හෙළ අස්වැද්දුම

හෙළ අස්වැද්දුම

Share

Choose a Chance to CHANGE.

21/04/2026

"Red Bull බිව්වට තටු ආවේ නෑ!"

කියලා නඩු දාලා, Red Bull සමාගමෙන් කෝටි ගාණක් වන්දි ගත්ත අමෙරිකානුවාගේ පුදුම හිතෙන කතාව! 👇

"Red Bull gives you wings!"
"Red Bull ඔබට තටු ලබාදෙයි!"

කියන ප්‍රසිද්ධ වෙළඳ දැන්වීම් පාඨය ඔබ අනිවාර්යයෙන්ම අහලා ඇති. හැබැයි මේක ඇත්තටම වෙන්නේ නැහැ කියලා ඔප්පු කරන්න ගිහින්, Red Bull සමාගමට ඩොලර් මිලියන ගණනක වන්දියක් ගෙවන්න සිද්ධ වුණා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද.?

2014 වසරේදී Benjamin Careathers කියන අමෙරිකානු ජාතිකයා Red Bull සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක් ගොනු කළා. ඔහු පැවසුවේ, තමන් වසර 10 ක් තිස්සේ Red Bull පානය කළත්, කිසිම දවසක තමන්ට තටු ආවේ නැති බවයි!

හැබැයි, මේ නඩුව හුදෙක් තටු එනවා කියන වචනයට පමණක් සීමා වුණේ නැහැ!

බෙන්ජමින්ගේ නීතිඥයින් අධිකරණයට පෙන්වා දුන්නේ, Red Bull සමාගම තම දැන්වීම් හරහා පාරිභෝගිකයින්ව දැඩි ලෙස නොමඟ යවන බවයි. Red Bull පානය කිරීමෙන් මිනිසුන්ගේ වේගය, අවධානය සහ ශාරීරික ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය ලෙස වැඩි වන බවට ඔවුන් දැන්වීම් පළ කළා.

නමුත්, විද්‍යාත්මක පරීක්ෂණ හරහා Benjamin අධිකරණයට ඔප්පු කර පෙන්නුවා, Red Bull ටින් එකකින් ලැබෙන ශක්තිය, සාමාන්‍ය කෝපි කෝප්පයක් බීමෙන් ලැබෙන ශක්තියටත් වඩා අඩු බව සහ ඔවුන් පවසන තරම් විශාල වෙනසක් ශරීරයට සිදු නොවන බව.

මේ නඩුව දිගින් දිගටම ඇදුණොත්, සමාගමේ නමට විශාල කැළලක් වන බව තේරුම් ගත් Red Bull සමාගම, නඩුව සමථයකට පත් කරගන්න තීරණය කළා. ඒ අනුව, පාරිභෝගිකයින් නොමඟ යැවීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 13 ක දැවැන්ත වන්දියක් ගෙවීමට ඔවුන් එකඟ වුණා.

මේකේ තියෙන රසවත්ම කොටස තමයි, වන්දි ගෙවපු විදිහ. 2002 ජනවාරි 01 ඉඳන් 2014 ඔක්තෝබර් 03 දක්වා කාලය ඇතුළත අමෙරිකාවේදී Red Bull පානය කළ ඕනෑම කෙනෙකුට ඩොලර් 10 ක මුදලක් හෝ ඩොලර් 15 ක් වටිනා Red Bull නිෂ්පාදන ලබා දීමට සමාගම කටයුතු කළා. ඒ සඳහා බිල්පත් පෙන්වීම පවා අවශ්‍ය වුණේ නැහැ!

මේ නඩුවෙන් පස්සේ තමන්ගේ ලෝක ප්‍රකට..,

"Red Bull gives you wings!"

කියන වාක්‍යය තවදුරටත් ඒ විදිහටම පාවිච්චි කරන්න සමාගමට බියක් දැණුනා.

ඒ නිසා, ඔවුන් ඉතා සූක්ෂම ලෙස එම වාක්‍යයේ අක්ෂර වින්‍යාසය වෙනස් කළා.

