29/04/2026
2026 බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළ සඳහා නිර්මාණ භාර ගැනීම!
■ පොදු උපදෙස් හා කොන්දේසි
ප්‍රශස්ත සාහිත්‍ය සම්මාන (ශ්‍රව්‍ය දෘශ්‍ය) සඳහා අදාළ ක්ෂේත්‍ර යටතේ 2025 වර්ෂයේ එළිදැක්වූ නිර්මාණ Google Drive ගොනුවකට, භාගත (Download) කරගත හැකිවන පරිදි උඩුගත (Upload) කර එහි සබැඳිය (Link) 2026 මැයි මස 31 වැනි දිනට ප්‍රථම [email protected] හෝ [email protected] විද්‍යුත් ලිපිනයට, සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රයේ PDF පිටපත ද සමගින් එවීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු. (අයදුම් පත්‍රය https://www.bauddhaloka.org වෙබ් අඩවියෙන් භාගත කරගත හැකිය)
■ ඉහත දැක්වෙන විෂයයන්ට සහ තරග කොන්දේසිවලට අදාළ නොවන නිර්මාණ භාරගනු නොලැබේ.
■ වැඩි විස්තර සඳහා විමසීම් : සදනි චාමින්ධ්‍යා - 070 104 6817
■ සම්බන්ධීකරණ කාර්යාලය : බෞද්ධාලෝක පදනම,
‘සුමති’ ,අංක : 491, ගාලු පාර, කොළඹ 03.
14/04/2026
ලැබූවා වූ නව වසර ඔබ සැමට ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා වැඩෙන සෞභාග්‍යවත් ශ්‍රී සුබ නව වසරක් වෙිවා!
තෙරුවන් සරණයි!
10/04/2026
You can now purchase Bauddhaloka publications online with Cash on Delivery ✨
Bringing Sri Lanka’s cultural and spiritual wisdom closer to you, with convenience you can trust.
🛒 Order now: www.bauddhaloka.org
05/03/2026
බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළ - 2026
නිර්මාණ ඉදිරිපත් කිරීම - මුද්‍රිත
■ ප්‍රශස්ත සාහිත්‍ය සම්මාන (මුද්‍රිත)
බෞද්ධ ශාස්ත්‍රීය කෘති බෞද්ධ ප්‍රශස්ත පර්යේෂණ කෘති
බෞද්ධ ජනශ්‍රැති පර්යේෂණ කෘති බෞද්ධ යොවුන් නවකතා
බෞද්ධ නවකතා බෞද්ධ පරිවර්තන කෘති
බෞද්ධ සංස්කරණ කෘති බෞද්ධ පද්‍ය කෘති
බෞද්ධ ළමා සාහිත්‍ය කෘති බෞද්ධ කෙටි කතා
බෞද්ධ අපදාන සාහිත්‍ය
■ බෞද්ධ සාහිත්‍ය වෙනුවෙන් සිදුකළ සේවය උදෙසා පොත් ප්‍රකාශන සමාගම් ද මෙහිදී ඇගයීම සිදු කෙරේ.
■ පොදු උපදෙස් හා කොන්දේසි
ප්‍රශස්ත සාහිත්‍ය සම්මාන (මුද්‍රිත) සඳහා අදාළ ක්ෂේත්‍ර යටතේ 2025 වර්ෂයේ දී ප්‍රථම මුද්‍රණය ලෙස පළ කරන ලද කෘති වලින් පිටපත බැගින් 2026 මාර්තු මස 31 වැනි දිනට ප්‍රථම බෞද්ධාලෝක පදනම, zසුමති’ අංක : 491, ගාලු පාර" කොළඹ 03 ලිපිනයට සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍රය ද සමගින් ගෙනවිත් භාරදීමට හෝ ලියාපදිංචි තැපෑලෙන් එවීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමු. (අයදුම් පත්‍රය https://www.bauddhaloka.org වෙබ් අඩවියෙන් ලබාගත හැකිය)
ප්‍රකාශන ආයතන මගින් සහ කර්තෘ ප්‍රකාශන ලෙස පළකරන ලද කෘති ද සම්මාන සඳහා සලකා බැලීමට භාරගනු ලැබේ.
■ වැඩි විස්තර සඳහා
විමසීම් :- සදනි චාමින්ධ්‍යා - 070 104 6817
05/03/2026
2026 බෞද්ධාලෝක සාහිත්‍ය උලෙළ සඳහා නිර්මාණ භාර ගැනීම ඇරඹුණා!
