Youth Entrepreneur Club

Youth Entrepreneur Club

Share

It functions under the Ministry of Industry and Commerce.

The Industrial Development Board (IDB) in its present form was incorporated under the Industrial Development act No.36 of 1969, for the encouragement, promotion and development of industries in Sri Lanka. In terms of this Act the IDB is the Prime State Organization entrusted with the responsibility of development the Industrial Sector. The IDB is headed by a Chairman and Board of Directors consis

09/08/2017

Mama Wasanawanthai

Photos 03/07/2017

“බොස් කතා කළ වෙලාවෙ නොගියානම් මම අදත් සිමෙන්ති විකුණයි“ රටටම කම්පියුටර් හදන e-WIS
වෙනස් විදියට හිතලා වෙනස් වැඩක් කළොත් අපේ ජීවිතයේ සාර්ථකත්වය කරා යන එක එතරම් අමාරු වැඩක් නෙමෙයි. ඒ වගේ වෙනස් දෙයක් කරමින් ග්‍රාමීය ජනතාවට රැකියා අවස්ථා ලබා දෙමින් තම ව්‍යාපාරික දිවිය ජයගත් ඔබ හොඳින්ම දන්නා ශ්‍රී ලංකාවේම පරිගණක නිෂ්පාදන ආයතනයක් වන e wis ආයතනයේ සභාපති/ප්‍රධාන විධායක නිළධාරී සංජීව වික්‍රමනායක මහතාගේ කතාවයි මේ.
ඔහු වෙනස් චරිතයකි. ජාත්‍යන්තරයට අභියෝග කරමින් අපේ රටේ කෙල්ලන් ලවා කම්පියුටර හදවයි. මහා බරපතළ නම් ඇති ජාත්‍යන්තර කම්පියුටර් සන්නාමවලට සම, ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක් කිරීම ඔහුගේ එකම අරමුණයි. ඒ ගමනේ බොහෝ දුර ඔහු පැමිණ තිබෙයි. නාහෙට නාහන චරිතයක් වන සංජීව, ඒ දඩබ්බර ගතියම සිය ප්‍රගතිය උදෙසා යොදා ගත්තේය. මේ ඔහුගේ ධෛර්යවන්ත කතාවයි.
එදා මං බොස් කතා කළ වෙලාවෙ නොගියානම් අදත් මං සමහර විට සිමෙන්ති විකුණයි. ජීවිතේ අඩිය ඉස්සරහට තැබිය යුතු වෙලාවේ තැබිය යුතුමයි. සමහර විට ඒ අවස්ථාව ආයේ කවදාවත් ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්.
සංජීව වික්‍රමනායක, කොහොම මනුෂ්‍යයෙක්ද...?
මම පොසිටිව් මනුෂ්‍යයෙක්. ඒ වගේම, ඉස්සරහට තියපු අඩිය පස්සට නොගන්න, ජීවිතේ ලැබෙන හැම පුංචි අවස්ථාවකින්ම උපරීම ප්‍රයෝජනය ගන්න සහ ටිකක් අමුතු විදියකට හිතන කෙනෙක්. ආයතනයක් පවත්වාගෙන යන්නත් මං ඒ අමුතු විදිය හෝ වෙනස පාවිච්චි කරනවා. මං කිසි දෙයක අසුබවාදී පැත්ත බලන්නෙ නැහැ. පොඩි දෙයක වුණත් හොඳ දෙයක් තිබෙනවානම් ඒ දේ ගන්න එකයි මගේ විදිය.
e.wis කියන්නෙ පවුලේ ව්‍යාපාරයක්ද...?
නැහැ. මං මේක පවුලෙන් තොරව ‘Professionalism’ කියන තැන ඉඳන් පවත්වාගෙන යන ව්‍යාපාරයක්. මගේ දුවටවත් මේකෙ ෂෙයාර්ස් නැහැ. මේ බිස්නස් එක ඉදිරියට යන්නෙ පවුල් උරුමයක් විදියට නම් නෙවෙයි.
ඒක දරුවන්ට කරන අසාධාරණයක් නෙවෙයිද...?
මට ඉන්නෙ එක දුවයි. එයා උනන්දු, ෆැෂන් ඩිසයින් ගැන මිසක් මේ ෆීල්ඩ් එක ගැන නෙවෙයි. මේ ආයතනයට මගේ යම් ඇල්මක් තියෙනවද ඒ තරම්ම ඇල්මක් මගේ සේවකයන් කෙරෙහිත් මට තිබෙනවා. මම ඔවුන්ට නිතරම කියන්නෙ ‘මේක ඔබේ ආයතනය’ කියලා. මොකද ආයතනයක් හෝ ව්‍යාපාරයක් ශක්තිමත් වෙන්නෙ පවතින්නෙ බිල්ඩින් නිසා නෙවෙයි. එහි වැඩ කරන සේවක පිරිස නිසා. මගේ සේවකයන්ට මට බණින්න පුළුවන්. හැබැයි පිට කාටවත් බැහැ වචනයක් කියන්න. මං සේවකයන් බලාගන්නා නායකයෙක්.
e.wis කියන්නෙ කම්පියුටර්ස් හදන සමාගමක්ද... ගෙන්වන සමාගමක්ද...?
හම්බන්තොට සූරියවැව තමයි අපේ ලොකුම ෆැක්ටරිය. එහි සියයට අසූවකට වඩා ඉන්නෙ කාන්තාවෝ. අවුරුදු 25කට අඩු තරුණ ගැහැනු ළමයි අතින්, ජාත්‍යන්තර තලයට අපේ රටේම කම්පියුටර්ස් හදන සමාගමක් මේ. මටත් ලේසියි, පිටකොටුවෙ තොග බිස්නස් වගේ උදේට ගෙනැත් දවල්ට විකුණලා හවස ගෙදර යන එක. නමුත් එහෙම නොකර මං ෆැක්ටරියක් හැදුවා. තරුණ ළමයින්ට රස්සා හැදුවා. අපේ රටට යමක් කළා ය කියන සතුට, ලේසියෙන් හොයන සල්ලිවලට වඩා මොන තරම් වටිනවද...
ඇයි මේ කම්පියුටර්ස් හදන්න ගැහැනු ළමයි තෝරා ගත්තෙ...?
මොකක්ද ඒකෙ අඩුව... ලංකාවේ ගමක කෙල්ලෝ සුද්දො වගෙ කම්පියුටර්ස් හදනවා. මොනතරම් ආඩම්බරයක්ද... ඒ අය පරිගණක එකලස් කිරීමේ කටයුත්ත ඉතා විශිෂ්ට ලෙස ඉටු කරනවා. චීනයේ ජපානයේ කොරියාවේ... මීට වඩා අමාරු තාක්ෂණික රස්සා කරන්නෙ කාන්තාවෝ. ඔවුන්ට ඉවසීම තිබෙනවා. මං බලන්නෙ සියයට අසූවක් තිබෙන, කාන්තාවන්ගේ හොඳ පැත්ත. මේක තමයි, ගැහැනු ළමයි කම්පියුටර්ස් හදන ලංකාවේ එකම කර්මාන්ත ශාලාවත්.
රටේ තරුණයින් වැඩි දෙනෙක් ත්‍රීවිල් රස්සාවට ගිහින් තිබෙන එකත් එක හේතුවක්ද...?
ඇත්තටම සූරියවැව ප්‍රදේශයේත් උසස් පෙළ දක්වා ඉගෙනගත් බහුතරය ගැහැනු ළමයි. ෆැක්ටරිය පටන්ගනිද්දි අපිට ඉල්ලුම්පත් ආවේ බහුතර ගැහැනු ළමයින්ගේ. කොළඹ පියරු බබ්බුන්ට වඩා වතුර කළයක් බාල්දියක් අරන් කිලෝමීටරයක් වුණත් පයින් යන්න ඒ දුෂ්කර පළාත්වල කෙල්ලන්ට හයිය තිබෙනවා. ගතට වඩා හයිය ඔවුන්ගේ හිත. ඒ හිත්වලටයි අපි ශක්තිය දෙන්න ඕනේ. ව්‍යාපාරිකයෝ පුළුවන් තරම් ගම්වලට රස්සා දෙන ව්‍යාපෘති කරන්න ඕනේ.
පරිගණක නිෂ්පාදනය හෝ දැනුම, ඉංග්‍රීසි භාවිතය මත පවතින්නක් කියන මතය ඔබ බිඳලා...?
අපි තෝරා ගන්න විභාගයට තැබුවේ, සාමාන්‍ය දැනුම පරීක්ෂණයක් මිස ඉංග්‍රීසි නෙවෙයි. ජපානය සියලු දේ කරන්නේ තමන්ගෙ මව් බසින්. ඔවුන් හොඳම දේ හදන්නෙ තමන්ගෙ රටට මිස පිටරට්ටුන්ට නෙවෙයි. අපේ රටේ, ඉංගිරිසිය ඉස්සර කරගත්තට මොනවද වෙලා තියෙන්නෙ. දියුණු කරන්න ඕනේ දේශීය කර්මාන්ත මිස නොරටුන්ගේ දේ නෙවෙයි. අපේ ළමයි පුහුණු කළේ ඩෙල් ආයතනයෙන් ආපු ජාත්‍යන්තර පුහුණුකරුවෙක්. ඉංග්‍රීසි වචනයක් කතා නොකර ආපු අය දැන් කම්පියුටර්ස් හදනවා වගේම ඉංග්‍රීසිත් කතා කරනවා. මගේ ආයතනයේ දියුණුවට ගමේ ළමයි වීම සහ ඉංග්‍රීසි භාෂාව කිසිදු බාධාවක් වුණේ නැහැ.
