State Ministry of Technology and Innovation Sri Lanka

State Ministry of Technology and Innovation Sri Lanka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from State Ministry of Technology and Innovation Sri Lanka, .

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 121 වන ජන්ම දින සැමරුම. 09/01/2020

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ සහ ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ 121 වන ජන්ම දින සැමරුම වෙනුවෙන් ගාලු මුවදොර පිහිටි එතුමන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමක් ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින පැවැත්විණි. මෙම අවස්ථාවට තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා ද සහභාගී විය.

SLIATE - උපාධි පිරිනමන ආයතනයක් බවට පත් කරනවා 09/01/2020

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය(SLIATE) උපාධි පිරිනමන ආයතනයක් බවට පත් කරනවා- ඇමති තිලංග SLIATE ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයන්ට පොරොන්දු වෙයි. ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය (SLIATE) උපාධි පිරිනමන ආයතනයක් බවට පත් කරන බව තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ දින SLIATE ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් සමග එම ආයතනය වැඩිදියුණු කිරීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක නිරත වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා මෙසේද පැවසීය. SLIATE හරියට කැලේ පිපුණු මලක් වගේ. වැඩි අගයක් ජාතියට ලබාදීමේ හැකියාව තිබියදී ඉන් නිසි ප්‍රයෝජන ලබා නොගන්නා බවයි මගේ හැඟීම. ඒ නිසා ඉක්මනින්ම මෙම ආයතනය උපාධි ලබා දෙන ආයතනයක් බවට පත්කරමින් වැඩිදියුණු කිරීමට කටයුතු කරනවා. අපේ දරුවන්ගේ දර්ශනය එකිනෙකට වෙනස්. ඒ නිසා ඒ පිළිබඳ අවධානය යොමු කරමින් රට පුරා ක්‍රියාත්මක වන ආයතන 19 තුළ ඉගැන්වෙන විෂයයන් සංඛ්‍යාව 60 - 80 ක් වැනි මට්ටමකට වැඩි කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන භෞතික සම්පත් සියල්ල ලබා දීමටත් අපි කැප වෙනවා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, රාජ්‍ය විශ්වවිද්‍යාල හා උපාධි ලබා දීමට බලය දී තිබෙන රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගනිමින් අප ආයතනය වැඩිදියුණු කිරීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා අපි කැපවීමෙන් කටයුතු කරනවා. උපාධි මට්ටමට පහසුවෙන් ගෙනයාහැකි සුදුසුම විෂය කිහිපයකින් මෙම කාර්යය අපි ආරම්භ කරනවා. මෙම ආයතනය තුළ අධ්‍යාපනය ලබාදෙන විෂයපථයන් තාක්ෂණික අංශයට වැඩි නැඹුරුවක් සහිතව යාවත්කාලීන කළ යුතුයි. එහිදී අප අමාත්‍යාංශය යටතේ පවතින නවීන පර්යේෂණ ආයතන සමඟ සම්බන්ධවී අපේ දරුවන්ට නව පර්යේෂණවලට යොමු වීමේ අවස්ථාවත් උදා කරනවා. ඒ හරහා ආයතනයට වැඩි අගයක් ලබා දීම පහසු වෙනවා. මෙම කාර්යයේ මුල් පියවර ලෙස ඉදිරි සති දෙකක පමණ කාලය තුළ මේ සඳහා අවශ්‍ය සියලු පාර්ශව එක් කරමින් ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව අවධානය යොමුකර එකඟතාවන් සහිතව උපාය මාර්ගික සැලැස්මක් සකසනවා. එයට අනුගතව මෙම ආයතනයේ මීළඟ බඳවා ගැනීමත් නව ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක කරනවා. SLIATE ආයතනය වැඩිදියුණු කිරීමට හොඳම අවස්ථාව මෙයයි. රටේ ආර්ථික සංවර්ධනය සඳහා අනාගත පරපුර තාක්ෂණික අංශයෙන් සන්නද්ධ කළ යුතුය යන කරුණ පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ මේ කාර්යය ඉටු කර ගැනීමට පහසුවෙනවා. SLIATE උපාධි ලබා දෙන ආයතනයක් බවට වැඩි දියුණු කිරීම, උසස් අධ්‍යාපනය වෙනුවෙන් අපේ රටේ මුදල් පිටරටට යාම වළක්වා ගැනීමටත් පිළියමක් වෙනවා. වර්තමානයේ මේ ආයතනය තුළ ඉගෙනුම ලබන දරුවන්ගේ කටයුතුවලට බාධා නොවන පරිදි, ඉදිරියේ දී බඳවාගන්නා සිසුන්ට තාක්ෂණික විශ්ව විද්‍යාලයක ස්වරූපය සහිතව උපාධි ලබාදෙන උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන පද්ධතියක් නිර්මාණය කරන බව පවත්වා වැඩිදුරටත් වධාරණය කළේය. මෙම සාකච්ඡාවේදී ආචාර්යවරුන්ගේ සංගමයේ නියෝජිතයන් දැනට මුහුණ දෙන වෘත්තිමය ගැටලු හා අසීරුතා පිළිබඳවත් කරුණු දැක්වූ අතර, මෙම ආයතනය වැඩිදියුණු කිරීමත් සමගම එම ගැටළු සඳහා පිළියම් යෙදීමටත් අවධානය යොමු කරන බවට ද අමාත්‍යවරයා මෙහිදී පොරොන්දු විය. මෙම සාකච්ඡාවට අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි, මහාචාර්ය ජනිතා ලියනගේ, ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු යන මහත්ම මහත්මින් සහ SLIATE ආයතනයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. මාධ්‍ය ඒකකය තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය.