#2026
18/02/2026
පයාගල මූල මහා විහාරයේ ඓතිහාසික පුස්කොළ පොත් සංරක්ෂණය කර භාර දීම සහ පුස්තකාලය විවෘත කිරීම.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 163 වැනි නිකාය දිනය සහ 140 වැනි ආදිකර්තෘ ගුණානුස්මරණයට නිමිත්තෙන් ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූලස්ථානය වන පයාගල ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන් මූල මහා විහාරයේදී 2026 ජනවාරි 29 වන දින පවත්වන ලද උත්සවයට සමගාමීව බෞද්ධාලෝක පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන් සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ තාක්ෂණික දායකත්වයෙන් සංරක්ෂණය කරන ලද ඉපැරණි පුස්කොළ පොත් 341 ක් විහාරස්ථානය වෙත භාරදීම සිදු කෙරුණි. විශේෂයෙන්ම මෙම සංරක්ෂණයේ දී බුරුම භාෂාවෙන් රචිත රාමඤ්ඤ නිකායේ ආරම්භය සම්බන්ධව පවතින මුල්ම ප්‍රාථමික මූලාශ්‍රය හමුවීම සුවිශේෂී වේ.
මීට අමතරව විහාරස්ථ ශ්‍රී ධර්මගුප්ත පිරිවෙන් පොත්ගුල ප්‍රතිසංස්කරණය කර විවෘත කිරීම, මියන්මාර ද්විපාර්ශ්වික සබඳතා සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ඓතිහාසික පසුබිම පිළිබඳ පර්යේෂණාත්මක තොරතුරු ඇතුළත් ඉංග්‍රීසි භාෂාවෙන් සම්පාදිත "Suvanna Setu" විශේෂ සඟරාව එළිදැක්වීම සිදු විය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුළෑවේ ශ්‍රී විමල මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම උත්සවය සඳහා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ආරාධනයෙන් සහ බෞද්ධාලෝක පදනමේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතාගේ දායකත්වයෙන් මියන්මාර රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ස්වාමීන් වහන්සේලා 03 නමක් ඇතුළු ස්වාමීන් වහන්සේලා 06 නමකගෙන් සමන්විත විශේෂ දූත පිරිසක් සහභාගී වීම කැපී පෙනෙන සිදුවීමක් විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ස්වාමීන් වහන්සේලා, මහා ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද, බෞද්ධාලෝක පදනමේ ගරු සභාපති ජගත් සුමතිපාල මහතා, සමන්තා සුමතිපාල මහත්මිය, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය උදය කබිරාල් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ සැදැහැවතුන් විශාල පිරිසක් ද සහභාගී වූහ.
05/02/2026
පාණදුර, පින්වත්ත ශ්‍රී සද්ධර්මාකර පිරිවෙනෙහි පුස්කොළ පොත් සංරක්ෂණ කර භාරදීම
1900 මාර්තු මස 11 වන දින අරඹන ලද දියත පුරා කීර්තිය පැතිර වූ උගතුන්, පඬිවරුන් රැසක් බිහි කළ වසර 125 කට අධික ඉතිහාසයක් ඇති පානදුර පින්වත්ත ශ්‍රී සද්ධර්මාකර විද්‍යායතන පිරිවෙන සතුව පැවති ඉපැරණි පුස්කොළ පොත් 306 ක් බෞද්ධාලෝක පදනමෙහි පූර්ණ මූල්‍යමය අනුග්‍රහයෙන් සහ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ පූර්ණ තාක්ෂණික දායකත්වයෙන් සංරක්ෂණය කර නැවත එම විහාරස්ථානය වෙත භාරදීම එම පිරිවෙනෙහි වත්මන් පරිවේණාධිපති අධ්‍යාපනපති, ශාස්ත්‍රපති පූජ්‍ය තෙරුන්නාන්සේගම නන්ද ස්වාමීන් වහන්සේ, කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත, ත්‍රිපිටක විශාරද පුස්තකාල සහ විද්‍යාපන අධ්‍යයන අංශයේ පූජ්‍යපාද බෝපැත්තේ සෝමානන්ද ස්වාමීන් වහන්සේ සහ බෞද්ධාලෝක පදනමෙහි සභාපති ජගත් සුමතිපාල මහතා, සමන්තා සුමතිපාල මහත්මිය ඇතුළු එම පදනමේ නියෝජිතයින් ද, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්. සුනිල් මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ආචාර්ය උදය කබ්රාල් මහතා ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය පිරිසක් සහ ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් 2026 ජනවාරි මස 06 වන දින එම පිරිවෙන් භූමියේ දී උත්කර්ෂවත් ලෙස සිදු කෙරිණි.