Gaja Warna

Gaja Warna

Share

Gaja warna ( ගජ වර්ණ ) is probably the best study of tame elephants and wildlife in Sri Lanka.

01/10/2025

අලි පිස්සුව හොද වෙන්න අපි ගාව තියෙන බෙහෙත් බලන්න එන්න..!!

01/10/2025

#පිස්සු අලි මතක ඔබේ කර ගන්න...!! අපි එක්ක එකතු වෙන්න

04/03/2025

තාත්තේ....!! මං ගිහින් එන්නම්

අද සිය දිවියට සමුදුන් හස්ති පාලක රසික තිලකරත්න මහතාගේ පියාද මෙරට පාරම්පරික කෘතහස්ථ හස්ති පාලකයෙක් වනවා.අද පස්වරුවේ හදිසි අනතුරකින් ජීවිතයට සමු දෙන විටත් ඔහු මහරගම රාජු හස්තියාගේ ප්‍රධාන භාරකරු වශයෙන් කටයුතු කළා.මෙරට බොහෝ පතළ හස්තීන්ගේ භාරකරු වශයෙන් කටයුතු කර ඇති ඒ මහතාට ගජවර්ණ අපි නිවන් සුවය එක් කරන්නෙමු.

Photos from Gaja Warna's post 06/11/2024

දශකයක පමණ කාලයක් මහනුවර ඇසළ පෙරහැරේ සධාතුක කරඬුව වැඩම කළ සහ ජාත්‍යන්තර සිනමාවේ සුවිශේෂී චරිතයක් වූ “හෙයියන්තුඩුවේ රාජා” ඇතු මෙලොව හැර ගොස් අද දිනට වසර 22 ක් සපිරෙයි.

ඡායාරූප අන්තර්ජාලයෙන් උපුටා ගැනුමකි.

Photos from Gaja Warna's post 02/11/2024

මුහුද දැකලා නැති අය ඉස්සරෝම මුහුද බලන්න ගියාම හෙන ජොලි ඈ....නුවර අය නෙවෙයි ඕන්....🤭🙈🥰❤️🐘😅🫢💙

🖋️තරු- නුවර අපි
📷photo credit goes to respective owners

29/10/2024

උපුටා ගැනීම ,

Senkadagala page

Photos from Gaja Warna's post 29/10/2024

පින්නවල පළමු ඇත් උපත
වූ රාජු ඇත් පැටවා...🐘💞

2006 වර්ශයේ පෙබරවාරි මස 09 වන දින කෑගල්ල පින්නවල අලි අනාථාගාරයට ඉතාමත් සුවිශේෂී දිනයක් විය. ඒ කෑගල්ල පින්නවල අලි අනාථාගාරය තුළ සිදු වන
පළමු දළ ඇත් උපත සිදු වීමත් සමගය.

එවකට පින්නවල අලි අනාථාගාරයේ සිටි වර්තමානයේ දී ජීවතුන් අතර නොමැති නීලගිරි අලියාට සහ අද පින්නවල අලි අනාථාගාරයේ සුවසේ දිවි ගෙවනා වූ පුංචි ඇතින්නියට දාව මෙම වාසනාවන්ත ඇත් උපත සිදු වූ අතර ඇත් පැටවා නමින් රාජු නම් විය.

තෙවසරක් පුරා පින්නවල අලි අනාථාගාරයේ දිවි ගෙවූ රාජු පසුව 2009 වසරේ ජුනි මස 27 වන දින ඔහුට පසුව සම කාලීන උපන් සින්දු ඇත් පැටවා ද සමග එවකට හිටපු ජනාධිපති ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් මහනුවර රාජපූජිත අස්ගිරි මල්වතු දෙපාර්ශවයන් වෙත පූජා කරවන්නට යෙදිණි.

අද වන විටදී වයසින් අවුරුදු දහ අටක් වන රාජු ඉතාම ගාම්භීර තේජාන්විත ඇත් රජෙකි. කවදා හෝ උතුම් දළදා වහන්සේ වැඩම වීමට සුදුසු මංගල ලක්ෂණයන් වලින්ද සමන්විත වන මේ තේජාන්විත රාජු ඇතු අනාගතයේ දළදාවේ උරුමකරු වනු නිසැකය.