Sri Lanka Institute of Advanced Technological Education (SLIATE) will be converted to a degree awarding institution - pledges Minister Thilanga Sumathipala. Thilanga Sumathipala, State Minister of Technology and Innovation said that SLIATE will be converted to a degree awarding institution. He made these remarks at a special discussion held with the representatives of the association of academic staff of SLIATE, focusing on the measures to be taken towards the development of the institutions. Further expressing his views, the Minister said, “SLIATE can be compared to a flower which has bloomed in the jungle. It is my view that despite having the capacity to add more value to the economy, proper usage is not being derived from SLIATE. Therefore, I hope to take action to develop this institution converting it to a degree awarding institution. Our children hold different insights and outlooks. Therefore, it is necessary to increase the number of subjects being taught in the 19 institutions established islandwide, from 60 to 80, to suit their needs. We are committed to provide all physical resources needed to acquire this status. This institution could be upgraded through closer links established with University Grants Commission, State Universities and Non-government Universities which are authorized to award degrees. We will take maximum efforts to initiate this task starting with several subjects which could easily lead up to degree status. The scope of subjects being taught at this institution should be updated leaning more towards the technological sector. For this, the research institutions functioning under our ministry could collaborate in providing opportunities for the students to engage in new research. This makes it easy to add more value to the institution. As an initial step towards fulfilling this task, a strategic plan will be devised focusing on policy concerns, convening all stakeholders, within the next two weeks’ time. In line with this strategic plan, the enrollment of students to the institutions will be carried out according to a new methodology. This is the long-awaited chance to upgrade SLIATE. Under the presidency of His Excellency Gotabaya Rajapaksa, who is concerned with and focused on the need to empower the future generation with technology for economic development, this task has become easily attainable.Upgrading SLIATE to the level of a degree awarding institution would reduce our country's money flowing into foreign lands.” He further emphasized that it would be converted to a higher technological education institution awarding degrees to future intakes of students similar to University of Technology ensuring no disruption being caused to those who pursue studies in the institution. At this discussion the representatives of the association of the Academic Staff presented the issues and inconveniences that they encounter on a professional basis, and the Minister pledged his support to resolve the issues along with the development of this institution. Mr. Chinthka Lokuhetti, Secretary to the Ministry, Prof. Janitha Liyanage, Dr. Arosha Fernando and a group of officials of SLIATE joined in the discussion. Media Unit State Ministry of Technology and Innovation

තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයක් විවෘත වේ. 09/01/2020

තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය කාර්යාලයක් ඊයේ දින (2 දින) මොරටුව, රාවතාවත්ත අංක 505 දරණ ස්ථානයේ දී තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි. පසුගිය උසස් පෙළ විභාගයේ දී සියළු විෂයන්ට විශිෂ්ට සාමාර්ථ ලබා විශිෂ්ඨ දස්කම් දැක්වූ කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසුවෙකුට ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මූල්‍යමය ප්‍රදානයක් මෙහි දී පිරිනමන ලදි. මීට අමතරව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී මලල ක්‍රීඩා ක්ෂේත්‍රයෙන් විශිෂ්ට දස්කම් දැක්වූ එම ප්‍රදේශයේ තරුණ තරුණියන් කිහිප දෙනෙකුටද තිලංග සුමතිපාල ක්‍රීඩා දිරිය වැඩසටහන යටතේ මූල්‍ය ප්‍රදානයන් ද සිදුකෙරිණි.

උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ නව කාර්යාලයක් 09/01/2020

උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ විශේෂ කාර්යාලයක් බත්තරමුල්ල සෙත්සිරිපාය දෙවන අදියරේ 6වන මහළේ ස්ථාපිත කළ අවස්ථාව

2020 නව වසරේ රාජකාරි අරඹයි. 09/01/2020

තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා අද දින (02) මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ 2020 නව වසරේ රාජකාරි ආරම්භ කරන ලද අවස්ථාව.

අමාත්‍යතුමා උසස් තාක්ෂණ ආයතනයන්හි නිරීක්ෂණයක 09/01/2020

තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා එම අමාත්‍යංශය යටතේ පවතින ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ යාපනය වව්නියාව හා අනුරාධපුර පිහිටි උසස් තාක්ෂණ ආයතන වල නිරීක්ෂණ චාරිකාවක පසුගියදා නිරත විය. එම ආයතනයන්හි අධ්‍යාපන කටයුතු යටිතල පහසුකම් වල ගුණාත්මක තත්වය වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම නිරීක්ෂණ චාරිකාවේ අරමුණ විය. මෙහිදී එම ආයතනවල යටිතල පහසුකම් හා සෙසු කටයුතු නිරීක්ෂණය කළ අමාත්‍යතුමා ඉදිරි අවුරුදු තුන ඉලක්ක කරගනිමින් ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව ඉහළ දැමීම, තාක්ෂණික අංශයට වැඩි නැඹුරුවක් සහිත ව පාඨමාලාවන් විධිමත් කිරීම, ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය වැනි කරුණු ඇතුළත්ව උපායමාර්ගික සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. දිවයින පුරා ස්ථාපිත කර ඇති උසස් තාක්ෂණ ආයතන 19 සඳහා දැනට බඳවාගන්නා සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව දස දහසක් වන අතර ඉදිරියේදී එය තිස් දහසක් දක්වා ක්‍රමානුකූලව ඉහළ දැමීමත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වැඩිදියුණු කිරීමටත් එම ආයතනවලින් පාඨමාලාවන් අවසානයේදී උපාධි තත්ත්වය පිරිනැමීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු කර ඇති බව අමාත්‍යතුමා මෙහිදී පැවසීය. මෙම නිරීක්ෂණ චාරිකාවට තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චින්තක ලොකුහෙට්ටි මහතා, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