ඔබ ලංකාවට බ්‍රෑන්ඩ් එකක් හැදුවා කියලා හිතනවද...?
මං ‘ඇපල්’ ආයතනික ලෝලියෙක්. මං ඒ සංකල්පවලට ඒ තාක්ෂණයට ඉතා කැමැතියි. මගේ එකම ඉලක්කයයි තිබෙන්නෙ. අලෙවියෙන් පසු හොඳම සේවාවක් දෙන බ්‍රෑන්ඩ් එකක් ගැනයි මං හිතුවේ. අදටත් මං සැලකිලිමත් ඒ ගැනයි. නඩත්තුව, ඉංජිනේරු කටයුතු, ඒ හා සම්බන්ධව එන දුරකථන ඇමතුම් සහ සේවා කටයුතු සියල්ල මං පෞද්ගලිකව හොයනවා. බ්‍රෑන්ඩ් එකක් වෙලා ලෝකෙට යන්න කලින් මං බලන්නෙ, අඩු වියදමකින් අපේ රටට හොඳම දේ දෙන්න.
දවසකට මොන තරම් කම්පියුටර්ස් හදනවද...?
දවසකට කම්පියුටර් 575ක් හදන්න පුළුවන්. නමුත් ලැබෙන ඇණවුම් හැටියටයි වැඩ කරන්නෙ. පිටරට මානසිකත්වය තියෙන රටක අපිටත් ගැටලු නැතුවා නොවෙයි. සියයට සියයක් දේශීය සමාගමක් වුණත් අපි සිටින්නේ Dell සහ Lenovo මට්ටමේ. ඒක මේ රටේ මිනිස්සු පිළිගත යුතු අභිමානයක්.
එතකොට e wis බිහිවෙන්නෙ කොහොමද...?
1986 කැප්ටන් වයිමන් සභාපති හැටියටත් නහිල් විජේසූරිය MD හැටියටත් e-wis පටන් ගත්තෙ ‘East West Information System’ නමින්. එදා මං බිල්ඩිම හදලා චෙයාමන් සහ MD මේක විවෘත කරනකොට පහන පත්තු කළා. ළඟින් හිටියා. හරියටම කිව්වොත් ‘සහයට ඩැනී’ වගේ. එච්චරයි. කිසිම අයිතිවාසිකමක් මට තිබුණෙ නැහැ.
ඒත් දවසක මේ කොම්පැනිය ඔබේම වෙනවා...?
1992 දවසක මිස්ට විජේසූරිය මට කතා කළා. ‘සංජීව මට දැන් මේක ඇති. ඔන්න ඔය කොම්පැනිය වහලා දාන්න.’ කිව්වා. ඒ වෙනකොට කොම්පැනිය තරමක් පසුබාලා. පාඩුවට ගියේ. මං බොස්ගෙ ඇසිස්ටන්ට්. ඒ වගේම, ආයතනයේ සේල්ස් ඩිරෙක්ටර් හැටියටත් උසස් වෙලා. East West TV හෙවත් ETV චැනල් එකත් එතකොට අපේ. මං ETV එකෙත් ඩිරෙක්ටර් සේල්ස්. මං මේ කොම්පැනිය වහන්න කැමැති වුණේ නැහැ. මං මේකට පූර්ණ අවධානය දීලා වැඩ කළා. 1993 මිලියන 30 ක තිබුණු Turnover එක 1997 වෙනකොට මිලියන 600 දක්වා ඉහළට ගෙනාවා. තිබුණු බැංකු ණයත් ගෙවලා ඉවර කළා. 1999 මං කම්පැනියෙන් ඉවත් වෙන්න තීරණය කළා. ඒ වෙලාවේ මිස්ට විජේසූරිය මට කිව්වා, ‘සංජීව ඔයා මේක සල්ලිවලට ගන්න ඕනේ’ කියලා.
ඒත් ලොකු මුදලක්නේ. ඔබට කොයින්ද ඒ තරම් සල්ලි...?
අතේ තිබුණෙ සියයට තිහක් විතර. යාළුවො උදවු කළා. බැංකු ණයකුත් ගත්තා. ආයතනය මගේම වෙලා අවුරුදු දෙකකට පස්සෙ e-wis විදියට කෙටි කළා.
ව්‍යාපාර ඥානය ඔබට පවුලේ උරුමයක්ද...?
අපේ තාත්තට නුවර මාකට් එකේ ස්වීට් හවුස් එකක් තිබුණා. සමහරදාට ඉස්කෝලෙ ඇරිලා ආ ගමන් මම යන්න ඕනෙ බස් එකේ නැඟලා ලියන මහත්තයාගේ කෑම එක දෙන්න. ලියන මහත්තයා කනකල් මම තමයි කඩේ ලොක්කා. ‘එන්න මොනවද ඕනේ...’ මං කඩේට එන අයට කියනවා. බූන්දි - දොදොල් කිරනවා. මස්කට් විකුණනවා. ඒ තමයි මගේ මාකටින් පිළිබඳ පළමු පාඩම. මං මාකටින් ගැන ව්‍යාපාර ගැන ආසාව ඇති කරගන්නෙ තාත්තගෙ මේ ‘කෝසල ස්විට් හවුස්’ එකෙන්. ව්‍යාපාර ඥානය උරුමයක් නම් ඒ උරුමය මට ලැබෙන්නෙ අවුරුදු දහයෙ දොළහෙදි ලබපු මේ අත්දැකීම්වලින්.
ඔබ පැවත එන්නෙ ව්‍යාපාරික පවුලකින්...?
ඔව්. තාත්තට නුවර ව්‍යාපාර කිහිපයක්ම තිබුණා. ලංකාවේ පළමු වතාවට නුවර - කොළඹ ප්‍රයිවට් බස් එකක සීට් බුක් කරලා යන්න පුළුවන් බස් සේවාව හඳුන්වලා දුන්නෙ මගෙ තාත්තා. ඒ තාත්තා, අයියගෙ නමින් අරඹපු ‘කෝසල ටුවර්ස්’ එකෙන්.
මොකක්ද ඔබේ පළමු රස්සාව...?
තාත්තගෙ ‘කෝසල ඒජන්සිස්’ කොළඹ ඔෆිස් එකේ පොඩි රස්සාවක්. ඒ රස්සාවට තනතුරට නමක් නෑ. කියපු හැමදේම කරන්න වුණා. මුලින්ම කළේ ගනුදෙනු කරපු බැංකු හතරට ගිහින් හැමදාම බැලන්ස් එක ලියාගෙන එන එක. ඒක බලලා තමයි ඔෆිස් එකේ චෙක් ලියන්නේ. අද වගේ ඉලෙක්ට්‍රොනික් සේවාවන් නැහැ. හැම දේටම බැංකුවට යන්නම ඕනේ. ඒ ගිහින් ඇවිත් ෆයිලින් පටන්ගන්න ඕනේ. දින බල බලා ෆයිල් කරන්නයි, ඒවා ලස්සනට තියන්නයි... ඒක තරම් එපා කරපු දෙයක් මට තවත් තිබුණෙ නැහැ. පඩිය දෙසීයපනහයි. ලොකු අයියා තමයි බොස්. උසස් පෙළ ලියපු ගමන් මං ගියේ මේ රස්සාවට. වයස 19ක් ඇති.
තාත්තා ඔබව ව්‍යාපාර බාර දෙන්න පුහුණු කළා වෙන්න ඇති...?
එහෙමම නෙවෙයි. කෝසල ඒජන්සිස් බැලුවෙත් අයියා. මම වැඩ කළා විතරයි. ඒ කාලෙ වාහන ගෙන්නුවේ ඒජන්සි හරහා. අද වගේ කාර් සේල් නැහැ. අවුරුද්දකට විතර පස්සෙ මට ප්‍රමෝෂන් එකක් නම් ලැබුණා. සීට් බුක් කරලා යන බස් එකේ මටත් නිතර නුවර - කොළඹ යන්න ලැබෙනවා. ඊට ටික කලකට පස්සෙ මං වෙන රස්සාවකට යනවා.
ඒ කොහේද...?
‘ඊස්ට් - වෙස්ට් ට්‍රේඩින්’ කියන නැව් සමාගමේ සේල්ස් රෙප් ජොබ් එකක්. මට විකුණන්න තිබුණෙ සිමෙන්ති. ඒ වුණාට එතැනට ගියාමයි දැනුණෙ, තාත්තා ළඟ අයියා ළඟ වැඩ කරපු දෙයින් මම මොනතරම් දේවල් ඉගෙන ගෙන ද කියලා. මගේ ජොබ් එක ලේසියෙන් කරන්න ඒ අත්දැකීම් මට හුඟක් ප්‍රයෝජනවත් වුණා.
මොකක්ද ඔබේ ජීවිතයේ Turning Point එක...?
ඊස්ට් වෙස්ට් එකේදි අපි යාළුවො හතර පස් දෙනෙක් ලන්ච් එකකට සෙට් වෙන්න එළියට යනකොට ඉස්සරහට බොස් එනවා. ඒ, මිස්ට විජේසූරිය ‘කාටද පුළුවන් මාත් එක්ක ගමනක් යන්න එන්න, මට හදිසියි. ඉඩමක් බලන්න නවම් මාවතට යන්න ඕනෙ... ඉක්මනට කියන්න කාටද පුළුවන්. වාහනේ අරන් යන්න...! කිව්වා. කවුරුත් හිටියෙ සෙට් වෙන මූඩ් එකේ. මමමයි ඒක ලෑස්ති කළෙත්. අන්තිමේ කරන්න දෙයක් නැහැ. කවුරුවත් ඉදිරිපත් වෙන පාටක් නැහැ. ‘සර් මම එන්නම්...’ කියලා මමම ඉදිරිපත් වුණා. යාළුවො තරහා වුණා. මං ගමන ගියා. ඒ තමයි නවම් මාවතේ IBM එක හදන්න ඉඩම බලන්න ගියපු ගමන.
ඒක කොහොමද හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්නෙ...?