ඒ අනුව, "Wings" කියන වචනයට "i" අකුරු 03 ක් එකතු කරලා.,

"Red Bull gives you wiiings!"

ලෙස ඔවුන් එය වෙනස් කළා.

ඒ හරහා ඔවුන් පෙන්වා දෙන්නේ, "wiiings" කියන්නේ සැබෑ තටු නොව, එය හුදෙක් වෙළඳ නාමයක් පමණක් බවයි.

ලංකාවෙත් මේ වගේ පාරිභෝගිකයින් රවටන දැන්වීම් කොච්චර තියෙනවද.?

ලංකාවේ මේ වගේ නීතියක් තිබුණා නම්, ඔබ නඩු දාන්නේ මොන සමාගමටද.?
අදහස් පහළින් කමෙන්ට් කරන්න! 👇

© Watapita

05/04/2026

අවුරුදු 53 කට පසු මානව ඉතිහාසයේ දැවැන්තම සහ භයානකම අභ්‍යවකාශ ගමන. 🛰️ 🧑‍🚀 🚀 🌛

1972 දෙසැම්බර් මාසයේ Apollo - 17 යානයෙන් පසුව කිසිම මිනිසෙක් පෘථිවියේ ගුරුත්වාකර්ෂණයෙන් මිදී සඳ වෙත ගොස් නැහැ!

සම්පූර්ණ පරම්පරාවක්ම ඉපිද - වයසට ගොස් අවසන් වූ මේ දීර්ඝ කාලයෙන් පසු, 2026 අප්‍රේල් මාසයේදී නැවතත් මිනිසුන් සඳ බලා පිටත් වෙනවා.

Artemis - ll ලෙස නම් කර ඇති මෙම මෙහෙයුම හරහා ගගනගාමීන් හතර දෙනෙක් සඳ දෙසට ගමන් කරන්නේ කුඩා වෑන් රථ දෙකක පමණ ඉඩක් ඇති කැප්සියුලයක සිටයි.

Reid Wiseman, Victor Glover, Christina Koch සහ Jeremy Hansen මේ ඓතිහාසික ගමනට එක්වෙනවා.

චන්ද්‍ර මෙහෙයුමකට එක්වන පළමු කාන්තාව ලෙස Christina Koch ඉතිහාසගත වන අතර, Victor Glover සඳට යන පළමු කළු ජාතිකයා බවට පත්වෙනවා.

දින 10 ක් පුරා Pacific සාගරයට පතිත වනතුරු ඔවුන් අත්විඳින මේ ගමන හුඟක් අය හිතනවාට වඩා අතිශය භයානක මෙන්ම, දැඩි අවදානම් සහගත එකක්.

ගමනට පෙර Kennedy - Florida අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී ඔවුන් තම පවුල් වලින් වෙන්ව, දැඩි නිරෝධායන ක්‍රියාවලියකට ලක් වෙනවා.

වෛද්‍ය පරීක්ෂණ කරමින්, නිසි නින්දක් ලබා ගනිමින් සහ කැලරි ගණනය කළ ආහාර වේලක් ගනිමින් ඔවුන් මේ අභියෝගයට සූදානම් වෙනවා.

ඔවුන් පළඳින Orion අභ්‍යවකාශ ඇඳුම් චිත්‍රපටවල දකින තරම් සුවපහසු ඒවා නොව, පීඩනය පාලනය කරන අධික බරකින් යුක්ත ඇඳුම් කට්ටලයක්.

ගමන ආරම්භ වන්නේ ඓතිහාසික Apollo යානා අභ්‍යවකාශගත කළ 39-B Launchpad එකේ ඇති කුළුණේ විදුලි සෝපානයෙන් ඉහළට යෑමෙන් පසුවයි.

නාසා ආයතනය මෙතෙක් අභ්‍යවකාශගත කරන ප්‍රබලම රොකට්ටුව වන SLS මත ඇති "Intergrity" නම් Orion යානයට ඔවුන් ගොඩවෙනවා.

