District Secretariat- Colombo

District Secretariat- Colombo

Share

This is the official face book page of District Secretariat - Colombo

Photos from District Secretariat- Colombo's post 05/05/2026



කෝට්ටේ වික්ටෝරියා නිවාසයේ සූර්යය මංගල්‍යය 2026

වික්ටෝරියා නිවාසයේ නේවාසික සුව කළ නොහැකි ආබාධ සහිත රෝගීන්ට සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුවසක්ති සංවිධාන සාමාජිකයින් වෙනුවෙන් සංවිධානය කරන ලද කෝට්ටේ වික්ටෝරියා නිවාසයේ “සූර්යය මංගල්‍යය - 2026” වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපති අරෝෂ අතපත්ති මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කසුන් ඇපා සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.05.03 දින වික්ටෝරියා නිවාසයේදී පැවැත්විණ.

මේ සඳහා ආබාධ සහිත ප්‍රජාව 200ක්‌ පමණ හා වික්ටෝරියා නිවාසයේ කාර්යය මණ්ඩලය සහභාගි විය. වැඩසටහන සංවිධානය වික්ටෝරියා නිවාසය අධ්‍යක්ෂ ජගත් කෝදාගොඩ මහතා විසිනි.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

Photos from District Secretariat- Colombo's post 05/05/2026



මොරටුව ප්‍රාදේශීය ලේකම්තුමාගේ මගපෙන්වීම මත සවිබල මවකට නැණැවත් දරුවන් යන තේමාව ඔස්සේ යහපත් මා පිය භාවය හා මුල් ළමාවිය සංවර්ධනය හා ප්ලාස්ටික් භාවිතය අවම කිරීම පිළිබඳ ගැබිනි මව්වරුන් දැනුවත් කිරීමේ වැඩසටහන හා ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ දීමනා වවුචර් පත් බෙදා දීමේ වැඩසටහන 2026. 04.29 දින මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදි පවත්වන ලදී.

මේ සඳහා සම්පත්දායකත්වය දීපිකා සුදර්ශනී මිය සහ විද්‍යා හා තාක්ෂණ නිලධාරී මහේෂ් ප්‍රනාන්දු මයා විසින් ලබාදුන් අතර වැඩසටහන සංවිධානය මුල් ළමාවිය සංවර්ධන නිලධාරීනි විසිනි.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

Photos from District Secretariat- Colombo's post 05/05/2026



පෙර පාසල් දරුවන්ගේ කුසලතා සංවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ බිමාශා පෙර පාසල් පරිශ්‍රයේදී "සිගිති පොළ " වැඩසටහනක් 2026.04.30 වන දින පවත්වන ලදී. මෙම වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී නිල්මිණී ප්‍රියදර්ශනී මිය විසින් අධීක්ෂණය කරන ලදී .

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

Photos from District Secretariat- Colombo's post 05/05/2026



ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන කර්මාන්ත හා ව්‍යවසායකත්ව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශිය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2026.04.30 වන දින කෝට්ටේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මෙම ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන මාස තුනක ව්‍යාපෘතියකි. ඩිජිටල් අලෙවිකරණ වැඩසටහන සදහා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ප්‍රදීප් කලංසූරිය පීඨාධිපතිතුමන් ප්‍රමූඛ විද්‍යාර්ථීන් දහ හත් දෙනෙකුගේ සම්පත් දායකත්වයෙන් සිදු විය. වැඩසටහනේ සංග්‍රහ කටයුතු සඳහා IPD Trading (PVT) Ltd ආයතනය පූර්ණ අනුග්‍රහය ලබා දෙන ලදී.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශිය ලේකම් කසුන් ඈපා සෙනෙවිරත්න මහතාගේ හා සහකාර ප්‍රාදේශිය ලේකම් එච්.එම්.විරාජි මියගේ උපදෙස් හා මගපෙන්වීම මත , ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය හා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සමග එකතු වී සංවිධානය කරන ලද මෙම සමාරම්භක වැඩසටහන සඳහා ව්‍යවසායක මහත්ම මහත්මීන් පනස් පස් දෙනෙකු සහභාගි විය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

Photos from District Secretariat- Colombo's post 05/05/2026



නිවේදන සහ හඬ පුහුණු වැඩසටහන
....................................................................................................................

හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය නිලධාරීන්ගේ නිර්මාණශීලී කුසලතාවයන් සංවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද "නිවේදන සහ කටහඬ පුහුණු වැඩසටහන" කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී 2026.04.09 වන දින සාර්ථකව පැවැත්විණි.

ප්‍රාදේශීය ලේකම් තුමාගේ මග පෙන්වීම සහ අධීක්ෂණයෙන් , සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාගේ සංකල්ප මූලයෙන් සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ප්‍රවීන රූපවාහිනී, ගුවන්විදුලි නිවේදිකා, හඬ රංගවේදිනී, ගායන ශිල්පිනී උදානි රත්නායක මහත්මිය විසින් ලබාදෙන ලදී.

විධිමත්ව සහ ආකර්ෂණීයව වැඩසටහනක් මෙහෙයවීම සඳහා මූලික දැනුම සහ මග පෙන්වීම ද සන්නිවේදනයෙහි වැදගත්කම, කටහඬ සංවර්ධනය කිරී⁣මේ අභ්‍යාස ආදි ප්‍රායෝගික ක්‍රියාකාරකම් මෙම වැඩසටහනෙහි අන්තර්ගත විය.

මේ සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා සහ කාර්යාලයෙහි විවිධ අංශ නියෝජනය කරමින් නිලධාරීන් 30ක් පමණ සහභාගී විය.කාර්යාලයීය සංස්කෘතික අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

Photos from District Secretariat- Colombo's post 05/05/2026



සූර්යය මංගල්‍යයය 2026 - මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

2026 සිංහල සහ දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද " සුර්ය මංගල්‍යය 2026 " අවුරුදු උළෙල අප්‍රේල් මස 24 වන දින කාර්යාල පරිශ්‍රයේදි පැවැත්විණ.

මහරගම ප්‍රාදේශිය ලේකම් හිමාලි කරුණාරත්න මහත්මිය ඇතුළු මහරගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් ඊට සහභාගි වුහ.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

05/05/2026



කල් ඉකුත්වූ ළදරු කිරිපිටි විකුණු පෞද්ගලික වෙළඳසැලකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂයක ලක්ෂයක (100,000/-) දඩ මුදලක් නියම කරයි.
................................................................................................................................

කල් ඉකුත්වූ ළදරු කිරිපිටි විකුණු පෞද්ගලික වෙළඳසැලකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂයක ලක්ෂයක (100,000/-) දඩ මුදලක් නියම කරයි.

කොළඹ දිස්ත්‍රික් ලේකම්තුමාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ පාරිභෝගික කටයුතු අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින් 2026.04.04 වන දින සිදුකරන ලද වැටලීමකට අනුව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධාන අංක 52 කඩකරමින් කල් ඉකුත්වූ ළදරු කිරිපිටි ඇසුරුම් විකිණීමට ප්‍රදර්ශනය කිරිමට එරෙහිව අංක 140, ශාන්ත සෙබෙස්තියන් මාවත, කොළඹ 12 යන ලිපිනයේ පවත්වාගෙන යනු ලබන පාක්රිජ් හෙල්තිකෙයා private limited වෙළඳ ආයතනය වෙත 2026.04.30 වන දින රුපියල් ලක්ෂයක ලක්ෂයක (100,000/-) දඩ මුදලක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක05) ගරු මහේස්ත්‍රාත් තුමිය විසින් නියම කරන ලදී.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පණත ප්‍රකාරව පාරිභෝගි කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අංක 1875/38 හා 2014.08.15 වන දින දරන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කරන ලද විධාන අංක 52 දරණ විධානය මගින් පැවරී ඇති බලතල ප්‍රකාරව කටයුතු කරමින් සියලු නිෂ්පාදකයන් ආනයනකරුවන් බෙදා හරින්නන් සැපයුම්කරුවන් හා වෙළඳුන් විසින් තම ව්‍යාපාර ක්‍රියාවලිය තුළදී විකිණීමට නුසුදුසු අයෝග්‍ය බවට හෝ කල්ඉකුත් වූ බවට මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු බවට හඳුනාගත් භාණ්ඩ කිසිදු ආකාරයකින් හෝ විකිණීමට ඉදිරිපත් කරනු ලබන හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කරනු ලබන අනෙකුත් භාණ්ඩ සමග එක්ක හෝ එකට යාව හෝ තැබීම ගබඩා කිරීම හෝ එක්රැස් කිරීම නොකළ යුතු බවට විධාන කර තිබියදී 2026/04/04 වන දින හෝ ඊට ආසන්න දිනකදී කොළඹ 05 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ බල සීමාව තුළ පිහිටි අංක 140, සාන්ත සෙබෙස්තියන් මාවත, කොළඹ 12 යන ලිපිනයේ පවත්වාගෙන යනු ලබන පාක්රිජ් හෙල්තිකෙයා private limited යන වෙළඳ ආයතනයේ දී විකිණීම සඳහා ඉදිරිපත් කරනු ලබන අනෙකුත් භාණ්ඩ සමඟ කල්ඉකුත් වීමේ දිනය 2026.03.05 ලෙස තිබූ Enfagrow A + stage 04 ඇසුරුම් 01ක්, කල්ඉකුත් වීමේ දිනය 2027.01.23 ලෙස තිබූ Enfagrow A + stage 04 ඇසුරුම් 01ක් සමග ගබඩා කර තිබීම මගින්, 2003 අංක 09 දරන නවය දරන පාරිභෝගි කටයුතු පිළිබඳ අධිකාරි පනතේ 10(3) වගන්තිය සහ 68 වන වගන්තිය සමඟ කියවිය යුතු 60(5)(ආ) වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට ගරු අධිකරණය වාර්තා කිරිමෙන් අනතුරුව ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ කල් ඉකුත්වූ ළදරු කිරිපිටි ඇසුරුම් විකිණීමට ප්‍රදර්ශනය කළ බවට අදාළ සමාගම විසින් වරද පිළිගනු ලැබීය.

