03/02/2025
අමා මහ නිවනින් සැනසේවා 🙏🙏🙏
Give, even if you only have a little. (Buddha)
03/02/2025
අමා මහ නිවනින් සැනසේවා 🙏🙏🙏
14/08/2024
සුසීමාරාම ප්‍රජා සේවා පදනම විසින් ඉදිකරනු ලබන හයවන නව නිවස සඳහා පසුගිය ජූලි 19 වැනිදා ආනපල්ලම, 4 කනුව, වැල්ලවාය යන ප්‍රදේශයේදී මුල්ගල් තැබුවා.
මේ සඳහා පූර්ණ දායකත්වය රමණි කඳනාරච්චි මහත්මිය සහ එස්. කේ. වීරසිංහ මහත්මයා යන දෙපළ විසින් ලබා ගත්තා.
වීරසිංහ මහත්මයාගේ සුරතින් එම නිවස සඳහා මුල්ගල් තැබීම සිදුකලා.
නව නිවසේ හිමිකරුවන්
රෝශනී මිය...
සැමියා -කුලීවැඩ..(ගඩොල් කැපීම්)
දරුවන් දෙදෙනෙක් සිටී. 3 වෙනියා ලැබීමට ගර්භනීව සිටී
විශස්ත්වය..👉👉සිය සැමියාගේ සහදරයාගේ ගැහැනු දරුවා...(මව හැර ගිස් ඇත) රැක බලා ගන්නේද මෙම මව සහ පියා විසිනි...
මොවුන්ගෙ පෙර නිවස (02) කුප්පි ලාම්පුවක් පෙරලී ගිනිගෙන විනාශ වීම නිසා..ඔවුන්ගෙ මහ ගෙදරට (ආසන්නයේම) පදිංචි වි සිටී..එහි ඔවුන්ගේ පියා පමණක් සිටී...
ඔවුන් ට හිමි ඉඩම පියා විසින් වෙන්කර දී ඇත...
*මෙම උතුම් පුණ්‍යකර්මය වීරසිංහ මහත්මයාට සහ රමණි මහත්මියට චතුරාර්ය සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා ! 🙏🙏🙏
සියලු දෙනාම දැකබලා අනුමොදන් වේවා ! 🙏🙏🙏
29/12/2023
පොල්ගස්ඕවිට, රිළාවල සුසීමාරාම විහාරාධිපති අති ගෞරවණීය රාජකීය පණ්ඩිත සේදවත්තේ පඤ්ඤාවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සංකල්පයකට අනුව උන්වහන්සේගේ අනුශාසකත්වයෙන් "සුසීමාරාම ප්‍රජාසේවා පදනම" විසින් ඉදිකරනු ලැබූ 3 වන නව නිවස විවෘත කර වැල්ලවාය වෙහෙරයාය සිරිපුරගම ඩී.එම්. අකිල තරංග මහත්මා ඇතුලු එම දරු පවුල වෙත ලබා දීම සහ
4 වන නව නිවස සඳහා මුල්ගල් තැබීමේ කටයුතු දෙසැම්බර් 28 වන දින උදෑසන අති ගෞරවනීය මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද සිදුකරනු ලැබුවා.
මෙවර මෙම 4 වන නව නිවසේ හිමිකරු තණමල්විල, හම්බෙගමුව, අළුත්වැව කේ.ජී. සමන් කුමාර මහත්මා ඇතුලු එම දරු පවුලයි.
ඔවුන් දරුවන් දෙදෙනෙක්ගෙන් සමන්විත පවුලකි.
මේ සඳහා සියලු ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධීකරණ කටයුතු ද ඇතුලුව අනෙකුත් අඩුපාඩු සපයමින් "වැල්ලවාය නැනසවිය පදනම" අප හා ඒකාබද්ධව මෙම නිවාස ව්‍යාපෘතිය සාර්ථකව සිදුකරනු ලබයි.
මේ සඳහා දායකත්වය දැක්වූ සියලු දෙනාට සහ දැකබලා අනුමෝදන් වන සියලුම දෙනාට ද මේ උතුම් පුණ්යකර්මයෝ සසර දුක නිවීම පිණිසම හේතු වාසනා වේවා !!! 🙏🙏🙏
24/05/2023
සුසීමාරාම ප්‍රජාසේවා පදනම විසින් ඉදිකිරීමට නියමිත 3 වන නව නිවස සඳහා මුල් ගල් තැබීම මැයි මස 15 වන සඳදා දින උදෑසන අති ගෞරවනීය මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද සිදුකරනු ලැබුවා.