මේ රොකට්ටුව අඩි 322 ක් උසැති අතර, ඉන්ධන පිරවූ පසු රාත්තල් මිලියන 5.75 ක් බරයි. එය නිදහස් ප්‍රතිමාවටත් වඩා උස, Boeing - 747 ජෙට් යානා අටකටත් වඩා බර දැවැන්තයෙක්.

දශක තුනක් තිස්සේ Space Shuttle සඳහා භාවිතා කළ RS-25 එන්ජින් සහ ප්‍රබල බූස්ටර් මගින් රාත්තල් මිලියන 8.8 ක දැවැන්ත තෙරපුමක් ඇති කරනවා.

ගණන් කිරීම බිංදුවෙන් අවසන් වී රොකට්ටුව ඉහළට යද්දී, ගගනගාමීන්ගේ පපුව මත කෙනෙකු වාඩි වී සිටිනවා වැනි අතිශය දැඩි පීඩනයක් දැනෙනවා.

ඔවුන්ගේ සිරුරේ බර මෙන් තුන් ගුණයක පීඩනයක් දැනෙන අතර, හුස්ම ගැනීම පවා මේ මොහොතේ අපහසු වන තරමට මුළු යානයම දැඩි ලෙස වෙවුලනවා.

විනාඩි දෙකකින් බූස්ටර් ගැලවී ගොස්, විනාඩි අටකට පසු ප්‍රධාන එන්ජින් ක්‍රියා විරහිත වූ විට, එකවරම දැඩි නිශ්ශබ්දතාවයක් සමගින් ඔවුන්ට පාවෙන ස්වභාවය අත්විඳින්නට ලැබෙනවා.

Orion යානයේ ඇති කුඩා ජනේල හතරෙන් ඔවුන්ට මේ මොහොතේ පළමු වරට පෘථිවියේ සුන්දර වක්‍රය පැහැදිළිව දැකගත හැකියි.

පෘථිවි කක්ෂයේදී ජීවරක්ෂක, සන්නිවේදන සහ උෂ්ණත්ව පාලන පද්ධති සියල්ලම දැඩි පරීක්ෂාවකට ලක් කරන අතර, Wiseman සහ Glover යානය අතින් පාලනය කරමින් එහි ක්‍රියාකාරීත්වය බලනවා.

යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය වෙනුවෙන් Airbus සමාගම නිපදවූ Service Module එක හරහායි යානයට අවශ්‍ය බලය, ජලය සහ Oxygen සම්පූර්ණයෙන්ම සැපයෙන්නේ.

ඉන්පසු SLS රොකට්ටුවේ ඉහළ කොටස අවසන් වරට ක්‍රියාත්මක වී, පෘථිවි ගුරුත්වාකර්ෂණයෙන් මිදී පැයට සැතපුම් 24,000 ක වේගයෙන් යානය සඳ දෙසට විදිනවා.

පෘථිවියෙන් ඈතට යත්ම තත්පර 1.3 ක පමණ සන්නිවේදන ප්‍රමාදයන් ඇති වන අතර, තමන් ලෝකයෙන් කොතරම් ඈතට යනවාදැයි ඔවුන්ට හොඳින්ම වැටහෙනවා.

යානය තුළ ජීවිතය කිසිසේත්ම පහසු නැහැ! වැසිකිළිය කුඩා අල්මාරියක් වැනි අතර, ඝන අපද්‍රව්‍ය සීල් කර තබාගෙන, මූත්‍ර පමණක් අභ්‍යවකාශයට මුදාහරිනවා.

ජලය ප්‍රතිචක්‍රීකරණය නොකරන බැවින්, සෑම ජල බිඳුවක්ම පිරිමැස්මෙන් භාවිතා කරන අතර, කුඩා බෑග්වල බහා ඇති Macaroni වැනි කෑම පාවෙමින් සිටින අතරතුර ආහාරයට ගන්නවා.

දිනකට පැය 08 ක් බිත්තියක සවිකළ නිදන බෑග් තුළ ඔවුන් එකවර නිදාගන්නා අතර, ජීවරක්ෂක පංකාවල ඝෝෂාව නිරන්තරයෙන්ම එහි ඇහෙනවා.

