ජය නියතයි

ජය නියතයි

Share

නිවැරැදි දේ නිවැරැදි ලෙසින් දකිමින්

14/10/2024

ඇසල මංගල්‍යය ගැන ලියන මට ලොක උරුම නගරය ගැන හා එහි නිර්නායක් ගැන ලියන්න සිතුනා

ලංකාවේ ලෝක උරුමයන් ලෙස නම් කරපු ස්ථාන කීයක් තිබේද ...?
9යි

ඒ 9 මොනවද ...?
▶️පොලොන්නරුව නගරය 1982
▶️සීගිරිය නගරය 1982
▶️අනුරාධපුර නගරය 1982
▶️ගාලු නගරය 1988
▶️ නුවර නගරය 1988
▶️සිංහරාජය 1988
▶️රන්ගිරි දඹුලු ලෙන් විහාරය 1991
▶️මධ්‍යම කඳුකරය
1988 ලෝක උරුම නගරයක් ලෙස යුනිස්කෝ සංවිධානය මගින් නම් කෙරුනු මහනුවර රාජධානිය මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව
රම්‍ය වූ ද මනහර වූ ද මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුවේ පළමුවන විමලධර්මසූරිය (1592-1604) රජතුමා විසිනි එතුමා ඉදිකර ශ්‍රී දළදා ශ්‍රී දළදා මාළිගාව පෘතුගීසි ආක්‍රමණයෙන් විනාශ කළහ.

එහි නටබුන් මත නව බුදු මැදුර ගොඩනඟා ඇති බව ක්‍රි.ව 1765 අඳින ලද මහනුවර මාලිගා මාලිගාවේ සංකීර්ණයේ බිම් සැලසුමකින් අනාවරණයවේ .

මට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදි කරනු ලැබ ඇත්තේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707-1739) රජුතුමාය .

ඉන්පසු රජ පැමිණි නානායක්කාර වංශික ද්‍රවිඩ රජවරු පවා ශ්‍රී දළදා මාලිගාව වැඩි දියුණු කොට ආරක්ෂා කළ බව කියවේ

කොහොමද මේ ලෝක උරුමයන් නම් කරන්නේ.?

🔆ස්පර්ශ කළ හැකි සහ ස්පර්ශ කළ නොහැකි යන දෙආකාරයේම උරුමයන්ගෙන් සංස්කෘතික උරුමය සමන්විත වේ. මෙම උරුමයන් ආරක්ෂා කිරීම සඳහා යුනෙස්කෝව වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. වඩාත්ම විශිෂ්ට ස්ථාන සුවිශේෂී විශ්වීය වටිනාකම් ඇති ලෝක උරුම ස්ථාන ලෙස යුනෙස්කෝව විසින් නම් කරනු ලැබේ.මේ වන විට, ස්ථාන 814 ක් සංස්කාතික උරුමයන් ලෙසද, ස්ථාන 203 ක් ස්වාභාවික උරුමයන් ලෙසද, ස්ථාන 35 ක් සංස්කෘතික සහ ස්වාභාවික උරුමය යන දෙආකාරයෙන්ම සමන්විත මිශ්‍ර උරුමයන් ලෙස ද ලෝක උරුම ස්ථාන 1052 ක් නම් කරනු ලැබ ඇත.

යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට යම් ස්ථානයක් තෝරා ගැනීමේදි අවධානයට ලක්වන කරුණු ගණනාවකි.
🔆එහි කැපී පෙනෙන විශ්වීය වටිනාකමක් තිබිය යුතුය.
🔆මුලික තෝරා ගැනීමේ නිර්ණායක 10න් එකක්වත් සපුරාලන්නට හැකි විය යුතුය. ඒවා නම්,

1.මානව නිර්මාණකරණ ඥානයේ විශිෂ්ටත්වය නියෝජනය කැරෙන අසහාය කලා කෘතියක් වීම;

2.උද්‍යාන අලංකරණය, නගර සැලසුම්කරණය, ස්මාරක ඉදිකිරීමේ කලාව, වාස්තු විද්‍යාව හෝ තාක්ෂණය යනාදී ක්ෂේත්‍රයක සංවර්ධනය උදෙසා, කාලාන්තරයක් මුළුල්ලේ හෝ ලෝකයේ කිසියම් සංස්කෘතිකමය කලාපයක් ඇතුලත හෝ මානව ගුණාංගවල සිදු වූ වැදගත් අන්තර් හුවමාරුවක් ප්‍රදර්ශනය වන ස්ථානයක් වීම;

