05/03/2021
කොවිඩ්-19 එන්නත යනු කුමක්ද?
*කොවිඩ්-19 වෛරසයට එරෙහිව ප්‍රතිශක්තිය ලබා දීම පිණිස නිපදවන ලද්දකි.
*මේ වන විට එන්නත් කීපයක් භාවිතයේ පවතී.
*මේ එන්නත් ආරක්ෂිත තත්ත්වයෙන් උසස් එන්නත් වේ.
එන්නත ලබා දිය යුත්තේ ඇයි?
*කොවිඩ්-19 රෝගය වැළදීම අඩු කර ගැනීමට
*රෝගය පැතිරීම අඩු කරගැනීමට
*මරණ අඩු කර ගැනීමට.
*යම් හෙයකින් රෝගය වැළදුනහොත් අසාධ්‍ය තත්ත්වයට පත්වීම හා සංකූලතා අඩුකර ගැනීමට.
*මරණ අඩු කර ගැනීමට.
එන්නත ලබා දෙන්නේ කාටද?
අවදානම අනුව ප්‍රමුඛතා අනුපිළිවෙලට හදුනාගත් කණ්ඩායම් සදහා
# ඉදිරි පෙළ සේවා සපයන්නන්
# සෞඛ්‍ය අංශ
# පොලීසිය හා ත්‍රිවිධ හමුදාවේ (බිම් මට්ටමේ කොවිඩ් වැලැක්වීමට සහය ලබා දෙන කණ්ඩායම් )
# වැඩිහිටියන් (අවුරුදු 60ට වැඩි)
# කාලික (නිදන්ගත ) රෝගාබාධ වලින් පෙළෙන්නන් සෞඛ්‍ය නිර්දේශ පරිදි
# දියවැඩියාව
# අධි රුධිර පීඩනය, හදවත් රෝග
# පිළිකා
# වකුගඩු රෝග
# ස්නායු ආබාධ
# මානසික රෝග
# විශේෂිත ආබාධ තත්ත්වයන්
එන්නත ලබාදීමට නොහැක්කේ කාටද?
# එන්නතේ අඩංගු ද්‍රව්‍ය වලට අසාත්මික අයට,
# පළමු කොවිඩ් එන්නතට අධික ලෙස අසාත්මික තත්ත්වයන් හෝ සිහි නැති විම් ඇති වු අයට,
# ගර්භනී මව්වරුන් හෝ කිරි දෙන මව්වරුන්,
# අවුරුදු 18ට අඩු අය.
එන්නත ලබාගැනීමේන් පසු ඇතිවන අපහසුතා
සාමාන්‍යයෙන් ඕනම එන්නතකට පසු අතුරු අබාධ ඇති විම සිදුවේ.
සුලබ අතුරු අබාධ වනුයේ
# එන්නත ලබාදුන් තැන වේදනාවට රතුවීම, කැසිම හා ඉදිමිම
# වෙහෙසකර බව
# හිසරදය හා වමනය
# හන්දි හා මාංශ පේශි වේදනාව
# උණ (37.8°C ට වඩා වැඩි)*
මේ සදහා පැරසිටමෝල් නියමිත මාත්‍රාව ලබාගත හැක. නමුත් මෙය පැය 48ට වඩා පැවතුනහොත් ඉක්මනින් *වෛද්‍ය උපදෙස්* ලබාගන්න.
-සත්කාර-
Follow us on:
Facebook -
https://www.facebook.com/සත්කාර-102246178334142/
Instagram - https://www.instagram.com/sathkara_?r=nametag
2.0
05/03/2021
නව කොරෝනා රෝගයෙන් ආරක්ෂා වන්නේ කෙසේද?
*මහජනතාව ඒකරාශි වන ස්ථාන වලට යාම සහ සංචාරය කිරීම අවම කරන්න.
*රෝග ලක්ෂණ තිබෙන පුද්ගලයන් ලඟට කිට්ටු වී කතා කිරිමෙන් වලකින්න .
*සබන් හෝ අත් සේදුම් දියර යොදා ගනිමින් අත් නිතර සොදන්න.
*කහින විට හෝ කිවිසුම් යන විට ටිශු කඩදාසියක් හෝ වැලමිටේ ඇතුල් පැත්තෙන් කට හා නාසය ආවරණය කරගන්න.
*නාසය කට නිතර ඇල්ලීමෙන් වලකින්න .
*පාරේ කෙල නොගසන්න.
*භාවිත කරන ලද ටිශු කසල බඳුනකට දමන්න.
*බිත්ති , උපකරණ මතුපිට නිකරුණේ ඇල්ලීමෙන් වලකින්න .