බර රහිත පරිසරය නිසා, මාංශ පේශි සහ අස්ථි දියවීම වළක්වා ගැනීමට දිනකට විනාඩි 30 ක් Flywheel උපකරණය මගින් ව්‍යායාම කිරීම අනිවාර්යයි.

ස්නානය සඳහා කාමර නැති අතර, තෙත Tissues සහ Dry Shampoo වලින් පිරිසිදු වන ඔවුන්, දත් මැද අවසන් වූ පසු එම කෙළ පවා Tissue එකකට දමා, ඉවත් කරනවා.

දින හතරකට පසු ඔවුන් සඳේ අඳුරු පැත්ත හෙවත්, 1972 න් පසු කිසිවෙකු නොදුටු පෘථිවියට නොපෙනෙන පැත්ත වෙත ළඟා වෙනවා.

Orion යානය සඳේ පිටුපස සිට සැතපුම් 4,700 ක් දුරින් ගමන් කරන අතර, එය මිනිසෙකු පෘථිවියේ සිට ගමන් කළ වැඩිම දුර ලෙස ඉතිහාසගත වෙනවා.

සැතපුම් 268,000 ක් ඈතින් ඇති එම ස්ථානයේ සිට බලන විට, මුළු පෘථිවියම තමන්ගේ මහපට ඇඟිල්ලෙන් වසා ගත හැකි තරම් කුඩා තිතක් සේ දිස්වෙනවා.

චුම්භක ක්ෂේත්‍රයේ ආරක්ෂාව නැති බැවින්, හදිසි සූර්ය කුණාටුවක් ඇතිවුවහොත් විකිරණ වලින් බේරීමට, ඔවුන්ට යානයේ වැසිකිළිය අසල ආරක්ෂිත ස්ථානයේ සැඟවීමට සිදුවෙනවා.

දින කිහිපයකින් පසු ආපසු එන මේ මෙහෙයුමේ භයානකම කොටස වන්නේ, නැවත පෘථිවි වායුගෝලයට ඇතුළු වීමයි.

පැයට කිලෝමීටර 40,000 ක අතිශය වේගයකින්, එනම්., ශබ්දයේ වේගය මෙන් 32 ගුණයකින් වායුගෝලයට ඇතුළු වෙද්දී යානය වටා සූර්යයාගේ මතුපිට උෂ්ණත්වයෙන් අඩක් තරම් රස්නයක් නිර්මාණය වෙනවා.

2022 දී Artemis - l යානයේ තාප ආවරණයට හානි සිදුවූ නිසා, මෙවර යානය කෙලින්ම වායුගෝලයට ඇතුළු වන සේ සැලසුම් කර ඇති අතර, ඉන් ගගනගාමීන්ට දැනෙන තෙරපුම අතිශය දරුණු වෙනවා.

අවසානයේ විනාඩි කිහිපයක සන්නිවේදන බිඳවැටීමකින් පසු, Parachutes දිගහැරී, San Diego අසල Pacific සාගරයට පතිත වන යානය, නාවික හමුදාව විසින් බේරාගන්නවා.

සැතපුම් 650,000 ක ගමනක් අවසන් කරන Artemis - ll යනු හුදෙක් සඳට යන ගමනක් පමණක් නොව, අනාගත අභ්‍යවකාශ ගවේෂණයේ නව දොරටු විවර කරන දැවැන්ත වික්‍රමයක්!

🛰️ 🧑‍🚀 🚀 🌛

© Copied & credits goes to respective owners

27/03/2026

හොඳම යාළුවා Mention කරලා,
වතුර බොන්න මතක් කරමු!
☀️🌡️💧

14/03/2026

මාර්තු මාස 12 වැනිදා චීනයේ රුක් රෝපණ දිනයයි. දැනට රටේ වනාන්තර බිම්සරිය හෙක්ටාර මිලියන 241 ක් වන බවත්, වනාවරණ අනුපාතය 25.09% දක්වා වැඩි වී ඇති බවත් චීන ජාතික වනාන්තර හා තෘණ පරිපාලනයේ දත්තයන්හි දැක්වේ.

