10/02/2026
සිංහ රාජේ වැසි වනාන්තරයට එහි සමතුලිත තාවයට අනිවාර්යයෙන් අනාගතයේ අලි ඇතුන් සිටිය යුතුයි 🍃 🐘
නිකමට හිතන්න මෙම වනාන්තර පද්දතිය තුල සිටි අලි රංචුවලට ඇත්තටම මොකද උනේ
අවසන් වරට කෙණරක් සහ පිරිමි පැටවුන් දෙදෙනකු වාර්ථා උවද අවසානයේ අලි මවගේ මිය යාමත් සමග පිරිමි පැටවුන් දෙදෙනකුට පමණක් සිංහරාජ වැසි වනාන්තරයක සීමා විය .කණගාටුවට කරුණනම් දැන් සිටින්නේ එක පිරිමි අලියකු පමණි අනෙක් අලියාට සිදු ඌයේ කුමද්ද යන්න සෙවීමට වනජීවී සංරක්ෂණය දෙපාර්තමේන්තුව තවමත් අපහොසත් වී ඇත.
අවහිර වී ඇති සිරීපාද රක්ෂිතය දක්වා ඇති අලිමංකඩ උඩවලව දක්වා ඇති අනෙකුත් අලි මංකඩ නිදහස් උන දිනක නැවත සිංහරාජ වැසි වනාන්තරයේ අලි පරපුරක් දැකිය හැක .
නමුත් කණගාටුවට කරුණ නම් මෙම පරිසර පද්දතිය තුළ නැවත වරක් අලි ඇතුන් සිටිනු දැකීම දැව ජාවාරම් කරුවන් ,අනවසර පතල් කරුවන් ඇතුලු ජාවාරම් කරුවන් අකමැති වීම නිසාවෙන් අදාළ බළදාරීන්ද මෙම ගැටලුව සම්බන්දව නිසි සොයාබැලීමක් නොකරන්නේ එම ජාවාරම් කරුවන්ට උදව් කරන නිසාවෙන්ද යන සැකයක් අප තුළ පවතී
උඩවලව ඇත් අතුරු සෙවණේ සිටින අලි පැටවුන් කිහිප දෙනකු යම් කිසි කාලයක් තුල මෙම පරිසර පද්දතියට හුරු කර ඔවුන්ට Gps කරපටි පැළදවා ඔවුන්ගේ චර්යා රටා නිරීක්ෂණය කරමින් මෙම පරිසර පද්දතියට හුරු කිරීමට හැකියාව තිබුණද සිංහරාජ වැසි වනාන්තරයේ අවාසනාවකට එය එසේ සිදුවන්නේ නැත .
හස්ති රාජ පරපුර - elephant dynasty sri lanka අප සිංහරාජ වනාන්තරයේ අනාගතය අලි ඇතුන් සම්බන්දව තව තවත් ඔබව දැනුවත් කරන්නේ මෙම වටිනා පරිසර පද්දතියට එහි අනාගතයට අනිවාර්යයෙන් ම " අලියා " සිටිය යුතු නිසාවෙනි
Anura Kumara Dissanayake ජනාධිපති තුමනි මෙම සංවේදී පරිසර පද්දතිය ආරක්ෂා කිරීම ඔබගේ යුතුකමකි 🙏
fans The breath හුස්ම

18/02/2024
01/01/2024
01/01/2024
27/12/2023
22/12/2023
18/12/2023
05/12/2023
05/12/2023