Information Technology Resources Development Authority

Information Technology Resources Development Authority

Share

ITRDI was established under a special statue of the Western Provincial Council in the year 2000.

Information Technology Resource Development Authority is one of the leading government information technology institute established to cater the ICT needs of Western Provincials Public Sector Organizations Since inception, it has functioned as the main IT training hub of the Western Province Council and has trained thousands of WPC employees in Information Technology. With the recent revival of th

Photos from Information Technology Resources Development Authority's post 04/04/2025

ගරු ආණ්ඩුකාරතුමන්ගේ සංකල්පයකට අනුව බස්නාහිර පළාත ඩිජිටල්කරණය කිරීමේ මූලෝපාය (Digitalization Strategy of WPC) ක්‍රියාවට නැංවීමේ ක්‍රමවේද පිළිබඳව පළාත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා එක් දින වැඩමුළුව 2025.04.03 දින පළාත් සභා ගොඩනැගිල්ලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ගරු ආණ්ඩුකාරවර හනීෆ් යූසුෆ් මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

පුහුණු වැඩසටහන සඳහා සම්පත් දායකත්වය වසන්ත දේශප්‍රිය මහතා (සභාපති - ITRDA), සමන්ති සේනානායක මෙය (අති. ලේකම් - අධ්‍යාපන අමාත්‍යංශය, වෘත්තීය පුහුණු) සහ දිනුක පෙරේරා (ප්‍රධාන විධායක නිලධාරී - LankaPay) යන මහත්ම මහත්මීන් විසින් සිදුකරන ලදී.

මෙම පුහුණු වැඩමුළුව බස්නාහිර පළාත් තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරිය සහ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු) ඒකකය ඒකාබද්ධව සංවිධානය කල අතර නිලධාරීන් සියයකට වැඩි පිරිසක් සහභාගි විය.

Photos from Information Technology Resources Development Authority's post 02/01/2025

2025 නව වසරේ පළමු දින 25.01.01 රාජකාරී අරඹමින් නව රජය විසින් හඳුන්වා දුන් ක්ළීන් ශ්‍රී ලංකා "CLEAN Sri Lanka" ව්‍යාපෘතියට සමගාමීව, ජාතික ධජය එසවීම, රාජ්‍ය ප්‍රතිඥාව ලබාදීම, මරදාන (සංඝරාජ) තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරි පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා අප අධිකාරියේ සභාපති, වසන්ත දේශප්‍රිය මහතා,
මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලය සහභාගි විය.

31/12/2024

ලැබුවා වූ 2025 නව වසර, ලක්වාසී ඔබ සැමට සියලු සිතුම් පැතුමන් ඉටුවන සෞභාග්‍යමත් අනාගතයක් කරා පියනගන සුභ නව වසරක් වේවා .....!!!

We wish you a happy New Year 2025, Towards prosperous future. May all your dreams come true....!!!

Best Wishes 🙏 From
Team ITRDA

Photos from Information Technology Resources Development Authority's post 19/12/2024

ජාතික විද්‍යා පදනම (National Science Foundation) විසින් සංවිධානය කළ එක් දින පරිගණක වැඩමුළුව " Workshop on Data Collection and Analysis for Social Work" 2024 දෙසැම්බර් මස 18 වන දින තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරි පරිශ්‍රයේදී පැවැත්විණ. මේ සඳහා තිඹිරිගස්සාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සම්බන්ධ වූ අතර දත්ත රැස්කිරීම හා විශ්ලේෂණය පිළිබඳ කුසලතා වර්ධනය Excel, Word and Google Forms යෙදුම් ආශ්‍රිතව සිදුකෙරිණි.

මෙම වැඩ මුළුව සඳහා නිලධාරීන් පනස් දෙනෙකු සම්බන්ධ වූ අතර ඒ සඳහා සම්පත් දායකත්වය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය දිලිපා ඇඳගමගේ මහත්මිය සහ Google Forms භාවිතය පිලිබඳ ආරාධිත දේශනය බ.ප. තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ (පුහුණු) වී. කේ. මෙන්ඩිස් මහතා විසින් සිදුකෙරිණි.

17/12/2024

Mr. Wasantha Deshapriya has been appointed as the Chairman of the Information Technology Resources Development Authority (Western Province) from December 2024.

Mr. Deshapriya received a BSc. (Hons) Degree from the University of Kelaniya, Sri Lanka, in 1982. He has been awarded a Postgraduate Diploma in Computer Technology from the University of Colombo and MSc. Degree from the University of Reading, UK.

