Priyamatha

Priyamatha

Share

Priyamatha is a Sri Lankan Charity Organization which is primarily focusing to reduce the poverty of the Sri Lankan community �

18/08/2024

ඩොක්ටර් මවුමිතාගේ මරණයත් සමග ඉන්දියාව යළිත් ඇවිළිලා.. මේ මොහොත වෙද්දීත් ඉන්දීය නළු නිළියන් වගේම ජනප්‍රිය පුද්ගලයින් මවුමිතාගේ මරණයට විරෝධය පාමීන් වීඩීයෝ මුදාහරිනවා. ඇයගේ මරණයට සැකපිට ඈ ඉගෙන ගත් වෛද්‍ය විද්‍යාලයේම තරුණයෙකුවත් සිරභාරයට අරන්...
හැබැයි ඇයගේ මරණයේ දරුණු කම 'මරණයම' නෙමෙයි.

අද උදේ මේ සිදුවීම දකිද්දී මට පුදුම දුකක් දැණුනා. ගෑනූන්ට අපි ආදරය කරන්න ඕන. ඒ අය වෙනස්, සමහර විට ඒ අයත් එක්ක තරහා යන්න පුළුවන්, සමහර විට එපා වෙන්න පුළුවන්.
ඒත් දූෂනය කරලා මරලා දැමීම?

අනිත් එක 'මවුමිතාගේ වෛද්‍ය වාර්තාව අද උදේ ඉදන් ඉන්ටනෙට් එකේ ප්‍රචාරය වෙනවා. ඒක කියෙව්වම හදවත තවත් වේදනාවට පත් වෙනවා.'

ඇයව මරලා දාලා තියෙන්නේ මහා තිරිසන් විදියට.
ඇයව තිරිසන් විදියට දූෂනය කරලා..
ඇයගේ වෛද්‍යවාර්තාවේ කියන විදියට... ඇයගේ දූෂකයින්ගේ වධ හිංසාව නිසාම මවුමිතාගේ ඇස් වලින් පවා ලේ ඇවිත්, ඇයගේ කකුල් දරාගන්න බැරි විදියට දෙපැත්තට ඇදලා, කටින් ලේ එනකන්ම බෙ/ල්/ල මිරිකලා..
ඒ වාර්තාවේ තියෙන දේවල් ලියන්න බෑ.... ඒ තරම් තිරිසන්...

ඒත් එක්කම අද උදේ තවත් තිරිසන් දෙයක් දැක්කා.
ඒ තමයි පෝන් වෙබ් සයිට් වලට වැඩිපුරම සර්ච් කරලා තියෙන්නේ මවුමිතාගේ නම...
රේප් කරපු තිරිසන්නු මදිවට, රටේ ඉන්න අමනයින් ගිහින් අසභ්‍ය වෙබ් අඩවි වල හොයලා මවුමිතාගේ දූෂකයින් ඒ වීඩීයෝ අප්ලෝඩ් කරලා තියෙනවද කියලා..

මේක කොයිතරම් දරුණු ලෝකයක්ද?
ගැහැනියෙක්ට නිදහසේ ජීවත් වෙන්න බැරි... නිදහසේ ගමනක් බිමනක් යන්න බැරි.. කිසිම ආරක්ෂාවක් නැති..
මිනිස්සු ඇයි මේ තරම්ම තිරිසන්?

අපි හැමෝම නිදහසේ ජීවත් වෙන්න කොයි තරම් ආසද? ඔබ පිරිමියෙක්නම් ඔබේ තැන කාන්තාවක්ව තබා හිතන්න, ඔබට ගමනක් බිමනක් යන්න නිදහසක් නැත්නම්, බයක් දැනෙනවනම්, රෑට එළියට බහිද්දි මොනම වෙලාවක හරි කරදරයක් වෙයි කියලා හිතෙනවනම් - ඒ ලෝකේ කොහේද සැනසීමක්?

උපුටා ගැනිමකි.