මෙවර මෙම නව නිවසේ හිමිකරු වැල්ලවාය වෙහෙරයාය සිරිපුරගම ඩී.එම්. අකිල තරංග සහ කේ.එම්. අයේශා උමයංගනී යන මහත්ම මහත්මීන් දෙපලයි. ඔවුන් දරුවන් තිදෙනෙක්ගෙන් සමන්විත පවුලකි.(වැඩිමහල් පුතා සහ දියණියන් දෙදෙනෙක්)
මේ සඳහා සියලු ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධීකරණ කටයුතු ද ඇතුලුව අනෙකුත් අඩුපාඩු සපයමින් "වැල්ලවාය නැණ සවිය පදනම" අප හා ඒකාබද්ධව ක්‍රියා කරයි.
03/05/2023
අපේ "ශ්‍රී සරණංකර දහම් පාසල" සහ අවට දහම් පාසල් ද නියෝජනය වන ලෙස
සමෘද්ධි සංවර්ධන නිළධාරීන් හරහා නිසි පරිදි තෝරාගත්
දහම් පාසල් ළමුන් සඳහා ශිෂ්‍යත්ව ප්රදානය කිරීම (මාසිකව රු.3,000/- බැගින්) සහ පාසල් උපකරණ බෙදා දීම
සුසීමාරාම විහාරස්ථ "ප්‍රජාසේවා පදනමේ" මූලිකත්වයෙන් සහ ශ්‍රී සරණංකර දහම් පාසල් ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනුග්‍රාහකත්වයෙන්
අප්‍රේල් 30 වන ඉරුදින ඉතාම සාර්ථකව සිදුකිරීමට අපට හැකියාව ලැබුනා.
මේ සඳහා නන් අයුරින් උදව් උපකාර කල සැමට බෙහිවින්ම ස්තුතියි 🙏
12/09/2022
2022 අගෝස්තු මස 27 වන දින මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, තෙළුල්ල ප්‍රදේශයේ චාමර මහත්මාගේ දරු පවුල සහ සශිකලා මහත්මියගේ දරු පවුල වෙනුවෙන් ඉදිකරන ලද නව නිවාස දෙක,
"සුසීමාරාම ප්‍රජාසේවා පදනම" හි අනුශාසක ගෞරවණීය සේදවත්තේ පඤ්ඤාවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සුරතින් විවෘත කර ඔවුන් වෙත භාර දෙන ලදී.
(මෙහි සියලුම සම්බන්ධීකරණ සහ ඉදිකිරීම් කටයුතු වැල්ලවාය "නැණ සවිය පදනම" මගින් සිදුකරන ලදී)
12/09/2022
චාමර මහත්මාගේ දරු පවුල සහ සශිකලා මහත්මියගේ දරු පවුල වෙනුවෙන් ඉදිවෙමින් පවතින නව නිවාස දෙක.
(සියලුම ඉදිකිරීම් හා සම්බන්ධීකරණ කටයුතු වැල්ලවාය නැණසවිය පදනම මගිනි)
19/06/2022
2022 මැයි මස 09 වන දින වැල්ලවාය තෙළුල්ල ප්‍රදේශයේ ඉදිකරන නිවාස දෙක සඳහා,
මුල් ගල් තැබීම සහ අත්තිවාරම් කැපීම
"සුසීමාරාම ප්‍රජාසේවා පදනම" හි අනුශාසක ගෞරවණීය සේදවත්තේ පඤ්ඤාවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. (මෙහි සියලුම ඉදිකිරීම් කටයුතු වැල්ලවාය "නැණ සවිය පදනම" මගින් සිදුකරනු ලැබේ)
19/06/2022
2022 අප්‍රේල් මස 11 වන දින වැල්ලවාය තෙළුල්ල ප්‍රදේශයේ,
නිවාස දෙකක් ඉදිකරදීම සඳහා සුදුසු පවුල් දෙකක් තෝරාගැනීම සහ තෝරාගත් නිවාස දෙක ඉදිකිරීමට
රු. ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කිරීම
"සුසීමාරාම ප්‍රජාසේවා පදනම" හි අනුශාසක ගෞරවණීය සේදවත්තේ පඤ්ඤාවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.
(මෙහි සියලුම සම්බන්ධීකරණ හා ඉදිකිරීම් කටයුතු වැල්ලවාය "නැණ සවිය පදනම" මගින් සිදුකරනු ලැබේ)