වලයාකාර සූර්යග්‍රහණය සාර්ථකව දර්ශනය වේ.. 09/01/2020

වසර නවයකට පසුව දෙසැම්බර් මස 26 වන දින වලයාකාර සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවට දර්ශනය විය. මීට පෙර එවැනි සූර්යග්‍රහණයක් දර්ශනය වූයේ 2010 වර්ෂයේදීය. නැවත මෙවැනි සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවට දර්ශනය වන්නේ 2031 වර්ෂයේ මැයි 21 දින වන බැවින් මෙය විශේෂ අවස්ථාවක් ලෙස හඳුන්වාදිය හැකි අතර මෙම සූර්ය ග්‍රහණයේ ප්‍රධාන නිරීක්ෂණ කදවුර තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් යාපනය විශ්වවිද්‍යාලයීය ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය, කොළඹ හා යාපනය විශ්වවිද්‍යාල එක්ව මෙම කදවුර සංවිධානය කරන ලදි. මෙම සූර්යග්‍රහණය හොඳින්ම දිස් වන්නේ උතුරු ප්‍රදේශයට වන බැවින් ප්‍රධාන නිරීක්ෂණ කදවුර ට අමතරව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය සහ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සහයෝගයෙන් මන්නාරම, පූනරින් මධ්‍ය මහා විද්‍යාලය, ඉරණමඩු ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රය, කන්තලේ මහ විදුහල සහ මුලතිව් මුහුදු තීරය යන ස්ථාන වල ද නිරීක්ෂණ කඳවුරු ක්‍රියාත්මක විය. සූර්යග්‍රහණයක් අවස්ථාවක සෘජුව සූර්යයා නැරඹීම ඉතා අනතුරුදායක වේ. එම කිරණ සෘජුව යොමු වීම ඇස් පූර්ණ අන්ධභාවයට පත් කිරීමට වුවද හේතුවිය හැකි බැවින් ඒ සඳහා විශේෂ ආරක්ෂිත කණ්නාඩි භාවිතා කළ යුතු විය. තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ දායකත්වයෙන් නිරීක්ෂණ කඳවුරු වලදී එම ආරක්ෂිත කන්ණාඩි සැපයීම සිදු කරමින් ආරක්ෂිතව එය නැරඹිය ආකාරය පිළිබඳව ද දැනුවත් කරනු ලදි. මෙම සූර්යග්‍රහණය 26 වන දින පෙ.ව.8.10 සිට පෙ.ව. 11.24 දක්වා කාලය තූළ දර්ශනය වූ අතර වලයාකාර ස්වරූපය පෙ.ව.9.35 සිට පෙ.ව.9.39 දක්වා විනාඩි 04 ක පමණ කාලයක් දර්ශනය වූ අතර, උපරිම වලයාකාර ස්වරූපය පෙ.ව. 9.37 ට පමණ දර්ශනය විය. මෙම අවස්ථාවට තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චින්තක ලොකුහෙට්ටි, මහාචාර්ය කීර්ති තෙන්නකෝන්, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ආර්. රවිරාජන් යන මහත්වරුන් පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. මාධ්‍ය ඒකකය තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ 16 වන ඩිප්ලෝමා ප්‍රදානය.. 09/01/2020

උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ 16 වන ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය දෙසැම්බර් මස 21,22 හා 23 යන දින වල බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ සමාප්ති සැසිය තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සහ තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් චින්තක ලොකුහෙට්ටි මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

26 වන දින වලයාකාර සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවට දර්ශනය වේ. 09/01/2020

වසර නවයකට පසුව දෙසැම්බර් මස 26 වන දින වලයාකාර සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවට දර්ශනය වේ. මීට පෙර එවැනි සූර්යග්‍රහණයක් දර්ශනය වූයේ 2010 වර්ෂයේදීය. නැවත මෙවැනි සූර්යග්‍රහණයක් ශ්‍රී ලංකාවට දර්ශනය වන්නේ 2031 වර්ෂයේ මැයි 21 දින වන බැවින් මෙය විශේෂ අවස්ථාවකි. මෙම සූර්යග්‍රහණය පිළිබඳව සහ ඒ හා සම්බන්ධ නිරීක්ෂණ කඳවුරු පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ පැවසීය. "මෙම විෂය භාර අමාත්‍යාංශය ලෙස අප අමාත්‍යාංශය 26 වන දින වලයාකාර ලෙස අප රටට දර්ශනය වන සූර්යග්‍රහණය පිළිබඳව විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා. අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනය සහ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය, කොළඹ සහ යාපනය විශ්වවිද්‍යාලයන් හි භෞතික විද්‍යා අධ්‍යනාංශයන් සමග එක්ව දැනුවත් කිරීමේ සහ නිරීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. එහිදී අපි කරුණු තුනක් ක්‍රියාත්මක කරනවා. එහි පළමු වැන්න මෙවැනි අවස්ථාවක් පිළිබඳව පාසල් දරුවන්ට විද්‍යාත්මක දැනුම ලබාදීම සහ එම විෂය පිළිබඳව උනන්දුව වැඩිකිරීමට ක්‍රියාත්මක වීමයි. දෙවැන්න අදාල ආයතන සමග එක්ව ඒ තොරතුරු අධ්‍යනය කිරිම සහ තෙවැන්න ලෙස මාධ්‍ය සමග එක්ව මෙහි බලපෑම පිළිබඳවත් එය ආරක්ෂිතව නැරඹිය යුතු ආකාරය පිළිබඳවත් සමාජය දැනුවත් කිරීමයි." මෙම සූර්යග්‍රහණය හොඳින්ම දිස් වන්නේ උතුරු ප්‍රදේශයට වන බැවින් එම ප්‍රදේශයේ ස්ථාන කීපයක දී නිරීක්ෂණ කඳවුරු සංවිධාන කර තිබේ. යාපනය විශ්වවිද්‍යාලය, කිලිනොච්චියේ පිහිටි යාපනය විශ්වවිද්‍යාලයීය ඉන්ජිනේරු පීඨය සහ මුලතිව් මුහුදු තීරය යන ස්ථාන වල එම කඳවුරු ක්‍රියාත්මක වේ. සූර්යග්‍රහණයක් අවස්ථාවක ඍජුව සූර්යයා නැරඹීම ඉතා අනතුරුදායක වේ. එම කිරණ ඍජුව යොමු වීම ඇස් පූර්ණ අන්ධභාවයට පත් කිරීමට වුවද හේතුවිය හැකිය. එබැවින් ඒ සඳහා විශේෂ ආරක්ෂිත කණ්නාඩි භාවිතා කළ යුතුය. තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ දායකත්වයෙන් නිරීක්ෂණ කඳවුරු වලදී එම ආරක්ෂිත කන්ණාඩි සැපයීම සිදු කරන අතර ආරක්ෂිතව එය නැරඹිය ආකාරය පිළිබඳව ද දැනුවත් කරනු ඇත. මෙම සූර්යග්‍රහණය 26 වන දින පෙ.ව.8.10 සිට පෙ.ව. 11.24 දක්වා කාලය තූළ දර්ශනය වන අතර වලයාකාර ස්වරූපය පෙ.ව.9.35 සිට පෙ.ව.9.38 දක්වා විනාඩි 03 ක පමණ කාලයක් දර්ශනය වන බවත්, උපරිම වලයාකාර ස්වරූපය පෙ.ව. 9.37 ට පමණ දර්ශනය වන බවත් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය සඳහන් කරයි. මෙම මාධ්‍ය සාකච්ඡාවට තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චින්තක ලොකුහෙට්ටි, අතිරේක ලේකම් සමන් පෙරේරා, කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දන ජයරත්න, යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පී.රවිරාජන යන මහත්වරුන්ද එක්ව සිටියහ. මාධ්‍ය ඒකකය තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය

ජාතික විද්‍යා පදනමේ වාර්ෂික සම්මාන ප්‍රදානය - 2018 09/01/2020

උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික විද්‍යා පදනම වාර්ෂිකව සංවිධානය කරන ජාතික විද්‍යා පදනම් සම්මාන උළෙල - 2018 පසුගිය දින (18) උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහ තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි. ජාතික විද්‍යා පදනම විසින් ප්‍රදානය කරනු ලබන පර්යේෂණ අරමුදල් මත සිදුකරන ලද පර්යේෂණ අතරින් විද්‍යා ප්‍රගමනයට කැපීපෙනෙන දායකත්වයක් සැපයූ විශිෂ්ට පර්යේෂකයන් ඇගයීමත් සහ විද්‍යාත්මක පර්යේෂණයන්හි දී ඉහළ ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වා ගැනීමට තරගකාරීව පර්යේෂණ ප්‍රදාන ලාභීන් අභිප්‍රේරණය කිරීමත් අරමුණු කර ගනිමින් මෙම සම්මාන ප්‍රදානය වාර්ෂිකව සංවිධාන කෙරේ. මෙම උළෙලේ දී, ප්‍රධාන වශයෙන් යෝජනා ක්‍රම හතරක් යටතේ සම්මාන පිරිනමනු ලබයි. ජාතික විද්‍යා පදනම් පර්යේෂණ සම්මාන, ජාතික විද්‍යා පදනම් තාක්ෂණ සම්මාන, ලෝක විද්‍යා ඇකඩමිය සහ ජාතික විද්‍යා පදනම එක්ව පිරිනමණු ලබන තරුණ විද්‍යාඥයාට හිමි සම්මානය සහ පර්යේෂණ උපාධි අධීක්ෂණය සඳහා වන සහය යෝජනා ක්‍රමය යන හතර යටතේ පර්යේෂණ 26 ක් සඳහා මෙහිදි සම්මාන පිරිනමනු ලැබීය. ජාතික විද්‍යා පදනම් පර්යේෂණ සම්මාන කාණ්ඩය යටතේ එම පදනමේ අරමුදල් මත ක්‍රියාත්මක පර්යේෂණ ව්‍යාපෘති වලින් විශිෂ්ට ඇගයීමට ලක්වූ ඉංජිනේරු විද්‍යා, සෞඛ්‍ය විද්‍යා, ජෛව තාක්ෂණ මූලික විද්‍යාව සහ පරිසරය හා ජෛවවිවිධත්වය යන අංශ යටතේ සම්මාන 5 ක් පිරිනමන ලදි. නවෝත්පාදන ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීමෙහිලා තාක්ෂණ ප්‍රදානලාභීන්ගේ දායකත්වය ඇගයීමට ලක්කිරීම වෙනුවෙන් තාක්ෂණ සම්මාන කාණ්ඩය යටතේ සාර්ථකව නිම කළ එක් ව්‍යාපෘතියක් සඳහා ප්‍රශංසාත්මක සහතිකයක් ප්‍රදානය කෙරිණි. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, ගණිතය සහ භෞතික විද්‍යාව යන ක්ෂේත්‍ර තුළ තම පර්යේෂණ කටයුතු විශිෂ්ට මට්ටමක පවත්වා ගනු ලැබූ තරුණ විද්‍යාඥයින් වෙනුවෙන් ලෝක විද්‍යා ඇකඩමිය සහ ජාතික විද්‍යා පදනම එක්ව පිරිනමණු ලබන තරුණ විද්‍යාඥ සම්මානයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය රනිල් ජයවර්ධන මහතා පිදුම් ලැබීය. ජීව විද්‍යාව රසායන විද්‍යාව ගණිතය සහ භෞතික විද්‍යාව යන ක්ෂේත්‍ර තුළ තම පර්යේෂණ කටයුතු විශිෂ්ට මට්ටමක පවත්වා ගනු ලැබූ තරුණ විද්‍යාඥයින් සඳහා මෙම සම්මානය වාර්ෂිකව පිරිනමනු ලබන අතර ව විද්‍යා විශේෂ විද්‍යාඥයකු විසින් එම සම්මානය මේ වසරේදී දිනාගනු ලැබීය. විද්‍යා හා තාක්ෂණික ක්ෂේත්‍රවල පශ්චාත් උපාධි හදාරන සිසුන් අධීක්ෂණය කරනු ලබන විද්‍යාඥයන් ඉංජිනේරුවන් අභිප්‍රේරණය කිරීම හා පශ්චාත් උපාධි පර්යේෂණ පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීමට විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතන දිරිමත් කිරීම අපේක්ෂිතව සම්මාන උළෙලේදී අධීක්ෂක කණ්ඩායමක් 12 ක් වෙනුවෙන් සම්මාන පිරිනැමිණි. පර්යේෂණවල ප්‍රතිලාභ යන තේමව යටතේ සම්මාන උළෙලේ ප්‍රධාන දේශනය මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මලික් රණසිංහ මහතා විසින් පවත්වන ලදි. මෙහි දී අදහස් දැක්වූ බන්ධුල ගුණවර්ධන අමාත්‍යතුමා මෙසේ පැවසීය. “දළ දේශීය නිෂ්පාදිතයෙන් පර්යේෂණ සඳහා වැඩි මුදලක් වෙන් කළ යුතුය යන මතයේ ජනාධිපතිතුමා ඇතුළු රජය සිටිනවා. අත්දැකීම් රාශියක් සහිතව එතුමා විශ්වාස කරනවා මානව සම්පත් සංවර්ධනය තුළින් ලබන ඵලය රටේ සංවර්ධනයට ඉවහල් වන බව. මේ රට සංවර්ධිත තත්වයට ගෙන ගොස් ජන ජීවිතය ඉහළ නැංවිය හැකි වෙන්නේ නව තාක්ෂණය, නවෝත්පාදන හා නව සිතුම් පැතුම් සහිත ආර්ථික ක්‍රමයක් තුළින් පමණයි. ඒ නිසා ඉදිරියේ දී කෙටි කාලයක් තුළ රජයෙන් ප්‍රතිපාදන සැපයීමේදී වෙනත් අංශ වලට වඩා, විද්‍යාව, තාක්ෂණය, නවෝත්පාදන හා පර්යේෂණ ක්ෂේත්‍ර වලට ප්‍රමුඛතාව ලබාදී වැඩිම සම්පත් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරනවා. එහි ප්‍රතිඵල සමාජයට අලෙවි කිරීමට විද්‍යාඥයින් පර්යේෂකයින් කටයුතු කළ යුතුයි. ඒ හරහා අපේ සම්පත් වලට වැඩි අගයක් එකතු කිරීමට වැඩි ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතුයි.” මෙහි දී අදහස් දැක්වූ තිලංග සුමතිපාල අමාත්‍යතුමා මෙසේ පැවසීය. “අප රටේ රජයෙන් පර්යේෂණය සඳහා ලැබෙන අවධානය අඩු මට්ටමකයි පවතින්නේ. නමුත් වත්මන් රජයේ ප්‍රථම වතාවට තාක්ෂණ හා නවෝත්පාදන විෂය සඳහා වෙනම අමාත්‍යාංශයක් ස්ථාපිත කර තිබෙනවා. එය සිදු වූයේ මෙරට දියුණු දේශයක් කිරීමට කැපවී සිටින, අතිගරු ජනාධිපතිතුමන්ගේ අදහසක් අනුවයි. දේශපාලනමය නොවන මැදිහත් වීමක් තුළින් පළමු වරට රාජ්‍ය නායකත්වයට පත්වූ එතුමා රටේ දියුණුව සඳහා කටයුතු කරනවා. ඒ සඳහා අපි දැනට සිටින තත්ත්වයෙන් සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රධාන සාධක හඳුනාගත යුතුයි. තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය වෘත්තීමය ප්‍රවේශයක් හරහා විද්‍යාඥයින්ගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට අපේක්ෂා කරනවා. මෙරට සංවර්ධිත රටක් බවට පරිවර්තනය කරගත හැකිවන්නේ තාක්ෂණය මත පදනම් වූ ආර්ථිකයක් හරහා යන්න අපි රජයට ඒත්තු ගැන්විය යුතුයි.” මෙම අවස්ථාවට උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, චින්තක ලොකුහෙට්ටි, ජාතික විද්‍යා පදනම වැඩබලන සභාපතිනි, නන්දනී සමරවික්‍රම, අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආනන්ද ජයවර්ධන යන මහත්ම මහත්මින් ඇතුළු විද්‍යාඥයන්, පර්යේෂණවේදීන් විද්වතුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. මාධ්‍ය ඒකකය තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය

කාර්මික තාක්ෂණ ආයතනයේ 4 වන ද්වී වාර්ෂික පර්යේෂණ සමුළුව 09/01/2020

උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන කාර්මික තාක්ෂණ ආයතනය (ITI) විසින් සංවිධාන කළ 4 වන ද්වි වාර්ෂික පර්යේෂණ සමුළුව. අද දින (17 දින) උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතාගේ සහ තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මාළඹේ පිහිටි කාර්මික තාක්ෂණ ආයතනයේ නවීන පර්යේෂණ හා සංවර්ධන සංකීර්ණයේ දී පැවැත්විණි. “තිරසාර සංවර්ධනය සඳහා විද්‍යාව, තාක්ෂණය සහ නව්‍යකරණයන්හි විශිෂ්ටත්වය” යන්න මෙවර සමුළුවේ තේමාව විය. සමුළුවේ ප්‍රධාන දේශනය මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රංගික හල්වතුර මහතා විසින් පවත්වන ලදි. විශේෂ පර්යේෂණ සිදුකරමින් නව දැනුම සමාජගත කළ සහ ජාතික වශයෙන් ජයග්‍රහණ ලබාගත් කාර්මික තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයින් හා පර්යේෂණවේදීන් ඇගයීම ද මෙම සමුළුවේ දී සිදුකෙරිණි. මෙම අවස්ථාවට තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චින්තක ලොකුහෙට්ටි, අතිරේක ලේකම් නන්දනී සමරවික්‍රම, දකුණු ලෝකයේ තිරසර සංවර්ධනය සඳහා වන විද්‍යා හා තාක්ෂණ කොමිසමේ (COMSATS හි) විධායක අධ්‍යක්ෂ, ආචාර්ය සයිදි ජුනයිඩ්, කාර්මික තාක්ෂණ ආයතනයේ වැඩබලන සභාපතිනි සුරේකා හේවගේ, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රාධිකා සමරසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Want your business to be the top-listed Government Service?

Culinary Team

Attire