ඊට පස්සෙ කාලෙක මිස්ට විජේසූරියට, සහායකයෙක් තෝරන ඉන්ටවිව් තියෙනවා. මගේ ඉදිරිපත් වීම එතුමාට මතක් වෙන්න ඇති. සුදුසුකම් ඇති ගොඩක් දෙනෙක් අතෑරලා MD මාව එයාගෙ ඇසිස්ටන්ට් හැටියට පත්කර ගන්නවා. එතැන් පටන් මං උකහා ගත්තෙ ඔහුගේ ජිවිතය. අවුරුදු දෙකක් මං එතුමාගේ සහායක. ඒ කාලය තුළ තමයි කිසිදු ගුරු මුෂ්ටියක් නොමැතිව එතුමා හැම දැනුමක්ම මට දුන්නේ. එතුමාගේ හැම වැඩකටම හැම ඉදිකිරීමකටම සම්බන්ධ වුණේ. එදා මං බොස් කතා කළ වෙලාවෙ නොගියානම් අදත් මං සමහර විට සිමෙන්ති විකුණයි. ජීවිතේ අඩිය ඉස්සරහට තැබිය යුතු වෙලාවේ තැබිය යුතුමයි. සමහර විට ඒ අවස්ථාව ආයේ කවදාවත් ලැබෙන්නෙ නැති වෙන්න පුළුවන්.
කවුද ඔබට පූර්වාදර්ශ වූ නායකයින්...?
ඊස්ට් වෙස්ට් සමාගමේ මගේ බොස්ලා දෙන්නා. කැප්ටන් වයිමන් සහ නහිල් විජේසූරිය මහත්වරු. එයිනුත් මිස්ට විජේසූරිය තමයි, කන්ස්ට්‍රක්ෂන් ගැන මෙලෝ හසරක් නොදැන සිටි මට ‘අ’ යන්නෙ ඉඳලා හැමදේම කියා දුන්නෙ. නවම් මාවතේ IBM බිල්ඩින් එක හදන්න කලින් එයා මාව එතැනට එක්ක ගියා. පොල් ගහක් පෙන්වලා ‘මේක තමයි අපි හදන IBM එකේ උස...’ කිව්වා. මම හිටියෙ මවිත වෙලා. ‘සර් මම දන්නෙ මාකටින් විතරයි. මං කන්ස්ට්‍රක්ෂන් දන්නෑ...’ කිව්වම. ‘ඩෝන්ට් වොරි සංජීව, මම ඔයාට හැමදේම උගන්වන්නම්...’ කිව්වා. ඇණ මුරුච්චියේ සිමෙන්ති තාච්චියේ පටන් දැනුවත් වෙමින් බාස්ලා එක්ක හැපෙමින් මිස්ට විජේසූරිය එක්ක IBM හැදුවේ එහෙමයි.
මොනවද ඔවුන්ගෙන් ඔබේ ජීවිතයට ගත් දේ...?
රස්සාවට ගිහින් මාසයයි. මට අවස්ථාව ලැබුණ ආයතනයේ නත්තල් පාටියට යන්න. මගේ ලොක්කා මාව පිළි අරන්, මෙන්න මං ලවා සිංදු කියවනවා! මගේ කරට අත දාගෙන, ඩාන්ස් කරනවා. හිනා වෙනවා. මට හිතාගන්න බැහැ එහෙම පිළිගැනීමක්. කනවා - බොනවා. සතුටු වෙනවා. කවුරුත් එකයි. ‘මෙන්න ලෝකේ...! , සතුට වැඩිකමට මටම හිතෙනවා. එදා මං ගෙදර යන්නෙ හිතාගන්න බැරි සතුටකින්. සඳුදා මං ඔෆිස් යනවා. මිස්ට විජේසූරිය එනවා. මං හිනා කටක් තියාගෙන එයාගේ ඉස්සරහා ඉන්නවා. මෙන්න යනවා, මාව දන්නෙත් නැහැ වගේ. කැප්ටන් වයිමන් ආවා... එයත් එහෙමයි. මාව කරකවලා අතැරියා වගේ. ඒත් එදා තමයි මං ඉගෙන ගත්තෙ කනබොන තැනයි, ඔෆිස් එකයි දෙකක් කියලා. බොස් කෙනෙක් කරට අත දැම්මට අපිට බැහැ බොස්ගෙ කරට අත දාන්න. ඒක තමයි රස්සාවෙ විනය.
නහිල් විජේසූරිය වෘත්තිය ඉංජිනේරුවෙක්ද...?
එයා මරීන් ඉංජිනියර් කෙනෙක්. ඕල් රවුන්ඩර් කෙනෙක්. මාව සිංගප්පූරු එක්ක ගිහින් හෝටලේක තියලා යෙලෝ පේජස් දීලා, ඒ කොම්පැනිවලට කතා කරලා කාපට්, සීලින් බඩු... එයාර් කන්ඩිෂන් ඉදිකිරීම්වලට අදාළ මෙකී නොකී හැම දේම හොඳම කොලිටියෙන් මිලදී ගන්න හැටි ඉගැන්නුවා. ‘කොලම් - බීම්’ කියන්නෙ මොනවදවත් කියලා දැනගෙන හිටියෙ නැති මට ඒවා ඇඳලා ඉගැන්නුවා. අන්තිමේ එයා මාවත් ඕල් රවුන්ඩර් කෙනෙක් කළා.
පුංචි කාලෙ ඔබ කොහොම දරුවෙක්ද...?
කවුරුත් නොකරන ටිකක් අමුතු වැඩ කරපු නාහෙට නාහන ළමයෙක්. ඒ කාලෙ ටෙලිෆෝන් කෝල් හරි ගණන්. ටෙලිෆෝන් තිබුණෙත් එහෙමත් ගෙදරක. මට වයස දහයක් ඇති. තාත්තට හොරෙන් මං යාළුවෙකුට නිතර අපේ ගෙදරින් කෝල්ස් අරන් දුන්නා. කවුරුත් කෝල් ගන්නෙ නැතුව කොහොමද මෙහෙම බිලක් එන්නෙ. තාත්තා ෆෝන් එක කාමරේට දාලා ලොක් කළා. ඒත් බිල වැඩියි. මොකද වෙලා තියෙන්නෙ, කණුවෙ ඉඳන් ගෙදරට යන ලයින් එකට කම්බි දෙකක් දාලා මම යාළුවට කෝල් අරන් දෙනවා. කරපු වැඩේ බරපතළකමක් දැනුණෙ නැහැ. හිතට දැනුණෙ ලොකු වැඩක් කළා ය කියන හැඟීම.
කොහේද ඔබ ඉගෙන ගත්තෙ...?
මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ. හොඳ - නරක, ඉහළ - පහළ... මේ කොයි සමාජ තලවලිනුත් ආපු ළමයි කිංස්වුඩ් එකේ හිටියා. ඒ හැම කෙනෙක් අතරෙම පොඩි ජනප්‍රියත්වයක් මට තිබුණා. ඒ, කවුරුවත් වැඩිය නොකරන වැඩවලට මං අතගහන නිසා. අනික මං ඉගෙන ගන්න දක්ෂයො ගොඩේ හිටපු ළමයකුත් නෙවෙයි. මං ක්‍රීඩාව ජීවිතයම කරගත්තු කෙනෙක්.
ඔබ පවුලෙ කීවැනියාද...?
අක්කලා ‍තුන්දෙනාටයි අයියලා තුන්දෙනාටයි පස්සෙ මං. පවුලේ බාලයා. හැමෝම ආදරේ වුණාට වැඩිපුරම ගුටි කෑවෙත් මම. මං කළෙත් ගුටි කන වැඩමයි. මං අනෙක් ළමයි නොකරන බොහෝ දේ කළා. ඒවා බරපතළ වුණත් මං ගණන් ගත්තෙ නැහැ. මං වෙනස් ළමයෙක් බව මටම දැනිලා තිබුණා. මට මං ගැන විශ්වාසයකුත් තිබුණා. ඒ නිසා කොතැනකදිවත් ඉදිරිපත් වෙන්න මං දෙපාරක් හිතුවෙ නැහැ.
අම්මා තාත්තගෙන් ජීවිතයට ලැබුණු හොඳම දේ මොකක්ද...?
මට අම්මා වුණේ මගේ ලොකු අක්කා. අම්මෙකුගෙ ආදරය මට දැනුණානම් වින්දානම් ඒ අක්කලාගෙන් පමණයි. තාත්තා හරි සැරයි. අපේ වැඩ අපි තනියම කරගත යුතු වුණා. ගෙදර බල්බ් එකක් පිච්චුණත් මාරු කළේ අයියලා. නැතිනම් මම. පාත්ති සුද්ධ කළේ අපි. රෙදි හෝදා ගත්තෙ අපි. සමූපකාරෙට ගිහින් බඩු ගෙනාවෙ අපි. ගෙදර වැඩියම ගුටි කෑවෙත් මම. මොන දේ මැද්දෙ වුණත් අපි අපි හැටියට ස්වාධීනව ගොඩ නැඟුණා. ඕන තැනෙක ඕන සමාජෙක ජීවත්වෙන්න පුරුදු වුණා. ඒ ළමා කාලෙ ලබපු පන්නරය තමයි අපිව මේ තරම් දුර ගෙනැවිත් තිබෙන්නේ.
ඔබ රස්සාව ජීවිතයම කරගත් කෙනෙක්ද...?
අපෝ නැහැ. මං තරම් ස්පෝට්ස් කරන කෙනෙක් තවත් නැතිව ඇති. පාන්දර හතරහමාරට නැගිටලා බයිසිකල් පැදලා පැයක් ජිම් එකට ගිහිල්ලා තමයි ඔෆිස් එකට යන්නෙ. ආපහු හවස හයට මොන වැඩේ තිබුණත් පැත්තක දාලා මං බැඩ්මින්ටන් ගහන්න යනවා. වැඩ කරන වෙලාවට නොනවත්වා වැඩ කළත් ක්‍රීඩාවට මගේ රස්සාව බාධාවක් කරගන්නෙ නැහැ. රෑ අට වෙද්දි මං නිදි. සති අන්තයේ ප්‍රියසාද හමුවීම් ඕනෙ තරම්. පිටරට සංචාරවලට මං හුඟක් කැමැතියි. සතුටයි සැහැල්ලුවයි මම ඕනෙ තරම් විඳිනවා.
ඔබ දුවට සමීප තාත්තෙක්ද...?
එයාට දැන් 26 යි. අපි හැමෝම වැඩ නිසා එකිනෙකා මුණ නොගැහුණත් ස්කයිප්වලින් කතා කරනවාමයි. අපි හුඟක් සමීපයි. එයත් මං වගේම ස්වාධීනව හිතන දුවෙක්.