*අත්‍යවශ්‍ය කරුණක් හැර පිටරට සංචාරය නොකරන්න.
*ඔබේ ප්‍රතිශක්තිය වර්ධනය කිර්ම සඳහා පෝශ්‍යදායී ආහාර වේලක් ගන්න.
-සත්කාර-
Follow us on:
Facebook -
https://www.facebook.com/සත්කාර-102246178334142/
Instagram - https://www.instagram.com/sathkara_?r=nametag
2.0
04/03/2021
නව කොරෝනා වයිරසය ශරීරගත වීමෙන් ඇතිවන රෝග ලක්ෂණ පිළිබඳව ඔබ දැනුවත්ද?
- හිසරදය
- ශරීරයේ ඉහළ උෂ්ණත්වය
- කැස්ස
- උගුරේ වියළි බව
- ශ්වසන අපහසුතා
ඉහත රෝග ලක්ෂණ ඔබ හට පෙන්නුම් කෙරේ නම් වහාම ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ගේ සහය පතන්න.
#පිරිසිදු දෑතයි - නීරෝගී දිවියයි #
-සත්කාර-
Follow us on:
Facebook -
https://www.facebook.com/සත්කාර-102246178334142/
Instagram - https://www.instagram.com/sathkara_?r=nametag
2.0
03/03/2021
*ඔබ Covid 19 පිළිබඳව කොතරම් දුරට දැනුවත් ද?*
- 2019 වර්ෂයේ අවසාන භාගයේ දී චීනයේ වූහාන් ප්‍රදේශයෙන් ආරම්භ වූ covid 19 රෝගය අද වන විට මහා වසංගතයක් බවට අනුවර්තනය වී ඇත. මෙම රෝගයෙන් ආරක්ෂා වීමට නම් රෝගය බෝවන්නේ කෙසේ දැයි දැන ගැනීම වැදගත් වේ.
➡️ දැනට සිදුකර ඇති පර්යේෂණ වලට අනුව වෛරසය පැතිරෙන ප්‍රධාන ආකාරය වනුයේ ආසාදිත පුද්ගලයකුගෙන් පිටවන සෙම බිඳිති හරහා ය.
➡️ කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු කිවිසුම් හරින විට හෝ ප්‍රශ්වාස කරන විට නාසයෙන් හා මුඛයෙන් පිටවන සෙම බිඳිති මගින් මෙය බෝ වීම සිදු වේ.
➡️ සෙම බිඳිති එම පුද්ගලයා අවට ඇති භාණ්ඩ හා පෘෂ්ඨ මත තැන්පත් වන අතර වෙනත් අයෙකු මෙම පෘෂ්ඨ අල්ලා තම නාසය, මුඛය, ඇස් ස්පර්ශ කරන විට වෛරසය එම පුද්ගලයාගේ සිරුරට ඇතුළු විය හැකිය.
නව ප්‍රභේදයන්හිදී රෝගය වැඩි වේගයකින් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාර්තාවක් නිකුත් කර ඇත. එබැවින් සැවොම එක්ව මෙම රෝගයෙන් ආරක්ෂා වීමට කටයුතු කරමු.
-සත්කාර-
Follow us on:
Facebook -
https://www.facebook.com/සත්කාර-102246178334142/
Instagram - https://www.instagram.com/sathkara_?r=nametag
02/03/2021
2020 වර්ෂයේදී ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වී ගිය COVID 19 වෛරසය, ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කෙරුනි.
මෙම වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය නිසා මාර්තු මාසයේ මැද භාගය වන විට මුලු දිවයිනම වසා දැමීමේ තීරණයකට එලඹුනි. ඒ අනුව ගුවන් තොටුපල, වරාය ආදී සියලුම සබඳතාවන් මෙම කාලය තුලදී අත්හිටුවන ලදී.
මෙලෙස රට වසා දැමීම සහ වෛරසයේ ව්‍යාප්තිය නිසා සංචාරක, ඉපැයීම්, විදේශ ආයෝජන ක්ෂේත්‍රයන්ට මෙන්ම දේශීය කර්මාන්ත, ව්‍යාපාර, රැකියා වැනි අංශවලට ද විශාල බලපෑමක් එල්ල වුනි.
දේශීය කර්මන්ත සහ ව්‍යාපාර කඩාවැටීම, රැකියා අහිමිවීම, ආදායම් පහත වැටීම හේතුවෙන් දරිද්‍රතාවය ඉහලයාම සිදුවිය.
