Ministry of Youth and Sports

Ministry of Youth and Sports

Share

Department of Sports Development
National Sports Council
National Youth Services Council
National Youth Corp

04/06/2026

මව්බිම වෙනුවෙන් මගේ උපරිමය කරන්න මම සූදානම්!" — රෝම ඩයමන්ඩ් ලීග් තරග බිමට පෙර රුමේෂ් තරංගගෙන් පණිවිඩයක්!

ලෝක ශ්‍රේණිගත කිරීම්වල 5 වැනි ස්ථානයට එන්න තමන්ට ශක්තියක් වුණු පුහුණුකරු, පවුලේ සැම, ක්‍රීඩා අමාත්‍යාංශය සහ ලොව පුරා සිටින ආදරණීය ලාංකීය ක්‍රීඩාලෝලීන්ට අපේ සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග සිය හදපිරි කෘතඥතාව පළ කර සිටිනවා.

අද (ජූනි 04) රාත්‍රී 10:40 ට පැවැත්වෙන රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී පපුවේ සිංහ කොඩිය ගහගෙන මව්බිම වෙනුවෙන් උපරිම දස්කම් දක්වන්නට සූදානම් අපේ ආඩම්බරකාරී ශූරයාට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ උණුසුම් සුබ පැතුම්!

தாய்நாட்டிற்காக எனது சிறந்த பங்களிப்பை வழங்க நான் தயாராக உள்ளேன்!" — ரோம் டயமண்ட் லீக் போட்டிக்கு முன்பாக ருமேஷ் தரங்கவின் செய்தி!

உலகத் தரவரிசையில் தான் 5ஆவது இடத்திற்கு முன்னேறுவதற்கு பக்கபலமாக இருந்த தனது பயிற்சியாளர், குடும்பத்தினர், விளையாட்டு அமைச்சு மற்றும் உலகெங்கிலும் உள்ள அன்புமிக்க இலங்கை விளையாட்டு ரசிகர்களுக்கு எமது முன்னணி ஈட்டி எறிதல் வீரர் ருமேஷ் தரங்க தனது மனமார்ந்த நன்றிகளைத் தெரிவித்துள்ளார்.

இன்று (ஜூன் 04) இரவு 10:40 மணிக்கு நடைபெறும் ரோம் டயமண்ட் லீக் போட்டியில் தேசியக் கொடியை ஏந்தி, தாய்நாட்டிற்காக தனது சிறந்த திறமையை வெளிப்படுத்த தயாராகி வரும் எமது பெருமைக்குரிய சாம்பியனுக்கு இளைஞர் விவகார மற்றும் விளையாட்டு அமைச்சின் மனமார்ந்த நல்வாழ்த்துக்கள்!

I am ready to give my absolute best for the motherland!" — A message from Rumesh Tharanga ahead of the Rome Diamond League tonight!

Sri Lanka’s star javelin thrower, Rumesh Tharanga, has expressed his heartfelt gratitude to his coach, family, the Ministry of Sports, and all loving Sri Lankan fans across the globe who empowered him to climb to the 5th place in the World Rankings.

The Ministry of Youth Affairs and Sports extends its warmest wishes to our proud champion as he prepares to fly the national flag high and unleash his best performance at the Rome Diamond League tonight (June 04) at 10:40 PM!

04/06/2026

ජාතික යොවුන් සේනාංකයේ යක්කල සෞන්දර්ය පුහුණු පාසල



#සිහිනයටපියාපත්

04/06/2026

ලෝක ශ්‍රේණිගත කිරීම්වල 05 වැනි ස්ථානයට පැමිණෙමින් රුමේෂ් තරංග ලංකා මලල ක්‍රීඩා ඉතිහාසය අලුත් කරයි!

අද රාත්‍රියේ රෝමයේදී පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් තරගාවලියට අමාත්‍යාංශයේ උණුසුම් සුබ පැතුම්!

ශ්‍රී ලංකාවේ සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග (Rumesh Tharanga) ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ නවතම ලෝක ශ්‍රේණිගත කිරීම්වල (World Rankings) 05 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබේ.