උපුටා ගැනීම - සිළුමිණ පුවත්පත

20/06/2017

Sri Lankan Entrepreneur 2012

05/06/2017

15 RICHEST Countries In The World

03/06/2017

සාර්ථක මිනිසුන් හා අසාර්ථක මිනිසුන් අතර වෙනස්කම්

03/06/2017

Your Life will Change after watching this

Photos from Youth Entrepreneur Club's post 03/06/2017

ඇසුරුම් හදා ලොව ජයගත් කොළොන්නේ
සහල්, වී, ධාන්‍ය, පිටි ඇතුළු ආහාර නිෂ්පාදන සඳහා ඇසුරුම් බෑග් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භ කර ප්‍රදේශයේ තරුණ තරුණියන්ට රැකියා ලබා දී අද පුලතිසිපුර ව්‍යාපාරික ලෝකයේ ඉහළම මං පෙතට ගිය ඔහු නාලක කොළොන්නේ ය.

දුක් කම්කටොලු මැද තම ජීවිත ගමන සාර්ථකව ගෙන යන ඔහු නිහතමානී අවංක ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය‍යෙක් ය. අද ඔහු එක්සත් ජාතික පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ය.

අපි නාලක කොලොන්නේ මහතා සමඟ කතාවට මුල පිරුවෙමු. පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙන ගන්නා විට අපි එක්කරගෙන ගියා පොළොන්නරුව ගල්ලෑල්ල උකු කිරි කර්මාන්ත ශාලාව බලන්න. එදා මට ඒ යන්ත්‍ර සූත්‍ර දැකලා නිෂ්පාදනය වන උකු කිරි බවට පත් වෙලා ටින්වලට යන ආකාරය නිෂ්පාදන ක්‍රියාවලිය දැකලා ඒවාට සිත යොමු වුණා. එදා අනික් ළමයි කර්මාන්ත ශාලාව නරඹා බස් රථයට ගොඩවෙනකොටත් මම තනියම කර්මාන්ත ශාලා‍ෙව් මැෂිමක් ළඟ. පස්සේ ටීචර් ඇවිත් මාව බස් එකට දැම්මා. දැන් ඔළුවේ තියෙන්නේ අර මැෂිම ගැන.

කොහොම හරි සාමාන්‍ය පෙළ කරලා පාසලෙන් ඉවත් වෙලා පොළොන්නරුව රෝහල හන්දියේ කුඩා වී කඩයක් දැම්මා. වෑන් හයර් කළා. ත්‍රීවීල් සර්විස් එකක්, ත්‍රීවීලර් අමතර කොටස් කඩයක් දැම්මා. පස්සේ මට ත්‍රීවීලර් අමතර කොටස් ගේන්න ඉන්දියාවට යන්න ඉඩ ලැබුණා‍. එහිදී බෑග් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් නරඹන්න අවස්ථාව ලැබුණා.