එසේම ගෝලීය වෙළඳ භාණ්ඩ වෙළදාම මන්දගාමී වීම, සංචාරක කර්මාන්තය අකර්මණ්‍ය වීම නිසා සංචාරක කර්මාන්තය 18%කින් පහල වැටීම, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම පහලවැටීම වැනි හේතූන් නිසා රටේ මුලු ආදායම ඩොලර් 803කින් පහල වැටුනි. එමෙන්ම පවුල් ඒකකයක සාමාන්‍ය ආදායම 27%කින් පහල වැටුනි.
මෙම COVID 19 වෛරසයේ බලපෑම හේතුවෙන් 2020 වර්ෂයේදී රටේ ආර්ථික වර්ධනය -0.5 ක් විය. එමෙන්ම රටේ දළ දේශීය නිෂ්පාදනය 8% කින් පහලයෑම ද සිදුවිය.
2020 මාර්තු 28 වන දින පලමු කොරෝනා වෛරසය ආසාදිත මරණය ශ්‍රී ලංකාව තුලින් වාර්තා වූ අතර කොරෝනා පලමු රැල්ල කාලසීමාව තුල මරණ 13 ක් සිදුවිය. 2020 ඔක්තෝම්බර් මාසයෙන් පසු ඇරඹි කොරෝනා දෙවන රැල්ලේ ශීඝ්‍ර ව්‍යාප්තිය නිසා කොරෝනා මරණ සංඛ්‍යාව දිනෙන් දින වර්ධනය විය. 2020 පෙබරවාරි 20 වන දින වන විට ශ්‍රී ලංකාව තුලින් තහවුරු කල කොරෝනා රෝගීන් 83,094 ක් වන අතර එයින් 78.947 ක් සම්පූර්ණ සුවය ලබා ඇති නමුත් රෝගීන් 3683 පමණ ක් තවමත් ප්‍රතිකාර ලබමින් සිටියි. මේ වන විට සමස්ථ කොරෝනා මරණ 464 ක් පමණ වාර්තා වී ඇති අතර ඒ අතරින් වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගල මරණ 325 ක් පමණවාර්තා වු අතර එය සමස්ත මරණ සංඛ්‍යාවෙන් 70% ක් ලෙස දැක්වේ.
වයස අවුරුදු 40 ඉක්මවූ පුද්ගලයින් covid - 19 රෝගයට ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින අතර, හෘද රෝග, දියවැඩියාව, නිදන්ගත ශ්වසනය රෝග සහ පිළිකා වැනි රෝගී තත්ත්වයෙන් පසු වන පුද්ගලයන් ඒ අතරින් වැඩි අවදානමක් දරයි .
කොරෝනා පළමු රැල්ල සාර්ථකව පාලනය කලද දෙවන රැල්ලේ බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට මෙම පසුබෑමට මුහුණ දීමට සිදුවූ අතර රට නැවත යථා තත්වයට ගැනීමට රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත.
-සත්කාර-
Follow us on:
Facebook -
https://www.facebook.com/සත්කාර-102246178334142/
Instagram - https://www.instagram.com/sathkara_?r=nametag
2.0
01/03/2021
*කොවිඩ්-19* යනු?
කොරෝනා වෛරසය යනු මිනිසුන්ට හා සතුන්ට රෝග ඇති කරවිය හැකි වෛරස කුලකයකි. කොරෝනා වෛරසය මගින් මිනිසුන්ට ඇති විය හැකි රෝග ගණනාවක්ම පවතින අතර එය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු වංසගත රෝග දක්වා වු පරාසයකට පැතිරේ.
කොරෝනා වෛරසය මගින් මිනිසාට ඇති කරන බවට සොයාගත් නවතම වසංගත රෝගී තත්ත්වය *කොවිඩ්-19* නමින් හැදින්වේ. එය මුල් වරට වාර්තා වුයේ 2019 වසරේ දෙසැම්බර් මස චීනයේ වූහාන් නගරයෙනි.
වෛරසය ආසදනය වී ඇති අයගෙන් කොවිඩ්-19 බෝවිය හැක. කොවිඩ්-19 ආසදිත පුද්ගලයකු කිවිසුම් හරින විට හෝ ප්‍රාශ්වාස කරන විට නාසයෙන් හා මුඛයෙන් පිටවන සෙම බිඳිති හරහා පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම රෝගය පැතිර යා හැකිය. මෙම සෙම බිඳිති ආසදිත පුද්ගලයන් අවට ඇති භාණ්ඩ හා පෘෂ්ඨ මත තැන්පත් වීම නිසා වෙනත් පුද්ගලයකු විසින් මෙම වස්තූන් ස්පර්ශ කර තම නාසය, මුඛය, ඇස් ස්පර්ශ කළහොත් කොවිඩ්-19 වෛරසය ශරීරගත වේ. එනම් කොවිඩ්-19 ආසදිත පුද්ගලයකුගේන් පිටවන බිඳිති ආශ්වාස කළහොත් මිනිසුන්ට කොවිඩ්-19 බෝවිය හැක.