සමස්ත චීනයේ ගස් ප්‍රමාණය බිලියන 142.6 ක් වන අතර, ඒකපුද්ගල රුක් හිමි ප්‍රමාණය 100 කි. ලෝකයේ වේගයෙන්ම හරිතකරණය වන රට වශයෙන් චීනය ලෝකයේ හරිත ව්‍යාප්තියෙන් 25% කට දායක වේ.

මේ අතර වසර 2025 චීනයේ වනාන්තරවලින් ආහාර මිලියන ටොන් 240 ක් ලැබී තිබේ. ධාන්‍ය වර්ග හා එළවළුවලට අමතරව වනාන්ත‍රය චීනයට තුන්වන වැදගත්ම ආහාර මූලාශ්‍රය වී තිබේ.

මේ වන විට චීනයේ වනාන්තර හා තෘණ කර්මාන්තයේ වටිනාකම යුවාන් ට්‍රිලියන 11 කි. මිලියන 60 ක පිරිසකට ඉන් රැකියා අවස්ථා සලසා දෙයි.

© දිනමිණ

13/03/2026

හැමෝම අහන්න බලන් හිටපු හොඳ News එකක් තමයි මේ.

ඔයාලා මේ දකින්නේ ලංකාවේ අලි සම්පත සුරැකීමේ කතාවේ සුවිශේෂ සංධිස්ථානයක්.

දුම්රිය වල Thermal Camera සවි කරමින් අලින්ගේ ගැවසීම නිරීක්ෂණය මගින් ඔවුන් දුම්රිය අනතුරුවලින් වළක්වා ගන්න කරපු මූලික පරීක්ෂණ ධාවනයේ අවස්ථාවක් තමයි මේ.

පරිසර අමාත්‍යංශය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය එක්ව තමයි මේ ව්‍යාපෘතිය සිදු කරලා තියෙන්නේ.

ආත්ර් සී ක්ලාක් අයතනයෙන් හඳුන්වා දුන් Thermal Camera පද්ධති වන අලි වැඩිපුර ගැවසෙන දුම්රිය මාර්ග ආශ්‍රිතව දුම්රිය කිහිපයක සවි කිරීමට තීරණය වුණා.

මෙම Camera පද්ධතිය සවි කිරීමෙන් අනතුරුව එහි සාර්ථකත්වය අත්හදා බැලීමට කටයුතු යෙදුණේ පුලතිසි දුම්රිය යොදා ගනිමින්.

මාතෘභූමියට ජය වේවා.! ✊🇱🇰
මගේ රට දිනේවා.!! ❤️ 🇱🇰✌

© Copied and Credits goes to respective owners

21/02/2026

චීනය විසින් රුසියාවේ නිෂ්පාදිත නව පිළිකා එන්නතක් සමාලෝචනය කර අනුමත කිරීමට සූදානම් වන බවට වාර්තා පළ වේ. මෙම පියවර සාර්ථක වුවහොත්, එය ජාත්‍යන්තර ජෛව තාක්‍ෂණික සහයෝගීතාවයේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති අතර, ගෝලීය පිළිකා ප්‍රතිකාර වෙළඳපොළ තුළ වර්ධනය වන තරඟකාරීත්වය මැනවින් පෙන්නුම් කරන්නකි.

විශේෂයෙන්ම mRNA තාක්‍ෂණය මත පදනම් වූ හෝ පුද්ගලීකරණය කරන ලදප්‍රතිශක්තිකරණ ප්‍රතිකාර (Immunotherapy) මගින් සිරුරේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පිළිකා සෛල හඳුනාගෙන, ඒවාට එරෙහිව සටන් කිරීමට පුහුණු කිරීම මෙම එන්නත්වල අරමුණයි.