එම කරුණු සලකා බැලූ ගරු මහේස්ත්‍රාත්තුමිය ඉහත වරද සඳහා රුපියල් ලක්ෂයක (100,000/-) දඩ මුදලක් නියම කරනු ලැබූ අතර තරයේ අවවාද කරමින් එම සම්පූර්ණ දඩ මුදල එදිනම ගෙවා නිම කරන බව අදාළ සමග සමාගම අධිකරණය හමුවේ දන්වා සිටීන ලදී.‍

පාරිභෝගික කටයුතු අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විමර්ශන නිලධාරි යසිත ඉශාන් සහ එන්.ඒ.කේ.එච්.කුමාර යන නිලධාරි මහත්වරුන් විසින් මෙම වැටලීම සිදුකරන ලදී.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

Photos from District Secretariat- Colombo's post 05/05/2026



තලංගම වැව ව්‍යාපාරයේ 2026 යල කන්නයේ වගා සැලසුම් සකස් කිරීම සදහා වන කන්න රැස්වීම 2026/04/30 වන දින බටපොත, සුදර්ශණාරාම පුරාණ විහාරස්ථානයේදී අතිරේක දිස්ත්‍රික් ලේකම් කෞශල්‍යා කුමාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

විශේෂයෙන් මෙහිදී බත්තරමුල්ල, මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ ප්‍රාදේශීය නිළධාරීන් විසින් මී උණ රෝගය පිළිබඳව නිර්මාණශීලීව ගොවීන් දැනුවත් කල අතර ගන්නෝරුව, ජාතික ශාක ආරක්ෂණ සේවය නියෝජනය කරමින් පැමිණි සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ විසින් ආක්‍රමණශීලී ජලජ පැළෑටි පාලනය කිරීම පිළිබඳව විශේෂ දැනුවත් කිරීමක්ද සිදු කරන ලදී.

මේ සඳහා දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ බී.ජේ.එස්.එස්. ප්‍රනාන්දු, නියෝජ්‍ය නාගරික කොමසාරිස් (කඩුවෙල), දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ (පොහොර), සහකාර ප්‍රාදේශීය ලේකම් කඩුවෙල, ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු, ඇතුලු රාජ්‍ය නිළධාරීන් හා ගොවි මහත්ම මහත්මීන් රැසක් සහභාගී විය.


දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

Photos from District Secretariat- Colombo's post 05/05/2026



සමාජ සේවා දෙපාර්තමේන්තුව හා ලෝක කම්කරු සංවිධානය ඒකාබද්ධව ආබාධ සහිත පුද්ගලයන් ඇගලුම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කිරීම අරමුණු කරගෙන සමාජ සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක සීදුව තෙළඹුයාය හා මොන කුඹුර යන වෘත්තිය පුහුණු මධ්‍යස්ථානවල ලෝක කම්කරු සංවිධානයේ අනුග්‍රහය ජුකී මැෂින් පාඨමාලා කීපයක් ආරම්භ කර පවත්වාගෙන යන අතර ඒ තුළින් ඇඟලුම් ක්ෂේත්‍රය ආබාධ සහිත පුද්ගලයන් සඳහා ඇති රැකියා අවස්ථා පුළුල් කිරීම අරමුණ වේ.

මේ පිළිබඳව ආබාධ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා වන වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් අතිරේක ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සහ ලෝක කම්කරු සංවිධානය බෙටර් work program වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් 2026.04.28 දින දිස්ත්‍රික් ලේකම් කාර්යාලය 09 වන මහලේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

මේ සඳහා සහකාර දිස්ත්‍රික් ලේකමිතුමිය, කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 13ම ස්ව ශක්ති සංවිධානවල නිලධාරීන්, සොයිසත් සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගි විය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

Photos from District Secretariat- Colombo's post 30/04/2026


සූර්යය මංගල්‍යයය 2026 - කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

2026 සිංහල සහ දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද "කොළොම්පුර කොවුල්සර" අවුරුදු උළෙල දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් අප්‍රේල් මස 25 වන දින කොළඹ කොම්පඤ්ඤවීදිය මැලේ ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

කොළඹ ප්‍රාදේශීය ලේකම්තුමා, සහකාර ලේකම්තුමා ඇතුළු කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් මෙම උත්සවය සඳහා සහභාගි විය.

මෙම අවස්ථාව අවුරුදු අසිරිය සහ එහි සුන්දරත්වය විදහා දක්වන ජන ක්‍රීඩා , ජන ගායනා ජන නැටුම් ඇතළු අංග රැසකින් සමන්විත විය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

Photos from District Secretariat- Colombo's post 30/04/2026


සූර්යය මංගල්‍යයය 2026 - රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

2026 සිංහල සහ දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද "නිලදරු බක්මහ අසිරිය" අවුරුදු උළෙල අප්‍රේල් මස 26 වන දින ගල්කිස්ස මවුන්ට් පාර්ක් හිදි පැවැත්විණ.

රත්මලාන ප්‍රාදේශීය ලේකම් එම්.එම්.කේ. දිල්රුක්ෂි වල්පොල මහත්මියගේ උපදෙස් පරිදි සහ මඟපෙන්වීම යටතේ මෙම උත්සවය සංවිධානය කර තිබු අතර, අවුරුදු ක්‍රිඩා සහ සංස්කෘතික විශේෂාංග රැසකින් මෙම උත්සවය වර්ණවත් විය.

රත්මලාන ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රීනි සමන්මලී ගුණසිංහ මහත්මිය ඇතුළු සම්භාවනීය ආරාධිතයන්, කලාකරුවන් ඇතුලු රත්මලාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් මෙම උත්සවය සඳහා සහභාගි විය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

Photos from District Secretariat- Colombo's post 30/04/2026


සූර්යය මංගල්‍යයය 2026 - මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

උදාවූ 2026 සිංහල හින්දු අළුත් අවුරුදු උත්සවය සැමරීම අරමුණු කරගෙන මොරටුව ප්‍රාදේශීය ලේකම් සමන් ප්‍රසන්න කිරිවත්තුඩුව මහතාගේ මගපෙන්වීම මත කාර්යාලයේ නිලධාරීන් වෙනුවෙන් සංවිධානය කල බක් මහ උළෙල සහ ධාරිතා සංවර්ධන පුහුණු වැඩසටහන 2026.04.25 වන දින ජනජය විදුහල් පරිශ්‍රයේ දී පැවැත්වුණි.

මෙම අවස්ථාව අවුරුදු අසිරිය සහ එහි සුන්දරත්වය විදහා දක්වන ජන ක්‍රීඩා , ජන ගායනා ජන නැටුම් ඇතළු අංග රැසකින් සමන්විත විය.

දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය
කොළඹ

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Elvitigala Mawatha, Narahenpita
Colombo
00500

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 08:30 - 16:15