එහි නිෂ්පාදන කටයුතු ඉගෙනගෙන ලංකාවට ඇවිත් බැංකු ණය මුදලක් අරගෙන 2004 දෙසැම්බර් 15 වැනිදා පොළොන්නරුව ලක්ෂඋයන කර්මාන්තපුරයේ ක්‍රවුන් පොලිපැක්ස් පුද්ගලික සමාගම නමින් විවිධ වර්ග‍ෙය් බෑග් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පටන්ගත්තා. 18 දෙනකුගෙන් ආරම්භ කළ කර්මාන්ත ශාලාවේ මේ වන විට සේවක සේවිකාවන් 270 දෙනකු සේවය කරනවා. වක්‍ර ලෙස තවත් 150 දෙනකුට පමණ රැකියා ලැබී තිබෙනවා.

වී‍, සහල්, පිටි, ධාන්‍ය වර්ග ඇතුළු ආහාර නිෂ්පාදන ඇසුරුම් සඳහා ඒ ඒ සමාගම් ආයතනවලින් ලබාදෙන ඇණවුම්වලට කඩිනමින් නවතම, ශක්තිමත් විවිධ ප්‍රමාණයේ විවිධ වර්ණයෙන් යුත් අලංකාර ආරක්ෂිත ලාබදායි වගකීම් සහිත බෑග් ලබා දෙනවා. ඉරෙන්නේ, පළුදු වන්නේ නැහැ. දිනකට මේ බෑග් ලක්ෂයක් පමණ නිෂ්පාදනය කරනවා. අද විදේශීය රටවල ජාත්‍යන්තරය පවා ක්‍රවුන් පොලිපැක්ස් නිෂ්පාදනවලට හොඳ නමක් දී තිබෙනවා.

ළඟදීම තවත් අලුත් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරනවා. ක්‍රවුන් පොලිපැක්ස් නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ වැඩ කරන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අය. හොඳ වැටුප්, දීමනා, වාර්ෂික ප්‍රසාද දීමනා, වාර්ෂික විනෝද චාරිකා, විදේශීය සංචාර, අවුරුදු උත්සව, සුබසාධන කටයුතු ලබා දෙනවා. මේ කර්මාන්ත ශාලාව නරඹන්න ඕනෑම අවස්ථාවක ඕනෑම පුද්ගලයකුට පුළුවන්. විශේෂයෙන් පාසල් සිසුන්, ගුරුවරුන්, දෙමාපියන්ට, සංවිධානවලට පුළුවන්. අපි ඒ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා.

අමෙරිකාව, ජර්මනිය, චීනය යන මේ රටවල තාක්ෂණික දැනුම ලබාගෙන ලැමිනේටින් බෑග්, රෙදි බෑග් නිෂ්පාදනය කරනවා. ඒ වගේම අපේ නිෂ්පාදන විදේශීය රටවල වෙළඳ ප්‍රදර්ශනවලට ඉදිරිපත් කර තාක්ෂණික සහතිකය ලබා ගැනීමට පියවර ගෙන තිබෙනවා.

මේ සෑම කාර්යයක්ම පිටුපස මගේ බිරිය ආර්. ඩී. චමරි කොළොන්නේ සිටිනවා. පාසල් සිසුන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව, පාසල් පොත් පත්, උපකරණ ලබා දෙනවා. ඒ වගේම ස්වේච්ඡා සමිති සමාගම් සඳහා ආධාර උපකාර භාණ්ඩ ලබා දෙනවා.

නිවසක් නොමැති දිළිඳු පවුල් සඳහා නිවාස ඉදිකර දෙනවා. ආගමික ස්ථානවලට ආධාර උපකාර කරනවා. සිංහල අලුත් අවුරුදු උත්සවවලට තෑගි ලබා දෙනවා.

පොළොන්නරුව රාජකීය ප්‍රාථමික පාසලේ කාර්යාලය ඉදිකිරීම, ගල්තඹරාව ඉසිපතනාරාම විහාරස්ථානයේ බෝධි ප්‍රාකාරය බැම්ම ඉදිකිරීම, ගල්එළිය පාසලේ පානීය ජල ව්‍යාපෘතිය ඉදිකිරීම නාලක මහතාගේ සමාජ සත්කාරවලින් එක් කොටසකි.

සටහන හා ඡායාරූප

පොළොන්නරුව දිසා සමූහ ඇම්. පී. සරත්

Photos from Youth Entrepreneur Club's post 02/06/2017

ජීවිතය ජයගත් මිනිස්සු
පෙරදිග ඉවුරේ සිට බටහිර ඉවුරට හෙවත්, ලෝකයේ මෙහා කෙළවරේ සිට එහා කෙළවරට ඔහු සංක‍්‍රමණය කළේ කිසිවක් සන්තකයේ දරාගෙන නොවීය. ඇඳිවත හැර ඔහු සන්තකයේ තිබුණේ නැව් රස්සාවෙන් ලැබුණු ඩොලර් 500 මුදල පමණකි. දශක දෙකකට එහා වූ අතීතයේදී මේ ඩොලර් පන්සීයයද රැගෙන ඔහු ගොඩ බැස්සේ ඇමෙරිකානු කලාපයේ උතුරු ඉම වූ කැනඩාවේ කි්‍යුබෙක් ප‍්‍රාන්තය වෙතය.
කැනඩාවේ පවතින දේශගුණය ගැන ලෝකයාට අමුතුවෙන් පහදා දිය යුතු නොවේ. එහි පවතින්නේ ශීතාධික දේශගුණික රටාවකි. දහවලේදී කෙසේ වෙතත් රාති‍්‍ර කාලයේදී මේ ශීතාධික දේශගුණික ස්වභාවය, තුන්වැනි ලෝකයේ ගින්දරට පිච්චි, පිච්චි සිටිනා විදේශිකයකුට දැරිය නොහැකි වූ දෙයකි. මහ පාන්දර ඔහු කි්‍යුබෙක් වරායට ගොඩ බැස්සේ ඉසිලිය නොහැකි වූ ශීතල දේශගුණික ස්වභාවයක් පැවැතියදීය. එය හරියට කබලෙන් ළිපට වැටුණාක් මෙන් වූ දෙයකි.
නමුත් නුහුරු නුපුරුදු වූ ඒ පරිසරය වෙත ඔහු සංක‍්‍රමණය වූයේ අරමුණක් ඇතිවය. එය හුදු අරමුණක් පමණක්ම නොවීය. ඉන් වසර කීපයකට පසු තමුන්ගේම ව්‍යාපාර පරිශ‍්‍රයක හිමිකරු වීමට ඔහුට හැකිවිණි. එය අද කැනඩාවේ ස්ථාපිත ප්ලාස්ටික් ප‍්‍රතිචකී‍්‍රයකරණය වෙතින් නිෂ්පාදන නිපදවන එම අංශයේ මුල්පෙළේ ආයතනයක් යැයි අතිශයෝක්තියකින්් තොරව සඳහන් කළ හැකිය. ජීවිතය සැබෑ යථාර්ථයෙන්ම ජයගත් මේ මිනිසා කවුරුන්ද? ගිනස් වාර්තා පොතට නම් ඔහු ගොස් ඇත්තේ ලෝකයේ දිගම කොණ්ඩයට හිමිකම් කියන පුද්ගලයා ලෙසය. කැනඩාවේ සිට නැතහොත් ලෝකයේ එහා ඉවුරේ සිට ”විෂන් ප්ලාස්ටික් ඉන්කෝපරේෂන්” ගොඩ නැගූ සුදේශ් මුතුනවගොන්න යන ඒ මිනිසාගේ ජීවිතය ජයගත් කතාවයි මේ.
ළමා කාලයේදී වූ මතකයෙන් අපි පිළිසඳර ආරම්භ කරමු?
ළමා කාලයේදී මම එතරම් දඟ චරිතයක් වුණේ නැහැ. බොහොම තැන්පත් ගති පැවැතුම් තිබුණෙ. නමුත් සම වයසේ ළමුන් එක්ක වඩාත් මිත‍්‍රශීලි චරිතයක් වුණා.

ඉගෙනීම් කළේ?
දෙමටගොඩ ශාන්ත මැතිව් විද්‍යාලයෙන්.