3.වර්තමානයේ පවතින හෝ අතුරුදන්ව ගිය කිසියම් ශිෂ්ටාචාරයකට හෝ සංස්කෘතික සම්ප්‍රදායකට අසහාය අන්දමින් හෝ නැතහොත් අවම වශයෙන් විශේෂිත මට්ටමකින් සාක්ෂි දරන ස්ථානයක් වීම;

4.මානව ඉතිහාසයේ වැදගත් අවධියක ලක්ෂණ නිරූපණය කරන ගොඩනැගිලි වර්ගයක්, වාස්තු විද්‍යාත්මක හෝ තාක්ෂණික ඉදිකිරීමක් හෝ උද්‍යාන අලංකරණයක් සම්බන්ධයෙන් කැපී පෙනෙන උදාහරණයක් වීම;

5.පරිසරය සමග මිනිසාගේ අන්තර්ක්‍රියාව හෝ කිසියම් සංස්කෘතියක් හෝ නියෝජනය කරන සාම්ප්‍රදායික මානව ජනාවාසයකට, ඉඩම් පරිහරණයකට හෝ මුහුදු භාවිතයකට කැපී පෙනෙන උදාහරණයක් වූ යමක් විශේෂයෙන් අප්‍රතිකාරී වෙනසක හේතුවෙන් තර්ජනයට ලක් වූ තත්ත්වයක පැවතීම;

6.සිදුවීම් හෝ ජීවමාන සම්ප්‍රදායයන් සමඟ,අදහස් සමඟ හෝ විශ්වාසයන් සමඟ, විශිෂ්ට විශ්වීය වැදගත්කමක් සහිත කලාත්මක හෝ සාහිත්‍ය නිර්මාණ සමඟ ඍජුවම හෝ ස්පර්ශ කළ හැකි ආකාරයට සම්බන්ධව පැවතීම (මෙම නිර්ණායකය අනෙකුත් නිර්ණායක හා සම්බන්ධ කර යොදා ගැනීම වඩාත් යෝග්‍ය බව කමිටුව සලකයි)

7.විශේෂ ස්වභාවික සෞන්දර්යාත්මක වැදගත්කමක් ඇති ප්‍රදේශයක් හෝ අති උත්තම ස්වාභාවික සංසිද්ධියක් අන්තර්ගත ස්ථානයක් වීම;

8.වැදගත් හා රූපණ ලක්ෂණ හෝ භූමි රූප සංවර්ධනයේ වැදගත් භූ විද්‍යාත්මක ක්‍රියාවලියක හෝ ජීවයේ පැවැත්ම පිලිබඳ වාර්තා ඇතුලත්ව පෘථිවි ඉතිහාසයේ වැදගත් අවධියක් නිරූපණය කෙරෙන කැපී පෙනෙන උදාහරණයක් වීම;

9.සත්ත්ව හා ශාක ප්‍රජාව සහ ගොඩබිමෙහි ද මිරිදියෙහි ද වෙරළබඩ හා කරදියෙහි ද පරිසර පද්ධතීන්හි පරිණාමයේ සහ සංවර්ධනයේ වැදගත් පාරිසරික හෝ ජෛව විද්‍යාත්මක ක්‍රියාවලියක් නියෝජනය කරන කැපී පෙනෙන උදාහරණයක් වීම;

10.විද්‍යාත්මක හෝ සංරක්ෂණ දෘෂ්ටි කෝණයෙන් බැලු කල කැපී පෙනෙන විශ්වීය වටිනාකමක් ඇති, තර්ජනයට ලක් වූ විශේෂ දෑ ඇතුලත්ව, ජෛව විවිධත්වය හුන් තැනින්ම සංරක්ෂණය කිරීම සදහා වැදගත් වන ස්වාභාවික වාසභූමි ඇතුලත් ස්ථානයක් වීම;

🇱🇰 මේවා අතර, ශ්‍රී ලංකාවේ ස්ථාන අටක් යුනෙස්කෝ ලෝක උරුම ලෙස නම් කරනු ලැබ ඇත. ඒවා නම්,

චතුරංග බිමල් වික්‍රමසුරිය 🇱🇰

16/08/2021

ඇසළ සඳත් පින්බර වන, දිවමන් බුද්ධ ප්‍රාසාදය එළි වඩින
උත්තම සිරි දළදා පූජෝපහාරය 🙏🙏🙏

💛 🇱🇰

https://youtube.com/watch?v=avL1diubgZ4&feature=share

චතුරංග බිමල් වික්‍රමසුරිය
හා ගවේශක සමුහයේන්

13/05/2021

මාධ්ය නිවේදනය -2021.05.13

ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ “තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය” නිල වශයෙන් ජනපතිට භාර දෙයි ...

ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය (HEATED HUMIDIFIED OXYGEN THERAPY) ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්නේය.

කොවිඩ් 19 වසංගතය හමුවේ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, නවෝත්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තානාපතිවරයෙකු වන විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජේ මහතාගේ සංකල්පයක් අනුව මහාචාර්ය රනිල් ද සිල්වා සහ වෛද්‍ය තිලංක රත්නපාල මහතා ඇතුළු ප්‍රවීණ වෛද්‍ය කණ්ඩායමකගේ දායකත්වයෙන් උපකරණ කට්ටලය නිර්මාණය කර තිබේ.

පූර්ණ ආර්ධතාව සහිත අධි ධාරිතාවයකින් පාලන උෂ්ණත්ව ඔක්සිජන් වායුව ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට ලබාදීම මෙම උපකරණය මගින් සිදු කෙරේ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීමෙන් ගුවන් හමුදා අණ දෙන නිලධාරී ගෘප් කැප්ටන් ප්‍රසන්න මාටිනෝ මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා ඉංජිනේරු බලකායේ ගුවන් යානා නඩත්තු ඒකකය නිෂ්පාදන කටයුතු සිදු කළේය. සීමාවන්, ආරක්ෂිත අංග සහ කාර්ය සාධන ප්‍රමිතීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කරන ලද අතර, විදුලි ආරක්ෂණ ප්‍රමිති අනුකූලතාව මොරටුව විශ්ව විද්‍යාලය විසින් සනාථ කර තිබේ.

උපකරණයේ නිෂ්පාදන කටයුතු සඳහා ලක්ෂ 15ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තුගත කර තිබුණ ද ලක්ෂ 03 ක් වැනි අඩු මුදලකින් නිෂ්පාදන කටයුතු නිම කිරීම විශේෂත්වයකි.

දැනට උපකරණ කට්ටල 50 ක් නිෂ්පාදනයට සැලසුම් කර ඇති අතර සෞඛ්‍ය අංශවල අවශ්‍යතාව අනුව අඛණ්ඩව නිෂ්පාදන කටයුතු සිදු කෙරේ.

උපකරණයේ ක්‍රියාකාරිත්වය ජනාධිපතිතුමා වෙත හඳුන්වාදීම මෙහිදී සිදු කෙරිණ.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

📸 උපුටා ගැනීමකි

16/10/2020

දීකිරී...

දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි
දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි
පැටියා මෝරපු දෙණ ගෙන් ගත් කිරි
හොඳ හැටි උණු කොට හින්දාගත් කිරි
නැවුම් මුට්ටියේ වත්කල මේ කිරි
පණමට ලාබයි මං දෙන මේ කිරි
දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

කිරි විකුණාලා කාසි හොයන්නයි
අනාගතේ මාළිගා තනන්නයි
කුමාරයෙක් ගෙදරට කැන්දන්නයි
මුට්ටිය බිඳුනොත් ඔක්කොම ඉවරයි

දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

හිස මගේ දෙදරයි දෙපා රුදා දෙයි
රෑ වෙන්නට පෙර ගෙදරට යන්නයි
පණමේ කිරි ගෙන පිහිටක් වෙන්නයි
මගේ මංගල්ලෙට ඔහෙලත් එන්නයි

දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි
දීකිරි දීකිරි ගෙනාව දීකිරි
මිහිපිට කාටත් ගුණ දෙන දීකිරි

ප්‍රවීණ රංගන ශිල්පිණී අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි..
උතුම් නිවන් සුව ..

23/08/2020

සැෂේ පැකට්,ප්ලාස්ටික් හැඳි,පිඟන්,බීම බට,ජල බෝතල් ලබන වසරේ සිට තහනම්.