ලෝක ව්‍යාප්තව සිදුකළ මුල් අදියරේ සායනික පරීක්ෂණ මගින් මෙම ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බැවින්, ඕනෑම ප්‍රධාන සොයාගැනීමක් කෙරෙහි ලොව පුරා සිටින පාලන අධිකාරීන්, පර්යේෂකයන් සහ ඖෂධ සමාගම් දැඩි අවධානයක් යොමු කරනු ඇත. එසේ වුවද, එක් අනුමැතියකින් පමණක් ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.6 ක් වටිනා සමස්ත එක්සත් ජනපද සෞඛ්‍ය සේවා අංශයම අඩාල වනු ඇතැයි යන ප්‍රකාශ දෙස විචාරශීලීව බැලිය යුතුය.

අමෙරිකානු වෛද්‍ය කර්මාන්තය යනු ඖෂධ, රෝහල්, රක්ෂණ සහ වෛද්‍ය උපකරණ වැනි අංශ ගණනාවකින් සැදුම්ලත් ඉතා පුළුල් පද්ධතියකි. කෙසේ වෙතත්, පිළිකා ප්‍රතිකාරයේ මෙවැනි නවෝත්පාදනයන් ජෛව තාක්‍ෂණ ක්ෂේත්‍රයේ ගෝලීය නායකත්වය වෙනස් කිරීමටත්, ලොව වටිනාම කර්මාන්තයක් තුළ තරඟකාරීත්වය තීව්‍ර කිරීමටත් හේතු වනු ඇත.

© Copied

Photos from හෙළ අස්වැද්දුම's post 18/01/2026

ගැටදිවුල වනජීවී උමං මාර්ගයේ වැඩ කටයුතු නැවත ඇරඹේ.! 🐘 🇱🇰

2024 ඔක්තෝබර් මස 28 දින උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීම පිණිස නවතා දැමූ ගැටදිවුල වනජීවී උමං මාර්ගයේ ඉතිරි වැඩ නිම කිරීම මේ වන විට යළි ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

ශ්‍රී ලංකාවේ ඉදිවන මෙම පළමු වනජීවී උමං මාර්ගයේ වැඩකටයුතු සැලසුම් කළ අයුරින්ම කඩිනමින් නිම කරන බව දුම්රිය නිලධාරීන් පවසයි.

ශ්‍රී ලංකාවේ අලි - දුම්රිය අනතුරු වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇති උතුරු දුම්රිය මාර්ගයේ ගැටදිවුල අලිමංකඩ හරහා නිරන්තරයෙන් ගමන් කරන වන අලි - ඇතුන්ට දුම්රියේ නොගැටී ගමන් කිරීමට මෙම වනජීවී උමං මාර්ගය උපකාරී වනු ඇත.

02/01/2026

අහිංසක ඩයල් එකක් වගේ හිටියට මෙයා තමයි කැළේ ඉන්න මොන පගෙක්ටවත් සැරෙන්ඩර් වෙන්නෙ නැති සතා. Honey badger කියන සතා. ලංකාවේ නම් නෑ මූ. මුගටියා වගේ ටිකක්. ඉස්සරහට සිංහයෝ 10 දෙනෙක් ආවත්, මූ පදිරි නෑ! මුගෙ ප්‍රියතම කෑම නයි - පොළොංගු.

මූව දැක්කහම ටිකක් අපේ රටේ ඉන්න මුගටියා වගේ. හැබැයි, ඊට වඩා ලොකුයි. ඇඟේ යට කොටස තද කළු පාටයි. පිට කොන්ද සුදුම සුදුයි. නිකං සුදු පාට "Carpet" එකක් පිටේ දාගෙන ඉන්නවා වගේ.

මූ ගැන ප්‍රසිද්ධම කතාව තමයි, "Honey badger don't care" (හනි බැජර්ට කිසිම ගාණක් නැහැ) කියන එක. සිංහයෝ හය - හත් දෙනෙක් ඉස්සරහට ආවත් මූ කරන්නේ දුවන එක නෙවෙයි, උන්ට ගොරවගෙන ඉස්සරහට පනින එක.

