Gayan automobile

Gayan automobile

Share

automobile technology

09/10/2024

මොටර් රථ කාර්මික රැකිය නැද්ද කැගල්ල ,මාවනල්ල අවට
ආධුනික

Photos from Gayan automobile's post 20/09/2024

BRAKE oil tester RS 1500 පමනි.
මෙම භාණ්ඩ ඔබේ වාහනයේ බ්‍රේක් පද්ධතිය සුරක්ෂිතව පවත්වා ගැනීමට උපකාරී වේ. brake oil වල ගුණාත්මක තාවය මෙියින් පරික්ෂා කර ගත හැක, (😌බ්‍රේක් පද්ධතියට කාලයත් සමඟ ජල අංශු එකතුවි බ්‍රේක් පද්ධතියේ කොටස් සවුත්තු විම සිදු වේ😪) මෙිය මගින් brake oil පරික්ෂා කර කොටස් විනාස විමට පෙර brake oil මරු කර විශාල මුදලක් ඉතිරි කර ගත හැක,

📦(Cash On Delivery Available =250 )
ඇණවුම් කරන ආකාරය :-
නම :
ලිපිනය :
දුරකථන අංකය :

16/09/2024

RS 1750
2TB 📦(Cash On Delivery Available =250 )
ඇණවුම් කරන ආකාරය :-
නම :
ලිපිනය :
දුරකථන අංකය :
📲728061573 whatsapp massage
Delivery Available 🚚

Photos from Gayan automobile's post 16/09/2024

Rs 1100
📦(Cash On Delivery Available )
ඇණවුම් කරන ආකාරය :-
නම :
ලිපිනය :
දුරකථන අංකය
📲728061573 whatsapp massage

Photos from Gayan automobile's post 14/09/2024

RS 6500
📲728061573 whatsapp massage
Delivery Available 🚚
name:
address ;
phone no:

072 806 1573 whtsapp only

Photos from Gayan automobile's post 24/08/2024

OBD 2 scanner
මිල 1500 ❤️
📦(Cash On DeliveryAvailable)

contact number whtsapp only ❤️0728061573❤️

ELM 32Z HHOBD OBD2 V1.5 25k80 V2.1 Car
Diagnostijc-tool Scanner ELM327 Bluetooth Interface
Support ANOBDII OBD Prot
ELM 32Z HHOBD OBD2 V1.5 25k80 V2.1 Car
Diagnostijc-tool Scanner ELM327 Bluetooth Interface
Support ANOBDII obd

24/08/2024

ඔබට අවශ්‍ය විස්තර සදහා

31/07/2024

😌horn diagram

31/07/2024

Spark plug read

Photos from Gayan automobile's post 30/07/2024

💥අන්තර් ජාලයෙන් උපුටා ගන්නා ලදි

Auto Top

Wheel Alignment

July 03, 2012

රථයක ධාවනයට Wheel Alignment ඉතාම වැදගත් වේ. රෝද නිවැරදි කෝණයන්ට අනුරූපව එකලස්ව පිහිටිය යුතු අතර එසේ නොපිහිටන්නේ නම් එය නිවැරදි කිරීම නොපමාව සිදුකල යුතු වේ. එමෙන්ම මෙම කෝණයන් නිවැරදි අගයේ නොපැවතියහොත් රථය ධාවනයේදී අනාරක්ෂිත තත්වයට පත්වෙනවා සේම රෝද, අවලම්බන පද්ධතියේ (Suspension System) කොටස් වලට, සුක්කානම් පද්ධතියේ (Steering System) කොටස් වලට හානී වීමද සිදුවිය හැක. එබැවින් රථයක ධාවනයට ඉතාම වැදගත් වන්නා වු Wheel Alignment පිලිබදව මෙම ලිපියෙන් සාගච්චා කෙරේ.

Wheel Alignment පිළිබදව සැලකීමේදී Wheel alignment එකක් සිදුකලයුතු කාලය පිළිබදව සැලකිලිමත් වීමද ඉතාම වැදගත් වේ. බොහෝ නිශ්පාදකයින්ට අනුව 5000Km වරක් Wheel Alignment සැකසීමක් සිදුකලයුතු අතර අලුතින් Tire යොදන අවස්ථාවන්හිදී මෙන්ම අවලම්බන පද්ධතියේ (Suspension System) කොටස් හා සුක්කානම් පද්ධතියේ (Steering System) සමහර කොටස් ගලවා නැවත සවිකිරීමෙන් පසුද මෙලෙස wheel alignment සැකසීමක් සිදුකලයුතු වේ.