06/06/2024

ඔයා පැට්ටෝ දුවක් කියල දැනගත්තම දුක තව වැඩි උනා..... රත්තරං
පුතෙක් වුවත් එපමණයි
අර නරුමයගෙ දරදඩු පහරවල් උබ දාරගන හිටියෙ කොහොමද දුවේ....
හැම පහරක් අවසානයෙ නුබ නැගිට්ටා......
දවසක උබ ලෝකෙම දිනන යකඩ ගෑනෙයක් වෙනවාමයි මගෙ දුවේ......
උබට රටක් ආදරෙයි ...දැන් ....
යකඩ පැංචි........❤

අම්මගේ ආදරේ බත් පතට එක්කරන්
මගෙ දුවට කවනකොට ආදරෙන් ලඟ තියන්
දුවේ උඹෙ රූපෙමයි මැවුනෙ මගෙ ඉදිරියෙන්
කොහොම උඹ ඉවසුවද දුක හිතේ තදකරන්

අම්ම ලඟ හිටියාට නැහැනෙ උඹ රැකගත්තෙ
ගුටි කකා වැටෙනකොට කවුද උඹ දෙස බැලුවෙ
තාත්තගෙ නමට අද තිරිසනෙක් වෙස් ගත්තෙ
කාගෙ දරුවෙක් උනත් ඇයි මෙහෙම සලකන්නෙ

බිම වැටුනෙ දුවේ උඹ අපේ හදවත් එක්ක
වෛරයක් ඕනි නෑ හිතක් නැති අය එක්ක
හෙමි හෙමින් දුවේ උඹ දෙපයින්ම නැගිටින්න
මේ ලොකෙ අම්මලා තාත්තලා ඉන්නවා උඹ එක්ක

සසරෙ පෙර පවක් ඇති කෙලවරක් කර ගන්න
ඒ පවට ලැබුනෙ නෑ සෙනෙහසක් නැලවෙන්න
උඹ දුවේ මේ භවයෙ හොඳ දේම කරගන්න
කවද හරි මේ ලෝකෙ හොඳම අම්මෙක් වෙන්න

😔ගහපූ ගහපූ හැම පාරකදිම වැටුනා..
වැටුන වැටුන හැම වෙලාවෙම නැගිට්ටා ..
අඩන්න ඕන උනත් අඩන් නැතුව බිම බලාගෙන බත් එක කෑවා 😔😔🥰♥️

මේ පුංචී වයසට එච්චර හයිය හිතක් බුදු සරණින් ජිවිතේ ලස්සනම වෙන්න ඕනේ ඔය වගේ තිරිසන්නුන්ගේ අයින් වෙලා 😌😌😌♥️
මලක් 🥺🌸
ගහපු ගහපු හැම පාරකටම නුඹ වැටුනා දුවේ ....

ඒ හැම පාරක්ම නුඹ නැගිටලා බත් ටික කෑවා...

ඇහෙන් කදුළු බිදක්, කටෙන් වචනයක් පිට වුනේ නැහැ...

නුඹ ඒ රළු පහරවල් කොහොම දරා ගත්තද මම දන්නේ නැහැ....

ඇස්වලට කදුළු ආවත් මම නුඹෙන් යමක් ඉගෙන ගත්තා දුවේ... 🙏😘🥰❤🌎

මේ ජීවිතයේ ආයෙත් කවදාවත්ම ඔයාට දුකක්, කරදරයක් නැතිව ජීවත්වෙන්න වාසනාව ලැබෙන්න ඕන...

මෙම දර්ශනය වීඩියෝ කර මේ පුංචි පැංචොගේ ජිව්තය ආරක්ෂා කල ඒ බෝසත් ගුණ ඇති තැනැත්තාට අනේක වාරයක් පිං 🙏

🇱🇰 ලංකාව තුල ළමා හිංසනයක් දුටු විගස දැනුම් දීමට අමතන්න.
☎ 1929

මගේ දුවේ... ආදරෙයි මැණික..
සතුරෙකුටවත් මෙවන් විපතක් නොවේවා !!
නීරෝගීමත් අනාගතයක් දුවේ නුඹට .
අධ්‍යාපනය නුඹේ එකම ගැලවුම්කාරයායි
අනේ කවුරුන් හෝ එ දරුවා ආදරෙන් බලා ගන්න .. පලමුව මනස සුවපත් කරන්න..