මෙම සතිය මුලදී පැවැත්වුණු ඔහුගේ ප්‍රථම ඩයමන්ඩ් ලීග් (Diamond League) තරගාවලියේදී දෙවැනි ස්ථානය දිනාගැනීමත් සමඟ ඔහු මෙම සුවිශේෂී දක්ෂතාවය වාර්තා කළේය. මෙය ඔහුගේ ක්‍රීඩා දිවියේ හොඳම ශ්‍රේණිගත කිරීම වන අතර, නව ලෝක ශ්‍රේණිගත කිරීම් ක්‍රමය හඳුන්වා දීමෙන් පසු ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩකයෙකු ජාත්‍යන්තරව ලබාගත් ඉහළම ස්ථානය ද වෙයි.

📊 2026 වසරේ ලෝකයේ හොඳම දස්කම් රුමේෂ්ගෙන්

මීටර් 89.37ක පෞද්ගලික හොඳම දක්ෂතාවයක් හිමි රුමේෂ් තරංග, වත්මන් 2026 වසරේ ලෝකයේ හොඳම හෙල්ල විසිකිරීම් ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටියි. මේ වසරේ ලොව හොඳම විසිකිරීම් 04න් 03ක්ම සතු වී ඇත්තේ රුමේෂ් තරංග ක්‍රීඩකයාට ය.

🥇 1 වැනි ස්ථානය: මීටර් 89.37 (ශ්‍රී ලංකාවේදී)

🥈 2 වැනි ස්ථානය: මීටර් 89.28 (කෙන්යාවේදී)

🏅 4 වැනි ස්ථානය: මීටර් 85.97 (රබාට් හිදී)

🇮🇹 අද රාත්‍රියේ රෝම ඩයමන්ඩ් ලීග් තරග බිමට:
රුමේෂ් තරංග සහභාගී වන ඔහුගේ දෙවැනි ඩයමන්ඩ් ලීග් තරගාවලිය අද (ජූනි 04) රාත්‍රියේ ඉතාලියේ රෝම නුවරදී පැවැත්වීමට නියමිතය. තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද රාත්‍රී 10:40 ට ආරම්භ වීමට නියමිතව තිබේ.

ලෝකයේ ප්‍රබලතම ක්‍රීඩකයින් සමඟ කරට කර තරග වදිමින්, මව්බිමේ නාමය ලෝක ක්‍රීඩා පිටිය තුළ ඉහළින්ම ඔසවා තබන ඔහුට අද රාත්‍රියේ පැවැත්වෙන තරගයෙන් ද විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවේවායි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයත්, සමස්ත ලාංකේය ජනතාවත් සුබ පතන්නෙමු!

உலகத் தரவரிசையில் 5ஆம் இடத்திற்கு முன்னேறி இலங்கை தடகள வரலாற்றை மாற்றி எழுதினார் ருமேஷ் தரங்க!

இன்று இரவு ரோமில் நடைபெறும் டயமண்ட் லீக் போட்டிக்கு அமைச்சின் மனமார்ந்த நல்வாழ்த்துக்கள்!

இலங்கையின் முன்னணி ஈட்டி எறிதல் வீரரான ருமேஷ் தரங்க (Rumesh Tharanga), சர்வதேச தடகளத்தின் புதிய உலகத் தரவரிசையில் (World Rankings) 5ஆவது இடத்திற்கு முன்னேறி சாதனை படைத்துள்ளார்.

இந்த வார தொடக்கத்தில் நடைபெற்ற தனது முதலாவது டயமண்ட் லீக் (Diamond League) போட்டியில் இரண்டாவது இடத்தைப் பிடித்ததைத் தொடர்ந்து அவர் இந்த வரலாற்று மைல்கல்லை எட்டியுள்ளார். இது அவரது விளையாட்டு வாழ்க்கையின் சிறந்த தரவரிசையாகும் அத்துடன் புதிய உலகத் தரவரிசை முறை அறிமுகப்படுத்தப்பட்டதன் பின்னர் இலங்கை தடகள வீரர் ஒருவர் சர்வதேச மட்டத்தில் பெற்ற மிக உயர்ந்த இடமும் இதுவாகும்.