06/08/2020

ගාල්ල දිස්ත්‍රික්කය තැපැල් ඡන්දය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ - 27682
ජාතික සමගි ජන බලවේගය - 5144
එක්සත් ජාතික පක්ෂය - 1507
ජාතික ජන බලවේගය - 3135

Photos from ජය නියතයි's post 05/08/2020

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් තම ඡන්දය භාවිතා කරයි

05/08/2020

ඡන්ද දායකයින් - 16,263,885
අපේක්ෂකයින් - 7,452
දේශපාලන පක්ෂ - 40
ඡන්ද මධ්‍යස්ථාන - 12,984
පාර්ලිමේන්තු සභිකයින් 225 වෙනුවෙන් ඡන්දය පැවැත්වීම සදහා සූදානම්

05/08/2020

මහ මැතිවරණය 2020
පෙ.ව.10 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය.
කොළඹ 20%,
මාතලේ 25%,
කෑගල්ල 23%,
රත්නපුර 23%,
දිගාමඩුල්ල 06%,
කුරුණෑගල 25%

Photos from ජය නියතයි's post 01/08/2020
01/08/2020

කොළඹ හදන සටනට මම සූදානම් !

31/07/2020

කහවන් සුන්දර ඇහැල මලින් පරිසරයම කහ පැහැයෙන් බැබලූ සුන්දර ඇසළ මාසය පැවතුණේ 1983 වනතුරු පමණි.

1983 ඒ පාපතර කළු ජූලියේ ශාපයෙන් සොඳුරු ජූලියේ සටහන් වියැකී යද්දී අපට ඉතුරු වූයේ පාළු මුස්පේන්තු ජූලියකි.

එය තවදුරටත් 1989 ජූලි 31 වෙනිදා තහවුරු වුණි. එදා ඒ මූසල හෝරාවේ තවත් සොඳුරැ මිනිසෙකු අපගෙන් උදුරාගන්නා ලදී.

සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් එසේත් නැත්නම් කාටත් හිතවත් ප්‍රේම් එදින අපට, රටට හා ජාතියට අහිමි විය.

ඒ අදින් වසර 31 ට පෙරය. ඒත්
අදටත් එතුමා කළ විකුම් කළහැකි ජගතෙකු බිහිවී ඇතිද?

අපගෙන් පැහැර ගන්නාවිට 42වැනි වියේ පසුවූ එතුමා බිහිකළ නිර්මාණ සදා අමරණීය වෙද්දී අද එතුමා සිටියානම් බිහිවිය හැකිව තිබූ නිර්මාණ කන්දරාව ගැන හෝඩුවාවක් හෝ පැවසිය හැක්කේ කාහටද? දවසින් දවස පරිණතවන එතුමාට කෙතරම් නම් විශිෂ්ට නිර්මාණ අද දවසේ කලහැකිව තිබුණිද?

ඒත් එක් අමණයෙකුගේ වෙඩි උණ්ඩයක් මේ සියල්ල මොහොතින් නවතාලීය.








ආදරණීය ප්‍රේම්, ඔබ මරා දැමූ සිත්පිත් නැති ඒ අමනයාගෙන් මට අසන්නට දෙයක් නැත. එහෙත් වෙඩි පිට කළ තුවක්කුවේ, මම නුඹගෙන් මෙසේ අසමි

වෙඩි හඬට හුරුවූ නුඹේ කන් අඟුළු වැටුණිද ඒ රැයේ
ඔහු ලියූ දහසකුත් ගී වැල් ඇයි එදා නොඇසී ගියේ
මිනිස් සුවඳින් පිරුණු මිනිසෙකු නිහඬ කළ මූසල පැයේ
ගෙන්දගම් පුසුඹින් නාස් පොලු වැළැක්විද සෙනෙහේ ළයේ

පත්තුවූයේ ඇයිද නොදනිමි අසා නැතිවද ඔහු ගැන
සත්තකයි සඳ ගඟන සැඟැවිනි බලා සිටිනට බැරි තැන
දැක්කෙ නම් නුඹ අහිංසක රුව උණ්ඩ නොවිදියි පැන පැන
පින්න නොව තණ පලස වැසුවේ ඉනූ කඳුළිනි වැගි රුන

ගැලූ රුධිරය පහස ලද මිහි කතද හොඳටම වැලැපුණා
පලා ගිය සඳ දුකින් බරිතව වළා අතරෙම සැඟැවුනා
නිශාචර සියොතුන් නොලියැවෙන ගීත අසනට රොක්වුණා
සිනහ වියැකුණු විසල් හදවත අපෙන් ඈතට පියැඹුණා

-චන්දන ගුණසේකර-එක්සත් රාජධානිය

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address

Colombo