පාසල් සමයේදී විශේෂ අරමුණක් තිබුණද?
විශේෂ අරමුණක් තිබුණෙ නැහැ. සංගීත විෂයට වැඩියෙන්ම ආසා කළා. බට නළා වාදනයෙන් සමස්ත ලංකා දෙවැනියා පවා වුණා. ගෙදර වටපිටාවත් ඊට බලපෑවා. මොකද අපේ තාත්තා සංගීතයට සමීපව සිටිය නිසා.

ඇයි සංගීත අංශයෙන් දුර ගමනක් නොගියේ?
ළමා කාලයෙන් තුරුණු වියට සමීප වෙද්දී සොබාදහමට ගොඩාක් ළැදි කෙනෙක් වුණා. ගහට - කොළට සතා - සීපාවට, ඒ වගේම ඇළට - දොළට, මහ මුහුදට ආදරය කරන්න පටන් ගත්තා. දවසක්දා මුහුදු තීරය අසලට ගොස් එහි අසිරිය විඳිමින් සිටියදී මේ පරිසරයට සම්බන්ධ රැුකියාවක් කරන්න ඇත්නම්? කියන සිතිවිල්ල ඇතිවුණා. දිනෙක මුහුදේ ඈත නිම්රේඛාවට සමීපව නෞකාවක් ගමන් ගන්නා අයුරු දුටුවා. නැව් රස්සාව ගැන මුලින්ම ආසාවක් ඇති වුණේ ඒ විදියටයි. එවකට රටේ තිබුණු කලබලකාරි වාතාවරණය නිසා ඉක්මනටම රැකියාවක් සොයාගත යුතුයි කියලා විශ්වාස කළා. ඒ වගේම මා ඉගෙන ගත් පාසලට සිදුවූ සිද්ධියක් නිසා මගේ හිත සසල වෙලා තිබුණෙ.

ඒ මොන වගේ සිදුවීමක් නිසාද?
ඒ දිනවල රටේ පැවැති ජාතිවාදී කලබල නිසා නගරයේ ගිනි ඇවිළී ගිය පසු පාසල් ගොඩනැගිල්ලත් ගිනි ගත්තා. කවුද තමුන්ගේ පාසලට ආදරේ නැත්තෙ? මගේ හිත කඩා වැටුණා. ඒ ගිනි ජාලාව මැදට වෙලා මම බලාගෙන හිටියා. අනෙක් ළමුන් ඔක්කොම පාසල හැර ගිහින්. ඒත් මට පාසල දාලා යන්න හිතුණෙ නැහැ. ගෙදර ඔක්කෝමලා ඇවිත් මාව හොයන්න පටන් ගෙන. ඒ්ත් මම වෙන පාරකින් ගෙදර ඇවිත් හිටියෙ. නමුත් ගෙදර අය හොඳටම බය වුණේ මට හානියක් වෙලා ඇති කියලයි. එදා නම් මම ගෙදරින් හොඳට බැණුම් ඇහුවා.

පාසල් ගමන නතර කළේ?
සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව නැවත රටේ ඇතිව තිබූ කලබලකාරි වාතාවරණය නිසා ගෙදර අය හොඳටෝම බයවෙලා හිටියෙ. අයියා, අක්කා, නංගී සහ මා ගැන මාපියන්ට තිබුණෙ ලොකු බියක්. විශේෂයෙන්ම දවසක්දා අම්මා මගේ හඳහන බැලූවාම මෙයා හොඳ පැත්තට ගියොත් ගොඩාක්ම හොඳ වේවි. නරක පැත්තට ගියොත් වඩා නරක වේවි කියලා ප‍්‍රකාශ වුණාලූ. ඒ නිසා නිතරම මාපියන් අපව ආරක්ෂා කළා. කොහොම වුනත් විදෙස්ගත වනවාට ගෙදර අය කැමැති වුණේ නැහැ. අපි බොහොම සාමාන්‍ය පවුලක්. ඒත් අපේ පවුලේ ලොකු බැඳීමක් තිබුණෙ. අම්මාත් රැකියාවක් කළා. ඒ කාලයේ කොළඹ නගර සභාවට අයත් සංගීත කණ්ඩායමක් තිබුණා. බටනළා සහ වයලීන අංශයෙන් මා ඒ වාද්‍ය කණ්ඩායමට එක්ව කටයුතු කළා. මේ අතරේදී තමයි වෘත්තීය ජර්මාන් කාර්මික ආයතනයේ පුහුණු පාඨමාලාවකට යොමුව සිටියෙ. නමුත් අතරමග එය නවතා රටින් පිටවෙන්න මම තීරණය කළා.

ඇයි ඒ විදියට රටින් පිටවන්න තීරණය කළේ?
මං කිව්වනෙ ජලයට සම්බන්ධ රැකියාවකට ආසා කළා කියලා. ඒ නිසා නැව් රස්සාවකට යාමට තීරණය කළා. හැබැයි ඒ සඳහා නියමිත වයසට එළැඹ සිටියෙ නැහැ. කෙසේ වෙතත් මා වඩාත් හොඳින් දන්නා හඳුනන මිතුරෙක් සිටියා. එයාගෙ තාත්තා මා සමග ඉතා හිතවත්ව හිටියෙ. ඒ දැන හැඳිනීම නිසා මායි මගේ යාළුවයි. එයාගේ තාත්තායි නැව් රස්සාව බලා විදෙස්ගත වුණා. ගෙදර අය එය දැන ගත්තෙ එදා රාති‍්‍රයේ. විදෙස්ගත වීමට යාමට මොහොතකට පෙරදියි. එයාලා පුදුම වුණා. ඒත් මගේ ගමන නතර කෙළේ නැහැ. එවකට රටේ තිබූ තත්ත්වය නිසා රටින් පිටව සිටීම වඩාත් සුදුසු යැයි එයාලා විශ්වාස කළා.

ඉන් පසුව නැව් නැග කොහේටද ගියේ?
මගේ මිතුරාගේ පියා නැව් රස්සාවට මිනිසුන් යොමු කළ ආයතනයක් පවත්වාගෙන ගියා. නමුත් එයත් අපි එක්ක යාමට සූදානම් වූ නිසා තමයි බයක් සැකක් නැතුව නැව් රස්සාවට යොමුවුණේ. ඔහු මා සහ ඔහුගේ පුතු නැවට රැුගෙන ගිය මොහොතේදී ප‍්‍රධානියා ඔහුගෙන් විමසුවේ ”උඹට තව කිරි බොන එවුන්” හොයා ගන්න බැරි වුණාද කියලයි. අපේ පෙනුම දිහා බලලා එහෙම කියන්න ඇති. නමුත් ඔහු තැබූ විශ්වාසය මා කඩ කළේ නැහැ. බහරේනයට ගිහින් තමයි අපි නැවට නැග්ගෙ. නැවේ කළ රස්සාව එතරම්ම පහසු වුණේ නැහැ. වෙලාවකට හිස කැරකැවෙන්න පටන් ගත්තා. ඒත් ඒ නැවේ හිටපු සේවක පිරිස හරි හොඳයි. අපි පොඩි නිසා අපට බොහෝ දේ කියා දුන්නා. ඒ කාලයේදී තමයි කුවේට් යුද්ධය තිබුණෙ. යුද නෞකා අපේ නැව් අසලින් ගමන් ගනිද්දී අපේ නැවටත් ප‍්‍රහාරයක් එල්ල වේවිද කියන බිය නිරන්තරයෙන් තිබුණා. මොන තරම් දුෂ්කරතා තිබුණත් ඒ කිසිවකින් පලා යන්න හිතුවේ නැහැ. එක් දවසක් නැව් රස්සාවට යොමු කළ මගේ මිතුරාගේ පියාගේ උපන් දින සාදය පැවැත් වුණා. එහිදී අපේ නොදැනුම්වත්කමට නැවේ හිටපු ඔක්කෝමලා සංග‍්‍රහ කළ දේ පානය කළා. විශ්වාස කරන්න, මේ නිසා සතියක් විතර යන කල් හිස කෙළින් කරගන්න බැරිවුණා. නමුත් ඒ නිසා වෙච්ච හොඳ දේ නම් එය මගේ ජීවිතයේ පළමු සහ අවසාන මත්පැන් බීම වුණා. ආයෙ කිසිම දිනෙක අද දක්වා කිසිම දෙයක් පානය කර නැහැ. එය හෙටත් එහෙම වේවි.