📊 2026 ஆம் ஆண்டில் உலகளவில் சிறந்த சாதனைகள் ருமேஷ் வசம்:
தனது தனிப்பட்ட சிறந்த திறமையாக 89.37 மீற்றர் தூரத்தைப் பதிவு செய்துள்ள ருமேஷ் தரங்க, நடப்பு 2026 ஆம் ஆண்டிற்கான உலகளாவிய ஈட்டி எறிதல் பட்டியலில் முதலிடத்தில் உள்ளார். இந்த ஆண்டின் உலகின் சிறந்த 4 எறிதல்களில் 3 சாதனைகள் ருமேஷ் தரங்க வசமே உள்ளன:

🥇 1ஆம் இடம்: 89.37 மீற்றர் (இலங்கையில்)

🥈 2ஆம் இடம்: 89.28 மீற்றர் (கென்யாவில்)

🏅 4ஆம் இடம்: 85.97 மீற்றர் (ரபாட்டில்)

🇮🇹 இன்று இரவு ரோம் டயமண்ட் லீக் களத்தில்:
ருமேஷ் தரங்க பங்கேற்கும் அவரது இரண்டாவது டயமண்ட் லீக் போட்டி இன்று (ஜூன் 04) இரவு இத்தாலியின் ரோம் நகரில் நடைபெறவுள்ளது. இப்போட்டி இலங்கை நேரப்படி இன்று இரவு 10:40 மணிக்கு ஆரம்பமாக திட்டமிடப்பட்டுள்ளது.

உலகின் பலம் வாய்ந்த வீரர்களுடன் போட்டியிட்டு, தாய்நாட்டின் நாமத்தை உலக விளையாட்டு அரங்கில் மிக உயர்வாக நிலைநிறுத்தும் எமது பெருமைக்குரிய சாம்பியனுக்கு, இன்று இரவு நடைபெறும் போட்டியிலும் சிறந்த வெற்றியைப் பெற இளைஞர் விவகார மற்றும் விளையாட்டு அமைச்சும், ஒட்டுமொத்த இலங்கை மக்களும் மனமார்ந்த வாழ்த்துக்களைத் தெரிவித்துக் கொள்கிறோம்!

Rumesh Tharanga Rewrites Sri Lankan Athletics History, Climbing to 5th in World Rankings!

Warmest wishes from the Ministry for the Diamond League event in Rome tonight!

Sri Lanka’s star javelin thrower, Rumesh Tharanga, has climbed to the 5th place in the latest World Athletics Rankings.

He achieved this historic milestone following his impressive second-place finish in his Diamond League debut earlier this week. This marks not only his career-best ranking but also the highest world position achieved by a Sri Lankan athlete since the introduction of the new ranking system.

📊 Rumesh Leads the Global List for 2026:
With a phenomenal personal best of 89.37m, Rumesh Tharanga currently leads the global list for the year 2026. Remarkably, he holds three out of the world’s top four throws for this year:

🥇 1st Place: 89.37m (Achieved in Sri Lanka)

🥈 2nd Place: 89.28m (Achieved in Kenya)

🏅 4th Place: 85.97m (Achieved in Rabat)

🇮🇹 Onto the Rome Diamond League Tonight:
Rumesh Tharanga is set to compete in his second Diamond League event tonight (June 04) in Rome, Italy. The competition is scheduled to begin at 10:40 PM Sri Lanka time.

As he competes against the world's finest athletes and flies the national flag high on the global stage, the Ministry of Youth Affairs and Sports, together with the entire nation, wishes our proud champion the very best to achieve another spectacular victory tonight!

04/06/2026

යගුලිය විසි කිරීමේ ක්‍රීඩක පාලිත බණ්ඩාර

04/06/2026

04/06/2026

ගොල්ෆ් ක්‍රීඩිකා කායා දළුවත්ත

Photos from Ministry of Youth and Sports's post 03/06/2026

"Colombo Marathon 2026" තරගයේ තාක්ෂණික අංශය පිළිබඳව සාකච්ඡාවක් ....

Colombo Marathon 2026 තරගයේ තාක්ෂණික අංශය පිළිබඳව සාකච්ඡාවක් අද (03දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. Colombo Marathon 2026 තරගය මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතය.

එම සාකච්ඡාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර මහතා, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් එස්. අච්චුදන් මහතා, ක්‍රීඩා වෛද්‍යාතනයේ වෛද්‍ය ධම්මික මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.



