Waste Management Authority - Western Province

Waste Management Authority - Western Province

Share

දැක්ම
බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණයේ සංකේතය බවට පත් වීම

27/03/2026

අපද්‍රව්‍ය වෙන් කර බැහැර කරමු...

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරියේ පණිවිඩයකි.

24/03/2026

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ පණිවිඩයකි...



11/03/2026

One careless decision can harm our environment. Let’s manage waste responsibly and protect our future.....🍃


05/03/2026

🌿 පිරිසිදු පරිසරයක් අපේ දරුවන්ට අපි දෙන වටිනාම තෑග්ගයි. ♻️

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ පණිවිඩයකි.
🌱♻️

23/02/2026

අපි වින්ද සොබා දහම ඊළඟ පරපුරටත් විදින්න ඉඩ දෙමු.

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරියේ පණිවිඩයකි.

13/02/2026

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ පණිවිඩයකි.



13/02/2026

පිරිසිදු රටක් ලස්සන ජීවිතයක් වෙනුවෙන් ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය අවම කරමු.

පරිසරයට හිතකාමී, නැවත භාවිතයට ගතහැකි විකල්ප තෝරමු.

අද අපේ තීරණය, හෙට පරපුරක් ආරක්ෂා කරයි...

04/02/2026

🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
ඉඳුල් අපද්‍රව්‍ය අවම කරමින් අනාගත පරපුරට නිදහස්, පිරිසිදු ශ්‍රී ලංකාවක් උරුම කරමු.

04/02/2026

🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
පොලිතීන් හා අපද්‍රව්‍ය නිසි කළමනාකරණය කර අනාගත පරපුරට නිදහස්, පිරිසිදු ශ්‍රී ලංකාවක් උරුම කරමු.

03/02/2026

අවශ්‍යතාවයට වඩා ගන්නා සෑම කෑම කැබැල්ලක්ම අවසානයේ අපද්‍රව්‍යයක් බවට පත්වෙයි. ඉදුල් අපද්‍රව්‍ය අවම කරමින් වගකීම් සහිත පරිභෝජන සංස්කෘතියක් ගොඩනගමු.

පිරිසිදු පරිසරයක් සඳහා අප සියල්ලෝම එකතු වෙමු.

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය...

02/02/2026

ඊයෙ උදේ වුණ සිද්ධියක් හිතට තදින්ම වැදුණා.

ඊයේ උදේ 9ට විතර කුණු ට්‍රක් එකේ සද්දෙ ඇහුණා. ඒ වෙලාවෙම වගේ මං ගෙදරින් එළියට බැස්සෙ පොඩි වැඩකට එළියට යන්න කියලා. අපේ ගෙවල්වලට ගෙවල් දෙකක් විතර එහායින් ඉන්න ඇන්ටි කෙනෙක්
ලොකු කළු කුණු බෑග් එකක් ඇදගෙන මෙන්න මගෙ ඉස්සරහට එනවා.

“අදත් බරයි අනේ.”

හුස්මක් හෙලලා ඇන්ටි මං දිහා බලලා කිව්වා. බෑග් එක බරට ඇදීගෙන පාරේ ගැස්සි ගැස්සි යනවා. බෑග් එක මැද්දෙන් ටිකක් ඉරිලා. ඒකෙන් ඇතුළ පේනවා. බෑග් එක ඇතුළෙ
ඉතුරු බත්, ෂොපින් බෑග්, ප්ලාස්ටික් බෝතල්, වීදුරු කැබලි, බැට්‍රි කෑලි, ටිෂූ ...

හරියට නිකන් ජීවිතේ ඔක්කෝම ඉතුරු දේවල් එක බෑග් එකක් ඇතුළට දාලා වගේ. හිරවෙලා ඔක්කොම එකට. කුණු ට්‍රක් එකේ හිටපු මල්ලි කෙනෙක් එතකොට මෙහෙම කිව්වා.

“අක්කේ… මේ කුණු ටික වෙන් කරලා දෙන්න බැරිද? අපිට මේ එකක් ගානෙ වෙන් කර කර ඉන්න අමාරුයි."

ඇන්ටි හිනා වෙලා,

“අනේ ඒකට වෙලාවක් නෑ පුතා, අනික ඉතිං ඔක්කොම කුණු නේද?”

“ඔක්කොම කුණු නේද? ? ?”
ඒ වචන ටික ඇහුණම අමුත්තක් දැනුණා.

ඇත්තටම…
ඔක්කොම කුණුමද?

එක පාරටම බෑග් එක කැඩිලා බිමට වැටුණා.
ඉතුරු වුණු කෑම හැමතැනම විසි වුණා. ප්ලාස්ටික් බෝතලයක් රෝල් වෙලා කාණුවට ගියා. ඒ මදිවට වීදුරු කෑලි ගොඩක් පාර පුරා.

