03/09/2024
කලු , ගෝනපල පොල්මූකලාන පාරේ වාහනයකට හැප්පී අත තුන් තැනකින් කැඩී තවත් පාදයක් තුවාලවී සිටියදී ඒ අසල කවරෙකු හෝ කානුවකට ගෙනත් දමා සිටියදී අසල නිවැසි කාරුණික කාන්තාවක් කල ඉල්ලීම අනුව ඇයට ප්‍රතිකාර කලෙම්. ඒ වනවිට අත තුවාලවී මහවැසි සහිත් රැයක් කානුවෙහි වැටී ජලයෙන් ජීවිතය රැකගැනීමට ඇයට සිදුවී තිබුනා..අතේ මස නරක්වී අස්ථි වලින් කොටසක් ගැලවී යමින් තිබූ ඇය සැත්කමකින් අත සැකසීමට නොහැකි වූයේ අස්ථි කුඩා කැබලිව තුන් තැනකින් කැඩී තිබීමයි..... ඒ කලු මාස තුනක් පමණ අඛණ්ඩ ප්‍රතිකාර වලින් සුවපත් වෙමින් සිටී.
ප්‍රතිකාර වලට සහය දැක්වූ ( රු.2000/ - ) එකෝ ලෑන්ඩ් දෙපස නිවැසි යන්ට ස්තූතියි , වීති සුනකයෙකු වූ ඇයව මෙතෙක් ඇයව නැවත් පාරට දැම්මිමට නොහැකි නිසා ඇයට දිගු කාලීන් උදවු අවශ්‍යයි .
ඇයගේ සැත්කම් සිදුකල Dr.වාකිෂ්ට , Dr.සමන්ති පශු වෛදය තුමියන්ට බොහොමත්ම ස්තූතියි
02/09/2024
Help us find this missing dog!
08/05/2024
මාෂි ව ලැබුනා . පොස්ට් ශෙයා කල උපකාර කළ ඔබ හැමට ස්තූතියි !
---------------------------------------------------------------------
හැකිතාත් share කර උපකාර කරන්න. මාෂි , කලුපාට අවුරුදු 13ක ගැහැණු සතෙකි. මාලබේ, අයි ජෝතිපාල මාවතේ 11 පටුමගදී නැතිවී තිබේ.
අහිංසක, ඉතා මිත්‍ර ශීලී, විදුලි කෙටීම් අකුණු වලට ඉතා බය ඇති සතෙකි. කාරුණිකව සොයා ගැනීමට සහය වන්න
077 381 1105 / 0773 616 904
03/11/2023
ඉක්මනින් උදවු අවශ්‍යයි
ගෝනපොල ( හොරණ ) පොල්මූකලාන පාරේ හිස් ඉඩම් ඇති කැලෑබද ස්ථානයක බලු පැටවුන් තුන් දෙනෙකු සහ මවක අවතැන කර දමා ගොස් ඇත. ඔවුන් එම හුදෙකලා ස්ථානයේ ඉතා අසරණ ව සිටී. සති තුනක පමණ ගැහැනු පැටවුන් තුන් දෙනෙකි..බුල් සහිත මිශ්‍ර වර්ගයක ඉතා ලස්සන පැටවු වේ..( Sri Lankan hounds - Mixed Breed) එම මවට පිහිටවිය හැකි කෙනෙක් උපකාරී වන්න.
පොඩි පැටවුන් ගෙන්කෙනෙකුට හෝ පිහිට විය හැකි නම් ඔවුන්ගේ සැත්කම් කර දීමේ වගකීම දැරිය හැක. කොළඹ අවට නම් නිවසටම ගෙනත් දිය හැක
දුරකථන >>> 0773811105 (Lakisha Fernando )
28/04/2023
සසර එකට බැදි ව එකට උපන් ඔබ දෙපල වීදියගොඩ පන්සලේ අවතැන් කර සිටියදී අරගෙන ආව. ඔබ දෙපල එකම ආදරණීය නිවසකට දෙන්න ලැබීම ගැන ගොඩක් මම සතුටුවුනා....එම බැදීම දැනුණු නිසා....ඒත් සසර ගමනක ස්වභාවය එහෙමයි.... එක්කෙනෙක් ජීවෙතෙන් සමුගත්තා ..සුබ ගමන් ඔබට පුන්චි පැටියෝ
01/12/2022
Looking for kind home
Male / female puppies , 4 weeks , Srilankan hounds - large breed
පුංචි පැටවුනට ආදරණීය කරුණාවන්ත භාරකරුවන් සොයමි. පිරිමි සහ ගැහැනු පැටවුන්.
දුරකථන මගින් පමණක් විමසන්න.
0773 8 111 05 / 071696 06 45
20/11/2022
පුංචි පැටියා ට ආදරණීය නිවසක් සොයමි. කැලණිය විශ්වවිද්‍යාලයීය භූමියේ ජීවත් වන සුනඛ මවකට උපන් මෙම පැටියා ව පිහිට වීමට කැමතිනම් දන්වන්න . +94 77 381 1105
(Female pup / three weeks )
06/09/2022
ආදරණීය ජෙනී, පවුලේ ආදරණීය සාමාජිකාවක්ව ජීවතව අමතක නොවන චරිතයක් වී වසර 13 ක් වූ ජීවිතයෙන් සමුගත් ඔබට ...සුභ ගමන් ජෙනී.
09/04/2022
Looking for a Kind Home
Two male pups. / Mixed breed SriLankan Hounds / 6 weeks
සති 06 වයසැති පුංචි පැටවුන් ට ආදරණීය භාරකරුවන් සොයමි. නිවාස සංකීර්ණයක එලිමහනේ ජීවත්වන සුනක මවකට උපන් පැටවුන් සහ පැටවුන් තාවකාලික රැකවරණය ලබමින් ජීවත් වේ.
ස්ථානය: ගෝනපල ( කොළඹ අවට ප්‍රදේශයට ගෙනැවිත් දීමට හැක) දුරකථන මගින් විමසන්න .
Contact >>> Lakisha 773 8 111 05 / 071 969 06 45