Photos from Ministry of Youth and Sports's post 03/06/2026

කාන්තා අත් පන්දු කණ්ඩායමට ආසියාවේ 6 වැනි ස්ථානය

2026 ආසියානු වෙරළ තරගාවලියට සහභාගී වූ කාන්තා අත් පන්දු කණ්ඩායම අද (03දා) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවිය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී එම හමුව සිදුවිය.

ජාත්‍යන්තර තලයේ කිසිදු ස්ථානයක නොසිටි කාන්තා අත් පන්දු කණ්ඩායම මෙම තරගාවලිය අවසානයේ දී ආසියාවේ හය වැනි ස්ථානය හිමි කරගෙන තිබුණි.
මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා හමු වූ ක්‍රීඩිකාවන් පැවසුවේ අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ඔවුන්ට මෙම තරගාවලියට සහභාගි වීමට අවස්ථාව හිමිවීම තුළ ආසියාව තුළ කිසිදු ස්ථානයකට නොසිටි ශ්‍රී ලංකා කාන්තා අත් පන්දු කණ්ඩායමට 6වැනි ස්ථානයට පැමිණීමට හැකි වූ බවයි. ඉදිරියේදී තවදුරටත් කැපවෙමින් ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය මත ශ්‍රී ලංකාව තවත් ඉදිරියට ගැනීමට උත්සාහ ගන්නා බවද ක්‍රීඩිකාවන් සඳහන් කළහ.

මෙහිදී අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කළේ , අත් පන්දු සම්මේලනය තුළ පැවති ගැටලු හේතුවෙන් මේ වන විට එම සම්මේලනය අමාත්‍යංශය යටතට පවරා ගෙන ඇති බවත්, ඒ අනුව ඉදිරියේදී එම ක්‍රීඩාව ගොඩනැංවීම වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු සහ ක්‍රීඩක ක්‍රීඩකාවන්ට අවශ්‍ය සහාය ලබාදෙන බවත් ය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික වෙරළ ක්‍රීඩා උළෙලේ දී අත් පන්දු ක්‍රීඩාවට ද අවස්ථාව හිමිවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Photos from Ministry of Youth and Sports's post 03/06/2026

බටහිර ඉන්දීය කොදෙව් නැගී එන ක්‍රීඩා කණ්ඩායම දිවයිනට!

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් නැගී එන කණ්ඩායම අද පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියහ.

මෙම සංචාරයේදී දෙරටේ නැගී එන කණ්ඩායම් අතර සිව්දින තරග 02ක් සහ එක්දින තරග 03ක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

🗓️ තරග කාලසටහන මෙන්න:

🏏 සිව්දින තරග (4-Day Games) - හම්බන්තොට:

පළමු සිව්දින තරගය: ජූනි 08 වැනිදා සිට - හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී (MRICS).

දෙවැනි සිව්දින තරගය: ජූනි 15 වැනිදා සිට - හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී (MRICS).

🏏 එක්දින තරග (1-Day Games) - කොළඹ:

පළමු එක්දින තරගය: ජූනි 22 වැනිදා - කොළඹ SSC ක්‍රීඩාංගණයේදී.

දෙවැනි එක්දින තරගය: ජූනි 24 වැනිදා - කොළඹ SSC ක්‍රීඩාංගණයේදී.

තෙවැනි එක්දින තරගය: ජූනි 26 වැනිදා - කොළඹ NCC ක්‍රීඩාංගණයේදී.

ශ්‍රී ලාංකීය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම වෙනුවෙන් අපේ නැගී එන ක්‍රීඩකයින්ට තම දක්ෂතා උරගා බැලීමට ලැබෙන මෙම සුවිශේෂී තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් දෙකටම තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ උණුසුම් සුබ පැතුම්!

மேற்கிந்திய தீவுகள் வளர்ந்து வரும் கிரிக்கெட் அணி இலங்கை வந்தடைந்தது!

இலங்கை வளர்ந்து வரும் கிரிக்கெட் அணிக்கு எதிரான கிரிக்கெட் தொடரில் பங்கேற்பதற்காக மேற்கிந்திய தீவுகள் வளர்ந்து வரும் கிரிக்கெட் அணி (West Indies Emerging Team) இன்று பிற்பகல் கட்டுநாயக்க பண்டாரநாயக்க சர்வதேச விமான நிலையத்தை வந்தடைந்தது.