මූට තියෙන්නේ පුදුම හමක්. ඒක සෑහෙන්න ඝනකමයි. ඒ වගේම, හම ඇඟට හිර වෙලා නැහැ! ගොඩක් බුරුලට (Loose) තියෙන්නේ. ඒ නිසා කවුරු හරි මූව පිටුපසින් කටින් අල්ලගත්තත්, මූට පුළුවන් ඒ හම ඇතුළේ ඇඟ කරකවලා අල්ලගත්ත එකාගේ මූණටම කොටන්න.

මූ නයි - පොළොං වැනි දරුණු සර්පයන්ව කන්න මාර ආසයි. සර්පයෙක් මූට දෂ්ට කරලා විෂ ඇඟට ගියත්, මූ ටික වෙලාවක් සිහි නැතුව වැටිලා ඉඳලා, ආපහු "Reset" වුණා වගේ නැඟිටලා යනවා. විෂට ඔරොත්තු දෙන මාර Level එකක ප්‍රතිශක්තියක් මූට තියෙන්නේ.

මුගේ ප්‍රියතම කෑමක් තමයි, මී පැණි (Honey). මී වදයක් දැක්කොත්, ඕනෑම මී මැසි ප්‍රහාරයක් ඉවසගෙන ඒක කනවා. ඒ නිසයි මූට "Honey" Badger කියන්නේ.

🦡 කෙටියෙන් කිව්වොත්:

Honey Badger කියන්නේ..,

"ප්‍රමාණය වැදගත් නැහැ, ගට තියෙනවා නම් ඕනෑම එකෙක් එක්ක හැප්පෙන්න පුළුවන්!"

කියන එක ඔප්පු කරපු සතෙක්.

© Copied

Photos from හෙළ අස්වැද්දුම's post 25/12/2025

තුර්කියේ පොළොව ගිලා බසින්නේ ඇයි.?

තුර්කියේ Konya කියන ප්‍රදේශය හරියට කෘෂිකාර්මික හදවත වගේ. හැබැයි, මේ වෙද්දී ඒ පැත්තේ විශාල ආවාට (Sinkholes) 700ක් විතර හැදිලා. සමහරු මේක භූත වැඩක්, ගුප්ත දෙයක් කිව්වට ඇත්තම කතාව ඊට වඩා බරපතළයි. භූ විද්‍යාඥයෝ කියන්නේ මේක මිනිස්සුම අතින් කරගත්ත පාරිසරික විනාශයක් කියලා.

ඇත්තටම මොකද වෙන්නේ.? 🤔

සරලවම කිව්වොත්, මේ ප්‍රදේශයේ බඩ ඉරිඟු, තිරිඟු, සීනි බීට් වගේ වතුර ගොඩක් ඕන වෙන බෝග වගා කරනවා. හැබැයි නියඟය නිසා වැස්ස නැති වෙද්දී, ගොවීන් කරන්නේ නල ළිං ගහලා පොළොව යට තියෙන වතුර ටික එළියට අදින එක.

බරපතළම කාරණය තමයි මේ ප්‍රදේශයේ බලපත්‍ර නැති නල ළිං විතරක් 120,000 ක් විතර තියෙනවලු. ඉස්සර අවුරුද්දකට මීටරයක් විතර බැස්ස වතුර මට්ටම, දැන් අවුරුද්දකට මීටර් 4-5 ක් විතර වේගයෙන් පහළ බහිනවා.

කොහොමද පොළොව කඩා වැටෙන්නේ.?

පොළොව යට තියෙන හුණුගල් ස්ථර අතරේ පිරිලා තියෙන වතුර ටික ඉවත් වුණහම එතන ලොකු හිස් අවකාශයක් හැදෙනවා. එතකොට වෙන්නේ උඩ තියෙන පස් තට්ටුවේ බර දරාගන්න බැරුව එකපාරටම පොළොව ඇතුළට කඩාගෙන වැටෙන එක.

සරලවම කිව්වොත්, පසට යටින් තිබුණු "වතුර කුළුණු" ටික නැති වුණහම පොළොව ගිලා බහිනවා.