පුංචි මල් කැකුලු අපි ආරක්ෂා කරගමු, අපි ඔවුන් වෙනුවෙන් කැප වෙමු , යහමග පෙන්නමු 🌻🥰😘

සෑම දරුවෙක් දෙසම ඔබේ දරුවා සේ බලන්න. එවිට ඔබේ දරුවා ස්වාභාව ධර්මය විසින් රකිනු ඇත..❤️☺️🙏

සැප සතුට ආදරය උතුරන්න ලැබෙන්න ඕන!!♥️ රත්ණත්තරේ පිහිටයි ආරක්ෂාවයි දෝණි 🙏❤ 🙏🏻
උ.ගැ

05/06/2024

අහම්බෙන් මේ වීඩියෝ එක ඇහැ ගැටුනම දරාගන්න බැරිවුනා පොඩි එකා කොහොම දරාගත්තද කියලා 🥺

කෙනෙකුට ඇහින් දකිනකං විශ්වාස කරන්න බැරි දේවල් පොළොවේ සිද්ධ වෙනවා .ඒ දරුවා අඬන්නෙ නැති බව පේනවද ?......අවට ඉන්න පවුලේ මිනිස්සු දරුවට උදවු නොකරන බව පේනවද ?.....ඒවා අසාමාන්‍ය නෑ .මොකක් හරි හේතුවක් හින්දා ඒවා ඇත්තටම සිද්ධ වෙන්නෙ ඒ විදියට . .

ලෝකය තමන් දකින ප්‍රමාණයට වඩා ලොකුයි කියලා නොතේරෙන මිනිස්සු දුෂ්ට උන්මත්තකයො ඉස්සරහා ඇකිලිලා නිර්වින්දනය වෙනවා .

කිසිම දරුවෙක් වැරදි කාලයක වැරදි පරිසරයක වැරදි අම්මලාට තාත්තලාට දාව ඉපදෙන්න හොඳ නෑ .ඒක මහ නරුම කාලකන්නි අවාසනාවක්

දරුවෝ කියන්නෙ අසමත් උමතු මිනිස්සුන්ගෙ පරිභෝජනය සඳහා නිර්මාණය වුනු කුඩා දුර්වල මෙවලම් නෙවෙයි .එයාලා තමයි සමාජයේ ස්වර්ණමය කොටස.එහෙව් තැනකට මිනිස්සුන්ගෙ මනෝභාවය හදන්න පුලුවන් රටක් නිර්මාණය වීම අත්‍යවශ්‍යයි .දරුවෝ වෙනුවෙන් ඕනෙම තත්වයක් යටතේ පෙනී හිටින්න පුලුවන් මිනිසුන්ගෙන් මේ ලෝකෙ පිරිලා ඉතිරිලා යන්න ඕනෙ කියන එක මගෙ ප්‍රාර්ථනය .
🥺
පුතේ,ඔයාට ඉතා ඉක්මනින් ඔය අපායෙන් ගැලවෙන්න වාසනාව ලැබේවා !

උ.ගැ

12/05/2024

අම්මාවරැන්ගේ දිනයේදි
අම්මාගෙනුත් ඔයාලට,..ආදරෙන්

මම ඔයාලා දෙන්නට ස්තුති කරනවා මාව සතුටින් තියන්න මා ළඟට ආවට.❤️

මැරෙනකොට වතුර උගුරක් පොවාගන්න මගෙ බලාපොරොත්තුව ක් නෑ .
දරුවො කවදාවත් දෙමාපියන්ට ණය නෑ..