இந்த சுற்றுப்பயணத்தின் போது இரு நாடுகளினதும் வளர்ந்து வரும் அணிகளுக்கு இடையே 02 நான்கு நாள் போட்டிகளும் (Four-Day Games) 03 ஒருநாள் போட்டிகளும் (One-Day Games) நடத்த ஏற்பாடுகள் செய்யப்பட்டுள்ளன.

🗓️ போட்டி அட்டவணை பின்வருமாறு:

🏏 நான்கு நாள் போட்டிகள் - ஹம்பாந்தோட்டை:

1ஆவது நான்கு நாள் போட்டி: ஜூன் 08ஆம் திகதி முதல் - ஹம்பாந்தோட்டை மஹிந்த ராஜபக்ஷ சர்வதேச கிரிக்கெட் மைதானத்தில் (MRICS).

2ஆவது நான்கு நாள் போட்டி: ஜூன் 15ஆம் திகதி முதல் - ஹம்பாந்தோட்டை மஹிந்த ராஜபக்ஷ சர்வதேச கிரிக்கெட் மைதானத்தில் (MRICS).

🏏 ஒருநாள் போட்டிகள் - கொழும்பு:

1ஆவது ஒருநாள் போட்டி: ஜூன் 22ஆம் திகதி - கொழும்பு SSC மைதானத்தில்.

2ஆவது ஒருநாள் போட்டி: ஜூன் 24ஆம் திகதி - கொழும்பு SSC மைதானத்தில்.

3ஆவது ஒருநாள் போட்டி: ஜூன் 26ஆம் திகதி - கொழும்பு NCC மைதானத்தில்.

இலங்கை கிரிக்கெட்டின் எதிர்காலத்தை சர்வதேச மட்டத்திற்கு கொண்டு செல்வதற்காக, எமது வளர்ந்து வரும் வீரர்களின் திறமைகளை வெளிக்கொணர இந்தத் தொடர் ஒரு சிறந்த வாய்ப்பாக அமையும். இப்போட்டித் தொடரில் பங்கேற்கும் இலங்கை மற்றும் மேற்கிந்திய தீவுகள் ஆகிய இரு அணிகளுக்கும் இளைஞர் விவகார மற்றும் விளையாட்டு அமைச்சின் மனமார்ந்த நல்வாழ்த்துக்கள்!

West Indies Emerging Cricket Team Arrives in Sri Lanka!

The West Indies Emerging Cricket Team arrived at the Bandaranaike International Airport, Katunayake this afternoon to kick off their upcoming cricket tour against the Sri Lanka Emerging Team.

During this tour, the two emerging teams are scheduled to play 02 Four-Day games and 03 One-Day matches.

🗓️ Official Tour Schedule:

🏏 Four-Day Games - Hambantota:

1st Four-Day Match: From June 08th onwards at the Mahinda Rajapaksa International Cricket Stadium (MRICS), Hambantota.

2nd Four-Day Match: From June 15th onwards at the Mahinda Rajapaksa International Cricket Stadium (MRICS), Hambantota.

🏏 One-Day Games - Colombo:

1st One-Day Match: June 22nd at the SSC Grounds, Colombo.

2nd One-Day Match: June 24th at the SSC Grounds, Colombo.

3rd One-Day Match: June 26th at the NCC Grounds, Colombo.

This crucial tour provides an excellent platform for our emerging players to showcase and hone their talents, carving a path to elevate the future of Sri Lankan cricket to the international stage. The Ministry of Youth Affairs and Sports extends its warmest wishes to both the Sri Lankan and West Indies teams for a highly competitive and successful tournament!

02/06/2026

2024 / 25 වර්ෂවල ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ දක්ෂතා දැක් වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රුපියල් මිලියන 61.38 ක තිළිණ ප්‍රදානය කිරීම අද (02දා) සිදු විය.

ඒ අනුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 37 දෙනෙකු සඳහා තිළිණ ප්‍රදානය සිදු කෙරුණි.

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


09
Colombo
00700

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00