මේක සොබාදහමේ වැරැද්දක් නෙවෙයි, භූගත ජලය අනිසි විදිහට පාවිච්චි කරපු එකේ ප්‍රතිඵලයක්. ලෝකේ කොහේ වුණත් මේ විදිහට වතුර නාස්ති කළොත්, අනාගතයේ වෙන්නේ මේ ටිකම තමයි.

© Copied

Photos from හෙළ අස්වැද්දුම's post 12/12/2025

කන්දක් කඩා වැටෙන එක "ඇණයක්" ගහලා නවත්වන්න පුළුවන් කිව්වොත්.? ⛰️
(ලංකාවට ගොඩක්ම ගැළපෙන, Hongkong රටේ විශ්මිත "Soil Nailing" තාක්ෂණය)

අපේ රටේ වැස්ස දවසට කඳුකරයේ ඉන්න මිනිස්සු ඉන්නේ මර බයෙන්, කන්ද පහළට එයිද කියලා.

හැබැයි, අපිට වඩා සීඝ්‍ර බෑවුම් තියෙන, අපිට වඩා වැස්සක් ලැබෙන Hongkong රට මේ ප්‍රශ්නෙ විසඳ ගත්තේ හරිම පුදුම විදියට.

ඔවුන් කළේ කඳු වලට "ඇණ ගහපු" එක.

🏗 මොකක්ද මේ තාක්ෂණය.?

සාමාන්‍යයෙන් අපි කරන්නේ කන්දක් නාය යන්න එනකොට ලොකු Concrete බැම්මක් (Retaining Wall) දාන එකනේ. ඒක වියදම් අධිකයි වගේම, පරිසරයටත් හානිදායකයි.

ඒත් Hongkong ඉංජිනේරුවෝ කළේ මෙන්න මේ වගේ දෙයක්. 👇

🔹. ඔවුන් කන්ද ඇතුළට මීටර් ගණනක් දිගට යන්න "යකඩ කූරු" (Steel Bars) බස්සනවා.

🔹. ඊට පස්සේ ඒ හිල ඇතුළට සිමෙන්ති මිශ්‍රණයක් (Grout) පුරවනවා.

🏗 මේකෙන් වෙන්නේ මොකක්ද.?

මේක හරියට ලිහිල් වෙච්ච ලී ලෑලි දෙකක් ඇණ ගහලා තද කරනවා වගේ වැඩක්. මේ යකඩ කූරු නිසා, කන්දේ තියෙන බුරුල් පස් ටික එකට තද වෙලා "තනි බ්ලොක් එකක්" වගේ හැදෙනවා. එතකොට කොච්චර වැස්සත් කන්ද ලිස්සලා යන්නේ නෑ.!

🏗 මේකේ තියෙන ලොකුම වාසිය.

මේ ක්‍රමයේදී ලොකු Concrete බැමි පේන්න නෑ! "ඇණ ගැහුවට" පස්සේ, කන්ද උඩින් තණකොළ වවන්න පුළුවන්. ටික කාලයක් යනකොට එතන නායයෑමක් වළක්වපු තැනක් කියලවත් හොයන්න බෑ. සම්පූර්ණයෙන්ම කොළ පාටයි.

ලංකාවෙත් දැනට මේ ක්‍රමය සමහර තැන්වල පාවිච්චි කරනවා. හැබැයි, Hongkong රට වගේ අපිත් මේක හරියටම කළොත්, වැස්ස දවසට බය නැතුව නිදාගන්න අපිටත් පුළුවන් වෙයි.

මේ තාක්ෂණය ගැන දැනගන්න කැමති අය වෙනුවෙන් Share කරන්න. 🔄

© Copied

20/11/2025

20/11/2025

පරණ photo (1983)

පානම - කොළඹ (98)
23 - 8898
කටුබැද්ද ඩිපෝව 💚💙🔥 (KTB 29)

Mid Night Express

•• Ashok Leyland - Viking 193"
•• Werahera body

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Address

Colombo