වත්මනයේ ශ්‍යාමෝපාලි මහ නිඛායේ අස්ගිරි මහා විහාර පාර්ශව‍‍යේ මහා නායක ධුරන්දර අතිපූජ්‍ය වරකා‍‍‍ගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඤාණරතනාභිධාන නායක හිමියන්ගේ භාරකාරත්වය යටතේ සුවසේ හැදී වැඩෙන රාජු
අද වන විට දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පෙරහර රාශියකට සිය දායකත්වය ලබා දෙයි...

රාජු හස්ථි රජුට නිදුක් නීරෝගී දිර්ඝායුෂ ප්‍රාර්ථනා කර සිටිමු...ඔබට දළඳා සමිඳු පිහිටයි...!!🙏🏻❤️🐘

උපුටා ගැනීම | හස්ති වතගොත

Photos from Gaja Warna's post 26/10/2024

පනාමුරේ හස්තියා ❤️🐘

ශ්‍රී ලංකා හස්ති වංශ කතාවේ සදානුස්මරණීය මෙන්ම අමරණීය හස්තීන් අතර "පනාමුරේ හස්තියා" සිටින්නේ ඉහළම ස්ථානයකය. තිරිසන් සතෙකු වුවද උසස් ගුණාංග රැසක් මෙම හස්තියා සතුවිය.

20 වන සියවස මැද භාගය වන විට ජනතාව අතර ප්‍රචලිතව පැවති ගීත අතර එක් ගීතයක් වූයේ " පනාමුරේ ඇත්‍ රාජා...." ගීතයය.එය පනාමුරේ හස්තියාගේ හදවත් කම්පා කරවන දුක්බර සිද්ධිය ඇසින් දුටු මහා කවි ආනන්ද රාජකරුණා මහතා විසින් රචිත අතර , සුගතපාල මලලසේකරයන් විසින් ගායනා කරන ලද ළයාන්විත ගීතයකි. මෙහි සංගීතය මොහොමඩ් ගවුස් මාස්ටර් විසින් සිදු කරන ලදි.

අතීතයේ මෙරට අලි ගහනය ඉතා අධික විය. එවකට වසරකට දෙවතාවක් ඇත්ගාල් පවත්වන ලදි. ඇත්ගාලක් යනු, වල් අලි එක් ප්‍රදේශයකට කොටු කට විකිණීමය. මේ සඳහා විශාල භූමි ප්‍රමාණයක් , හීලෑ අලි ඇතුන් , වෙදැදුරන්, අලි මන්‍ත්‍ර දන්නා පුද්ගලයන් හා ඇත් ගොව්වන් යනාදී පුද්ගලයන් අවශ්‍ය වේ. මේ සඳහා යොදා ගන්නා භූමියේ ශක්තිමත් හඩ් තිබීම ද ඉතා වැදගත්‍ ය. ඒ මක්නිසාදයත් අලි අල්ලා ගැට ගැසීමට ය. මෙහිදී ගැටගසනු ලබන්නේ අලියාගේ පිටුපස පාදයක්‍ ය. මෙහිදී වල් අලියෙකු අල්ලා ගැනීමට හීලෑ අලියෙකු , ඇත්ගොව්වන් දෙදෙනෙකු සහ අලි මන්ත්‍ර දන්නා පුද්ගලයෙකු සහභාගී වේ.

මෙරට අවසාන ඇත්ගාල වූයේ " පනාමුරේ ඇත්ගාලය " . එය අලි ඇතුන් නිතට ගැවසෙන දිය බුබුලක් අසල අක්කර 7 ක පමණ භූමියක් පුරා විහිදී පැවතිණි . මේ නිසා මෙම ඇත්ගාල සඳහා අවශ්‍ය අලි ඇතුන් අල්ලා ගැනීම එතරම් අපහසු කාර්‍යක් නොවීය. වනාන්තරයේ තිබූ ගස් මෙය සෑදීමේදී කණු ලෙස යොදා ගෙන ඇත. සබරගමු පළාතේ මඩුවන්විල වලව්වට අයත් නින්ද ගමක් දූ පනාමුරේ ඇත්ගාල පවත්වාගෙන යන ලද්දේ එවකට වලව්වේ උරුමක්කරු සේම 1931 රාජමන්ත්‍රණ සභාවෙන් තේරී පත් වූ මෙරට ප්‍රථම කතානායකවරයා වූ ශ්‍රිමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා විසිනි.