Wheel Alignment වලට අදාලව රෝද සැකසුම් කෝණයන් සහ අනිකුත් සැකසුම් අගයන් පිලිබදව මෙහි දක්වා ඇත.
* Camber Angle
* Caster Angle
* Toe
* King Pin Inclination Angle / Steering Axis Inclination Angle (SAI)
* Included Angle
* Caster Trail / Caster Offset
* Scrub Radius
* Turning Angle of the Front Wheel / Toe Out on Turns
* Set Back
* Thrust Angle
* Side Slip

* Camber Angle

Camber Angle යනුවෙන් අදහස් කරනු ලබන්නේ රෝදය පොළවට ලම්බක රේඛාවට කොපමන ආනතියකින් පිහිටනවාද යන්න වේ. Camber කෝණය පැහදිලිව දැකගත හැක්කේ රථයේ ඉදිරිපසින් රෝද නිරීක්ෂණය කිරීමෙනි. ඉහත රූපයේ පොළවට ලම්බක රේඛාව Vertical Line යනුවෙන් දක්වා ඇති අතර රෝදය ආනතව ඇති දිශාව රතු රේඛාවෙන් දක්වා ඇත. රෝදය ඉහලින් ඇතුලට ආනතියක් සහිතව පිහිටයි නම් එය Negative Camber ලෙසද, රෝදය ඉහලින් පිටතට ආනතියක් සහිතව පිහිටයි නම් එය Positive Camber ලෙසද හදුන්වනු ලබයි. බොහෝ රථවල දැකිය හැක්කේ Positive Camber අගයකි. එනම් රෝදය ඉහලින් පිටතට ආනතව පිහිටා ඇත. මෙලෙස ආනතව පිහිටීම හේතුවෙන් රෝදය Knuckle Arm එක හා හොදින් සම්බන්ධව පවතී. එමනිසා රථයේ ස්ථායි භාවය (Stability) පවත්වා
ගැනීමට මෙම Camber Angle එක බෙහෙවින් ඉවහල් වේ. සමහර විශේෂිත වු රථ Negative Camber අගයක් සහිතව ද නිර්මාණය කර ඇත. ඒ තුලින් Rolling Movement එක අඩුකරගැනීමට උත්සහ කර ඇත.
කෙසේ වෙතත් මෙම Camber අගය නිෂ්පාදකයා දක්වා ඇති අගයට අනුරූපව පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වේ.

* Caster Angle

මෙහිදී රථයේ බර රෝද වෙත ක්‍රියාකරනු ලබන අක්ෂය ඉදිරියට ආනතියක් සහිතව නිර්මාණය කර ඇත. එමගින් රථයේ බර මගින් බලයක් ඉදිරියට යොමුකරගෙන ඇත. මෙම හේතුවෙන් රථය පහසුවෙන් ඉදිරියට චලනය කරවාගත හැක. විවිධ වූ රථයන්ගේ විවිධ වූ අවලම්බන පද්ධතීන්ගේ නිර්මාණයන් මත මෙම රේඛාව නිර්මාණය වන්නා වූ ආකාරයන් වෙනස් වුවද සෑම රථයකම Caster කෝණය නිර්මාණය කර ඇත. තේරුම් ගැනීමේ පහසුව සදහා Mc pherson strut ආකාරයේ Suspension System එකක් සහිත රථයක Caster Angle එක පිහිටා ඇති ආකාරය පහතින් දක්වා ඇත.

රෝදය පොළවට ස්පර්ෂ වන ස්ථානයට වඩා ඉදිරියට මෙම රේඛාව යොමුකර ඇත්නම් එය Positive Caster ලෙස සලකනුලබන අතර රේඛාව පසුපසට යොමුවී ඇත්නම් එය Negative Caster ලෙසද සලකනු ලබයි. වර්තමානයේ බොහෝ රථයන් සදහා Positive Caster යොදාගනු ලබන අතර අතීතයේදී සමහර රථයන් සදහා Negative Caster යොදාගෙන ඇත.
මෙලෙස Positive Caster Angle එකක් නිර්මාණය කිරීම හේතුවෙන් පහසුවෙන් රෝද ඉදිරියට පෙරලීමට හැකිවනවා සේම රෝද එක එල්ලේ ධාවනය කිරීමේ හැකියාවද, අඩු ආයාසයකින් සුක්කානම හැසිරවීමේ හැකියාව ලැබී ඇත.