මම කුස දන් දුන්නෙ මගෙ කැමැත්තෙන් .

මගෙ හිතේ හීන හැබෑ කරන්නයි ඔයාලා සුර දූතයො වෙලා පිහිටට ආවේ.

මම ඔයාලට කිරි දුන්නේ සතුටින් ❤️
ඒක නිරාමිස ප්‍රීතියක්...

අපිට ඕනි නම දාලා ,
අපිට ඕනි විදිහට හුරතල් කරලා,
අපිට ඕනි කෑම කවලා,
අපිට ඕනි ඉස්කෝලෙ ට දාලා,
අපිට ඕනි ඇදුම් අන්දලා ,
අපිට ඕනි අයව හඳුන්වා දීලා,
අපිට ඕන විදියට හදපු ..

ඒ පුංචි ආත්ම...

අම්මා කියන උත්තරීතර හැඟීම මට ගෙනත් දුන්නට මම ඔයාලට අනේකවාරයක් ස්තුතිවන්ත වෙනවා.

ඔයාලා දුන්න හැම මතකයක්ම හරිම සුන්දරයි..
❤️

ආදරේ කියන්නේ ළඟ ඉද්දි දැනෙන හැඟීමට නෙමෙයි...❤️

කොහේ හිටියත් සතුටින් බව දැනෙනවා නම් ඒ ඇති,

අත්තටු හයිය වුනු විගස
ඉගිලී යන්න...!

මේ ලෝකය හරිම ලස්සනයි....
නිදහසේ පියඹන්න......

- Copied-❤️


23/10/2023

🚫ආර්ථිකය කඩා වට්ටපු රටක....
🚫අතිශය අකාර්යක්ෂම, අකර්මණ්‍ය රාජ්‍ය සේවයක් තියන රටක....
🚫වල් වැදුණු නැවෙන නීතියක් තියන රටක....
🚫අකුරු කියෙව්වට යමක් අවබෝධ කර ගැනීමේ හැකියාව ඉතාම අඩු ජනතාවක් ඉන්න රටක......
🚫තක්කඩි අවස්ථවාදී දේශපාලන ක්‍රමයකින් පාලනය වන රටක....
🚫සිස්ටම් කියන දේ විහිලුවක් වෙලා තියන රටක...
🚫ළමා අපචාර සිඝ්‍රයෙන් වැඩිවෙලා දුෂණය කරලා අමානුෂික ලෙස මරලා දාලා එවාට නිසි දඩුවමක් නැති රටක
🚫දැයේ දරැවන්ට අනාගතයත් සුරක්ෂිත නැති රටක
🚫රටෙන් අඩක්ම නොකා නොබි දුක්ගින්දර උහුලන රටක
🚫දවසින් දවස අලි ඇතුන් සීඝ්‍රයෙන් මරලා දාන රටක

මේ
සියල්ල සීග්‍රයෙන් පිරිහෙන රටක පරිසරය සතා සීපාවා විතරක් සෞභාග්‍යමත්ව පවතී කියලා බලාපොරොත්තු වෙනවද?

රටේ අති බහුතරයක් ගැටලුව තියෙන්නේ කොතනද කියන දේ තවම අවබෝධ කරගෙන නෑ......

බලන් කඩතුරා හැර දෑසේ......

17/10/2023

බරපතල ලිංගික අපයෝජනයට ලක් වූ දැරිය ඔබේ නොවුනද
ඔබේ දරුවන් ද මේ සමාජයේ අනාරක්ෂිත බව සිහි තබා ගන්න.

09/10/2023

ජිවත්ව සිටින විට මිනිස්සු අගයන්න ආදරය දක්වන්න සලකන්න
මැරැනු පසු
වළදමන්න

18/09/2023
10/09/2023

සල්ලි තියෙන කෙනා සතේට ගනන් හැදුවට
සල්ලි නැති කෙනා රැපියලත් අතහරිනවා

~එකයි ඔහු හැමදාමත් දුප්පත්~

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Address

Colombo