Sri Sangaraja Central Collage - Colombo 10

Sri Sangaraja Central Collage - Colombo 10

Share

Official Fan Page Of Sri Sangaraja Central Collage - Colombo 10 Administer Role Of Sri Sangaraja Central Collage 2014
Principal - ven. U.K.Senarathne

Demalusse Medhankara tero
Deputy Principal - Mr. R.M.Abeysekara
Assistant Principal - Mrs. Shoba Kooray
Mrs.

Photos from Sri Sangaraja Central Collage - Colombo 10's post 05/11/2025

2025 නොවැම්බර් 5 වනදාට යෙදී තිබු ඉල් පොහොය නිමිති කරගෙන අප විද්‍යාලයේ පැවති පෙර පොහොය වැඩසටහන වෙනුවෙන් ඉතා වටිනා ධර්ම සාකච්ඡාවක් විද්‍යාලීය සහකාර විදුහල්පති ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලැබූ අතරම උන් වහන්සේගේ වැඩිදුර අධ්‍යාපනය සදහා විදේශගත වීමට ආශිර්වාද කිරීම මූලික අරමුණු කරගෙන ,මෙන්ම මීට දෙවසරකට පෙර විද්‍යාලයේ සේවය කරමින් සිටියදී මිය ගිය ආචාරිණී දිනූශා විජේසූරිය මහත්මියට පින් පතා ගරු විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය විසින් සිදු කරනු ලැබූ සාංඝික දානම පිංකම

09/10/2025

අතිගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවති 2025 ජාතික ලෝක ළමා දින උත්සවයේ දමිළ බසින් නිවේදන කටයුතු මෙහෙයවීමේ ගෞරවණීය අවස්ථාව අප විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකා ශ්‍රීදරන් ග්‍රේස් ශිෂ්‍යාවට උදා විය. ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලීය නාමය ශ්‍රී ලක් දෙරණ පුරා පතුරුවාලමින් පාසලට ලබා දුන් ගෞරවය වෙනුවෙන් විද්‍යාලීය ගරු විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ස්තූතිය මෙලෙස පුද කර සිටිමු.💐💐💐

08/10/2025

"ආදරණිය සැදැව"
2025.10.11 වෙනි සෙනසුරාදා ,
සවස 4.00 සිට .

ස්ථානය -Royal Boat House- පෑලියගොඩ
සහභාගිත්වය - ශ්‍රී සoඝරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හා ඔවුන්ගේ බිරිඳ / සැමියන්ට පමණි.( අව්රුදු 18 ට වැඩි දරුවන්ට සහභාගි විය හැක )
සහභාගි විමේ ගාස්තුව එක් අයකුට රු.3,000ක් පමණයි.
ඔබට ලැබෙන දෑ
# රසවත් රාත්‍රී ආහාරයක්.
# ඔබගේ පාසලේ මිතුරු ,මිතුරියන් සමග අතිත මතකයන් ආවර්ජනය කිරිමට හැකි විම.
# Fun Games.
# සoගීත සැදැව.

ඔබට අවශ්‍ය බිම වර්ග ඔබ විසින් සපයා ගත යුතු අතර කඩල හා මුරුක්කු ( Dry Bites) සීමිත ප්‍රමාණයක් නොමිලේ ලැබනු ඇත .
ශාලා පහසුකම් සිමා සහිත බැවින් පළමුව මුදල් ගෙවා ටිකට් පත් ලබා ගන්නා 150 දෙනාට පමණක් අවස්ථාව හිමිවනු ඇත.
ඔක්තොබර් 5 වෙනි දිනට ප්‍රථම තමන්ගේ/ තම කණ්ඩායමේ සහභාගීත්වය තහවුරු කල යුතුය.
# මුදල් පහත ගිණුමට ඔක්තොබර් 8 වෙනිදාට ප්‍රථම බැර කර තැන්පත් පත්‍රිකාවේ නම සහ දුරකථන අoකය සදහන් කර 0777552655 යන දුරකථන අoකයට Whatsapp කරන්න .

Sri Sangaraja Old Pupils Association
People's Bank
Kehelwatta Branch
259100110007094

# අදහස් ,යෝජනා සහ වැඩි විස්තර සදහා අමතන්න 077 302 4710- නලීන්

Photos from Sri Sangaraja Central Collage - Colombo 10's post 23/09/2025

2025 වසරේ විද්‍යාලීය ශිෂ්‍ය සමිතිය පිහිටුවා සෑම සදුදා දිනකම ශිෂ්‍ය සමිතිය පවත්වාගෙන යාම , පන්ති මට්ටමින් දරුවන්ගේ දක්ශතා හා කුසලතා එළි දැක්වීම සිදුවේ. ගරු විදුහල්පතිතුමියගේ සංකල්පයකට අනුව මාධ්‍ය ඒකකය මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයී

Photos from Sri Sangaraja Central Collage - Colombo 10's post 23/09/2025

සිරස මාධ්‍ය ජාලය හා AAT ශ්‍රී ලංකා ආයතනය විසින් පැවැත් වූ "The Debater " විවාද තරගාවලිය සදහා සහාභාගී වීමට සංඝරාජ දූ පුතුන්ට පසුගියදා අවස්ථාව උදා විය.

Photos from Sri Sangaraja Central Collage - Colombo 10's post 23/09/2025

අභිමානවත් ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැළදවීම 2025

2025/2026 වසර සදහා ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලීය ශිෂ්‍ය නායක නායිකාවන්ට නිළ ලාංඡන පැළදවීමේ අභිමානවත් අවස්ථාව පසුගියදා බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විනි..තවද විද්‍යාලීය ගරු විදුහල්පතිතුමිය ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් පෙරටුකරගෙන පැවති මෙම උත්සවයේ සොදුරු දසුන් මෙසේ පළ කර සිටිමූ....

Photos from Sri Sangaraja Central Collage - Colombo 10's post 22/07/2025

USSA open karate championship 2025

සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වූ USSA open karate championship 2025 තරගාවලියෙන් ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලයේ

💐M හම්මාද් -level 2 kata ඉසව්වෙන් Gold Medal

💐 M රෝශනී - level 1 kata ඉසව්වෙන් Silver Medal

මෙම ජයග්‍රහන සංඝරාජ විදු මවට ලබා දෙමින් ගෞරවණියත්වයක් ලබා දීමට ඇප කැප වූ පාසල් කරාටේ පුහුණුකරු M.M.සෆ්‍රාස් මහතාට, ජයග්‍රහණය ලැබූ දරුවන්ට විද්‍යාලීය ගරු විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ කළමණාකරණ කමිටුවේ සුභාශිසන මෙලෙස පුද කර සිටිමු. 💐💐💐💐💐💐

Photos from Sri Sangaraja Central Collage - Colombo 10's post 19/07/2025

වාණිජ දිනය 2025......

පංචිකාවත්ත,කොමර්ශල් බැකුවේ ප්‍රධාන අනුග්‍රහයෙන් හා එහී ජේෂ්ඨ කළමණාකාර රොශාන් පෙරේරා මහතාගේ හා විද්‍යාලීය ගරු විදුහල්පතිනි T.M.U තෙන්නකෝන් මහත්මියගෙ ප්‍රධානත්වයෙන් 2025 ජූලී 16 වන දින විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විනි

15/07/2025

ආදී සිසු ඔබ සැමට ආරාධනා

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address


Sri Sangaraja Mawatha
Colombo
01011

Opening Hours

Monday 06:00 - 15:00
Tuesday 06:00 - 15:00
Wednesday 06:00 - 15:00
Thursday 06:00 - 15:00
Friday 06:00 - 15:00