පනාමුරේ ඇත්ගාල නැරඹීම සඳහා පැමිණෙන ප්‍රේක්ෂකයන්ගෙන් මුදලක් මොලමුරේ මහතා අය කළ අතර , එය ඔහුගේ අමතර ආදායමක් විය. 1950 අගෝස්තු මස පවත්වන ලද ඇත්ගාලේ ප්‍රධාන අමුත්තා අග්‍රාණ්ඩුකාර සෝල්බරි ස්වාමි වූ අතර , හමුදාපති රෝස් මහතා , කීර්තිමත් ඉංග්‍රීසි ලේඛක ආර්. එල්. ස්පිට්ල් මහතා රාජකීය කුටියේ අසුන්ගෙන සිටියහ.

1950 අගෝස්තු මස 8 වන දින පනාමුරේ ඇත්ගාලට වල් අලි 27 දෙනෙක් කොටු කර ගත් අතර , ඉන් දෙදෙනෙකු පැටවුන් විය. මේ අතර අඩි 9 ක් උසින් හා අඩි 13 ක් දිගින් යුත් වයස අවුරුදු 25 ක් පමණ වූ හස්‍ති රජෙකු විය. මොහු නායක හස්තියා වූ අතර මොහු " පනාමුරේ ඇතා " ලෙස හඳුන්වයි . එනමුදු මේ අලියෙකි. (ඇතැම් ස්ථාන වල මේ සිටියේ කෙනෙරක් යැයිද සඳහන් වේ. )බොහෝ දෙනා මොහු ඇතෙකු ලෙස හැඳින්වීමට හේතුව වනුයේ ඔහු සතු වූ පනු දළ යුගලයි. ඇතැම් අලින්ට ද දළ පිහිටන නමුත් සැබවින්ම ඒවා දළ නොව පනු දළයි. මේ බව පනාමුරේ හස්තියාගේ ජීවමාන අනුරුවෙන් මනාව දිස් වේ.