ඉන්පසුව කැනඩාවට යාමට තීරණය කළේ ඇයි?
බහරේනයේ සිට වසර දෙකක් නිමවා නැවත ලංකාවට ආවා. ඇවිත් නාවික රස්සාවට අවශ්‍ය සුදුසුකම් සහතික සඳහා ඉගෙන ගත්තා. ඉන්පසුව තමයි වෙනත් නැව් සඳහා රැුකියාවට යොමුවුණේ. එතැන් සිට මම මගේ ගමන යා යුතුය කියන අරමුණ දැක්ම තදබල ලෙස මගේ හිතේ සලකුණුව තිබුණා. බහරේන් නැවේ දී ජෙෆ් නැමැති ශ්‍රී ලාංකික ප‍්‍රධාන ඉංජිනේරුවා වෙතින් උගත් බොහෝ දේ තිබුණා. දෙවැනි වර නැව් රස්සාවට යොමු වුණේ ඇමෙරිකාවට යා යුතුය කියන අදහස ඇතිවයි. එවර නැව් රස්සාවට අවතීර්ණ වුණේ. ඒ සඳහා වූ සුදුසුකම් සමගයි. දෙවැනි ගමනේදී ලෝකය වටේ යමින් වසර දෙකක් විතර නැව් රස්සාවේ යෙදී සිටියා. නැවත ලංකාවට නිවාඩුවට එන විට අයියා සහ අක්කා ඉතාලියටත්, නැගණිය විවාහ වී ජපානයටත් ගොස් සිටියා. ගෙදර පාළුවට ගිහින් තිබුණෙ. ඒත් මගේ අරමුණ කරා යාමට තීරණය කර තිබූ නිසා පසුබට වුණේ නැහැ. මේ ගෙවී ගිය කාලයේ දී ලංකාවේ ගෙදර හදන්නත් පුළුවන් වුණා.

ඉන්පසු ඇමෙරිකා ගමන සඵල කරගත්තාද?
ඇමෙරිකාවට යාම කෙසේ වෙතත් ඇමෙරිකාවේ උතුරු අර්ධද්වීපයේදී එනම් කැනඩාවේ උතුරු කොනට මා සේන්දු වුණා.

ඒ මොන විදියටද?
කි්‍යුබෙක් ප‍්‍රාන්තයේ වරායට ගොඩ බැස්සෙ. බැහැලා ආයෙත් ඒ නැවේ රස්සාව කරන්නෙ නැහැ මෙතැන් සිට ඇමෙරිකාවට ගිහින් නිව්යෝර්ක් නගරයට යාම පහසුයි කියලා හිතුවා. ඒත් නැවෙන් ගොඩ බැස්ස පාන්දර ජාමයේදියි. මොන තරම් ශීතලක් තිබුණද කිව්වොත් තොල් විවර කරන්නවත් බැරි තරමට ගල්වෙලා තිබුණෙ. යන්නෙ කොහෙටද? මොනවද කරන්නෙ? කොතැනද ඉන්නෙ? ඒ සියලූ දේ මතක් වෙද්දී ලොකු බියක් ඇතිවුණේ. නමුත් ටැක්සි රථයකින් කි්‍යුබෙක් නගරයට සේන්දු වුණා. පාන්දර නිසා දුම්රිය, බස්රථ කිසිවක් තිබුණේ නැහැ. කි්‍යුබෙක් නගරයේ බස් නැවතුම්පළක නිදාගත්තා. ශීතල ගැන හිතුවොත් මාව මැරේවි. ඒ නිසා ඒ ගැන නොසිතා වකුටු වෙලා නිදාගත්තා.

පසුවදා මොනවද කළේ?
කි්‍යුබෙක් සිට බස්රථයකින් ටොරොන්ටෝ බලා පිටත් වුණා. එතැනට ගියාම නිව්යෝර්ක් ගමන පහසු වේවි කියා විශ්වාස කළා. ටොරොන්ටෝවට ඇවිත් මම ලංකාවට ඇමතුමක් ගත්තා. ලංකාවෙන් ටොරොන්ටෝ ඇවිත් සිටි හිතවත් අයගේ අංක ඉල්ලා ගත්තා. ඇමෙරිකාවේ හිටපු යාළුවකුටත් ඇමතුමක් ගත්තා. එයා ටොරොන්ටෝ නගරයේ සිටි එයාගෙ මිතුරකුගේ අංකය ලබා දුන්නා. පසුව මම එයා හොයාගෙන ගියා. ගිහින් ටොරොන්ටෝවල නතරවන්න තීරණය කළා. ඔහු සමීපයේ සතියක් දෙකක් පමණ රැුඳී සිටියා. එතැන් සිට මම එහි පාසලකට යොමුවුණා. අඩු වයස නිසා මාව බඳවා ගත්තා. පාසලේ ඉගෙන ගත්තා ඒ අතරේ රාති‍්‍රයේ නියැළෙන රැුකියාවකුත් සොයා ගත්තා. අද මා නිරතව සිටින මේ ගමනාන්තයේ පළමු පියවර එය වුණා.

මොකක්ද කළ රස්සාව. කොහොමද ඔබගෙ අද සිටින ගමනේ මූලාරම්භය එය වුණේ?
ප‍්‍රතිචකී‍්‍රයකරණ කටයුතු සිදුකළ සමාගමක රස්සාව ලැබුණෙ. විවිධ කොටස් සඳහා කටයුතු සිදුකළ ආයතනයක්. මාව යෙදෙව්වේ ප්ලාස්ටික් අංශයටයි. එතැනදී එම අංශයේ බොහෝ දේ ගැන ඉගෙන ගත්තා. ඒ විදියට වසරක විතර කාලයක් එතැන වැඩ කළා. ඒ අතරේ රට පළාත සොයන්න පටන් ගත්තා. වැන්කූවර් පළාත හරිම ලස්සන බව දැනගත්තා. ඒ හන්දා එම පළාතට යාමට තීරණය කළා. ටොරොන්ටෝවේ කළ රැුකියාව දාලා වැන්කූවර් ගියාට එහි ඉන්න හිතුණෙ නැහැ. නිතරම හිරිපොද වැස්ස. ඒත් ගිය නිසා අවන්හලක වැඩ කළා. වැන්කූවර්වල සිටි යාළුවා ඊට උදව් කළා. ඒ වන විට බොහෝ දෙනෙක් හඳුනාගෙන සිටි නිසා නැවත මම ටොරොන්ටෝවට ආවා. නැවත පෙර කළ රස්සාවම කරන්න ඕනෑ වුණේ නැහැ. වෙන තැනක වැඩට ගියා. දැන් ඇති කියලා ආපහු ලංකාවට ආවා.

ලංකාවට ඇවිත්?
මෙහි රැුකියාවක් නොමැතිව සිටීම අපහසු වුණා. ඒ නිසා වීසා අරගෙන ඇමෙරිකාවට ගියා. ඒ ගියත් දෙවැනි ගෙදර වගේ දැනුණේ කැනඩාවයි. ඒත් කැනඩාවට ගියාම වීසා නැති නිසා මාව පිට කළා. ඒත් ජීවිතයේ වෙන අරමුණක් තිබුණෙ නැහැ. මගේ ගමනාන්තය කැනඩාවම තමයි කියලා හිතාගෙන ආයෙත් තෙවැනි වර කැනඩාවට ගියා. ගිහින් මම මා වෙනුවෙන් පෙනී සිටියා. එහෙටම ඇයි එන්නේ? ඇහුවාම මම මගේ ගෙවී ගිය ජීවිතය ගැන කිව්වා. මේ විදියට ඒමට පෙර විවාහ වෙන්න සියලූ දේ සූදානම් කරලා ගියේ. ගිහින් පළමු මාස දෙක තුන විතරයි මිතුරන් සමග සිටියෙ. මම මත්පැන් පානය නොකළ නිසා තනිවම කාමරයක් අරගෙන ජීවිකාව ගෙන ගියා. නැවත ලංකාවට ඇවිත් විවාහ වී බිරිඳ සමග කැනඩාවට ආවා.