* Toe

රථයක ඉදිරි රෝද ඉදිරියෙන් සමීපව පිහිටයි නම් එය Toe in ලෙස සලකනු ලබන අතර රෝද ඉදිරියෙන් ඈත්ව පිහිටයි නම් එය Toe out ලෙසද සලකනු ලබයි. ඉහත රූපසටහනින් එය වඩාත් පහැදිලිවේ. රථයක් ධාවනය වීමෙදී රෝද සමාන්තරව පැවතිය යුතුය. නමුත් රථයක් නවතා තබා ඇති අවස්ථාවක එහි රෝද සමාන්තරව පිහිටවනු ලැබුවහොත් එම රථය ධාවනයෙදී Suspension System එක හා සම්බන්ධිතව පවතින රබර් කොටස් හේතුවෙන් එම රථයේ රෝද Toe in හෝ Toe out ආකාරයේ පිහිටීමකට ලක්වේ. මෙලෙස රෝද ඈත්වීම හෝ සමීප වීම තීරණය වනු ලබන්නේ රථයට එලැවුම ලබාදෙන්නේ ඉදිරි රෝදයන්ගෙන්ද, පසුපස රෝදයන්ගෙන්ද යන්න මත සහ Suspension System එකෙහි සැකැස්ම මත වේ. එබැවින් එයට අනුරූපව රෝදයේ සිදුවන වෙනස්වීම වලක්වාගතයුතු වේ. එබැවින් යම් රථයක් ධාවනය වීමෙදී එහි Toe out එකක් නිර්මාණය වීමක් සිදුවන්නේ නම් එය වලක්වා ගැනීම සදහා එනම් ධාවනයෙදී රෝද සමාන්තරව පවත්වා ගැනීම සදහා එම රථය නවතා ඇති අවස්ථාවේදී රෝද Toe in ආකාරයට සැකසීම සිදුකරනුලබයි. එලෙසම රථයක් ධාවනය වීමෙදී එහි Toe in එකක් නිර්මාණය වීමක් සිදුවේනම් එය වලක්වා ගැනීම සදහා එනම් ධාවනයෙදී රෝද සමාන්තරව පවත්වා ගැනීම සදහා එම රථය නවතා ඇති අවස්ථාවේදී රෝද Toe out ආකාරයට සැකසීම සිදුකරනු ලබයි. එබැවින් Toe in හෝToe out අගය නිෂ්පාදකයා ලබදී ඇති අගයේ පවත්වා ගැනීම ඉතාම වැදගත් වේ.
එමෙන්ම එක් රෝදයක Toe අගය Individual Toe ලෙසද රෝද දෙකෙහිම අවසාන Toe අගය Total Toe ලෙසද සලකනු ලබයි.

* King Pin Inclination Angle / Steering Axis Inclination Angle (SAI)

රියදුරා විසින් සුක්කානම ක්‍රියාත්මක කිරීමේදී රෝදයෙහි හැරවීම සිදුවන්නා වූ අක්ෂය හා පොළවට ලම්භක තලය අතර ඇති කෝණය King Pin Inclination Angle / Steering Axis Inclination Angle (SAI) නමින් හදුන්වයි. මෙම හැරවුම් අක්ෂය පොළවට ලම්භකව නිර්මාණය නොකරන අතර මෙලෙස යම් ආනතියක් සහිතව පිහි‍ටුවා ඇත. රථය ධාවනය වන අවස්ථාවකදී සුක්කානම හැරවීමෙන් පසු නැවතත් සුක්කානම මුල් පිහි‍ටුමට ස්වයංක්‍රියවම ගෙන ඒම මෙම කෝණය මගින් සිදුකරන ප්‍රධානම කාර්‍යය වේ. එමෙන්ම රථයක පවතින ප්‍රබලම කෝණය මෙය වන අතර එයට හේතුවනම් රථයේ බර මෙම කෝණය වෙත ක්‍රියත්මකවීම වේ. (මෙම කෝණයේ ක්‍රියාකාරීත්වය ප්‍රායෝගිකව නිරීක්ෂණය කලහැකි අවස්ථාවක් නම් රථය නතරකොට සුක්කානම එක්දිශාවකට හැරවීමේදී රථයේ ඉදිරිකොටස ක්‍රමානුකූලව ඉහලට එසවෙන ආකාරය දැකගත හැක).

* Included Angle

Included Angle යනු King Pin Inclination Angle / Steering Axis Inclination Angle (SAI) සහ Camber Angle යන කෝණයන් දෙකෙහි එකතුව වේ. ප්‍රබල අනතුරකින්පසු Alignment කෝණ නිවැරදිව සැකසීම සදහා මෙම අගයන් වැදගත් වේ.

* Caster Trail / Caster Offset

Caster Trail හෙවත් Caster Offset යනුවෙන් හදුන්වනු ලබන්නේ Caster කෝණය ක්‍රියාත්මක කරණු ලබන රේඛාව පොළොව හා ස්පර්ෂ වන ස්ථානය, රෝදයේ පොළොව හා ස්පර්ෂවන ස්ථානයේ මධ්‍ය ලක්ෂයට අති දුර වේ. Caster කෝණය වැඩි වනවිට Caster Trail / Caster Offset අගයද වැඩි වේ.