අර මල්ලි ඒවා එකතු කරන්න එතනට ගිය වෙලාවෙ එයාගෙ අත කැපුණා. ලේ පොඩ්ඩක් බිමට වැටුණා. මට හිතාගන්න බැරි ඒත් එයා හිනා වෙලා,

“කමක් නෑ අක්කේ…”

කියලා ආයෙමත් කුණු එකතු කරන්න ගත්තා. හරියට නිකන් එයාට ඒක පුරුදුයි වගේ. එක්කෙනෙක් කරන එක නොසැළකිලිමත් වැඩක් නිසා තව කෙනෙක්ගේ ලේ වැටෙන එක පුරුද්දක් වෙලා.

මේ අතරෙ පොඩි බල්ලෙක් අර කුණු බෑග් එකෙන් බිමට වැටුණු කෑම ටික කන්න යනවා. ඊට එහා පැත්තෙන් අම්මෙක්ගෙ අතේ එල්ලිලා යන පොඩි ළමයෙක් නාහෙ වහගෙන යනවා. එතන මහ අමුතු ගඳක්. අපිට නොදැනෙන හැබැයි ඒ ළමයාට හුස්ම ගන්න බැරි තරමෙ ගඳක්. එක මොහොතකට මට හිතුනා. අපි “කුණු” කියලා දාලා යන දේවල් ඇත්තටම කී දෙනෙක්ට ජීවිතේ ප්‍රශ්නයක් වෙලා ද?

එක බෑග් එකක්. හැබැයි ප්‍රශ්න ගොඩක්. මහ වෙලාවක් යන්නෙ නෑනෙ ඔය ටික වෙන් කරලා දාන්න විනාඩි 2යි යන්නෙ. හැබැයි ඒ විනාඩි 2ට පුළුවන් කෙනෙක්ව දවස පුරා වදයෙන් බේරගන්න.

කසළ වෙන් කරනවා කියන්නේ නීතියක් නෙවෙයි. ඒක අපි කොච්චර සදාචාරාත්මකද කියලා පෙන්නන දෙයක්. කෙනෙකුගේ අතක් බේරගන්න ක්‍රියාවක්. තව කෙනෙකුගේ දරුවෙකුට පිරිසිදු පාරක් දෙන තීරණයක්.

ඊයෙ උදේ දැක්ක ඒ බෑග් එක මතක් වෙද්දි
මට හිතුනේ එකම එක දෙයක් විතරයි…

“අද අපි වෙන් කරලා දාන කුණු හෙට දවසේ අපේම ජීවිතයම බේරගන්නවා.”

ඔයාලටත් මෙහෙම දේවල් වෙලා තියෙනවද? තියෙනවනම් පහළින් comment එකක් දාගෙන යන්න.

28/01/2026

ඉදුල් අපද්‍රව්‍ය අවම කරමු.

අවශ්‍යතාවයට වඩා
අපි බෙදා ගන්න එක් කෑම පිඟානක්…
අපිට නොදැනෙනුවත්වම
කසළ ගොඩක් බවට පත්ව
පරිසරයට බරක් වෙනවා නම්?

අද ඉවත දමන
ඉතිරි කෑම කැබැල්ලක්
හෙට දවසේ
කසළ ගොඩක් වෙලා
දුර්ගන්ධය,
පණුවන්,
අපවිත්‍ර පරිසරයක්
නිර්මාණය කරන බව
ඔබ සිතා බැලුවාද?

වෙනස්කමක් කරන්න
ලොකු දේවල් අවශ්‍ය නැහැ…

• අපද්‍රව්‍ය දිරාපත්විය හැකි, ප්‍රතිචක්‍රීකරණය කළ හැකි, දහනය කළ හැකි ලෙස කාණ්ඩ තුනකට නිසි ලෙස වෙන් කරමු.

• පොදු ස්ථානවල කසළ බැහැර කිරීමෙන් වළකිමු.

• ඔබේ අවට පරිසරය පිරිසිදුව තබා ගනිමු.

• ඝන අපද්‍රව්‍ය හෝ අප ජලය ජල කඳන්වලට බැහැර නොකරමු.

• අසල්වාසීන් අපද්‍රව්‍ය වැරදි ලෙස කළමනාකරණය කරන විට ඔවුන් දැනුවත් කරමු.

අවශ්‍ය තරමට පමණක් ගන්න. අවශ්‍ය තරමට පමණක් භාවිතා කරන්න. ආහාර අපතේ යාම අඩු කළොත් ඉදුල් අපද්‍රව්‍යත් අඩු වෙයි.

අපගේ දෛනික එක් කුඩා තීරණයක් පිරිසිදු පරිසරයකට ලොකු බලපෑමක් වේ.

ඉදුල් අපද්‍රව්‍ය අවම කරමු.
පිරිසිදු රටක් – ලස්සන ජීවිතයක්…
අප සැම එක්ව ගොඩනඟමු.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


MIHISARU Resource Management Centre, Thumbowila, Karadiyana, Piliyandala
Colombo
00204

Opening Hours

Monday 08:00 - 16:00
Tuesday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Thursday 08:00 - 16:00
Friday 08:00 - 16:00