේෂත්වය වන්නේ මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා පොලිසියේ සේවය කල නිලධාරීන් වීමයි.
මේ වන විට මොවුන් පූර්ණ කාලීනව නීතිඥධූරයේ කටයුතු කිරන අතර තරින්ද නිලධාරියා වෙනුවෙන් කිසිදු මිල මුදලක් අය නොකර මොවුන් දෙදෙනා යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනීසිටී.
අවශ්‍ය වේලාවේදී ඉදිරිපත් වූ ඔබ දෙපලට හදවතින්ම තුති පුද කරමි.
- මුහුණු පොතෙන් උපුටා ගැනීමකි -

Want your business to be the top-listed Government Service?

Website