Mr. Deshapriya, a Retired Sri Lanka Administrative Service (Special Grade) officer with 35 years of Public Sector experience, has been extensively involved in government computerization projects for over 30 years.

He has been enriched with professional experience in holding executive positions in various government organizations.
Senior Assistant Secretary (IT), Ministry of Public Administration in 1998-2003,
Director: Re-engineering Government Programme, ICTA – 2003-2015
Director General, SLIDA and Chairman of DLC – 2015
Secretary, Ministry of Telecommunication, Digital Infrastructure and Foreign Employment
External Consultant, SLIDA, UNDP, DMMC – 2018 onwards
Chairman, ITRDA, Dec 2024 onwards

🙏 We Warmly Welcome You Sir !!! - Team ITRDA

Photos from Information Technology Resources Development Authority's post 17/12/2024

A Special Training Programme has been organized to the Executive Officers of the Colombo Municipal Council on the "ICT and E-Government for the Executives"
This Programme has designed as per the request of Director (HRD) of CMC Training Division. 40 no. of Executive Grade officers from CMC Participated for the Training.

Day 1 Session on "Information Systems" facilitated by Ms. Samanthi Senanayake, Additional Secretary (Vocational Training) , Ministry of Education.

The Session on "Information Security & Cyber Security" facilitated by Mr. Viraj Kariyapperuma, Programme Manager (GRC), Sri Lanka CERT, and Ms. Thinuri Thissera, Associate Information Security Engineer, SLCERT.

The programme commenced on 12th December 2024 at ITRDA premises.

Photos from Information Technology Resources Development Authority's post 10/12/2024

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ කළමනාකරන හා සංවර්ධන පුහුණු ඒකකයේ (MDTU) සංවිධානය සහ අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත් රාජ්‍ය ආයතනයන්හි පරිගණකගත වැටුප් සැකසීමේ නියැලෙන නිලධාරීන් වෙනුවෙන් පවත්වන ලද training on government payroll system තෙදින පුහුණු වැඩසටහන 2024 දෙසැම්බර් මස 4,5 සහ 6 යන දිනයන්හි අප අධිකාරියේ පරිගණක විද්‍යාගාර ආශ්‍රිතව සිදු කරන ලදී.

මෙම පුහුණු වැඩසටහන සඳහා රාජ්‍ය නිලධාරීන් 50 දෙනෙකු සම්බන්ධ වූ අතර සම්පත් දායකත්වය මුදල් අමාත්‍යංශයේ විශ්‍රාමික අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන R T S L ජයසිංහ මහතා විසින් සිදු කෙරිණි. මෙහිදී එම පද්ධතිය ආශ්‍රිත ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා ගැටලු සඳහා විසඳුම් ලබාදීමද සිදුකෙරිණි.

Photos from Information Technology Resources Development Authority's post 06/12/2024

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය සඳහා විශේෂයෙන් සැලසුම් කරන ලද Online Video Conferencing (zoom) යෙදුම පරිහරණය පිළිබඳ වැඩසටහන 2024 දෙසැම්බර් 06 දින බත්තරමුල්ල පිහිටි එම ආයතන පරිශ්‍රයේදී විමර්ශන සහ තාක්ෂණ නිලධාරීන් සඳහා පවත්වන ලදී.

මෙහිදී zoom යෙදවුම භාවිතයෙන් සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි විමසීම, ශ්‍රව්‍ය හා දෘශ්‍ය පටිගත කිරීම්, රහසිගත සාක්ෂි උපස්ථ කිරීම් හා ඒ ආශ්‍රිත නව මෘදුකාංග හ ක්‍රමවේද හඳුන්වාදීමත් ඒ හා සම්බන්ධ තාක්ෂණ ගැටළු සඳහා විසදුම් හා විකල්ප ක්‍රියාමාර්ග ඉදිරිපත් කරමින් Video Conferencing for Witness Protection පිළිබඳ දැනුවත් කිරීම් සිදු කෙරිණි.