2020.03.11 දින පළමු දේශිය කොරෝනා රෝගියා හමුවිමත් සමගම ලංකාව තුල කොරෝනා වෛරසය පැතිර යාම ආරම්භ විය. එය අද වන විට මුලු ආසදිතයින් සංඛ්‍යාව 82,890 ක් දක්වා පැතිරී ඇති අතර එයින් 78,393 දෙදෙනකු සුවය ලබා පිටව ගොස් ඇති අතර දැනට රෝගීන් 4,009 දෙදෙනකු පමණක් ප්‍රතිකාර ලබයි. අද වන විට සෑම දිස්ත්‍රික්කයකින්ම කොවිඩ් ආසදිතයින් හමුවන අතර එයින් වැඩිම ආසදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් හමු වී ඇත.
කොරෝනා වගතුග දැනගන්න
එක්වන්න අප සමග.
කොරෝනා COVID-19 වෛරස ආසදනයෙන් ආරක්ෂා වෙමු.
මව්බිම සුරකිමු.
කොවිඩ් පරදමු.
-සත්කාර-
Follow us on:
Facebook -
https://www.facebook.com/සත්කාර-102246178334142/
Instagram - https://www.instagram.com/sathkara_?r=nametag
.0
22/02/2021
කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සිසු කණ්ඩායමක් වන අප විසින් තලංගම ප්‍රාදේශීය රෝහලට සවියක් වනු වස් දියත් කරන ලද ඒ උතුම් මනු සත්කාරය වන 'සත්කාර' ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය 2021/02/20 වන දින සාර්ථක ලෙස නිමාවූ බව සතුටෙන් දන්වන්නෙමු.
ඒ අනුව රෝගීන් ගෙන යාමේ ට්‍රොලි 2ක් සමගින් උප ව්‍යාපෘතියක් ලෙස රෝහලට අවශ්‍යව පැවති Oxygen Cart එකක්ද පරිත්‍යාග කිරීමට අපහට අවස්ථාව උදාවූයේ සරණක් අවැසි මොහොතක ශක්තියක් වීමට යුතුකමේ දෑත් දිගුකල පරිත්‍යාගශීලී ඔබ නිසාවෙනි.
මෙවන් අසීරු කාලයකදී වුවද කෙටි කලකින් 'සත්කාර' ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සදහා සහය ලබාදුන් පරිත්‍යාගශීලී ඔබ හටද, නන් අයුරින් උදව් උපකාර කල සියළු දෙනා හටද අපගේ හෘදයාංගම ස්තූතිය මෙලෙසින් පුද කරන්නෙමු.
We are pleased to announce the successful completion of the 'Sathkara' Community Development Project on 20/02/2021, which was launched to strengthen the daily functioning of Thalangama Divisional Hospital.
Accordingly, we had the opportunity to donate two patient trolleys to the hospital along with an oxygen cart as a sub-project due to your generous hand in reaching out to be a strength in times of need.
We would like to express our heartfelt gratitude to you and all those who have helped us in many ways to make the 'SATHKARA' project a success, even in such a tumultuous time.
Follow us on:
Facebook -
https://www.facebook.com/සත්කාර-102246178334142/
Instagram - https://www.instagram.com/sathkara_?r=nametag
Email - [email protected]
19/02/2021
Thanks to 'Hayli Products' for contributing towards the project 'Sathkara'. Your support has been greatly influential in accomplishing project goals & we appreciate your generous effort to be a strength in times of need.
Follow us on
https://www.facebook.com/සත්කාර-102246178334142/
https://www.instagram.com/sathkara_?r=nametag
21/01/2021
In view of the pandemic situation in the country, as students of the Faculty of Management and Finance, University of Colombo, the 'Sathkara' Community Development Project is being launched to empower hospitals which provide health care to the general public.
This project will provide two patient trolleys which are now essential to facilitate patients who visit the Thalangama Divisional Hospital daily.
If you would like to contribute to this noble cause, please give us your valuable financial contribution through the account number below.
Acc no - 86968481
Acc title - W I A Silva
Bank & code - BOC (7010)
Branch & code - Kolonnawa (595)
Even your small donation will be a source of strength in times of need.