එදා පනාමුරේ ඇත්ගාලේ හීලෑ අලි 14 ක් සිටි අතර, අලි සියලු දෙනාම ගස් බැඳීම සාමාන්‍ය සිරිතයි. එනමුදු මෙවර එය අසාර්ථක වූයේ නායක අලියාගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම නිසාය. එබැවින් දෙවන දිනය වන විටද ගස් බැඳීමය හැකි වී ඇත්තේ අලි 9 දෙනෙකු පමණි. පොළොව දෙදරුම් කන තරම් වේගයෙන් හා කලබලයෙන් දුවගෙනවිත් හීලෑ අලියෙකුට පහර දෙන නායක අලියා , අනතුරුව තවත් අලියෙකු පසුපස එළවාගෙන යයි . තුන්වන දිනය වන විට නායක හස්තියා හැර සෙසු සියලු හස්තීන් ගස් බැඳීමට හැකියාව පිරිසට ලැබී ඇත. එසේම මේ වන විට හස්තියාගේ ප්‍රචණ්ඩකාරී ස්වභාවය ද තව තවය්හ් දරුණු වෙමින් පැවතිණි . මේ නිසා ඉදිරියට කළ යුත්තේ කුමක්දැයි දැන ගැනීමට ඇත්ගොව්වන් මොලමුරේ මහතාගෙන් ඉදිරි උපදෙස් පැතීය. කෙසේ හෝ විලංගුවකට අලියා හසු කර ගන්නා ලෙස ඔහු විසින් ඇත්ගොව්වන්ට උපදෙස් දෙන ලදි.හීලෑ අලි 14 ක් , ඇත්ගොව්වන් 28 ක් හා අලි පාදවලට තොණ්ඩු දමන පනිත්තලයින් පිරිසක් ද එකට එක්ව පනාමුරේ හස්තියා කොටුකර ගැනීමට ඉමහත් පරිශ්‍රමයක් දරන ලදි. එනමුදු සියලු උත්සාහයන් ව්‍යර්ත කරමින් නායක හස්තියා හීලෑ අලි තිදෙනෙකුට පහර දී අනෙක් හීලෑ අලි පසුපස පහර දීමට පැමිණියේ ය. එය තනි වල් අලියෙකු සහ හීලෑ අලි 14 දෙනෙකු අතර ඇති වූ සටනක් විය. මාධ්‍යවේදී උපාලි සමරසිංහ මහතාට හමු වූ සිද්ධිය ඇසින් දුටු සිංගප්පුලි ලියනගේ අප්පුහාමි මහතා පවසා ඇත්තේ ගාල තුළ සිටි දින 4 පුරාවටම පනාමුරේ හස්තියා කිසිදු කෑමක් බීමක් නොගත් බවය. පනාමුරේ හස්තියා මෙල්ල කිරීමට යෙදූ හස්තියාට ද තුන්මුනින් වැටෙන්නට මොහු පහර දී ඇති බවය. ඇත්ගාලෙන් යාමට සියලු දොරටු විවෘත කළද මොහු ඉන් පිටතට ගොස් නැත. එවකට පැවති ලංකා රජයේ වන සත්වාරක්ෂක නීතියේ සඳහන් පරිදි ගාල කටන ලද සතෙකු ගාලේ තබා ගත හැකි නිශ්චිත කාලයක් පවතින අතර එම කාලය ඉක්ම ගිය පසු අදාළ සත්ත්වයා ගාලෙන් ඉවතට ගැනීම සිදු කළ යුතුය. නමුදු තමන් සතු බලය නිසාදෝ මුහු එම නීතිය නොසලකා හරිමින් ඇත්ගාල පැවැත්වීය. මෙය ලංකා සම සමාජ පක්ෂයේ එන්. එම්. පෙරේරා මහතාට සැල වී ඔහු රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කළේය.

මේ අවස්ථාවේදී කුක් කළ යුතුද යන්න මොලමුරේ මහතාගෙන් නැවත විමසූ කළ ඔහුගේ තීරණය වූයේ හස්ති රාජයා මරා දැමීමය. නමුත් මෙය ලේසි පහසු කරුණක් නොවීය. මක්නිසාදයත් අලියකු වටින බැවිනි. මේ බව මොලමුරේ මහතා සක්සුදක් සේ දැන සිටියේය. මෙය දැනගත් මඩුවන්විල පුංචි කෝරාල " අනේ අප්පෝ , මේ හස්ති රාජයා මරා දමන්නට එපා "යි බැගෑපත් ඉල්ලීමක් කළේය. එය වචනයකට හෝ මයිම් නොකළ මොලමුරේ මහතා ඔහුට ද බැන වඳිමින් එළවා දමා රත්නපුර පොලීසියේ හය දෙනෙකුගෙන් යුත් පොලිස් කණ්ඩායමක් රයිෆල් හයක් ද සමඟ ගෙන්වීය. මොවුන් සියලු දෙනාම අත්දක්ශ වෙඩිකරුවන් විය. එකම වෙඩි පහරකින් හස්තියා බිම හෙලිය යුතු බවට පනාමුරේ මහතා කණඩායම් නායකයාට නියෝග කළේය. එය කළ නොහැකි බවත්, උණ්ඩ කිහිපයකින් එය කළ හැකි බවත් නායකයා මොලමුරේ මහතාට දැන්වීය. එයින් කෝපයට පත් මොලමුටේ මහතා "get out you buggers " යනුවෙන් කෝපයෙන් ගෝරනාඩු කරමින් පොලිස් කණ්ඩායම පලවා හැරියේය.