Photos from Information Technology Resources Development Authority's post 04/12/2024

බස්නාහිර පළාත් රාජ්‍ය සේවකයන්ගේ පරිගණක දෘඩාංග හා මෘදුකාංග නඩත්තු කිරීම හා යාවත්කාලීන කිරීම විධිමත් අයුරින් සිදුකර ගැනීම අරමුණු කර ගනිමින් සංවිධානය කළ C207- certificate in computer hardware. software and PC maintenance පස් (05) දින තොරතුරු තාක්ෂණ පුහුණු වැඩසටහන 2024 දෙසැම්බර් මස 20 වන දින සිට පුරා දින පහක් මුළුල්ලේ අප අධිකාරී පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම පුහුණු වැඩසටහන සඳහා අමාත්‍යංශ, දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂගේ විශේෂ ඉල්ලීම පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් සභාවට අයත් රෝහල් වල සේවයේ නියුතු කාර්ය මණ්ඩලය අතුරින් රෝහල් අංශ බොහෝමයක් නියෝජනය වන පරිදි තෝරාගත් වෛද්‍යවරුන්, හෙද නිලධාරී මහත්ම මහත්මීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ඖෂධවේදීන්, පරිපාලන නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ හෙද සහයකයන් ඇතුළු 35 දෙනෙකු හදිසි පරිගණක බිඳ වැටීම් සේවා සිදු කිරීම සඳහා පුහුණු කිරීමට කටයුතු කරන ලදී.

පුහුණුව සාර්ථකව නිමකළ නිලධාරීන් සඳහා සහතික පත්‍ර බෙදාදීම 2025 දෙසැම්බර් 04 දින අධිකාරියේ පුහුණු අංශ ප්‍රධානී, සහකාර අධ්‍යක්ෂ වී. කේ. මෙන්ඩිස් මහතා අතින් සිදු කෙරිණි.

Photos from Information Technology Resources Development Authority's post 15/11/2024

බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් මෙහෙයවනු ලබන බස්නාහිර පළාතේ ව්‍යවසායකයන් 800ක් බිහිකිරීමේ ව්‍යාපෘතියට සමගාමීව ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ ශිල්පීය කුසලතාව වැඩිදියුණු කිරීම සඳහා බස්නාහිර පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අනුග්‍රහකත්වයෙන් සංවිධානය කෙරුණු Desktop සහ Laptop යන්ත්‍ර අලුත්වැඩියාව සහ නඩත්තුව පිළිබඳ ව පස් දින වැඩමුළුව අප අධිකාරි පරිශ්‍රයේදී නොවැම්බර් 6 සිට 12 වන දින දක්වා සාර්ථකව පැවැත්විණි.

👉 මෙම වැඩසටහන සඳහා පුහුණුලාභීන් 30 ක් සහභාගි වූ අතර ඔවුන් සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතව ප්‍රවීණ පලපුරුදු සම්පත්දායකයන් මගින් දේශන සහ ක්‍රියාකාරකම් සිදුකෙරිණි

Photos from Information Technology Resources Development Authority's post 14/11/2024

බස්නාහිර පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ව්‍යවස්ථාපිත ආයතනවල රාජ්‍ය නිලධාරීන්ගේ සහ ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය සේවා කාර්යාල සේවක මඩුල්ල වෙනුවෙන් සංවිධානය කරන ලද පරිගණක ජාලගත කිරීම හා නඩත්තුව පිළිබඳ කුසලතාව වැඩි දියුණු කිරීම සඳහා වූ C221 - Certificate in Computer Networking Fundamental පුහුණු වැඩසටහන 2024.10.22 දින සිට 2024.11.07 දින දක්වා පුරා දින 5ක් මුළුල්ලේ අධිකාරි පරිශ්‍රයේදී පැවැත්වූ අතර, වැඩසටහන සාර්ථකව නිමකල පලාත් රාජය්‍ය නිලධාරීන් සඳහා සහතිකපත් ප්‍රදානය 2024.07.31 දින සහකාර අධ්‍යක්ෂ (පුහුණු) ගේ මුලිකත්වයෙන් අධිකාරි පරිශ්‍රයේදී සිදුකෙරිණි.

Photos from Information Technology Resources Development Authority's post 14/11/2024

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (Sri Lanka Medical Council) කාර්ය මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කරන ලද දෙවන පුහුණු වැඩසටහන ලෙස Advance MS EXCEL පුහුණු වැඩසටහන 2024 ඔක්තෝබර් 08 සහ 10 යන දෙදින අප අධිකාරි පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්විණි.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඉල්ලීම මත සිදු කරන ලද පුහුණු උපදේශන වැඩසටහනක් ලෙස පැවැත්වූ අතර ඒ සඳහා නිලධාරීන් විසි නම (29) දෙනෙකු සහභාගි විය.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Sri Sangaraja Mawatha, Colombo 10
Colombo
00010

Opening Hours

Monday 08:00 - 04:30
Tuesday 08:00 - 04:30
Wednesday 08:00 - 04:30
Thursday 08:00 - 04:30
Friday 08:00 - 04:30