මේ වන විටත් ඔබගෙ ව්‍යාපාරය අරඹා තිබුණෙ නැද්ද?
ඒ වන විටත් සේවය කළේ වෙනත් තැනෙක. බිරිඳ ආපසු තනි කාමරයේ සිටිය නොහැකි වුණා. ඉතින් අපි වෙනත් තැනක කුලී නිවසක් සොයා ගත්තා. ඒ නිවසට යන දවසේම කළ රස්සාව අහිමි වුණා. එයාලා සේවක කප්පාදුවක් කළ නිසයි එහෙම වුණේ.

එයින් පසුව?
රැකියාවකුත් නැහැ. ගෙදර බඩු මුට්ටුත් නැහැ. රෙද්දක් එළාගෙන අපි ජීවත් වුණේ. ලොකු පුතා නෙස්ටාමාලි පවුලට එකතුවෙලා හිටියෙ. දුෂ්කර කාලයක් ගෙවන්න අපට සිදුවුණා. බිරිඳ මේ සියල්ල උපේක්ෂාවෙන් දරාගෙන මාව ධෛර්යවත් කළා. දවසක් පුතාට දෙන්න කිරි තිබුණෙ නැහැ. කැටයක එකතු කළ පොඩි සල්ලි තිබුණා. එයින් තමයි එදා පුතාට කිරි මිලදී ගත්තෙ. මේ විදියට දුක දරාගෙන සිටියදී ආයෙත් වෙනැත් තැනෙක රැුකියාවට යාමට ඕනෑ වුණේ නැහැ. එතැනිනුත් අයින්වෙන්න වේවි කියලා හිතුවා. වෙනදාට වඩා ධෛර්යමත් වූ මම පුංචි ඉඩකඩක් සොයා ගත්තා. ඒ තමයි මේ ගමනේ ආරම්භය. එතෙක් ලංකාවට එවා තිබුණු මුදල් නැවත ගෙන්වා ගෙන ඒ පුංචි තැන අරගෙන ”විෂන් ප්ලාස්ටික්” පුංචියට පටන් ගත්තා.

ඒකට සේවකයොත් ගත්තද?
මොන? මම තමයි තනියම ඔක්කොම කළේ. උදේ දිවා රැුයේ කියා වෙහෙස නොබලා කටයුතු කරන්න පටන් ගත්තා. ප්ලාස්ටික් (ඉවතලන* සමාගම්වලින් ගෙනැවිත් ඒවා තෝරා ඊළඟට මා දැන සිටි ආයතන වෙත යොමු කළා. මේ ක‍්‍රමය ගැන පෙර දැනුමක් ලබා සීටීම පහසුවක් වුණා. පුංචියට ආදායම් උපයන්න පටන් ගත්තාම ප්ලාස්ටික් වෙන් කෙරෙන යන්ත‍්‍රයක් මිලදී ගත්තා. තව මාස හයක් හතක් යද්දී තව සේවකයකුත් ගත්තා. නමුත් ගෙදර අය එක්ක එතැන ඉඩ මදි වූ නිසා බිරිඳ දරුවො ලංකාවට එව්වා. වියදම පිරිමහගන්නයි අවශ්‍ය වුණේ. මගේම තැන නතරවී මම වැඩ කළා. එන්න එන්න දියුණුව ලබාගැනීම සඳහා අධික ශීතල දිනවල පවා වැඩ කළා. සමහර දිනවල පාරේ ඇවිද යන විට අයිස් තැටි මත ලිස්සා වැටුණු වාර එමටයි. හිතට දුක දැනුණ අවස්ථා එමටයි. ඒත් කිසිවකින් සැලූණේ නැහැ. අප‍්‍රතිහතව කැපවුණා. දිනෙන් දින විමුක්තිය කරා යාමට. ඒ නිසා අවකාශය ළඟා වුණා.

ඉන්පසු බිරිඳ දරුවො නැවත ගෙන්වා ගත්තද?
මාස තුන හතරක් යන විට දියුණුව ලබන බව තේරුම් ගියා. නැවත එයාලා ගෙන්වා ගත්තා. පදිංචියට වෙනම නිවසකටත් ගියා. ”විෂන් ප්ලාස්ටික් ඉන්කෝපරේෂන්” වෙනම තැනකට ගෙන ගියා. විවිධ අංශවලට අයත් යන්ත‍්‍ර එකිනෙක සියල්ල සපුරා ගත්තා. අවසානයේ නතර වුණේ ප්ලාස්ටික් කුලූනු නිෂ්පාදනය අරඹමින්.

අද ඔබගේ ආයතනයට කැනඩාවේ මොන වගේ තැනක්ද තිබෙන්නෙ?
මෙම අංශයේ ආයතන අතරින් පළමු පහ අතරට ඇති බව නිහතමානීව කියන්න පුළුවනි.

මීට අමතරව තවත් ආයතනයක් සතුයි නේද?
කළම්බු ට‍්‍රැකින් කියන ආයතනය ආරම්භ කළා. නගරයේ ඉවතලන දිරාපත් නොවන දේ ඒවා තැන්පත් කළ යුතු ප‍්‍රදේශ වෙත ප‍්‍රවාහනය ඒ මගින් සිදු කෙරෙනවා.

ඒ සියලූ දේ ගැන ඔබට කොහොමද හිතෙන්නෙ?
මේ මමමද කියලත් වෙලාවකට හිතෙනවා. ඒ වගේම පුදුමත් හිතෙනවා. මම මගේම රථයක ගමන් ගනිද්දී මගේ රථය පසුකොට යන ට‍්‍රක් රථ ගමන් ගනිද්දී ඒ මටම අයිති එකක් නේද කියලා දැනුනාම ඇස් දෙකට කඳුළු උනන්නෙ සතුටටයි.

සුදේශ් ඔබ මේ ලැබූ දියුණුව ගැන කොහොමද හිතන්නෙ?
ඒක ඇත්තටම විෂන් එකක් නැත්නම් දැක්මක් නිසා ඵල ගැන්වූ යථාර්ථයක්. මා විඳි මා මුහුණ පෑ කම්කටොලූ සියල්ල වෙතින් හෙළි කළේ බිඳක් පමණයි. හැබැයි මට දුක්වෙන්න දෙයක් නැහැ. අද ඇත්තටම හරි පුදුමාකාර සතුටක් දැනෙන්නෙ.

මේ සියල්ලට අමතරව ඔබ ශ්‍රී ලංකාව හා කැනඩාව අතර සංස්කෘතික පාලමක් තනා තිබෙනවා. එහෙම නේද?
සංගීතයට මා බෙහෙවින් සමීපයි. ඒ නිසාම තමයි ඒ පාලම තැනුවේ. ශ්‍රී ලංකාවේ සිටින කලාකරුවන් කැනඩාවට ගෙන්වා ප‍්‍රසංග සංවිධානය කරන්නෙ මුදල් හොයන්න නෙවෙයි. ඒ නිසා පාඩු මිසක් ලාභ නැහැ. ඒත් එය කරන්නෙ මගේ ආත්ම තෘප්තිය උදෙසායි. මම ජීවිතයේ වඩා සතුටු වන්නේ මම මට අවංක වීම නිසයි. මගේ බිරිඳ මේ ගමනට යෝධ ශක්තියක් ගෙන දුන්නා. එය අභිමානයෙන් කිව යුතුමයි.

ලංකාවට නිරන්තරයෙන් එනවද?
සෑම දෙසැම්බරයකදීම ලංකාවට එනවා. අම්මා බලන්න එන්නෙ. තාත්තා ජීවතුන් අතර නැහැ. අක්කා එංගලන්තයේ. අයියා ඉතාලියේ, නංගී ජපානයේ. ඒත් අපි දුරස්ථ නැහැ. වතාවක් මම ලංකාවේ මේ වගේ ආයතනයක් ආරම්භ කරන්න උත්සාහ ගත්තා. ඒත් බලධාරීන්ගෙන් මට සහයෝගය ලැබුණෙ නැහැ. මට අවශ්‍ය වුණේ රටේ ඇති මේ කුණු ප‍්‍රශ්නය විසදා දෙන්නයි. නමුත් ඊට අවකාශය සැලසුණේ නැහැ.

26/05/2017

රුපියල් 20 වැටුපෙන් අරඹා අද නැව් 3ක් හිමි ලාංකීය ධනවතා

Want your business to be the top-listed Government Service in Colombo?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Address


Colombo

Opening Hours

Monday 08:30 - 16:15
Tuesday 08:30 - 16:15
Wednesday 08:30 - 16:15
Thursday 08:30 - 16:15
Friday 09:00 - 16:15