* Scrub Radius

Scrub Radius යනුවෙන් හදුන්වනු ලබන්නේ පොළොව මතුපිටදී, එනම් ටයරය පොළොව හා ස්පර්ෂ වන ස්ථානයේදී King Pin Inclination / Steering Axis Inclination (SAI) කෝණය සාදනු ලබන රේඛාවත් Camber කෝණය සාදනු ලබන රේඛාවත් අතර පවතින දුර වේ. මෙහි ඇති වැදගත්කම නම් රෝදය හැරවීමෙදී රෝදය ගමන් කරනු ලබන්නේ මෙම දුර අරය කරගත් පථයක වීමයි. මෙම Scrub Radius අගය ප්‍රධන ආකාරයන් තුනකින් පවතී. එනම් පොළොව මතුපිටදී රේඛා දෙක අතර දුරක් පවතී නම් එය Positive Scrub Radius යනුවෙන්ද, රේඛා දෙක පොළොව මතුපිටදී හමුවේ නම්, එනම් රේඛා දෙක අතර දුරක් නොමැති නම් එය Zero Scrub Radius යනුවෙන්ද, මෙම රේඛා දෙක පොළොවට ඉහලින් හමුවේ නම් එය Negative Scrub Radius යනුවෙන්ද හදුන්වයි.

* Turning Angle of the Front Wheel / Toe Out on Turns

රථයක රෝද හැරවීමේදී එම රෝද හැරවෙනුයේ සමාන්තරගතව නොවේ. එයට හේතුව නම් රථයක් එකම ලක්ෂයක් වටා හැරවීමට නම් එම රථයේ රෝද සියල්ලම එම ලක්ෂය වෙත කේන්ද්‍රගත විය යුතුය. මෙලෙස රෝද සියල්ලම එකම ලක්ෂයක් වටා කේන්ද්‍ර ගත වීමට නම් වංගුවකදී, වංගුව ඇතුළු පැත්තේ රෝදය වැඩිපුර හැරවීමක් සිදුකිරීම අවශ්‍යය වේ. මෙම හැරවීමේ අගය ඉතාම නිවැරදිවිය යුතුය. මෙලෙස වංගුව ඇතුළු පැත්තේ රෝදයේ වැඩිපුර හැරවීම සෑම කෝණයක් සදහා ම නිවැරදිව සිදුකිරීම සදහා ackerman principle නම් යාන්ත්‍රණයක් භාවිතා කර ඇත. මෙම ackerman යාන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක වන්නේ දැයි මැන බැලීමක් මෙලෙස Alignment පරික්ෂාවක්දී Turning Angle of the Front Wheel / Toe Out on Turns මැනීමෙන් සිදුකරනු ලබයි.

* Set Back

වම් පස හා දකුණු පස රෝද එකම රේඛාවක නොපිහිටීම Set back යනුවෙන් හදුන්වයි.මෙලෙස Set back අගයෙහි වෙනස්වීම මත Wheel base අගයෙහිද වෙනස්වීම් සිදුවේ. සාමාන්‍යයෙන් මෙම Set back අගය උපරිම වශයෙන් පැවතිය හැක්කේ 12 mm පමණ වන අතර එය 0 mm වන්නේ නම් වඩා නිවැරදි වේ.

* Thrust Angle

ඉදිරි පස හා පසුපස රෝද එක එල්ලේ නොපිහිටන අවස්ථාවක දී Thrust Angle එකක් නිර්මාණය වේ. එවිට රථය පැත්තකට ඇදීමක්ද සිදුවිය හැක. එබැවින් Alignment සැකසීමේ දී Thrust Angle එක ගැනද සැලකිලිමත් වීම වැදගත්වේ.

* Side Slip

මෙම Side Slip අගය මැන බැලීම සදහා විශේෂිත වූ උපකරණයක් අවශ්‍යයවේ. එය Side Slip Tester යනුවෙන් හදුන්වනු ලබයි. යම් හෙයකින් රථයක් පැත්තට අදින්නේ නම් එය පැත්තට අදිනු ලබන ප්‍රමාණය මෙමගින් මැනගත හැක. එය m/Km හෝ mm/m යන ඒකකයන්ගෙන් මැනගත හැක.

29/07/2024

RS.1500 අඩුම මිල
engine konck sound test

📦(Cash On DeliveryAvailable
ඇණවුම් කරන ආකාරය :-
inbox mg ekak danna
නම :
ලිපිනය :
දුරකථන අංකය

contact number whtsapp only 0728061573

21/02/2024

auto Ac diagram

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Category

Address


Colombo
01