අනතුරුව ඔහු එවකට සිටි දක්ෂතම වෙඩික්කරුවා වූ ද්‍රවිඩ ජාතික සෑම් කදිරගාමර් දුරකතන ඇමතුමක් ලබා ඊ ගෙන්වීය. ඔහු ලංකා නාවික හමුදාවේ කොමදෝරු නිලයක් හෙබවූ අධිනීතිඥවරයෙක් වූ අතර , හිටපු ඇමති ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ සොහොයුරා ද විය. ඇත්ගාල වෙත පැමිණි කදිරගාමර්ට ලැබුණු නියෝගය වූයේ අලියා එකම වෙඩි පහරින් බිම හෙලන්නට ය. ඔහු " yes sir " යනුවෙන් එම නියෝගය පිළිගත්තේය. රයිෆලය අතින්ගය්හ් කදිරගාමර් මහතා ඇත්ගාල තුළ බඹ කිහිපයක් ඉදිරියට යන විට පනාමුරේ හස්තියා පහර දීමට ඉදිරියට දුවගෙන ආවේය. නොසැලී සිටි වෙඩික්කරු අලියා තමාට අඩි 100 ක් දුරින් සිටින විට දකුණු දණහිස බිමට තබා අනෙක් පාදය ඉදිරියට තබා රයිෆලය එල්ල කර ඉලක්කය ගත්තේය. අලියා තවත් අඩි කිහිපයක් ඉදිරියට එන විට මුළු රටක්ම කම්පා කළ වෙඩි හඬ ගුවනට මුසු විය. වෙඩි උණ්ඩය හස්තියාගේ නළල සිදුරු කරමින් කිදා බැස ගොස් තිබුණි. හිස රත් පැහැති රුධිරයෙන් තෙත් වී තවදුරටත් සටන් කළ නොහැකි ලෙස අඩපණ වූ හස්තියාගේ පසුපස පාද නැමී පස්ස බිම ඇනී ඉදිරිපස දෙපා නැමී ගොස් සද්ධන්ත ශරීරය මිහිතලය වැළඳ ගත්තේ රැස්ව සිටි සියල්ලන්ගේම හදවත් සේම මුළුමහත් ධරණි තලයම කම්පා කරවමිනි.

මෙම ඛේදජනක සිදුවීම රටපුරා පැතිර ගිය නිසාද , ඇති වූ මහජන උද්ඝෝෂණ හේතුවෙන් ද එයින් පසු එනම් 1950 අගෝස්තු 07 දිනෙන් පසු මෙරට තුළ ඇත්ගාල් මෙරට තහනම් විය.

සොබාදහම දෙවියන්ගේ අමිල දායාදයකි. එය කිසිදා කිසිවෙකුට අසාධාරණ නොවේ. මෙම සාපරාධී ක්‍රියාවෙන් පසු කදිරගාමර් මහතා තමන් සිදුකළ නිරපරාධ ඝාතනය පිළිබඳ ව මියයන තුරුම බෙහෙවින් කනගාටුවට පත්ව ඇති බව ඔහුගේ බිරිඳ 1990 දී මාධ්‍යවේදී උපාලි සමරසිංහ මහතා සමඟ සාකච්ඡාවකදී පවසා ඇත.එදා එම අපරාධයට යොදා ගත් රයිෆලය දැකීමට පවා අකමැති වූ හෙතෙම් එය ඉතා අඩු මුදලකට විකුණා ඇත.

පනාමුරේ මහතා හස්තියා ඝාතනයෙන් දින 164 කට පසු එනම් 1951 ජනවාරි 21 වන දින පාර්ලිමේන්තුවේ දී ඇති වූ හෘදයාබාධයකින් සිහිවිසඥව කතානයක අසුනේම ඇදගෙන වැටී ඇති අතර, ඒ මොහොතේම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළද සිහිනොලබාම මියගොස් ඇත. හෘදයාබාධය ඇති වී කතානායක පුටුවේ ඔහු වැටී සිටියේ පනාමුරේ හස්තියා සිය අවසන් හුස්ම හෙලූ ආකාරයටම බව විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු පවසයි. ඇතැමුන් පවසනා පරිදි මෙය නිරපරාදේ පනාමුරේ හස්තියා ඝාතනය කිරීමේ සාපයයි.