Follow us on:
Facebook -
https://www.facebook.com/සත්කාර-102246178334142/
Instagram - https://www.instagram.com/sathkara_?r=nametag
Contact us on -
Haritha - 076 3426436 (Leader)
Ishini - 076 5260848 (Treasurer)
Email - [email protected]
18/01/2021
කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ සිසුන් පිරිසක් වන අප විසින් රටේ පවතින වසංගත තත්වය සැළකිල්ලට ගනිමින් පොදු ජනතාව හට සෞඛ්‍ය පහසුකම් සැපයීමෙහිලා නිරත වන රෝහල් සඳහා සවියක් වීම උදෙසා 'සත්කාර' ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය දියත් කරනු ලබයි.
මෙම ව්‍යාපෘතිය මගින් තලංගම ප්‍රාදේශීය රෝහලේ දිනකට පැමිණෙන රෝගීන් හට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා මේ වනවිට අත්‍යවශ්‍යව පවතින රෝගීන් ගෙනයාමේ ට්‍රොලි 2ක් ලබාදීමට කටයුතු කරයි.
මෙම උතුම් සත්කාරය සඳහා ඔබත් දායක වීමට කැමති නම්,ඔබේ වටිනා මූල්‍යමය දායකත්වය පහත ගිණුම් අංකය ඔස්සේ අප වෙත ලබා දීමට කාරුණික වන්න.
ගිණුම් අංකය - 86968481
ගිණුම් හිමියාගේ නම - W.I.A.සිල්වා
බැංකුව - ලංකා බැංකුව (7010)
බැංකු ශාඛාව - කොළොන්නාව (595)
ඔබගේ සුළු පරිත්‍යාගය පවා සරණක් අවැසි මොහොතක ශක්තියක් වනු ඇත.
In view of the pandemic situation in the country, as students of the Faculty of Management and Finance, University of Colombo, the 'Sathkara' Community Development Project is being launched to empower hospitals which provide health care to the general public.
This project will provide two patient trolleys which are now essential to facilitate patients who visit the Thalangama Divisional Hospital daily.
If you would like to contribute to this noble cause, please give us your valuable financial contribution through the account number below.
Acc no - 86968481
Acc title - W I A Silva
Bank & code - BOC (7010)
Branch & code - Kolonnawa (595)
Even your small donation will be a source of strength in times of need.
Follow us on:
Facebook -
https://www.facebook.com/සත්කාර-102246178334142/
Instagram - https://www.instagram.com/sathkara_?r=nametag
Contact us on -
Haritha - 076 3426436 (Leader)
Ishini - 076 5260848 (Treasurer)
Email - [email protected]
13/01/2021
In view of the current situation in Sri Lanka where the need for both public and private sector hospitals is acute, our aim is to identify the shortcomings of a selected hospital in Sri Lanka and to address the shortcomings in order to improve the efficiency of daily healthcare in the country's hospitals.
According to a survey conducted by us in line with the prevailing health laws and regulations in the country, it has been identified that the "Thalangama Divisional Hospital" lacks the equipment required to efficiently provide daily health services.
Accordingly,
*We "SATHKARA" decided to donate two 'Patient Trolleys' to the Thalangama Divisional Hospital to be a strength to them*.
ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින තත්වය හමුවේ රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ රෝහල් වල අවශ්‍යතාවය දැඩි ලෙස දැනෙන වාතාවරණයක, රටේ රෝහල්වල දෛනික සෞඛ්‍ය සේවා සැපයීමේ කර්‍යක්ෂමතාවය වර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ තෝරාගත් රෝහලක අඩුපාඩු හදුනාගෙන එම අඩුපාඩු ප්‍රතිපූරණය කිරීම අපගේ අරමුණයි.
රටේ මේ වන විට පවතින සෞඛ්‍ය නීති හා රෙගුලාසි වලට අනුගත වෙමින් අප විසින් සිදුකරනු ලැබූ සමීක්ෂණයකට අනූව තලංගම ප්‍රාදේශීය රොහලේ දෛනික සෞඛ්‍ය සේවා කාර්‍යක්ෂමව සැපයීමට අවශ්‍ය උපකරණ හිඟතාවයක් එම රෝහල සතුව පවතින බව හදුනාගන්නා ලදී.
ඒ අනූව,
"තලංගම ප්‍රාදේශීය රෝහල" වෙත 'රෝගීන් ප්‍රවාහනය කිරීමේ ට්‍රොලි' දෙකක් පරිත්‍යාග කරමින් ඔවුන්ට සවියක් වීමට "සත්කාර" අප සූදානම් ...
-සත්කාර-
Follow us on:
Facebook -
https://www.facebook.com/සත්කාර-102246178334142/
Instagram - https://www.instagram.com/sathkara_?r=nametag