සිතීමට බොහො දේ මෙන්ම ඉගෙනුමට ද බොහෝ දේ අදටද ශේෂ වී ඇත. තිරිසන් සතෙකු වුවද මොහු තුළ මිනිසුන් ළඟ පවා නොමැති තරම් උතුම් ගුණධර්ම පැවතුණි. තම රැළේ සඟයින් වෙනුවෙන් හුදකලා සටනක ඉතාමත් උපක්‍රමශීලී ලෙස නියැලුණු මොහු අවසන් හුස්ම වා තලයට මුසුවන තෙක්ම තම දිවිය පිළිබඳ පවා කිසිදු තැකීම්ක් නොකර නියැලුණි. නිරපරාදේ හෝ වේවා කිසිවෙකුගේ ජීවිතයක් උදුරා ගැනීමට කිසිවෙකුට කිසිදු අයුරක අයිතියක් නැත. එසේ කළහොත් තමන්ට කිසිදාක සැනසුමක් නොලැබෙන බවට මෙය කදිම නිදසුනකි.

යුධ සෙන්පතියෙකු ලෙස තම වර්ගයාගේ සුබසිද්ධිය වෙනුවෙන් සටන් කළ පනාමුරේ හස්තියා මිය ගියේ යුධ වීරයකු ලෙසිනි. හස්තිරාජයාණෙනි ඔබට දළඳා සමිඳු පිහිටයි. එසේම ඔබට උතුම් නිවන් සුවයම ලැබේවා ....

උපුටා ගැනීම,
හස්ති ලොව -Tusker World

Photos from Gaja Warna's post 25/10/2024

වාර්ෂික මද සමය නිමා වීමෙන් පසුව තරැණ මංගල හස්තිරාජ පරපුරේ සිටින කැළණි රජමහා විහාරයට අයත් කණ්ඩුල හස්තිරාජයා බැහුම් ලිහීමේ මංගල්‍යය අද පෙරවරැ 10.23 ට යෙදී තිබූ සුභ මොහොතින් සිදු කෙරැණි.

📸 Kelaniya Royal Temple

25/10/2024

දිග පණුදළ දෙකක් තියෙන ලංකාවේ කාගෙත් ආදරේ දිනාගත්ත ඇතින්නක් වගේම චිත්‍රපට නිළියක් තමා මේ 🐘❤

සීතා | SEETHA

උපුටා ගැනීම: Island Of The Elephants

24/10/2024

මියන් රාජා ❤️🐘

ශ්‍රී දළඳා මාළිගාවේ ගරු දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ඉල්ලීම මත බුරුම රාජා ඇතු සමඟ මියන්මාරයේ තවත් පරිත්‍යාගයක් වූයේ මියන් රාජා ඇතුය. 2007 ජූලි 12 වන දින මෙරටට ලද මෙම ඇතු " සුදු ඇතා" ලෙසද හඳුන්වයි. මියන්මාරයේදී මොතේ තායි / මොයොතකා ලෙස මොහු හඳුන්වන ලදි.

බුරුම රාජා ඇතු සමඟ දෑල ඇතෙකු ලෙස ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැරේ ගමන් කරන මෙම ඇතු ,අනෙකුත් පෙරහැර සඳහා ද සිය දායකත්වය නොඅඩුව ලබා දේ.

උස අඩි 8 ක් පමණ වන මෙම ඇත් රජු පෙරහැර වල දෑලේ ලෙස පමණක් නොව පෙරමුණේ රාළ හා ගජනායක නිළමේ රැගෙන යාමද මොහු විසින් සිදු කරයි.

මේ වන විට 48 වන් වියේ පසුවන මියන් රාජා ඇතුනි ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුෂ අපි ප්‍රාර්ථනා කර සිටිමු....!! ඔබට දළඳා සමිඳු පිහිටයි....!!

උපුටා ගැනීම,
හස්ති ලොව -Tusker World

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


405
Colombo
10230